ඕෂදීගේ හිමාෂා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක් මේ දිනවල ඇය ගැන ගොඩක් අය කතාවෙනවා මීට ටික කාලයකට කලින් කුලුඳුලේම මවක් වුන ඕෂදී හිමාෂාගේ පුංචි දුව ගැන ඔන්න පහුගිය කාලේ අවස්ථා ගණනාවකදීම අපි ඔබට කිව්වා. අදත් ඒ වගේම ආරංචියක් තියනව ඔබට කියන්න. ආරංචියකටත් වඩා බොහොම අපූරු ඡායාරූප කිහිපයක් තියනවා ඔබට පෙන්වන්න වෙන කාගෙවත් නෙමෙයි. මේ ඕෂදී- මනෝජ් ආදරණිය කැදැල්ල ආදරයෙන් පුරවපු අලුත් සුරංගනාවියගේ පළමු ෆොටෝ ෂූට් එක. දුවගේ මේ පලවෙනි ෂූට් එක කරපු මුල් දවස්වලම ඕෂදී මේ ගැන තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළකරලා තිබුනා එක ඡායාරූපයකුත් එක්ක. ඉතින් ඔන්න ටික කාලයකට පස්සේ මේ ළඟදි දවසක මේ ෂූට් එකේ තවත් පින්තූර කිහිපයක්ම ඕෂදී තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළකරලා තිබුනා. විශේෂයෙන්ම එයාගේ රසිකයන්ට බලාගන්නත් එක්ක.

අලුත ඉපදුන පුංචි දරුවෙක්ගේ මේ වගේ ෆොටෝ ෂූට් ලෝකය පුරාම මේ වෙද්දී බොහොම ජනප්‍රිය මාතෘකාවක් වුනාට ලංකාවටනම් මේක ටිකක් අලුත්. සාමාන්‍යයෙන් කලාකරුවන් තමන්ගේ අලුත උපන් බිලිඳුන්ව කාලයක් යනකම් මාධ්‍යයෙන් වසන් කරගෙන හිටියත් ඕෂදී නම් මේ සම්ප්‍රදායට පිටින් ගිහින් අවශ්‍ය හැම තැනදිම තමන්ගේ දුවව පෙන්නන්න මැලිවුනේ නෑ ඉතින් මෙන්න තියනවා සුරංගනාවියක් වගේ ලස්සන මේ දිනේන්ද්‍රා එලිසා පුංචි දුවගේ ඒ හරිම අපූරු පින්තූර ටික. බලන්නකෝ ලස්සනයි නේද..?