රක්තහීනතාවය, දියවැඩියාව සහ ඇදුම යන රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වගේම රසවත් ආහාරයක් ද වන බණ්ඩක්කා වල විටමින් K,C,A සහ B වලට අමතරව මැන්ගනීස්,යකඩ, පොටෑසියම්, සින්ක්, මැග්නීසියම් සහ කැල්සියම් යන ඛනිජ ලවණ ද බහුලව අඩංගුයි. මීට අමතරව ඇස් වල නිරෝගී භාවය වැඩි කරන ප්‍රතිඔක්සිකාරක ද බහුල වශයෙන් අඩංගු ආහාරයක් වශයෙන් බණ්ඩක්කා හඳුන්වන්න පුළුවන්. ඊට මතරව බණ්ඩක්කා ආහාරයට ගැනීම නිසා අපිට හිමි වන තවත් විශේෂ වාසි කිහිපයක් පිළිබඳව අපි මේ ලිපියේ විස්තර කරනවා.

  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහල නංවයි…විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි.
  • කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කරයි ….බණ්ඩක්කා කියන්නේ තන්තු බහුල ආහාරයක් නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කරන අතර හෘදයේ නිරෝගීභාවය වැඩි කරනු ලබනවා.
  • රක්තහීනතාවය දුරු කරයි.බණ්ඩක්කා ආහාරයට ගැනීම මඟින් රුධිරයේ රතු රුධිරානු සෛල නිෂ්පාදනය ඉහල නංවනු ලබන අතර ඒ මඟින් රක්තහීනතාවය ඇති වීම වලක්වා රෝගය සඳහා ප්‍රතිකාරයක ඖෂධයක් වශයෙන්ද ක්‍රිය කරනු ලබනවා.
  • ඇදුම රෝගය සඳහා ප්‍රතිකාර කරයි.බොහෝ දෙනෙකු අතර පවතින මතයක් තමයි සෙම්ප්‍රතිශ්‍යාව හෝ ඇදුම රෝගයෙන් පෙලෙන රෝගීන් බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු බව. නමුත් එය හුදෙක්ම මිත්‍යාවක් පමණයි. බණ්ඩක්කා වල බහුලව අඩංගු විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක මඟින් ඇදුම රෝගය ඇතිවීම වලක්වන අතර දිගුකාලීන වශයෙන් පවතින පෙනහළු රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබනවා.
  • දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරයි.රුධිරයේ සීනි මට්ටම පාලනය කරන සහ දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර කරන ඉතා හොඳ ඖෂධයක් තමයි බණ්ඩක්කා කියන්නේ. මේ සඳහා බණ්ඩක්ක කරල් කිහිපයක් ගෙන ඒවා විවෘත වන සේ කපා වතුර වීදුරුවකට දමන්න. ඉන්පසු රාත්‍රී කාලය තුල බණ්ඩක්කා වල අඩංගු සාරය එම වතුර වීදුරුවට අවශෝෂණය වීමට තබා උදෑසන අවදි වූ වහාම එය පානය කරන්න. දිනපතා මාසයක් පමණ මෙලෙස සිදු කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
  • මලබද්ධය සඳහා ප්‍රතිකාර කරයි.පෙර සඳහන් කරන ලද ආකාරයට බණ්ඩක්කා කියන්නේ තන්තු බහුල ආහාරයක්. එම නිසා මහා අන්ත්‍රයේ ආසාධන සහ පිළිකා ඇතිවීමේ අවධානම අඩු කර එම ශරීරාංග සුවෙන් තැබීමට බණ්ඩක්කා වලට හැකියාවක් පවතිනවා. එම නිසා නිතර බණ්ඩක්කා ආහාරයට ගන්නා කෙනෙකුට මල බද්ධය රෝගය වැළඳීමේ අවධානම ඉතාම අඩුයි.