අපේ රටේ වී ප්‍රශ්නය ගැන මේ දිනවල හැමෝම කතාවෙනවා ඒ අතර අරලිය සහල් ගැනත් වෙඉඑඉද කතා අපිට අහන්න ලැබෙනවා  රටේ වී සහ හාල් ප්‍රශ්නයට එකම හේතුව තමන්ගේ අරලිය හාල් මෝල නම් රජය සාධාරණ තක්සේරුවක් කර එය රජයට පවරාගන්නැයි එහි හිමිකරු.ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන පවසනවා. ඒ සම්බන්‍ධයෙන් තමාගේ කිසිම වෛරයක් ක්‍රෝධයක් නොමැතිබවද ඔහු පැවසුවා. විශේෂ උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පවසා තිබුනා. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඩඞ්ලි සිරිසේන මෙසේ පැවසුවා.”මේ රටේ මහා ලොකු ව්‍යසනයක් විදියට,බේරගන්න බැරි ප්‍රශ්නයක් විදියට කථා කරනවා හාල් මිල සම්බන්‍ධව. විශේෂයෙන්ම අරලිය හාල් මෝල සම්බන්‍ධව.මම සියළුම දේශපාලඥයින් නෙවෙයි ,මේ ගැන බුද්ධියෙන් වැඩ කරන අයත් ඉන්නවා.නමුත් කටමැත දොඩවන්න විතරක් දන්න මේ රට මෙවැනි තත්වයකට ගෙනිච්ච ඒ දේශපාලඥයින්ට මම අද අභියෝගයක් කරනවා කටමැත දොඩවන්නේ නැතුව මේ ස්ථානයට ඇවිල්ලා මේ පිළිබඳව ක්‍රියා මාර්ගයක් ගන්න කියලා. හැබැයි කටමැත දොඩවන දේශපාලඥයින්ට විතරයි.

මට මේවා තිබ්බත් එකයි නැති උනත් එකයි. මම මේවා බදාගෙන යනකොට අරගෙන යන්න හදන මිනිහෙක් නෙවෙයි. රටක මූලිකම ප්‍රශ්නය ආර්ථිකය. මේ රටේ ආර්ථිකය විනාශ කරපු එකට මමද වගකියන්න ඕන.මේ රට පාලනය කරපු දේශපාලඥයෝ නෙවෙයිද කියන එක මේ අවස්ථාවේ ප්‍රශ්න කලයුතුයි.රටේ හාල් හිඟයක් ඇතිවෙලා තියෙන බව ඇත්ත.මේක හිඟයකුත් නෙවෙයි රජයේ ක්‍රියා කලාපය අනුව ඇතිවුණු දෙයක් තමයි මේ සිද්ධිය.අද රටම මහ ලොකුවට කතා කරනවා විශේෂයෙන්ම පොලොන්නරුවෙ කාලකන්නි දේශපාඥයො කථා කරන මේ සයිලෝ ව්‍යාපෘතිය,මේ සයිලෝ විස්සම පුරවලා තියෙන්නේ වී වලින්.රටේ කොහොමද හාල් හිඟයක් තියෙන්නේ.මේ විස්සෙන් 16 ක් පුරවලා තියෙන්නේ කීරි සම්බා. එකයි, දෙකයි තියෙන්නේ සම්බයි, නාඩුයි. ඒක මගේ වරදක්ද?පාරක යන්න බැරි තත්වයට සමාජයේ විවේචනය කරන්න දේශපාලඥයෝ හැදුවට ඒ දේශපාඥයින්ට මම කියනවා මේ රටේ ජීවත්වෙන මිනිස්සු, මේ රටේ මගේ හාල් කන මිනිස්සු ඩඞ්ලි සිරිසේන කියන්නේ කවුද කියලා දන්නවා කියන එක මම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරනවා.අපි යහපත් රටක් ගොඩනැඟීම සඳහා දේශපාලන නායකත්වය සමඟ අනිවාර්යයෙන්ම සහයෝගයෙන් වැඩ කලයුතුයි.

මම හරකෙක් නෙවෙයිනේ එහෙම නොකරන්න.අද මොකක්ද මේ ප්‍රශ්නය වී නැති ප්‍රශ්නය නොවෙයි .වී නෑ. තියෙන එකත් උවමනා එක නෙවෙයි. නියාමනයක් නෑ.කළමනාකරණයක් නෑ.ඒකට මමද වැරදි?මම අතිගරු ජනාධිපති තුමාටමයි මේක කියන්නේ.ඔබ තුමා මේ රටඅවුරුදු 30 ක් නැත්තටම නැතිවෙලා ගිය යුද්දෙකින් අපිව බේරා ගත්තා. යුද්ධයටත් හපන් ආර්ථික අභියෝගයක් සමඟ ඔබ තුමා මේ රටේ නායකත්වයට පත්වුණා.නමුත් හාල් හා සම්බන්‍ධව ඇතිවෙලා තියෙන ප්‍රශ්නය හා සමානව ඇතිවෙලා තියෙන රටේ ප්‍රශ්න ගත්තහම මම ඔබ තුමාට උපදෙස් දෙනවා නෙවෙයි.නමුත් සෑම කෙනෙකුටම සියල්ල පිළිබඳ තියෙන අවබෝධය අල්පයි.හැබැයි මම මේ කියන්න යන කථාව අවුරුදු 70 ක් තිස්සේ දේශපාඥයෝ නොකරපු ක්‍රියාවක් නිසා මේ අවුරුදදේ විතරක් නොවෙයි සෑම අවුරුද්දකම මේ මාස දෙක තුන අපි රටේ මිනිසුන්ගෙන් බැනුම් අහන තත්වයට පත්කරනවා.හාල් හිඟයක්,මිල වැඩිවීමක්. මිල වැඩි වෙන්නේ කොහොමද?ඉල්ලූම හා සැපයුම අතර ප්‍රශ්නයක්.

ඉල්ලූමට වැඩිය සැපයුම වැඩි නම් මිල අඩුවෙනවා.මේක ඔයාලටයි මටයි ,ඔලූව නැති දේශපාලඥයොන්ටයි වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ලෝක සම්මතයක්.ඉල්ලූම හසැපයුම .තව මාස දෙකකින් ගොයම් කපන මේ රටේ මේ සයිලෝ 20ක් පුරෝගන වී ටොන් 70,000 ක් මම කන්නද? මේ ගැන හිතන්න ඕන. අතිගරු ජනාධිපතිතුමණි ඔබ තුමා ගෙන යන වැඩපිළිවෙලට ප්‍රායෝගිකව ශක්තියක් වෙලා අතිමහත් කාර්යයක් කරන්න සතුටුයි. නමුත් ඒක පිළිගන්නේ නැත්නම් කවුරුන් හෝ රටේ වී හාල් ප්‍රශ්නය අරලිය හාල් මෝල නම් මම කැමතියි රජයෙන් සාධාරණ තක්සේරුවක් කරලා රජයට පවරා ගන්න. අනුරාධ විශ්වනාත්