ජාති ආගම් පාට පක්ෂ වලට බෙදිලා වලි දාගත්තට ලෝකේ කොහේ හරි රටකට කරදරයක් අනතුරක් වුනාම ඒ සේරම අමතක කරලා උදවු කරනවා මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ගිනි නිවීමේ සේවා සඳහා අරමුදල් සම්පාදකයෙකු පැය 48 ක් තුළ ඇ.ඩො.මිලියන 13කට (ඔස්ට්‍රේලියානු ඩො.මි.20ක්) වැඩි මුදලක් රැස්කර ගෙන තිබේ. ඔස්ට්‍රේලියානු හාස්‍යෝත්පාදක නිළියක වන සෙලෙස්ටෙ බාබර් සිකුරාදා සිය ෆේස්බුක් පිටුවේ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම මුදල එක්රැස් වී ඇත. එහි ඇය සටහන් කර තිබුණේ, “කරුණාකර ඔබට හැකි ඕනෑම ආකාරයකින් උදව් කරන්න. මෙය භයානක යි.” යනුවෙනි.

සැප්තැම්බර් මාසයේ ගින්න ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබේ. අගමැති ස්කොට් මොරිසන් හමුදා භටයන් 3,000ක් ගිනි නිවීමේමෙහෙයුම් සඳහා කැඳවා තිබේ. කැන්බරා හි වාතයේ ගුණාත්මකභාවය ලෝකයේ නරකම ලෙස ශ්‍රේණිගත කර ඇති අතර නිවැසියන්ට තම නිවෙස්වලින් පිටතට පැමිණීමෙන් වළකින ලෙස දන්වා ඇත. ඔස්ට්‍රේලියානු ක්වන්ටස් ගුවන් සේවය විසින් අද දිනයේ නගරයට සහ ඉන් පිටත ගුවන් ගමන් අවලංගු කර ඇත.