ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන්ගේ ටෙස්ට් හිස් වැසුම වැඩිම ලන්සුවකට මේ වනවිට ලඟාවේ තිබෙනවා. ඒ අනුව මෙතෙක් ලෝක ඉතිහාසයේ වැඩිම ලන්සුවකට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ යම් භාණ්ඩයක් විකිණෙන පළමු අවස්තාව මෙය වනවා. මීට අමතරව තවත් දින දෙකකක් ඉතිරිව තිබියදීත් මෙලෙස විශාල ගණනකට මෙම හිස් වැසුම ලංසුවට එක්වී තිබීම විශේෂතත්වයක් මෙලෙස මෙම හිස් වැසුම විකිණීමෙන් ලැබෙන මුළු මුදල ගින්නෙන් විනාශ වූ ප්‍රදේශ යලි සංවර්ධනය කිරීම සඳහා යොදාගැනීමට නියමිතයි. 2019 ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ වසර වනවා. එරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ ආකාරයේ ඉහළ උෂ්ණත්වයක් ඉදිරි මාස කීපය පුරා බලාපොරොත්තු විය හැකි බවයි

එරට උතුරු ප්‍රදේශ වලට කඩින් කඩ වැසි ලැබුණද දැනට පවතින ලැව්ගිනි පාලනය කරන්නට තරම් හැකියාවක් නැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මාස ගණනක් තිස්සේ ගින්නෙන් පීඩා විඳින ඕස්ට්‍රේලියාවට අවුරුදු තුනක් පුරා බලපෑ නියඟ තත්වය හේතුවෙන් ප්‍රදේශ බොහොමයක් තද වියලි ස්වභාවයකට පත්ව තිබෙනවා පුද්ගලයන් 26කට මරු කැඳවමින් පැතිර යන ගින්න මේ වන විට ස්ථාන 100ක පමණ තවමත් ඒ ආකාරයෙන් පවතින බව එරට බලධාරීන් සඳහන් කරනවා.