වොල්ගා කල්පනී සහ හර්ෂණ කියන්නේ කාලයකට ඉහතදී ලංකාවේ ගොඩක් අය ආදරේ කරපු යුවලක් එත් ඒ දෙන්නට එකටම ඉන්න උනේ නෑ වොල්ගා සහ හර්ෂණ කියන වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියන තරු දෙකක්. අවුරුදු ගානක් තිබුණු මේ ආදර සම්බධයකින් පස්සේ මේ දෙන්නා විවහා වුනත් ඒක එතරම්ම සාර්ථක එකක් වුනේ නෑ කියන එක නොරහසක්. මේ වෙද්දී ඔවුන් දෙදෙනාගේ විවාහ ජිවිත දෙදරා ගිහිල්ලා කියන එක කාටත් නොරහසක්. සම්බන්ධතාවයක් බිදිලා යන එක ඕනෑම කෙනෙක්ට දරාගන්න ටිකක් අමාරු දෙයක් වුනත් මේ වෙද්දී වෙච්ච අඩුපාඩුකම් අමතක කරලා ඔවුන් දෙන්නම තනි තනිව ගමනක් යන්න පටන් අරගෙනයි තියෙන්නේ.

ඉතින් ඔවුන් දෙදෙනාගේම කලා කටයුතු බොහොම සාර්ථකව ගෙවීගන යද්දී පෞද්ගලික ජීවිතයේත් අලුත් වෙනසකට මුල පුරලා තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. 2020 අලුත් අවුරුද්ද පටන්ගනිද්දීම ඔන්න හර්ෂණ තමන්ගේ පෙම්වතිය එක්කත් වොල්ගා තමන්ගේ පෙම්වතා එක්කත් ගත්ත පින්තූර ටිකක් එයාලගේ ෆේස්බුක් ගිණුම්වල දාලා තිබුනා. ඒ තමන්ගේ ආදරණිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නව වසරට සුබ පැතුම් ගෙන එන අතරෙදියි කොහොම වුනත් ඉතින් පහුගිය කාලේ වෙච්ච ප්‍රශ්න අමතක කරලා මේ පටන් ගත්ත අලුත් ජීවිතය හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි ඒ දෙන්නටම සබ පැතුම් ගෙන එනවා.