රන්ජන් රාමනායක කියන නම දැන්නම් අහිලම ඇතිවෙලා, මොකද දැන් ලංකාවේ ලොකුම නෙව්ස් එක වෙලා තියෙන්නේ රන්ජන්ගේ හඬපට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන නිදහස් පෙරමුණ සන්ධානයෙන් එළඹෙන මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් එහිදී ජන්ද 69 ලක්ෂය 79 ලක්ෂයක් බවට පත්කර ගැනීම තම අපේක්ෂාව බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවැසීය. හෙතෙම එසේ පැවැසුවේ පසුගියදා පස්වරුවේ ගාල්ල උනන්විටිය ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “පසුගිය ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකඟතාවයෙන් කටයුතු කරලා සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගත්තා. ඒ මැතිවරණය ඉතාමත් සාධාරණ ලෙස පවත්වපු මැතිවරණයක්. ජයග්‍රහණයෙන් පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා ජනතාවාදී තීන්දු අරගෙන මේ රටේ ජනතාවගේ අපේක්ෂා ඉටුකරමින් කටයුතු කරනවා.

පසුගිය රජයේ චෝදනා ලත් අයට නීතියට අනුව යමින් යම් යම් ක්‍රියාමාර්ග ගන්න කොට ඒවා ජනාධිපතිවරයාට විරුද්ධව චෝදනා හැටියට ඉදිරිපත් කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා. චම්පිකට, රාජිතට විරුද්ධව කටයුතු කළේ ජනාධිපතිතුමා නෙවෙයි. ඒ අයට විරුද්ධව අධිකරණයෙන් ගත්ත තීන්දු අනුව තමයි නීතිය ක්‍රියාත්මක වුණේ. මේ රජය විශේෂයෙන්ම ජනාධිපතිතුමා එහෙම නීතිය හෑල්ලු කරන කෙනෙක් නෙවෙයි කියලා අපි ඉතාම වගකීමෙන් කියනවා. රන්ජන් රාමනායකට නම් වුණේ කට වරද්දා ගැනීම. එයා හොඳ නළුවෙක්. විහිළුකාරයෙක්. එයාට දේශපාලනය හරියන්නේ නැහැ. නළුකම කරගෙන හිටියා නම් හරි. උපුල් මහේෂ්