ඔබ අපි හැමෝගෙම ආසාවක් තාමා පුංචි හරි වාහනයක් ගන්න එක මොකද හැමදාම බයික් පැද පැද ඉන්න බෑනේ රුපියල් 55,000 ක වියදමකින් පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ජීප් රථ නිපදවන අපූරු කාර්මිකයෙකු පිළිබඳ පුවතක් ගලේවෙල ගල්බොක්ක යාය දුෂ්කර ගම්මානයකින් වාර්තාවේ. මෙම අපූරු කාර්මිකයා සොයාගෙන අප ගල්බොක්ක යාය නම් වූ දුෂ්කර ගම්මානයට ගියෙමු. ඔහු නමින් ඩී.එච්.එම්. සිසිර කුමාර (36) මහතායි. කුඩා අවධියේ සිටම කාර්මික පැත්තට ඇලුම් කම් දැක්වූ ඔහු මේ වන විට යතුරු පැදියක ඇන්ජින් එකක් යොදාගෙන පස් දෙනෙකුට ගමන් කළ හැකි ජීප් රථය නිෂ්පාදනය කොට තිබේ. මෙම අපූරු ජීප් රථය පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයකින් ගමන් කිරීමට හැකි බවත් විශේෂයෙන් සංචාරක කර්මාන්තය සඳහා ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ මෙය නිෂ්පාදනය කළ බව සිසිර කුමාර මහතා සඳහන් කලා,

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ ඔහු විදුලි කාර්මිකයකු මෙන්ම පෙදරේරු රැකියාවේ නිරත වන්නෙකිග නිවසේ සිටින අවස්ථාවන්හි දී ඔහු විවිධ දෑ නිෂ්පාදනය කරන බව පැවසීය. මෙම වාහනයේ ගියර්, තිරිංග ,විදුලි පහන්,පසුපසට ගමන් කිරීමට,ආරක්‍ෂිත බද පටි ආදී සියලු උපාංග මේ ජීප් රථයේ පවතී. කුඩා කාලයේ හෙලිකොප්ටර් රථයක් නිෂ්පාදනය කළ බවත් පසුව කුඩා යතුරුපැදි ඇන්ජින් එකක් උපයෝගී කරගෙන පුද්ගලයන් දෙදෙනකුට ගමන් කළ හැකි කුඩා රථයක් නිෂ්පාදනය කළ බවත් පසුව ඔවුහු පස් දෙනෙකුට ගමන් කිරීමට හැකි ඉතා ශක්තිමත් මෙම ජීප් රථය නිපදවා තිබේ. මේ වන විට ධාවන තත්වයේ පවතින මෙම ජීප් රථය ඕනෑම අයකුට පරීක්ෂාකොට බලා අඩු මුදලකින් තමාට මෙවැනි ජීප් රථ තවදුරටත් නිෂ්පාදනය කළ හැකි බවත් රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් උදව් උපකාර කරන්නේ නම් මෙරට තුළම මෙවැනි ජීප් රථ නිෂ්පාදනය කළ හැකි බව හෙතෙම සඳහන් කර සිටියේය.

ත්‍රිරෝද රථවල යොදන ටයර් සහ ගරාජ් වලින් ඉවත ලන කොටස් සොයාගෙන ඉදිරිපසට සහ පසුපසටද ගමන් කිරීම සාමාන්‍ය වාහනයක තත්වයේ පවතී. මෙතෙක් මෙම ජීප් රථය පිළිබඳව කිසිවකුගේ අවධානයක් යොමු නොවුණු බවත් ඕනෑම අයකුට තම නිවසට පැමිණ මෙය පරික්ෂා කිරීමට හැකි බවද ඔහු කියා සිටී. ලියාපදිංචි අංකයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවුවද තම ප්‍රදේශයේ පවුල සමඟ ගමන් බිමන් යෑම සිදු කරන බවත් විශාල මුදලක් වියදම් කොට විදේශ රටවලින් ගෙන්වන වාහන අතරට සන්චාරක කෂේත්‍රයට සහ පවුලේ වාහනයක් ලෙස මෙරට දීම තමන්ට මෙම ජීප් රථය නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවද ඒ සදහා රජයේ සහයෝගය අවැසි බව හෙතෙම පෙන්වා දුන්නේය.