නව ජනපතිගෙන් පස්සේ රටේ ලොකුවෙනසක් වෙලා තියෙනවා කියලා ඕනෑම කෙනෙක්ට පෙන්න තියෙනවා ඔන්න අපේ ජනාදිපති තරාත වෙනසක් සිදුකරලා ‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යවත් රටක්’ යන තේමාව යටතේ 72 වැනි ජාතික නිදහස් උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජාතික නිදහස් දින සැමරුම් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා පැවැති අතර එහිදී රජය මෙම තීරණය ගෙන තිබේ.

ඉකුත් වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාළියට සහභාගි වන සංඛ්‍යාව 30%කින් අඩු කිරීමටත් තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් ඊට ඇතුළත් කිරීමටත් රජයේ අවධානය යොමු වී ඇත. ජාතික දිනය දා සෑම නිවෙසකම ජාතික ධජය එසවීමටත් රට පුරා සෑම නිවෙසකම එකම මොහොතකදී ප්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දෙයි. එමෙන්ම මහජනතාවට බාධා නොවන අයුරින් උත්සව භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම රථ වාහන හැසිරවීම මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු පැවැත්වීමට සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදී බලධාරීන්ට උපදෙස් දී ඇත.