මේ කතාවනම් සුපිරි අම්මණ්ඩි කෙනෙක් ගැන කපටි කම උපතින්ම අරන් ආපු කෙනෙක් ආයේ කතා දෙකක් නෑ…. අරලගංවිල කළුකැලේ නමැති දුෂ්කර ගම්මානයක සිට පැමිණ කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක සේවයකරමින් සිටි 72 හැවරදී කාන්තාවක් රවටා ලක්ෂතුනක මුදලක් වංචාකල කොච්චිකඩේ පල්ලන්සේන පදිංචි 50 හැවරදි කාන්තාවක් කොච්චිකඩේ පොලිසිය විසින් අත්අ1ඩංගුට ගෙන ඇත. මෙම වංචාව සම්බන්දයෙන් සිදුකරනලද මුලික විමර්ශන වලදී හෙළිවී ඇති තොරතුරු අනුව මෙහි පැමිණිලි කාරිය වන්නේ අරලගංවිල කළුකැලේ පදිංචි බණ්ඩාර මැණිකේ නමැති 72 හැවරදි වයෝවෘද්ධ මවකි.

ඇයට දබදිව වන්දනාවේ යාම සදහා දැඩි ආශාවක් තිබී ඇති අතර ඒ සදහා අවශ්‍ය මුදල් සොයාගැනීම සදහා මුදල් උපයාගැනීමට කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක සේවය සදහා පැමිණ ඇත. බැංකුවේ තැන්පත්කර ඇති මුදල් පිලිබදව තොරතුරැ දැනගත් පල්ලන්සේන ප්‍රදේශයේ කාන්තාවක් මෙම මවගෙන් අතමරුවට ලක්‍ෂ තුනක මුදලක් ඉල්ලගෙන ආපසු නොදී වංචාකර ඇත. මේ පිලිබදව පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව සිදුකල විමර්ශන වලින් පසුව සැකපිට අත්අ1ඩංගුට ගත් ජෙලි ප්‍රනාන්දු නමැති 50 හැවරදී කාන්තාව අධිකරණයට ඉදිරිපත් කල අතර ඇය ලක්‍ෂ දෙක බැගින් වූ ශ!රීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කලාය.