එදාසිට හෙළයන්ගේ ශක්ති සම්පන්න බවේ ප්‍රදානතම රහස හත්මාළුව බැවු කිවයුතුමයි මන්ද සැබෑ හෙළයා නිර්මාංශ නිසාත් හා මස් මාංශ වල නොමැතු බොහෝ ගුණ නිර්මාංශ අල ධාන්‍යය හා පලාවල ඇති බව ඔවුන් හොදින්ම අවබොධ කරගෙන,සිටිබව හොදින්ම පෙනෙනවා එනිසා තම සිරුර පවත්වාගන්න කියා අදමෙන් සතුන් මරන් කැවේනැ මෙන්ම ඒසේ අවැසි ඌවේද නැහැහත්මාළුව වශයෙන් එදාසිට අප හදුන්වන මේ ගුණපිරි ශක්ති සම්පන්න හෙළ ආහාරය අවුළු හතක් සුවිශේශීම ගැලපුමකට අනුව එදා සකසාගෙන තිබුනා පහත අයුරිනුයි

  • ගෙගඩි
  • අල
  • කරල්
  • ඇට
  • මද
  • මල්
  • කොළ

මේ වර්ග හතේ එකිනෙකට වෙනස්ම පොශනයන් අන්තර්ගත බැවින් සියළුම පොෂනයන් ලැබෙනා ලෙස සැකසේ එමනිසා බත්පතට මෙය,හැරුනුකොට වෙනත් කිසිවක් නොතිබුනාට කිසිදු පෝශන ඌනතාවක් පොශන අසමතුලිත තාවක් ඇති නොවේ අදවනවිට පරිප්පුයි බතුයි බොහෝ ඈයන් ගිලදමනුයේ ඒ දුර්වල පුරුදුආත් හැර මේ හෙළ ආහාරයට හුරුවන්නේනම් බොහෝ රෝගවලින් මිදීමටත් ඉතා සරලවම සිරුරට අවැසි පෝශන අවශ්‍යයතාවද සපුරා ගැනීමට හැකියාව ලැබේ

  • ගෙඩි ~වම්බටු ,තිබ්බටු, වට්ටක්කා ,අළුකෙසෙල් ,
  • කරල් ~දඹල ,මෑ,බංඩක්කා ,මුරුංගා,අවර ,ආලංගා ,වැටකොළු ,පතෝල
  • අල ~කිරිඅල ,හිගුරළ ,රටල,උඩල , දන්දිල ,බුත්සරණ ,
  • ඇට ~කොස් ඇට ,කවුපි , කඩල ,මුං
  • කොල ~වට්ටක්කා දළු, නිවිති ,මුරුංගා කොල ,මෑකොල ,දඹල දළු ,කොහිල දළු ,සාරණ ,ගෙද
  • මල් ~කතුරුමුරුංගා මල්,සියඹලා මල් ,මයිල මල් ,
  • මද ~කජු මද ,කලටි කුරුම්බා මද

මෙහිදී මේ ආහාර සැකසීමේදී අතීතයේ සිටම කොස් ඇට සහ කුඩා ගැට සහිත වට්ටක්කා දළු එක්කර ගැනීමට අමතක කෙරුවේ නැහැ මන්ද යත් එක් කොස් ඇටයක බිත්තර දහයක පමණ ගුනයත් රසයත් වට්ටක්කා දළුවල ඉතා මිහිරි රසයක් එක් වීමෙන් පෝෂණය මෙන්ම රුචිකත්වයත් බොහෝ ඉහල තලයකට එන බැවින්ඔබ මුළුතැන්ගෙයි ඇති එලවළු කිහිපයකින් එක ගෙඩිය එක කරල එක අලය බැගින් වෙන්කොට වෑංජන පිස පසුව දිනෙක මේ සියල්ලට අමතර ඇටහෝ අනෙක් එක්කර ගැනීමෙන් මෙය ඔබට ඉතා පහසුවේ තවද එක් ගෙඩියක් කරලක් එක් අලයක් පමණක් මුළුතැන්ගෙයි ඉතිරිවූ විට එය ඔබ නිකන් නාස්තිකර කසල ගොඩට දැමීමටද,අවැසි වන්නේ නැහැ තවද ඔබේ කුඩා ගෙවත්තේ පලදාව නිවසේ පරිබෝජනයට ප්‍රමාණවත් නොවූ විට ඒ කුඩා පලදාව මේ අවුළුව සකසා ගැනීමෙන් එයද වඩාත් සාර්තක ලෙස කළමණාකරණය කරගත හැකිවේසෑම හෙළයෙකුම සතියකට හත්මාළුව වේල් හතරක්වත් සහ කවලම් මැල්ලුම වේල් තුනක් වත් අහාරයට එක්කරගන්නෙනම් ඔබේ පොෂණය මෙන්ම බොහෝ බෝනොවන හා බෝවන රෝගවලින් මිදී ජීවත්වීමට හැකියාව හා ඉඩකඩ ලැබේ පරයන්ගේ සාම්බාරුව සහ හත්මාළුව ඔබ කිසිවිට පටලවා නොගන්නහෙළ ආහාර රටාවට සහ හෙළයන්ට උරුම ජීවන රටාවට හුරුවී නැවතත් ශක්ති සම්පන්න සහ නීරෝගී ජාතියක් ලෙස ජීවත්වෙන අතර දිනපතා අපෙන් නිරපරාදේ වැයවන නාස්තිවන මුදල්ද ඉතිරිකර ගනිමු නිරන්තරයෙන් හෙළයන්ගේ නීරෝගීකම වෙනුවෙන් වෙහෙසෙනමා හේනේ පැලේ අප්පුහාමි