කොළඹ නගරය ගැන ලංකාවේ කෙනෙක්ටනම් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ හැබැයි වැඩිය මේ ගෙන්දගම් පොලව ගැන දන්නේ නැති කෙනෙක්නම් ඉතින් අතේ තියෙන සන්තකේම නැතිකරගෙන තාමා එන්න වෙන්නේ, හතර අතින් කළුකරලා මුළු පිටකොටුවම කළුපාටයි එකකට එකක් පැරදවීමට වගේ අහස උසට නැගී සිටින විසල් ගොඩනැගිලිවලටත් උඩ ඉඳන් පොළොවට පාත්වෙන මොරගෙඩි වගේ වැයි බිංදු මහ පාරවල් අතුරු පාරවල් සියල්ලම මඩ ගොහොරු කරලා සපත්තුවට තැලී චිරි චිරි හඬින් මිරිකී යන මඩ වතුරේ මං ලංගම ප්‍රධාන බස් නැවතුම පැත්තට ගමන් කළා හරිම පරෙස්සමින් යා යුතු ගමනක් පාරේ යන එන රථවාහනවල රෝදවල හැපී දස අතට විසිරෙන මඩ මිශ්‍ර කළු පැහැ වතුර ඇඳුමකට විසි වුණොත් නම් ඉවරයි ඔක්කෝටම හපන් ත්‍රිවිල් කිසිම අණක් ගුණක් නැහැ පාරෙ යන මිනිස්සු තඹ සතයකට මායිම් කරන්නේ නැ හිතුවක්කාරයො කාර්යාල වැහෙන වෙලාව නිසා මේ සාවිය හරිම කලබලයි වැස්සට යටින් කුඩ ඉහළගෙන යන එන දෙනෝද‌ාහක් දෙනා වැහි කළුවෙන් තොර හැබෑ හැන්දෑ කළුවරත් එක්ක සෙනෙහස දෝරේ ගලන තම තමන්ගේ ගෙවල්වලට යන්න වැස්සෙන් හීතලෙන් මුළු ගැන්විලා පාර දිහාට දෑස් දල්වාගෙන ඉන්න සෙනෙහෙබර බිරිඳ හුරතල් දරු පැටවුන්ට ආදරයේ උණුසුම දෙන්න යා ගන්න මහ පොරයක් මහ වැස්ස මුතු වැස්සක් කරගෙන පාට පාට මල් වැටුණු එකම කුඩේ යටින් තුරුලු වෙලා ගමන් කරන පෙම්වතුන් නම් මේ මහ වැස්සට ආදරේ කරනව ඇති.

මටත් ඔහොම ගිය හැටි මතකයි නිකමට හිතෙනකොට මහා සුසුමකින් ළය පුරවා ගත්ත උණුහුම මතක් වෙලා වැස්සත් එක්ක ඔට්ටු වුණොත් දියබත් වෙනව මම බස්පොළේ ගොඩනැගිල්ල තුළට ගියා පැය ගණනාවක් තිස්සේ එක දිගට දුරුකතරක් ගෙවාගෙන ඇවිත් විවේක ගන්නා බස් රථ එක පැත්තක පේළියට ගාල් කරලා රෑ පුරාම ගමනේ යෙදෙන්නට අර අඳින ඒවා නම් වේදිකාවේ බලාගෙන ඉන්න අතරේ එකා දෙන්න තෙමි තෙමීම ඇවිත් ඒවට ගොඩවෙනවා සමහරු බෑග් මලු තුරුලු කරගෙන පුටු මත නිදි කිරනවා ළඟ පුටු දෙකකට වෙලා සීනතුව මග ඇරෙන්න පෙම් සුව විඳින පෙම් යුවළක් දිහා එහා පැත්තෙ ඉඳගෙන ඉන්න අලුත් අම්මා කෙනෙක් බලා හිඳින්නේ දුකෙන්ද එහෙමත් නැතිනම් කෝපයෙන්දැයි සොයන්නට පමා නොවී කලබලය අස්සෙන් ටිකක් ඉස්සරහට යනකොට සෙනග ටිකක් අඩු තැනක බස් පොළේ බිත්තියට හේත්තු වෙලා ඈත බලාගෙන වැහි බිඳු ගණන් කරන වියපත් මිනිහෙක් ළඟට ගිහින් මගේ ඇස් නැවතුණා හිසේ අතරින් පතර ඉදී ගිය කෙස්ගස් යටට ගිලී ගිය දෑස්වලට උඩින් තිබුණු බෝතල් අව් කණ්ණාඩිය සමග කළු පැහැ මුහුණ ඔහුගේ මැදි වයස ඔප්පු කරන සාක්කි වෙන්න ඇති කොටු වැටුණු අත්දිග කමිසය, දුඹුරු පැහැ කලිසම වැහි වතුරට පෙඟුණු සපත්තු ඒ ජීවිතයේ එක්තරා කාලයක හෝ පිළිවෙළින් ජීවත් වූ බවට සාධක වගේ පොත් මිටියක් පපුවට තුරුලු කරගෙන හිටියේ වැස්සෙන් ආරක්ෂා කර ගන්න වගේ.

‘මම විශ්‍රාමික ගුරුවරයෙක්’ ඔහු මා සමඟ මිතුරු වුණා. ගම විදියට කීවෙ බදුල්ල පැත්තේ දුර පළාතක මම ඒ ගැන හාර අවුස්සන්න ගියේ නැහැ. මම ගම, ගම, ඇත්තටම හෙළිකළොත් ඒක මගේ දරුවන්ට හොඳ මදි. ඉතින් අපි කතා කරමු ඔහු කිව්වා අවුරුදු හතළිහක් ගුරු වෘත්තියේ යෙදුණා. උතුරෙ හැර රටේ හැම තැනකම ඉගැන්වූවා මගේ බිරිඳත් ගුරුවරියක්. ස්ථීරවම ඉන්න තැනක් හදාගත්තොත් බැඳල ලොකු කෙලී ඉපදුණාටත් පස්සේ මම ජීවිතේ ගැන බරපතළට හිතන කෙනෙක් නම් නෙමෙයි ඒත් බිරිඳ නම් එහෙම නෑ එයා හැම වෙලාවෙම හැම දෙයක් ගැනම බරපතළට හිතලයි වැඩ කළේ.  රට වටේම ගෝලයො හදමින් ගිය අපි දරුවෝ තුන් දෙනෙක් වෙනකොට ප්‍රධාන නගරයක් අසල ගෙයක් හද‌ාගන්න හිතුවෙ උන්ට හොඳට උගන්න ගන්න ඒක එහෙමම වුණා කෙල්ලො දෙන්නයි, පොඩි පුතයි හොඳට ඉගෙන ගත්තා විශ්වවිද්‍යාලවලට ගියා අපි ඒ වෙනුවෙන් අත දිග හැරල වියදම් කළා දරුවො වෙනුවෙන් මව්පියෝ වියදම් කරන්නේ නැතුව වෙන කවුරු වියදම් කරන්න ද? එහෙම කියල ඔහු මා දිහා බැලුවේ එහෙම නේදැයි අහන්න වගේ.මම සිනාවකින් උත්තරේ දුන්නා  ගේ හදන්න ගත්ත බැංකු ණය ගෙවලා ඉවර වුණේ විශ්‍රාම ගියාටත් පස්සෙ බිරිඳගෙ මුළු වැටුපම දියකෙරුවේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හැබැයි අපරාදෙ කියන්න බෑ කෙල්ලො දෙන්නම දොස්තරවරියන් වුණා පොඩි පුතා ඉංජිනේරු විභාග පාස් වුණේ මහ ඉහළින්.

මේ අය ඉගෙන ගන්න කාලෙ මමයි බිරිඳයි නොසෑහෙන්න දුක් වින්දා. ළමයින්ට තුන්වේල කන්න දීලා අපි දෙන්නා බඩගින්නෙ හිටපු වාර අනන්තයි. සිංහල අලුත් අවුරුද්දෙදි දරුවො අලුත් ඇඳුම් ඇඳගෙන උජාරුවෙන් එහෙ මෙහෙ යනකොට බිරිඳ සාරියක් ගත්තේ අවුරුදු ගානකට සැරයයි. එකම කලිසම සතියේ දවස් 5 ම ඇඳගෙන මම පාසලට ගියා. හැබැයි දරුවෝ පියවරෙන් පියවර ඉහළට යනකොට හිතට දැනුණු සතුට, අපි වින්ද දුක් කන්දරාව අකා මකා දැම්මා ඒත් අන්තිමට ඔහු කතාව මඳකට නතර කර මා දෙස බැලුවේ මහා සුසුමක් පිට කරමින් රස්සාවල් නිසා දරුවො තුන් දෙනාම ගම අතහැරලා කොළඹට ආවා ඉගෙනීම අහවරවෙලා ඉහළ රැකියා ලැබුණට පස්සේ ගමේ හිටියෙ කැමැත්තකින් නෙමෙයි කොළඹ එන්න අපිටත් කතා කළත් ගමේ ගහකොළ, නොමිලේ ලැබෙන පිරිසිදු වතුර ටික හිතල සුළඟ ගහෙන් කොළෙන් ලැබෙන කොස්, දෙල්, පොල්, වස විස නැතිව පොළොවෙන් ලැබෙන එළවළු ටික ද‌ාලා එන්න මගේ හිත මට ඉඩ දුන්නේ නෑ මම නැතිව දරුවොත් එක්ක කොළඹ එන්න බිරිඳ කැමැති වුණෙත් නැහැ එයා මට හරිම ආදරෙයි දැනුත් එහෙමයි වියපත් මිනිසගේ වත පුරා ආදරණීය හැඟුම් ගොන්නක් මතුවුණා වගේ මට දැනුණා  දෙන්නම පෙන්ෂන් ගියේ එකටම වගෙයි ඒ වෙනකොට අපේ දරුවන්ගේ ආදරය උණුහුම නැතුව ගිහින් අන්තිමේදී අවුරුදු 40ක් තිස්සේ පාසලේ (අපේ නෙමෙයි වුණත්) දරුවන්ගේ ආදරයත් විශ්‍රාමික තත්ත්වයත් එක්ක අහිමි වුණා කොළඹට ගිය අලුත නම් සතියකට හමාරකට වතාවක් දරුවො ගෙදර ආවා පස්සෙන් පහු එ්ක මාසය දෙක තුන හතර විදියට ගියා

ඉස්තෝප්පුවෙ කබල් හාන්සි පුටුවෙ වාඩිවෙලා ඈතින් පෙනෙන මහ කඳු යාය දිහා බලාගෙන ඉන්නකොට කාලෙකට කලින් දරුවො ගේ ඇතුළෙ දුව පනින හඬ ඇහෙනවා ලොකු මහත්වෙලා අක්කල, නංගිල, මල්ලි එක්ක පුංචි දේකට බොරුවට සණ්ඩු කරන් සද්දෙ ඇහෙනවා පඩි අරගෙන එන දවසට කන්තෝරු බෑග් එක අස්සට වෙලා ගෙදර එන පුහුල්දෙ‌ා්සි, බුන්දි මල්ල ඉස්සරෝම අතට ගන්න බලාගෙන දොරකඩ පොරකන දරුවො මැවෙන්න පටන් ගන්නව එහෙම වෙලාවට මම තනියම අඬපු වාර අනන්තයි බස්පොළේ බස් සමහරක් පිටව යනවා. ඒ අඩුව පිරෙන්න තවත් බස් එනව මහ වැස්ස දැන් පොදයක්ව තිබුණත් වැහි අඳුරට හැන්දෑ කළුවර එක්වෙලා වටපිටාව තවත් අදුරුයි බස්පොළේත් වටපිටාවෙත් දැල්වෙන මළානික විදුලි පහන් ඒ අඳුර ටිකක් දුරට පලවා හරින්නට වෑයම් කරනව  අපි අතනට ගිහින් වාඩිවෙමු ඔහු මා දිහා බලමින් කීවා ගැහැනු ළමයි දෙන්නා විවාහ වුණේ අපේ අනුදැනුම ඇතුව නම් නෙමෙයි බැඳපු දෙන්නත් දොස්තරවරු ඉන්පස්සේ මාස දෙක තුනකට වතාවක් අපිව බලන්න එන එකත් නතර වුණා. බාල පුතාට ශිෂ්‍යත්වයක් ලැබිල ඕස්ට්‍රේලියාවට ගිහින් එහෙම පැල පදියම් වෙලා කසාදෙකුත් කර ගත්තා. එක අතකට කසාද බැන්දට පස්සෙ එයාලට වෙනම ලෝකයක් තියෙනවනේ හැබැයි මාසයකට දෙකකට වතාවක් එයාලගෙන් මනිඕඩරයක් නම් ලැබුණ හරියට අපේ ආදරයට ලැබෙන වන්දියක් වගේ
දරුවො ලැබුණට පස්සෙත් වතාවක් දෙකක් බලන්න ආව දරු පැටව් නම් හරිම සුරතල් ඒත් අපිට අතට ගන්න හදනකොට බයවෙලා අඬනවා පොඩි කාලෙදිවත් ආච්චි සීයා ගැන පෙඩ්ඩන්ට නිනව්වක් නෑ ඒ අය හැදෙන වැඩෙන පරිසරයෙ ආච්චිල සීයලා නැහැනේ දරුවො මුනුපුරු මිනිබිරියන් අරගෙන අපිව බලන්න එයි කියල කැවිලි පෙවිලි හද‌ාගෙන මග බලාගෙන හිටපු සිංහල අලුත් අවුරුදු ගණනාවක් ගෙවිල ගියා ගෙයි දෙ‌ාරකඩ උළුවස්සට හේත්තු වෙලා උදේ ඉඳන් මහ දවල් වෙනකම් මග බලාගෙන ඉන්න හාමිනේ ඔසරි පොටෙන් දෑස් පිහිද‌ාගෙන ගේ ඇතුළට ගිය වාර අනන්තයි. දූල දෙන්න ගොඩක් කැමැති ආස්මී කන්න පුතා හැමදම අවුරුදු ළං වෙනකොට කොණ්ඩ කැවුම් ඉල්ලල පොරේ.

සොඳුරු අතීතයක කාලයේ වැලි තලාවෙන් වැහිල ගිය මතක සිහිපත් කරන අතරේ ඔහුට කරමින් සිටි කාරිය අමතක වෙලා වගෙයි. මහත්තයට මම කියන එක නීරසයිද? මම ඔහුගේ කෙසඟ දකුණත මත මගේ අත තැබුවා එය දැඩිව ග්‍රහණය කරගෙන ඔහු අතහැරියෙ උත්තරය ලැබුණු නිසා වන්න ඇති.  දූලා දෙන්නමත් දරු පවුල පිටින්ම ඇමෙරිකාවෙ ස්ථීර පදිංචියට ගියේ එකම අවුරුද්දෙ 2015 වේ යන්න කලින් අපිව බලන්න ආවේ ස්මාට් දුරකථනයකුයි ලැප්ටොප් එකකුයි අරගෙන ඒව ක්‍රියාකරවන හැටි අපට කියල දීලා ඒ අය ඇමෙරිකාවෙ ඉදන් කතා කරන්නේ ඒවා හරහා කියල පැහැදිලි කළා ඊළඟ දවසෙ එයාල ආපහු යනකොට බිරිඳ ඉකි ගසමින් හැඬුවා මමත් ඊට වඩා ඇඬුවා හැබැයි හිතෙන් ඊට පස්​සේ මාසයක් දෙකක් යනකම් එයාල කොම්පියුටරයෙන්, ෆෝන් එකෙන් අපි ළඟට ආවා එකම රටේ ඉන්නකොටත් මුහුණු දකින්න මාස ගණනාවක් ගිය එකේ කොම්පියුටරයෙන් දවස ගානෙ කතාබහ කරන එකත් වාසනාවක් කියලයි අපි හිතුවෙ පස්සෙන් පහු ඒකත් සීමා වුණා රට රාජ්ජවල ඉන්නකොට ඒ දරුවන්ට වැඩ රාජකාරි ඇතිනේ අපි හිතුවෙ එහෙමයි පොඩි පුතා ඕස්ට්‍රේලියාවේ දක්ෂ විදියට රාජකාරි කරල එහේ රජයෙන් ගෞරව සම්මානයකුත් එක්ක පුරවැසිකම ලැබුණ කියල ඡායාරූප එවපු දවසෙ උදේ හාමිනේ කිරිබත් හැදුවා ඒත් කන්න හිටියෙ අපි දෙන්නා විතරයි අපි දෙන්නා​ ඇත්තටම තනිවෙලා කියල හොඳටම දැනුණේ එද‌ා තමයි  කම්මැලිකමටත් එක්ක ගමේ ළමයින්ට අපි දෙන්න නොමිලේ ටියුෂන් පටන් ගත්තෙ ඒත් දැන් හැදෙන පරම්පරාවට ඕන ජැන්ඩි පහට ඇඳගෙන ටවුමෙ ලොකු ක්ලාස් වලට යන්න ඒක නිසා ටික දවසකදී ඒකත් කඩාගෙන වැටුණා. හාමිනේ හිටි හැටියේ අංශභාග රෝගයෙන් ලෙඩ ඇඳට වැටුණෙත් ඒ එක්කමයි.

පෙන්ෂන් පඩි දෙකම වියදම් කරලා අසනීපෙ 50% ක් විතර සුව කරගත්තා දැන් නම් තනියම එහෙ මෙහෙ යනවා ඒ වුණත් අවිවාහකව ඉන්න එයාගෙ නංගි කෙනෙක් අපේ ගෙදර නතර කරගෙන ඉන්නවා එයාටත් දැන් වයසයි මේ කිසිම දෙයක් දරුවන්ට දැන්වුවෙත් නැහැ එයාලත් කතා කරන්නෙ අවාරෙට අඹ වැටෙනව වගේ  මට ඔක්කොම එපාවෙලා ඉන්නකොට මාත් එක්ක විශ්වවිද්‍යාලෙ එකම බැච් එකේ හිටපු යාළුවෙක් එයත් විශ්‍රාමිකයි. කොළඹ මරදානේ එක්තරා පොත් ප්‍රකාශන ආයතනයක සෝදුපත් බලන රස්සාව කරනව කියල මටත් කතා කළා හාමිනේ ඒකට විරුද්ධ නොවුණ මගේ තනිකම පාළුව එයාටත් දැනුණ හින්ද වෙන්න ඇති.  ඉතින් මම කොළඹට ඇවිත් යාළුවගෙ ගෙදර නතරවෙලා ඉන්නවා කළුබෝවිල දෙන්නම උදේට ආයතනයට ඇවිත් වැඩ කරලා හවසට ගෙදර යනවා මිත්‍රයගෙ දරු දෙන්නත් විවාහ වෙලා පදිංචිය ඒ ගෙදරමයි මුනුබුරො මිනිබිරියො එක්ක සතුටෙන් ඉන්නවා ඒක තමයි ජීවිතේ එයාගෙ දරු මුනුපුරෝ දැන් මගෙත් දරුවා වෙලා යාළුවගෙ බිරිඳ මියගිහින් තියෙන්නේ අවුරුදු 5 කට ඉස්සර දරුවො හොඳ රස්සාවල් කරනව ලේළිලත් එහෙමයි එයත් කම්මැලිකමට තමයි මේ රස්සාව කරන්නෙ ඒකෙන් මහ ගානක් ලැබෙන්නෙ නැහැ
හැමද‌ාම වැඩත් නැහැ එහෙම දවස්වලට අපේ ආයතනයෙන් පළකරන ඉංග්‍රීසි සිංහල වාක්‍ය රචනා හා කතාකරන ඉංග්‍රීසි සහිත මේ පුංචි පොත ගෙනත් බස්වල විකුණනව මේ පොතක් රු.50 යි. මට රු. 20 ක් ලාබ තියෙනවා පොත ගැන හොඳ විග්‍රහයක් මිනිස්සුන්ට කියල දීලා තමයි අලෙවි කරන්නේ. වටිනාකම තේරුම් ගත්තට පස්සෙ මිනිස්සු ගන්නව.

ඔහු එකදිගට කියා හමාර කළා අතේ තිබුණු පොත් මිටියෙන් එකක් අරගෙන පිටුවක් දෙකක් පෙරළුවා. සරල වාක්‍ය ගළපන හැටි එදිනෙදා ඉංග්‍රීසි භාවිතයේදී අත්‍යවශ්‍ය වචන දෙබස් ආදිය සහිත යමක් උගත හැකි වටිනා පොතක් මම ගොඩවෙන්නෙ මේ බස්ටෑන්ඩ් එකේ නවත්වල තියෙන බස්වලට විතරයි ධාවනය කෙරෙන බස් එකකින් එන සද්ද බද්දවලට ඉහළින් කතා කරන්න ශක්තියක් දැන් මට නැහැ ෆොටෝ ගන්න එපා කිව්වේ අඳුනන කෙනෙක් හරි නවීන තාක්ෂණයත් එක්ක පිටරටක ඉන්න දරවො දැක්කොත් ඒ අයට හරි නැහැනේ මොහු නම් පුදුම තාත්ත කෙනෙක්. හම්බ කළ සේසතම වියදම් කරල දරුවන්ගේ අනාගතය සැපවත් කරපු එක ඒ අයට අමතක වුණත් තමන් නිසා දරුවන්ට අවැඩක් සිදුවේදැයි තාමත් බයයි. අනිත් එක මම මේක කරනව කියල හාමිනේ දන්නෙත් නෑ එයා හිතන්නේ සෝදුපත් බලනව කියල විතරයි. සතියකට දෙකකට වතාවක් මම ගෙදර යනව එයත් තනිවෙලා කොහොමටත් තව ටික දවසක් මේ වැඩේ කරල ආයෙත් ගමට යනව මට දැනෙන පාළුව කාන්සිය මඟ හරව ගන්න කොළඹ ආවත් මේ පරිසරය මට ඔරොත්තු දෙන්නෙ නැහැ හාමිනේට තනියම විඳවන්න දෙන්නත් බැහැ වෙන දෙයක් අපි දෙන්නටමනේ  මා මේ අත්විඳින්නේ වර්තමානයේ බොහෝ මව්පියන්ගේ කතාවයි දිවියෙන් අඩකටත් වඩා දරු මල්ලන් වෙනුවෙන් කැප කළ එකම මවුපියන් මේ අය නොවේ මේ සෑම දෙනාටම පොදුවේ අත්වන එකම ඉරණම අවසාන කාලයේදී අනිත්‍ය සිහිපත් කරමින් සිත් සනසා ගැනීම පමණක් ද?

මහත්තයා මොකද කල්පනා කරන්නේ? මම දැහැනින් මිදුණෙමි කවදක හෝ මට ද අත්වන්නේ ඔහුගේම ඉරණම බව පෙනී නොපෙනී ගියා. ඒ මගේ දරුවන් ද ගැහැනු ළමයි නිසා මේ අපේ ර​ට් ඕනම මවකට පියෙකුට අත්විඳීමට සිද්ධවෙන දෙයක් වෙන්න පුළුවන් මහත්තයා මගේ විශ්වාසය රැකගෙන මේ කතාව ලියන්න කමක් නෑමගේ හිත දැන් සැහැල්ලුයි මේ කතාව කා එක්ක හරි කියන්නෙ හොඳටම ඕනකම තිබුණත් මේ නාකි මා එක්ක සතුටු සාමිචියේ යෙදෙන්නේ කවුද දැන්  මමත් දැන් යන්න ඕන අපි ආයෙ වෙලාවක මුණ ගැහෙමු ඔහු මගේ දෑත තරයේ අල්ලාගෙන සමුදුන්නා ඔහුගේ දෑත්වල එවේලේ තිබුණේ උණුසුමක් දෙපස දිලෙන වීථි ලාම්පු අඳුර පලවා හරින අතරේ මම බස්පොළෙන් එළියට බැස්සෙමි කොළොම්පුරේ අඳුරු නිසාචරයෝ වීථී බසින හෝරාවයි මේ මේ දිනවල පිටකොටුවේ පදික වේදිකා දෙපස පිරී තිබෙන්නේ වැඩිපුරම පාසල් දරුවන්ට උවමනා කරන සපත්තු, මේස්, පාසල් උපකරණ, ඇඳුම් ආදියෙන් රාත්‍රිය වුවත් මග යන එන මිනිස් පොදි නොනිදන පිටකොටුවේ මේවා විකුණන වෙළෙන්දන් සමග හෙට්ටුකරමින් සිටියා.

මොහොමඩ් රිසා (55) මට හමුවුණේ සුදු කළු මේස් ගොඩක් තබාගෙන වෙළෙඳා​ම් යෙදී සිටියදීය. ඒ මීට පෙර දිනයක මෙවැනිම ලිපියකට මා හා සංවාදයේ යෙදී මිතුරුවුණු අනුරගේ සහයෝගයන් කොහොමද බිස්නස් එක යැයි ඇසීමි. වැඩක් නෑ මහත්තයෝ වැස්සත් කඩා වැටුණනේ. වැස්සට බිස්නස් ඩවුන් වෙනවා ඒත් ඉතින් මොනව කරන්නද? වැස්ස කරදර කරන්නෙත් දුප්පත් අපටමනේ  පෙම්වතුන්ට මල් වරුසාවක් වන වැස්සම කෙනෙකුට ජීවන යුද්ධයෙන් පරාජය හිමිවන්නකි මම කොළඹට වැටුණේ 1985 දී ගම නුවර පළාතෙ මුලින්ම හේටලයක වේටර්කම කළා ගෑස්පහ පැත්තෙ. ඉන්පස්සෙ තැඹිලි වික්කා කුලී වැඩට ගියා මාළු කඩේ ළඟ එකක් ශත 50 ට සිලිසිලි බෑග් වික්කා. ඒ කාලෙ මේව ආව අලුතනේ මේඩ් ඉන් ජපන්, මිනිස්සුත් මේ අලුත් දේට කැමැතියි ගාන ශත 50 වුණත් හොඳට බිස්නස් තිබුණා ඔය අතරතුරේදී මම කොළඹටම ‘සින්න’ වුණා. කසාදයක් කර ගත්තා දැන් පදිංචිය බුත්ගමුවෙ දරුවො තුන් දෙනයි තුන්දෙනාම පිරිමි එක්කෙනෙක් කසාද බැඳලා දෙවැනියා පල්ලියට බාර දුන්නා. ආගම ඉගෙන ගන්න. බාල දරුවා ඉස්කෝලෙ යනවා. කතා කරන අතරතුරදී එක්කෙනෙක් දෙන්නෙක් ඇවිත් මේස් මිලට ගන්නවා. මම ඔහුගේ වෘත්තියට බාධාවක් වුණේ නැහැ. ‘හැමද‌ාම එකම බිස්නස් එක කරන්නෙ නැහැ. මේ කාලෙට ස්කූල් ඇඳුම් මේ සීසන් එකනේ එහෙම වෙනස් කරනවා. පුත්තලම පුත්තලම පැත්තෙ පොළවල් ගානෙත් යනවා එහෙම නැතිව ජීවත්වෙන්න බැහැ. රු. 2000, 3000 ලාබ තියෙන දවසුත් තියෙනව. අද නම් අන්තිමයි වැස්ස යන්තම් තුරල් කළ නිසයි. ටිකක් රෑ වෙනකම් හිටියෙ. මම බඩු ගේන්නේ මහරගම පමුණුවෙන් අතමිට යහමින් සල්ලි තිබුණොත් දවස් තුන හතරකට සෑහෙන්න ගේනවා. නැතිනම් දවස ගානේ උදේ පාන්දර මහරගමට යන්න වෙනව.

රීෂා බාගෙට තෙමීගෙනය නොනිදන පිටකොටුවේ මුවා වීමට ගසක් තබා කුඩ කබලක්වත් නැහැ. මේ ඔවුන්ගේ ජීවිතයයි. අව්වට වේළෙන වැස්සට තෙමෙන පදික වෙළෙඳුන්ගේ ජීවිතයයි අව්ව වැස්ස බඩගින්න හෙට දවසත් එක්ක ඔවුන් සටන් කරනවා. මේවට බය වුණොත් ඊළඟට අනාථ වෙන්නේ දරු පවුල් හැබැයි මේ දිරිය මිනිසුන්ට ස්වභාවධර්මයත් අනුකම්පා කරනව වගේ හිස රුද‌ාවක් සෙම්ප්‍රතිශ්‍යාවක්වත් නැහැ එක අතකට තිබ්බත් කාට කියන්නද හිමිදිරියේම ගෙදරින් පිටවෙලා සෙනඟට එක්වෙනව මහ රෑම හැමෝම නිදියන හෝරාවෙ ආපහු එනව’ මම පේමන්ට් එකට වැටිල ගෙවී ගිය කාලය ඇතුළත මේකෙ බිස්නස් කළ වැඩි දෙනෙකුට ස්ථීර කඩ කාමර ලැබුණ මේ ඊයේ පෙරේද බැණපු අයටත් ලැබුණ. ඒත් මම ඇතුළු පරණ අය ඉන්නව අපි තවම පේමන්ට් එකේ මේ කඩ කාමර බෙදල දෙනකොට ඔක්කෝටම වඩා වැඩිම සුදුසුකම පක්ෂ දේශපාලනයයි අපිට මැරීගෙන දේශපාලනය කරන්න වෙලාවක් නැහැ ඒවට ගියොත් දරු පවල බඩගින්නෙ ඒ නිසා අපි හැමදාම පාරෙ පේමන්ට් බිස්නස් කරන අයට කඩ කාමර ලබා දීමේදී මීට වඩා විධිමත් ක්‍රමවේදයක් තියෙන්න ඕන ඔහුගේ ස්වරයේ වේදනාත්මක බවත් තිබුණා හැබැයි ඒ වෙනකොට මමත් රිසා වගේම බාගෙට තෙමීගෙන මගේ කුඩ කබලෙ රෙද්ද හිල්වෙලා ඇතුළටත් වැහි බිඳු එක දෙක කාන්දුවෙනවා තවත් මහ වැස්සකට අහස අර අඳිනව වගෙයි හමා එන සුළඟ කීවෙ ඒ පණිවුඩය ඉතින් ඒ නිසාම මම රිසාගෙනුත් පිටකොටුවෙනුත් තාවකාලිකව සමුගත්ත වීථි පහනින් තොර වූ අතුරු පාරවල අහුමුලු අස්සෙ තවත් නොකී කතා දහසකුත් එකක් තියෙන බවක් ආපසු හැරෙන අතරෙදි මට දැනුණා. සටහන හා ඡායාරූප  තිලක් පුෂ්පකුමාර