ලංකාවේ හොර මැරකම් දිනෙන් දින වැඩිවෙනවා අලුත් අලුත් ක්‍රම වලට විවිද තාරාතිරමේ පුද්ගලයන් තමන්ට පුළුවන් පුළුවන් විදියට තියෙන දේවල් යටිමඩි ගහගන්න එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා මංකොල්ල කෑම් සොරකම් ඇතුළු අපරාධ හයකට සම්බන්ධවූ සමස්ථ ලංකා ධාවන ශූරයෙකු බව කියන තරුණයෙකු එප්පාවල පොලිස් නිලධාරින් පිරිසක් සොරාගත් කෙසෙල් කැන් අටක ප්‍රමාණයක් සමග සුඛෝපභෝගි මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදි ඊයේ (27දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එප්පාවල පොලිස්වසමේ තඹුත්තේගම මැඩියාව ප්‍රධාන මාර්ගයේ මැඩියාව ප්‍රදේශයේදි සැකකාර තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වි තිබෙන අතර ඔහු තදින්ම මත්කුඩු වලට ඇබ්බැහිවු සමස්ථ ලංකා ධාවන ශූරයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකල විමර්ශන වලදි ඔහු කැකිරාව පොලිස් වසමේ සිදුවු රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ තුනකට සම්බන්ධවු අයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. කිසියම් පුද්ගලයෙකු විසින් සිය ගොවිපලෙන් කෙසෙල් කැන් සොරා ගෙනයන බවට මැඩියාවේ ගොවියෙකු විසින් පොලිසියට පැමිණිලි ඉදිරිපත්කර තිබු අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරද්දි සැකකරු ගමන්කල රථය සැකයට මෙන් පොලිස් නිලධාරින් පිරිසක් විසින් පරික්ෂාවට ලක්කර තිබේ. ඒ අවස්ථාවේ එහි සීනි කෙසෙල් කැන් අටක් තිබි පොලිසියට හමුවි තිබෙනා අතර තරුණයා ගෙන් දිගින් දිගටම සිදුකල ප්‍රශ්න කිරිම් වලදි එවා මැඩියාවේ පිහිටි ගොවිපලෙන් හොර රහසේ කපාගෙන අලවිකිරිමට රැගෙන යනබව පොලිසියට පවසා තිබුණි.

ඊට පෙරත් ගොවිපලෙන් කොසෙල් කැන් දහයකට අධික ප්‍රමාණයක් කපාගත් බව ඔහු එප්පාවල පොලිසියට අනාවරණය කරගෙන තිබුණි.එම සැකකරු වෙනත් පොලිස්වසම්වල අපරාධ වලට අවශ්‍ය අයෙකුද යන්න පිළිබදව අනාවරණය කර ගැනීමට එප්පාවල පොලිසිය අනුරාධපුර පොලිස් කොට්ඨාශය ඇතුළු සියළුම පොලිස්ථාන වලට රේඩියෝ සංඥා මගින් දන්වා තිබු අතර එහිදි කැකිරාව පොලිස්වසමේ කොල්ලකෑම් තුනකට ඔහු අවශ්‍ය බව අනාවරණයවි තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු පාසල් සමයේ අති දක්ෂ ධාවන ශූරයෙකු වන බවත් සමස්ථ ලංකා තරග ජයග්‍රහණය කල දක්ෂ මළල ක්‍රීඩයෙකු බවත් පොලිසිය පවසයි.මොහු කැකිරාව ප්‍රදේශයේ කොල්ලකෑම් සිදුකිරිමෙන් පසුව එප්පාවල ප්‍රදේශයට පැමිණ නන්නත්තාරයේ යමින් සොරකම් සිදුකර තිබෙන බවත් නිවසට නොගොස් සැගවි ජීවත්වි තිබෙන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. දවල් උදෑසන රාත්‍රී ආහාර පවා මෝටර් රථයේ තබාගෙන ආහාරයට ගෙන ඇති බව පොලිසිය සිදුකල පරික්ෂන වලදි අනාවරණයවී තිබුණි. මොහු කොල්ලකෑමක් සිදුකර පලායද්දි මීට පෙර පොලිසිය දණහිසින් පහලට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇතත් ප්‍රහාරයෙන් බේරි පලාගොස් ඇති බව අනාවරණයවූ අතර වරක් පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහකල අවස්ථාවකදි ඇදසිටි සරම එක් අතකින් අල්ලාගෙන අඩි හයක් පමණ උස කම්බි වැටකින් පැන පලාගොස් තිබෙන බවත් පොලිසිය කියයි. අත්අඩංගුවටගත් සැකකාර තරුණයා 25 වන වියේ පසුවන කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පියා මහවැලි දෙපාර්තුමේන්තුවේ හා මව ගුරුවෘත්තියේ නිරතවන බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.සැකකරු පියාට අයත් සුඛෝපභෝගි මෝටර් රථය සොර බඩු ප්‍රවාහනයට යොදාගෙන තිබෙන බව පොලිසිය කියයි.සැකකාර තරුණයා අද (28දා) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව කැකිරාව පොලිස්ථානයේ ඇති අපරාධ සදහා බාරදීමට නියමිතව තිබුණි. අනුරාධපුර මහේෂ් විජේසුරිය