ක්‍රිකට් ඉතිහාසයේ ලංකාවෙයි ඉන්දියාවයි අතර තියෙන්නේ පට්ට බැඳීමක් මොනවා වුනත් ඊයෙ කරපු වැඩෙන් නම් ඉන්දියාව පට්ට චා උනා සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවැත්වීමට තිබු පළමු විස්සයි විස්ස තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගය අත්හිටුවීමට විනිසුරුවන් තීරණය කළා. නමුත් හැමෝම පුදුම කළ කාරණය වුණේ වැස්ස ඉක්මණට නැවතුනත් පිටිය ඉක්මණින් සකසා දෙන්න ඉන්දියාවේ නිලධාරීන් අසමත් වෙච්ච එක ගැනයි. ඔයාලා දන්නවා නේ ලංකාවේ මෙහෙම දෙයක් වුණා නම් වටේ ඉන්න කොල්ලෝ ටික විදුලි වේගයෙන් ඇවිත් මුළු පිට්ටනියම කවර් කරනවා. හැබැයි ඉන්දියාවේ කට්ටියගේ තිබ්බ අඩුපාඩු නිසා මැච් එකත් නැවතුනා විතරක් නෙමේ එක එක දේවල් වලින් පිට්ටනිය වේලන්න ගිහින් ලෝකෙටම ලැජ්ජත් වුණා.

ඉන්දියාවේ හිටපු ප්‍රබල වේග පන්දු ක්‍රීඩක ශාහිර් ඛාන් මෙහෙම කියනවා. “කඩුල්ලේ ජලය ඇති විට ක්‍රීඩාවේ සැලසුම් සැබවින්ම වෙනස් වේ. වර්ෂාව නැවැත්වීම නිසා අද සියල්ලන්ම කම්පනයට පත් වූ අතර අද දවස අනුව ඔබේ මනසෙහි ඇති අන්තිම දෙය වන්නේ ආවරණ හරහා කඩුල්ල මත ජලය ගලා ගොස් ඇති බවයි. නමුත් අපි හරියටම කතාව නොදනිමු. සමහර විට තණතීරුව නිසි ලෙස ආවරණය නොවූයේ ආවරණයක් නිසි ලෙස නොගැනීම නිසා ඇසීම අසා නැති දෙයක් විය හැකිය.” ඒ වගේම ඊයේ වෙච්ච සිද්ධිය ඇත්ත හෙළිකර ගැනීමට ඉන්දියාවේ මාධ්‍ය සමත් වෙලා තියෙනවා. ඒ අය කියන විදියට පිට්ටනිය කවර් කරපු ආවරණ වල හිල් තිබිලා තියෙනවා. ඒ හිල් වලින් පිටියේ කඩුල්ල තියෙන පැත්තට ජලය කාන්දු වෙලා. මෙන්න මේ නිසයි මොන දේ කළත් පිට්ටනිය වේලාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඒ පිටිය සකස් කරගෙන නිලධාරීන් අතින් සිදු වෙච්ච බරපතල වැරැද්දක්.