Sun. Apr 5th, 2020

Lanka Online

Sri Lanka Online News

මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් නැහැ

කලින් මැච් එක ගන්නදෙයක් නැතිවිදියටම චා වෙලා ගියා ඉන්දියාවේ කට විතරයි උන්ගේ ග්‍රවුන්ඩ් බෝයිලනම් අන්තිමයි අන්න දැන් ශාන්තිකර්මයක් කරනවලු අද වහින්න එපා කියලා, ඒ කතා වැඩක් නෑ මෙන්න දැන් කියන්න ආපු කතාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (7දා) ඉන්දෝර්හි හෝල්කාර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතය. කෙසේ වෙතත් මෙම වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියාවත් තමන් සහභාගි වන පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් අනතුරුව ක්‍රීඩා කරන පළමු තරගය මෙය බැවින්ද මෙම තරගයේ තීරණය කණ්ඩායම් දෙකටම වැදගත් වෙයි.

පළමු තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ජේ‍යෂ්ඨ පිතිකරු ඇන්ජිලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ඇතුළත් නොවීම කැපීපෙනන සිදුවීමක් බවට පත්වූ අතර අද පැවැත්වෙන දෙවැනි තරගයටද එම කණ්ඩායමම ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බවද ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි. තවද පළමු තරගය සඳහා නම් කළ ඉන්දීය කණ්ඩායම මෙම තරගය සඳහාද ක්‍රීඩා කරනු ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.