හිර­ගෙ­දර ගියා යැයි කියන විටෙක කවු­රුත් අහන ප්‍රශ්න­යකි ඒ. වසර ගණ­නක් තිස්සේ හිර­‍ෙග­දර ගිය ද වටින් පිටින් දුටු­වාට කිසි දිනෙක ඇතු­ළට ගොස් නැති මුළු­තැන් ගෙයට අප පසු­ගි­යදා ගියෙමු.මේක තමයි ලංකාවේ ලොකුම කුස්සිය‘ දිනෙක මිත්‍ර­යකු පැවැ­සුවා මත­කය.කෑම රස ද කියා බල­න්නට නොව හිර­ගෙ­දර කුස්සිය කොයි වගේ­දැයි බල­න්නට පසු­ගිය දිනෙක අපි එහි ගියෙමු. දෙන්නෙක් තුන්දෙ­නෙ­කුට නොව හාර­ද­හ­ස­කට තුන්වේ­ල­ටම කෑම පිසි­නවා යන්න සුළු පටු කාර්ය­යක් නොවේ.ඒ කාර්ය­බ­හුල උදෑ­සන අප වැලි­කඩ කුස්සි­යට ගොඩ­වීමු. ඒ උදෑ­ස­නත් හිර­ගෙ­දර බෝම­ළුවේ රැඳ­වියෝ වන්ද­නා­මාන කර­මින් සිටි­යහ. පන්ස­ලට මුහු­ණලා ඇත්තේ මුළු­තැන් ගෙයයි. ඒ වේලා­වෙත් රැඳ­වියෝ කඩි­මු­ඩියේ වැඩය.වේලාව උදෑ­සන නව­යට පමණ ඇත. තැනෙක පොල් ගෙඩි­වල මුඩු ගල­ව­න්නෝය. තවත් තැනෙක බීට් අල සුද්ද කර­න්නෝය. තවත් තැනෙක මාළු කප­න්නෝය. ඒ විශාල කුස්සියේ දහ­වල් ආහා­රය සක­ස­න්නට උදව් පදව් කරන්නෝ බොහෝය.කුස්සි­යට ඇතුළු වී අපි එහි සිවු­කොන බල­න්නට වීමු. පිසින ලද බත් තුනී කර දැමු පෙටිට් කිහි­ප­යකි. බත් පිස තිබුණේ නාඩු සහ­ලෙනි. රැඳ­වියෝ පිරි­සක් කුස්සියේ තම තමන්ගේ පාඩුවේ වැඩය. ඔවුන් ඒප්‍රන් හැඳ­ගත් අයය.“කවුද මෙහෙ ප්‍රධාන සූප­වේ­දියා? ”නියා­මක චාමර සිල්වා­ගෙන් ඇසීමූ.“මෙහෙ පළ­පු­රුදු සූප­වේ­දියෝ නැහැ. මේ මුළු­තැන් ගෙයි උයන්නේ අත් උදව් දෙන්නේ රැඳ­වියෝ. අවු­රදු හත­රක සිට කුස්සියේ උයන්නේ මෙන්න මෙයා. ”නියා­මක චාමර අපට තරු­ණ­යකු පෙන්නු­වේය. කාකි පාට කලි­ස­මක් හැද ජම්ප­ර­යෙන් සිටින ඔහු මුළු­තැන් ගෙයි සියලු කට­යුතු පිළි­බඳ සොයා බල­මින් සිටි­යේය.“මම එළියේ ඉන්න­කො­ටත් හෝට­ල­යක් කෙරුවා. මිනි­මැ­රුම් නඩු­ව­කට පැට­ලිලා තමයි හිරේ එන්න වුණේ. මෙහෙ ආවට පස්සේ මාව කුස්සි පාටි­යට වැටුණේ. දැන් අවු­රුදු හත­රක් වෙනවා උයන්න පටන් අර­ගෙන. ”ඔහු එසේ පැවැ­සු­වද අරු­මය නම් කුස්සියේ සිටින කිසි­වෙකු නිවෙ­ස්වල සිටින සමයේ කිසි­වක් උය­න්නට නොදැන සිටී­මය. කුස්සි පාටි­යට තෝරා ගන්නා අය හොඳ සෞඛ්‍ය තත්ව­යෙන් පසු­විය යුතුය. එමෙන්ම ඔවුන් නිය­පොතු කපා හිස කෙස් කොටට කපා පිරි­සු­දුව සිටිය යුතුය.එක්ද­හස් අටසිය හත­ලිස් හතර වසරේ ඇරැඹි වැලි­කඩ කුස්සිය අද වන තුරුත් බෝහෝ කාර්යය බහු­ලය.අප එහි යන දින වැලි­කඩ සිර­ගෙ­දර රැඳ­වි­යන් පිරිස තුන්ද­හස් අට­සිය ගණ­නකි. ඒ රැඳ­වි­යන් පිරිස සඳහා එක් දින­කට සහල් කිලෝ එක්ද­හස් හය­සි­යක බත් පිසිනු ලබන අතර වෑංජන ඉවීම සඳහා පොල් ගෙඩි එක්ද­හස් හාර­සිය පන­හක් භාවිතා කරනු ලැබේ. මැල්ලුම් කිලෝ සිය­යක් ද, එළ­වළු කිලෝ දෙසිය හැටක ප්‍රමා­ණ­යක් ද භාවි­ත­යට ගැනෙනු ලැබේ. එමෙන්ම එක් වේල­කට මාළු කිලෝ එක­සිය හැටක ප්‍රමා­ණ­යක් භාවි­ත­යට ගනු ලැබේ. සැප­යුම් කරු­වන් ගෙනෙන මාළු­වල ඔළු- වරල් ආදිය කපා සුද්ද කර­ගෙන ආ යූතුය. මෙය බන්ධ­නා­ගාර නිත්‍ය නියෝ­ග­වල සඳ­හන් වන්නකි. අද ද එය ඒ යුරින්ම ඉටු කැරේ.

සති­ය­කට දවස් තුනක් උදේ ආහා­රය සඳහා සිර­ක­රු­වන්ට පාන් ලබා­දෙන අතර උදෑ­ස­නට තේ ලබා­දෙනු ලැබේ. මේ හැරුණ විට සිර­ක­රු­වන් සඳහා ආහාර ලබා­දීමේ වට්ටෝ­රු­වක් තිබේ. සියල්ල සිදු­වන්නේ මේ වට්ටෝ­රු­වට අනු­වය.“ උදේ හයට වාට්ටු අරි­නවා. ඉන් පස්සේ තමයි උදේ ආහාර ලබා­දෙන්නේ. ඉන් පස්සේ සිර­ක­රුවො වැඩ පාටි­ව­ලට යනවා. දහ­වල් දොළ හාමාර එක වන­විට දවල් ආහා­රය ලබා­දෙ­නවා. අයෙම රාත්‍රි ආහා­රය සවස තුන විට ලබා­දෙ­නවා. සාමා­න්‍ය­යෙන් සිර­ක­රු­වෙ­කුට උදේට බත් අවුන්ස එක­සිය විසි­ප­හක ප්‍රමා­ණ­යක්, රාත්‍රි­යට බත් අවුන්ස එක­සිය හැත්තෑ­ප­හක ප්‍රමා­ණ­යක් හා දවල්ට බත් අවුන්ස දෙසිය විසි­ප­හක ප්‍රමා­ණ­යක් ලබා දෙනවා. ඒ හැරු­ණම හැම­දාම බන්ධ­නා­ගාර රෝහලේ ඉන්න රෝගීන්ට උදේ ආහා­රය ලබා­දෙන්නේ වැලි­ක­ඩින්. දිය­වැ­ඩියා රෝගීන් දෙසිය විසි­ප­හක් සිටි­නවා. වෛද්‍ය උප­දෙස් අනුව ඒ අයට ලබා­දෙන ආහාර වට්ටෝ­රුව වෙනස්. තව මෙහෙ ඉන්නවා බත් ඇල­ජික් අය හැටක් ඉන්නවා. ඒ ගොල්ලන්ට තුන්වේ­ල­ටම පාන් තමයි දෙන්නේ. උසස් ජීව පදාර්ථ ලැබිය යුතු රෝගී රැඳ­වි­යන්ට පරිප්පු, මස්, මැල්ලුම්, බිත්තර. කිරි හදා­ගන්න පිටි­කිරි 20g විස්සක් ලබා­දෙ­නවා.විදේ­ශිය සිර­ක­රුවෝ හැත්තෑ හතක් ඉන්නවා. මේ අයට වෙනම ආහාර වට්ටෝ­රු­වක් තියෙන්නේ. ඔවුන්ට දෙන්නේ පාන් , අර්තා­පල් තම්බ­පුවා, එළ­වළු තම්බ­පුවා හා මස් බිත්තර. දිය­වැ­ඩියා රෝගීන් සදහා මස­කට නන්ෆැට් කිරි පැකට් එකක් ලබා­දෙ­නවා. කුස්සියේ වැඩ­ව­ලට රැඳ­වියෝ දෙසි­ය­යක් පමණ ඉන්නවා. ඒ අය ඉන්නේ වෙනම වාට්ටු­වක. ”හිර­ගෙ­දර කෑම ගැන එසේ පැවැ­සුවේ ආහාර වට්ටෝරු අංශයේ කාර්ය­ය­භාර නිල­ධාරි සැර­යන් චානක ප්‍රසාද් මල­වී­රය.කුස්සි­යට ඇතුළු වන තැනම ඇත්තේ බොයි­ලේ­රු­වයි. අතී­ත­යේදි මෙතැන තිබුණේ දර බොයි­ලේ­රු­වකි. මීට වසර විස්ස­කට පමණ පෙර දැවි­තෙ­ල්ව­ලින් ක්‍රියා­ත්මක වන බොයි­ලේ­රු­වක් සකස් කර ඇත. කෑම පිසින්නේ මේ බොයි­ලේ­රු­යෙන් එන වාෂ්ප­යෙනි. කුස්සි පාටියේ වැඩ කරන රැඳ­වි­යන් හැරුණ විට වෙත් කිසි­වෙ­කුට එහි ඇතු­ළු­වී­මට අව­සර නැත.තුන්වේල කන්න දුන් පම­ණින් රැඳ­වි­යන් සැන­සීම පහසු නැත. කුස්සි­යෙන් ලැබෙන හොදි එළ­වළු රස නැති වූවිට ඒවාට පහේ මිශ්‍ර­ක­ර­ගෙන යළිත් රත් කර­ගෙන කෑමට ඇතැ­මෙක් හුරු වී සිටි­යහ. ඔවුන් ලිප් හදා­ගෙන සිටියේ ගඩොල් කැට­ය­කට විදුලි කම්බි අට­වා­ගෙ­නය. කාල­යාගේ අවෑ­මෙන් ඒ ක්‍රම දැන් නැතැයි යන්න බන්ධ­නා­ගාර ආරංචි මාර්ග පව­සයි. තවත් කලෙක ගුල්ලෝ ගැසු සහල් කුස්සි­යට ගෙන තිබිණි.“නැහැ දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් මෙහෙට ගන්නේ දේශිය නාඩු සහල්. ඒ වගේම සැප­යු­ම්ක­රුවා ඒ හාල් ගෙනා­වාම අපි ඒකෙන් බත් උයලා කාලා බලලා තමයි ගන්නේ. මිරිස් තුන­පහ ගෙනා­වාම ඒවා කොටලා උයලා බලලා තමයි කුස්සි­යට දෙන්නේ. දෙසී­ය­කට තුන්සී­ය­කට උය­නවා වගෙ නෙමෙ­යිනේ තුන් හාර­ද­හ­කට එකට උයන කොට රස පොඩ්ඩක් අඩු වෙනවා තමයි. එහෙම කියලා කව­දා­වත් මේ කුස්සියේ කෑම කාට­වත් විස වෙලා නැහැ.”බන්ධ­නා­ගාර අධි­කාරි ටී. අයි. උඩුවර මහතා පව­සන්නේ එවැනි කතා­වකි.කුමන වැරැ­ද්දක් කර හෝ බන්ධ­නා­ගාර ගත­වූ­වාට පසු ඔවුන්ගේ දුක සැප සොයා බල­න්නට සිටින්නේ බන්ධ­නා­ගා­ර­යයි. රිමාන්ඩ් රැඳ­වි­යන්ට නිවෙ­සින් ගෙනෙන ආහාර ගැනීමේ අව­ස්ථාව තබුණ ද අච්චු සිර­ක­රු­වන්ට නිවෙ­සින් ගෙනෙන ආහාර ගැනී­මට අයි­ති­යක් නැත.කොහොම වුණත් සිර­ක­රු­වන් සදහා තුන්සිය හැට­පස් දව­සේම කෑම උයන මහ­උ­ළු­ගෙ­දර කුස්සිය තව­මත් ඇත්තේ පැරණි තාල­ය­ට­මය. පොල් ගාන්නට මැෂීන් භාවිතා කළ ද සිර­ක­රුවෝ හත් අට දෙනෙක් පොල් මුඩු ගලවා පොල් ගෙඩිය පිරි­සුදු කරති. (කුස්සියේ පොල් මුඩු­ව­ලින් ගන්නා පොල් කෙන්දෙන් ලොන්ඩරි පාටියේ රැද­වියෝ කඹ අඹ­රති.) කුස්සි පාටියේ වැඩ එකි­නෙකා අතර බෙදි ඇත. ඒ හැම කණ්ඩා­ය­ම­ක­ටම කණ්ඩා­යම් නාය­ක­යෙක් සිටි. කුස්සියේ වැඩ පටන් ගන්නේ රාත්‍රි දොළ­හ­ටය. කුස්සියේ වැඩ අව­සන් වෙන්නේ සවස තුනෙන් පසු­වය.සුද්දාගේ කාලේ ඇල්ලු ගල් සහිත කුස්සියේ බිම වාඩි වී ඇන තියා­ගෙන රැඳ­වියෝ තම තමන්ගේ කාර්යයේ නිරත වී සිටිති. කුස්සියේ පසෙ­කින් ඇත්තේ කුණු වතුර ගලා­ගෙන යන කානු­වයි. එක් පසෙක ඇත්තේ මිරිස් , තුන­පහ ආදිය කොටන කාම­ර­යයි. තවත් තැනෙක ඇත්තේ විදේ­ශි­ක­යන්ගේ කෑම බෙදන ස්ථාන­යයි. එහි මේස­යක් තම බාස්ක­ට්වල බෙදූ ආහා­රය. විදේ­ශි­ක­යන් ගේ ආහාර බෙදී ම බාරව සිටින්නේ පබ­ළුය.

පබළු යනු පාකි­ස්ථාන ජාති­ක­යෙකි.“වැලි­ක­ඩට එන්න කලින් මං හිටියේ මීග­මුවේ. හිරේ ඇවිල්ලා අවු­රුදු එකො­ළ­හක් වෙනවා. කුඩු අර­ගෙන එද්දි තමයි එයා­ර්පෝට් එකේදි අහු වුණේ. මට හුගක් මුදල් ප්‍රශ්න තිබුණා. ඒකයි ඒ වගේ දෙයක් කරන්න පෙල­ඹුණේ. මට දුවලා ඉන්නවා. බිරිද ඒ අයව බලා ගන්නවා ඇති. අපේ රටේ හිර­ගෙ­ව­ල්ව­ලට වඩා මෙහෙ හිර­ගෙ­දර හොඳයි. කෑම හොඳයි. මට තාම මත­කයි එක එක්කෙ­නාගේ කෑම ගන්න පිළි­වෙළ. ”පබළු ට දැන් හොදින් සිංහල කතා කර­න්නට පුළු­වන්ය.අපත් සමග කතා කරන අත­රේම කුස්සියේ සිටින රැඳ­වියෝ සිය කට­යුතු නිමා කර­න්නට වූයේය. උයා පිහා අව­සන් වීමෙන් පසු ඔවුන් ඒ ඒ වාට්ටු­ව­ලට යවන කෑම කල්දේ­ල­ර­ම්ව­ලට බෙදන ලදි. පන්සල ඉදි­රි­යෙන්ම ඇති ශාලාවේ ඒ වන විටත් බත්පෝ­ලිමේ ආ අය සිටි­යහ. අවුන්ස ගණ­නින් බත් බෙද­න්නට කියා එදා සිටි සුද්දා නියම කළ ද අවුන්ස ගණ­නට වඩා වැඩි­යෙන් රැඳ­වි­යන්ට බත් බෙදා­දෙනු ලැබේ.“ මේ කුස්සියේ ලුණු, කර­පිංචා, මිරිස්, තුන­පහ, ගම්මි­රිස් යෙදු­වට පොල්තෙල්, විනා­කිරි ආදි දේවල් කෑම­ව­ලට දාන්න දෙන්නේ නැහැ. ඒත් සිය­ඹලා දෙහි ගොරකා ආදිය කෑම උයන්න පාවිච්චි කර­නවා. කාන්තා බන්ධ­නා­ගා­ර­යටත් ආහාර සැප­යෙන්නේ වැලි­කඩ කුස්සි­යෙන්. එක් රැඳ­වි­යෙකු සඳහා දින­කට ආහාරවලට රුපි­යල් එක­සිය හත­ලි­හක් වැය කරනවා.”අතිරේක බන්ධනාගාර අධිකාරී එස්. කේ. පල්ලේතැන්න මහතා පව­ස­න්නට විය.සවස දෙක දෙක­හා­මර වන විට දිවා කෑම සකස් කර බෙදා අව­සන්ය. ඒ සම­ඟම ඔවුන් සුදා­නම් වෙමන් සිටියේ රාත්‍රි ආහාර සක­ස­න්න­ටය. මෙය ද එක්තරා චක්‍ර­යකි.දින­කට තුන් හාර දහ­ස­කට ආහාර පිසන කුස්සි­යෙන් අප එළි­යට ආවෙමු. කෑම පෝලි­ම්වල සිට බත් පිඟාන අතැ­තිව හුන් ඇතැ­මෙක් තැන් තැන් වල ඇන තියාගෙන දිවා ආහා­රය ගනිති. කෙනෙකු ආණ්ඩුවේ මහ බෝඩිම යැයි හඳු­න්වන වැලි­කඩ හිර­ගෙ­දර කුස්සියේ ඉදෙන බත් මාළු පිනි ආදියේ රස හඳුනන්නේ ඔවුන්ම පමණි.