එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුව මගින් නිල වශයෙන් ඊයේ සිදු කෙරුනා. රැස්වීම සදහා නව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද එක්ව සිටීම විශේෂත්වයක්. අසන්ත ද මැල් මහතා සභාපතිත්වය දරන තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් සහ නායක ලසිත් මාලිංග ද මෙම රැස්වීමට එක්ව සිටි බව සදහන්. මේ අනුව මෙම සංචාරයේ පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් අතර කුසල් මෙන්ඩිස් නොසිටි අතර පසුව ඊයේ නිලවශයෙන් නම් කෙරුණු සංචිතය සඳහා කුසල් මෙන්ඩිස් කැඳවාතිබුනා.

මේ අනුව නිල නොවන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කලේ මෙම සංචාරයේදී කුසල් මෙන්ඩිස් එක්වන්නේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට 20යි 20 තරග 3ක් ඇතුළත්. පළමු තරගය ලබන 5 වනදා පැවැත්වීමට නියමිතයි.