මේ සිස්ටම එක වෙනස් කරන එක පට්ටම අමාරු වැඩක් තමන්ගේ වාසිය වෙනුවෙන් රට ජාතිය ආගම උනත් විකුනන්න සුදානම් අය මේ ලස්සන රටෙත් ඉන්නවා ඓතිහාසික සීගිරිය මාලිගා සංකීර්ණයේ පිහිටි “රාජකීය නාන තටාකය” පෘෂ්ඨයේ වර්ණය වෙනස්වීමක් සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණයක් පවත්වන බැව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප අංක එක භාර පුරාවිද්‍යා නිලධාරි ධනුක උදයංග මහතා අපට පැවසුවා. ගෙවී ගිය මාස කිහිපයේදී සීගිරියේ ආරක්ෂාව බින්දුවට වැටී තිබූ බවත් එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් නිදන් සොරුන් රාජකීය නාන තටාකයේ නිදන් ලබාගැනීමේ අරමුණින් ගල් උණුවන රසායනික ද්‍රව්‍යයක් දමා ඇති බවට අපට ලද රහසිගත තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමේදී පුරාවිද්‍යා නිලධාරි ධනුක උදයංග මහතා මේ බව පවසනවා.

“සිද්ධිය ගැන දැනගත්තට පස්සේ පුරාවිද්‍යා නිලධාරීන් හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතියේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂාවට ලක්කළා. නාන තටාකයේ ගලේ යම් වෙනස්වීමක් පැහැදිලිව පේනවා. නමුත් ඒ සිද්ධිය මානව ක්‍රියාකාරකමකින් ඇතිවුණු එකක්ද? ස්වාභාවිකව ඇතිවුණු එකක්ද? කියලා තහවුරු කරගන්න ඕනි. ස්ථාන කිහිපයක මේ වෙනස්කම් තියෙනවා. ඒ නිසා මේ ගැන රසායනාගාර පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් පසු ලැබෙන වාර්තාව මත මානව ක්‍රියාකාරකමකින් සිද්ධ වෙලා තියෙනවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ස්ථාන භාර පුරාවිද්‍යා නිලධාරි ධනුක උදයංග පවසනවා. රාජකීය නාන තටාකයේ රසායනික ද්‍රව්‍ය දමා ඇතැයි පැවසෙන ස්ථානය නිරීක්ෂණය කිරීමේදී අපට පහත දෑ දක්නට ලැබිණි.

රසායනික ද්‍රව්‍යයක් දමා ඇතැයි පැවැසෙන ස්ථාන දෙකේම පිහිටි ගලේ උඩට මතුවුණ “ගැටිති” දෙකක් දක්නට ලැබෙයි. එම ගැටිති දෙකින් පටන් ගන්නා යම් ද්‍රාවණයක් වැක්කිරී යන ආකාරයෙන් නාන තටාකයේ පෘෂ්ඨය දිගේ පහළට ගලා ගොස් ඇත. එයින් එක් ස්ථානයක් තටාකයට බසින පියගැටපෙළ වන අතර අනෙක් ගැටිත්ත තටාංකයේ මුල්ලක පිහිටා ඇත. 15 වැනි පියගැටේ පිහිටි ගැටිත්තෙන් පටන් ගන්නා දියරය 16 හා 17 පියගැටේ තැවරී 18 වැනි පියගැටේ ජල මට්ටම දක්වා ගලා ගොස් 19 වැනි පියගැටේ විශාල ප්‍රමාණයක තැවරී තිබෙනවා. නාන තටාකයේ මුල්ලක පිහිටි ගැටිත්තට දැමූ යම් දෙයක් ද්‍රාවණයක් ආකාරයේ තටාකය දෙසට අඩි නවයක් පමණ පහළට වැක්කෙරී ඇත. එම ද්‍රාවණය වර්ෂාව පවතින අවස්ථාව වනවිට දුඹුරු අවපැහැයක් ගන්නා අතර අධික අව්රශ්මිය තටාකයට පතිත වනවිට දීප්තිමත් කිරි සුදු පැහැයක් ගනියි. මීට සති කිහිපයකට පෙර අධික වර්ෂාව පැවැති කාලයේ තටාකය සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පිටාර මට්ටමට ගොස් තිබූ බැව් එහි ගොඩගැසී ඇති වැලි තට්ටුවලින් පෙන්නුම් කරයි. 2020.01.02 වනවිට අධික වර්ෂාවෙන් පසු වැලි තට්ටු දෙකෙන් ජල මට්ටම් පහළට බැස තිබූ අයුරු දක්නට ලැබීමෙන් අපට ලැබුණු රහසිගත කරුණු ඔස්සේ අනාවරණය වන කරුණු අනුව අධික වර්ෂාවෙන් සතියකට පසුව එම රසායනික ද්‍රව්‍ය යොදා නිදන් සොයා ඇතැයි කියවෙනවා. ඉනාමළුව – තිලක විජයසූරිය