සිව් හෙළයේ සූර්ය මංගල්‍යය හෙවත් අවුරුදු උදාව සූර්ය වන්ශිකයින් වන හෙළයන් සූර්ය නමස්කාරය ප්‍රතම කොට ගෙන නව වසරට පාතබයි.ප්‍රථම හිරු කිරණේ තිබෙන ශක්තිය ශරීරයට අවශෝශනය කර ගැනීම සහ සූර්යයාට කෘතගුණ සැලකීම මන්ද මුළු විශ්වයේම ජීවය රඳා පවතින්නේ සූර්යයාගෙන් බව අපේ පැරැණි හෙළයින් මනාව අවබෝද කර ගෙන ගෙන සිටියහ.අප්‍රියෙල් මාසය හෙවත් බක් මාසය යනු සෞභාග්‍යයේ මාසයයි .මෙහි විද්‍යාත්මක කාරණා රාශියක් ගැබ්ව පවතී. මේෂ රාශිය සූර්යයාගේ උච්චතම රාශියයි. මේෂ රාශිය අංශක බිංදුව ලෙසට ගෙන අහස් චක්‍රය පෘතුවියට සාප්ක්ෂව මැන සූර්යයාගේ ගමන් නිර්ණය කිරීම පැරණි හෙළයන් විසින් හඳුනාගත් ක්‍රමයයි.එහිදී මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්ති වන අවස්ථාව නොහොත් සූර්ය ගැට්ට තුළ නොනගතය දක්වා( පැමිණියා වූත් නොපැමිණියා වූත් කාලය) අවුරදු චාරිත්‍ර සකස් කර නව නිෂ්පාදන වර්ෂයක් ආරම්භ කිරීම හුදෙක් හෙළයට පමණක් ආවේණික සංස්කෘතික පිළිවෙතක් බවට පත් වෙයි.ආහාර පිසීම වැඩ ඇල්ලීම හිස තෙල් ගෑම ආදී චාරිත්‍රයන් තුළ නව ආරක බලාපොරොත්තු මෙන්ම සෞඛ්‍ය පිළිවෙත් ද අඩංගු වෙයි.මෙවැනි අවස්ථාවක් පිළිබඳ අවදියෙන් හා උනන්දුවෙන් බලන කණ්ඩායමක් සිටී නම් එම අවධානය නිසැකයෙන්ම ඇති වන්නේ කෘෂිකර්ම පැවැත්ම උදෙසාය. කෘෂිකර්මාන්තය මුල් කරගෙන දිවි ගෙවන ගොවියෝ මහ කන්නයේ අස්වනු කපා, පාගා, ගෙට ගෙන යළි කුඹුරු වැපිරීම ආරම්භ කරන්නේ මේ කාලයේදීය. පරිසරය ගහකොළ, මල් ඵලවලින් බර වන්නේද, සිවුපා සතුන් හා විහඟුන් ඵල රස අරා බොමින් ප්‍රීති වන්නේද මේ සමයේදීය. කලක් නිහඬව සිටි කොවුලෝ අවුරුදු ප්‍රීතිය හඬ නගා පරිසරය පුරාවටම සන්නිවේදනය කරමින් අව්‍යාජ කෘෂි ජනතාව සමඟින් එක්ව බක් මස අස්වනු ලැබීමේ ප්‍රීතිය භුක්ති විඳීමට මුලපුරති. ඒ සමඟින් ලංකාවාසීහු නව අවුරුදු චාරිත්‍රවලට ද ඉඩහසර ලබා ගනිති. සියලුම බීජ සහ ගහ කොළ වල ජීවය පවතින්නේ සූර්ය ශක්තිය තුලය. එම ශක්තිය උපරිම වශයෙන් ලබා දෙන අවස්ථාව බක් මාසයේ යෙදෙන බවද අපේ පැරණි හෙළයන් තේරුම් ගෙන සිටියහ. මේ නිසා සූර්ය වන්දනාව මෙන්ම විවිධාකාරයෙන් සොබා දහම සතුටු කිරීමටද මේ අවස්ථාව යොදා ගත් බව පෙනේ. අස්වනු කපා පාගාගෙන අවසන් වන මැදින් මාසය මහ දින් (ධාන්‍ය) කාලය ලෙසට ගෙන එය කෘෂීකාර්මික පැවැත්මේ වර්ෂයක් නොහොත් වරුවක අවසානය ලෙසටද සලකන්නට උත්සාහ කළහ.
සූර්ය දිව්‍ය රාජයා ලංකාවට දෙවරක් මුදුන් වෙයි. පෘතුවියේ චලිතයත් සමග ඊට සාපේක්ෂව සිදු වන මෙම ක්‍රියාවලිය අපගේ පැරණි මුතුන් මිත්තන්ගේ අවධානයට ලක් ව තිබුණි. සූර්යයා වටා ගමන් කරන පෘතුවිය මත දේශගුණික විපර්යාස ඇතිවන්නේ අංශක විසිතුනහමාරක ඇලයෙකින් යුක්තව ගමන් කරන බැවිනි. සූර්යයා වසරකට වරක් පෘතුවියට ඉතා ලන් වෙයි. එම ලන්වෙන සංධිස්ථානය නිවැරදිව ගණනය කර ගැනිමට තරන් අපේ පැරණි හෙළයා බුද්ධිමත් විය.අපේ පැරණි හෙළයන් ජ්‍යෙතිෂ විද්‍යාව බිහිකොට ගෙන ඇත්තේ මෙම ගමනේ සිද්ධාන්ත මත ගණිත ක්‍රමයන් සංවර්ධනය කිරීමෙනි.ඉතින් අපේ සෑබෑ අලූත් අවුරුද්ද මෙය නොවේද.කිසිම විද්‍යාත්මක පදනමක් නැති පරිසරය සතා සීපාවා ගහකොළ මල් වල පැවැත්මවත් තේරුන් ගන්න බැරි පරසුද්දන් අවුරුදේ පලමු මාසයට ජනවාරි පලවෙනිදාවක් පටලෝගෙන වුන්ගේ අඩිපාරෙ ගොස් වර්ෂයකට දෙපාරක් අලුත් අවුරුද්දක් වේවා කියන්නේ මොන පදනමකින්ද.පර සුද්දන් විසින් විකෘති කළ දින දර්ශකය ඔබට තවමත් අනුමත කළ හැකිද ?අවුරුදු දස දහසකටත් වඩා ලිඛිත සාක්ෂි තිබෙන සිව්හෙළේ රාජ්‍යයට 2020 වෙනි අවුරුද්ද යැයි කියන දින දර්ශනයකට සීමා වුනේ කෙසේදැයි ඔබ නිකමටවත් සිතුවාද ?මේවෙන තෙක් කිසිම කෙනෙකුට සුභ අලුත් අවුරුද්දකට ආසිරි නොපැතුවේ එය ස්වභාවිකව සහ විද්‍යාත්මකව අලුත්අවුරුද්දක් නොවන හෙයිනි.යක්ෂ, නාග , දේව ,රාක්ෂ සිවුහෙළය පැවත එන ඔබගේ අදහස් දැනගැනීමට විවෘතයි