හැමෝම සංවේදී කරමින් අද සිදුවූ ගුවන් අනතුරින් අප අතරින් සමුගත් සෙබළුන් සිවු දෙනාට නිවන් සුව ලැබේවා … අද දවස ලංකාවේ පුරවැසියන් විදිහට හැමෝටම වැදගත් දවසක් වුනා. ඒකට ප්‍රධානම හේතුව වුනේ 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයේ කටයුතු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමයි. අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වෙනකන් හැමෝම බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියා ඉතින් අලුත් ජනාධිපතිතුමා මුලසුන හොබවමින් සභාවේ වැඩකටයුතු ආරම්භ කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ඒ උනන්දුව සුන්නද්ධූලි වෙලා යන විදිහේ ප්‍රවෘත්තියක් ලංකාව පුරාම පැතිරෙන්න පටන් ගත්තේ හිතාගන්නත් බැරි තරමේ වේගයකින්.

හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී අද උදෑසන ගුවන් යානයක් කඩා වැටීමෙන් හතර දෙනෙක් සමුගෙන. මේ විදිහට අනතුරට ලක්වෙලා තියෙන්නේ වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කරන්නේ. මේ වෙද්දී ලැබුණු වාර්තාවලට අනුව යානයේ ගමන් ගත් සියලු දෙනාම අනතුරින් සමුගෙන තියනවා. තවමත් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙන බවක් තමයි මේ වෙද්දී දැනගන්න ලැබෙන්නේ. මේ තියෙන්නේ ඒ අවසන්වන්ත සිදුවීම වුන මොහොතේ ලබාගත්ත ඡායාරූප කිහිපයක්.