‘‘ස්වයංපෝෂිත යුගයකට මඟ කියන දියවර ලකුණ’’ නමින් නම් කරමින් විවුර්ත කළා මතකද…? මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගොවීන් වෙනුවෙන් ඉදිකරන ලද මහ වැව ඉතා කඩිමුඩියේ දින ගණනාවක් තිස්සේ වැව් බැම්ම කපා දමන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. ඉතා රහසිගතව මෙම වැව් බැම්ම දින ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එම යන්ත්‍ර සූත්‍ර යොදා කැපීම සිදුකරන බවත් අපට ලැබුණු තොරතුරක සඳහන් වී තිබිණි. මෙම තොරතුරුවල සත්‍ය අසත්‍ය සොයා මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය ආසන්නයේ මෙම ජලාශය ඉදිකොට ඇති ගුරුවෙල ප්‍රදේශයට ඉතා රහසිගතව අපිද පසුගියදා ඇතුළු වුණෙමු. අප එම ප්‍රදේශයට ගමන් කරන විටද දැක ගැනීමට හැකි වූයේ ජනතා මුදල් අතිවිශාල ප්‍රමාණයක් වියදම් කොට අංග සම්පූර්ණයෙන්ම ඉදිකොට තිබුණු ජලාශයේ විශාල බැම්ම සම්පූර්ණයෙන්ම යන්ත්‍ර සූත්‍ර යොදා කපා එම ජලාශයේ ජලය ඉවත් කරන ආකාරයයි. කළු ගඟ ජලාශය ඉදිකිරීම සඳහා සිය ගම්බිම් පූජා කළ ජනතාවට නැවත පදිංචි කරවූ ජනතාවට ගොවිතැන් බත් කිරීමට කළු ගඟ ජලාශයෙන් පෝෂණය වීම සඳහා මෙම වැව ඉදිකොට තිබේ. මෙම ප්‍රදේශවාසීන් අප සමඟ කියා සිටියේ අලුතෙන් ඉදිකරන මෙම වැව වසර හතරක පමණ කාලයක් තිස්සේ විශාල ජනතා මුදලක් වියදම් කරමින් ඉන්ජිනේරු තාක්ෂණය යොදා ගනිමින් ඉදිකළ බවය. ලැබුණු පළමු වර්ෂාපතනයෙන්ම මෙම වැවේ ජලය පිරෙනවාත් සමඟ අවට ප්‍රදේශ ජලයෙන් පිරී ලග්ගල පල්ලේගම ප්‍රධාන මාර්ගය කැඩී යෑමේ අවදානමකට ලක්වූ බවත් වැවෙන් වැඩි වතුර පිට කිරීම සඳහා පිටවාන ඉදිකර ඇතත් එම ජලය පිට නොවීම වැව කැපීමට තවත් සාධකයක් වී ඇති බවය.

ජනතාව ලබාදුන් තොරතුරු සත්‍ය ලෙසම දැන ගැනීම සඳහා එහි ගිය අපටද පසක් වූයේ විශාල මුදලක් වියදම් කරමින් ඉදිකොට ඇති වැව් බැම්ම කපා දමන ආකාරයයි. මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්. ජිනදාස මහතා, මහවැලි අධිකාරිය අදක ඊයේ ඉඳලා නෙමෙයි මේ වගේ අපරාධ කරන්නේ. මේවා හොයලා බලන්න කෙනෙක් නෑ. කවුරුත් කිව්වට මේවා ගණන් ගන්නෙත් නෑ. මොකද ඒ අය ජනාධිපතිතුමාගේ නම විකුණලා තමයි මේ හැමදේම කරන්නේ. ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩක් කිව්වම කවුරුත් අතගහන්නේ නෑ. හොයන්නේ බලන්නේ නෑ. මේ ගුරුවෙල වැව අවුරුදු හතරක් තිස්සෙ විශාල මුදලක් වියදම් කරලා තමයි ඉදිකළේ. මේවට පස් පවා ගෙන ආවේ දුරින් විශාල මුදල් වියදම් කරලා. අලුතින් මේ විශාල වැව් බැම්ම ඉදිකළේ. වැඩ අවසන් කරලා කළු ගල් ගෙනැල්ල රළපනාව පවා අල්ලලා අවසන් වුණා. වර්ෂාවක් වැස්සා පැය දෙක තුනක. මේ අලුත් වැවට වතුර එකතු වුණා. එකතු වෙනවත් එක්කම මේ වැව් වානෙන් වතුර යන්න කලින් වැව පිරෙන්න කලින් එක පැත්තකට වතුර බර වෙලා, පාරක් කඩාගෙන යන්න අවදානම් තත්ත්වයකට පත්වුණා. මේ අය කළේ පාර බේරගන්න විශාල මුදලක් වියදම් කරමින් ඉදිකරපු බන්ට් එක සම්පූර්ණයෙන්ම කපලා අයින් කරලා වැවේ වතුර ටික ඉවත් කිරීම. මේක ආපදාවක් හැටියට ගණන් අරගෙන තමයි ඉහළට දැනුම් දීලා තියෙන්නේ. හැබැයි අපේ ගමේ අයට තේරෙන විධියට මේක ආපදාවක් නෙවෙයි.

මොකද මේ වගේ වැහි නෙවෙයි අපි දැකල තියෙන්නේ. හැබැයි වැවක් හදනකොට සැලසුම් කරනකොට ක්‍රමවේදයන් තියෙනවා. වතුර රඳවා ගන්නේ කොහොමද කොච්චර වතුර ප්‍රමාණයක් එනවද කියලා. පල්ලේගම ප්‍රධාන මාර්ගයේ හරහා පාලමක් ඉදිකරන්න අරගෙන දැන් අවුරුදු ගාණක් වෙනවා. කොන්ත්‍රාත්කාරයෝ ඒක අතරමඟ දාලා නිසි ලෙස වැඩ කරල නෑ. කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමාදයන් නිසා තමයි මේ ආකාරයෙන් වතුර ඇවිල්ල පාර යට වෙන්න ගත්තේ. හැබැයි ඒක කොන්ත්‍රාත්කාරයගෙන් වෙච්ච අතපසුවීමට අපේ මුදල් වියදම් කරලා මහවැලියේ හදපු මේ විශාල වැව් බැම්ම කපලා දැම්මා. මේ අපරාධ කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. මේවා කිව්වහම මහවැලියෙන් අපට ලැබෙන්න තියෙන දේවල් තමයි අහිමි වෙන්නේ. ජනාධිපතිතුමා මේවා දන්නෙ නෑ. එයාලගේ හිතේ ආපදාවක් නිසා මේක කරනවා කියලා. හැබැයි වැව හදන්න මිනිස්සුන්ගෙ සල්ලි, වැව කපන්න මිනිසුන්ගේ සල්ලි, ආපහු මේ වැව හදන්නත් මිනිසුන්ගේ සල්ලි කියලා අමතක වෙලා තියෙනවා.” ජනතාව නඟන මෙම චෝදනා පිළිබඳව එම වැඩ බිමේ සේවය කරමින් සිටි කීප දෙනකුගෙන් අප ඉතා රහසිගතව විමසීමක් කළෙමු. ඔවුන්ගේ ප්‍රකාශය බවට පත්වූයේ මෙම වැව් බැම්ම කපාදැමීම කුමන හේතුවක් නිසා සිදුකරනවාද යන්න නොදන්නා බවය. මෙම ස්ථානයට ගියවිට එහි පසෙකට වී සිටි මහවැලි අධිකාරියේ තාක්ෂණික නිලධාරි රජිත රත්නවීර මහතා අප හමුවුණෙමු. ඒ මහතාගෙන් අපි මෙසේ ප්‍රශ්න කිහිපයක් විමසුවෙමු.

“අපට ජනතාව දැනුම් දුන්නා වැවක් හදලා ආපහු වැව් බැම්ම කපල වැවේ ජලය ඉවත් කරනවා කියලා. මොකක්ද මේකෙ ඇත්ත කතාව? රජිත රත්නවීර මහතා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි මෙතන වැවේ බැම්ම කපන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ආපදා ප්‍රශ්නයක් තියෙන්නේ. මේක හදිසි තීරණයක් විධියට වතුර ඉවත් කරන්න තමයි තීරණය කළේ. එතැන පාලමක් හදල තිබුණා. ඒ අයට අදාළ උසට එන්ඩ බැරි වුණා. තව අඩියක් විතර එයාල පහළින් ඉන්නේ. ඒක යටවෙච්ච එකත් එක්ක පාර කඩන් යන්න ගත්තා. ඒ ආපදාවට විසදුමක් හැටියට තමයි මේ වැව් බැම්ම කපලා වතුර ඉවත් කළේ. හැබැයි මේ වැවේ රළපනාව දාලා බැම්මේ වැඩ අවසන් කරලා නේද තිබුණේ? හිස වනා පිළිගැනීම සිදු කළේය. වැවක් හැදුණාම පිට වානක් තියෙනවනෙ. මේ වානෙන් වතුර පිට වෙන්නෙ නැද්ද? වාන ටිකක් දුරින් තියෙන්නේ. වානේ ප්‍රශ්නයක් නෙවෙයි පාරේ ප්‍රශ්නයක් තියෙන්නේ. පාර කඩාගෙන යන්න ගියා. මෙහෙට ලොකු වැස්සක් ආවේ නැති වුණාට උඩ පළාත්වලට ටිකක් සැරට වැස්සේ. වැස්සට පියවරක් හැටියට අපි වැඩ කළා. දැන් මේ වැව් බැම්ම නැවත හදනවද? ඔව්. හදන්න වෙනවා. මේක ආපදා තත්ත්වයක් විධියට තියෙන නිසා අපි බලනවා දිගටම මේ ස්ථානය තියාගන්න පුළුවන්ද කියලා. මේක සැලසුම් කරද්දී මේ තත්ත්වය දැක්කෙ නැද්ද? විශේෂයෙන් විශාල මූල්‍ය අපරාධයක් සිද්ධ වෙනවා නේද මේ ක්‍රියාවලියත් එක්ක. අපි මේක බැලුවා. මූල්‍ය අපරාධයක් කියන්නේ මුලදී බලපු විධියට පාර යටවුණේ නැහැ. හානියක් වෙන්න තිබුණෙත් නෑ. වැස්සත් එක්ක පාර අයිනේ කඩන් ගියා. එම ආපදා තත්ත්වෙට හදිසි පියවරක් හැටියට තමයි කළේ.

පාර කඩන් ගියොත් ඊට වඩා හානි වෙනවා. ඊට වඩා වෙන දෙයක් කරන්න නෑ. මේ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. ගමේ ජනතාව දැඩි ලෙස විවේචනය කරනවා විශාල මුදලක් වියදම් කරලා බන්ට් එක නැත්තම් වැව් බැම්ම කපලා දානවා කියලා, වැව විවෘත කරන්න කලින් මේ වැව් බැම්ම කපන්න යෑම? මිනිස්සු දකින්නේ බැම්ම කපන එක විතරයි. ඒත් අපි දැක්කෙ, ඇත්තටම කිව්වොත් වතුර පිරෙන තැන්. මේ වතුර පිරෙනවාත් එක්ක කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. එතැන කඩන් යන එක තමයි ප්‍රශ්නේ. අපි වැලිකොට්ට ගහලා එතැන හැදුවා. එත් අපිට කියන්න බෑ. අපිට අහස ගැන කියන්න බෑ. මේ පැත්තට අවුරුදු පහකින් වැහැලා නෑ. වැස්සට ලොකු වතුර පාරක් යනවා. අපි හැම එකකටම සූදානම් වෙන්න ඕනෑ. බැරි වෙලාවත් ඒ පාර කඩාගෙන ගියොත් ප්‍රශ්න ගොඩයි. මේ අමතර වැඩේට කොපමණ මුදලක් වියදම් කරනවද මහවැලිය? මේක අපට දවස් 2යි. දැන් මැෂින් හතරයි. පුරවන්නත් තව සතියක් විතර යයි. තාම මුදලක් වෙන් කරලා නෑ. ප්‍රොජෙක්ට් එක ඇතුළේ සල්ලිවලින් තමයි යන්නේ. ඒවා අපි බලන්නෑ. ඉහළින් තමයි කියන්නේ මෙය කරන්න කියලා. මට ඉහළින් ඉන්න ඉන්ජිනේරුවරු සහ අනෙක් නිලධාරීන් මට දෙන උපදෙස් අනුව තමයි වැඩ කරන්නේ. තාක්ෂණ නිලධාරිවරයා එම ස්ථානයේ සිටම අප ප්‍රශ්න කිරීම්වලදී එසේ පිළිතුරු ලබාදුන් අතර තවදුරටත් මෙහි කොපමණ මුදලක් වියදම් කළේද වැව සඳහා කොපමණ මුදලක් ඇස්තමේන්තු කර ඇත්දැයි යන්න තොරතුරු දැනගැනීම සඳහා මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය ව්‍යාපෘති නිලධාරි මහින්ද අමරසූරිය මහතාගෙන් විමසීමක් කළෙමු.

ඒ මහතා කියා සිටියේ තමන් වෙනත් රාජකාරි ගමනක් යන අතරතුර නිසා වැව ඉදිකිරීම සඳහා කොපමණ මුදලක් ඇස්තමේන්තු කෙරේද කියන්න එකවරම ප්‍රකාශ කිරීමට නොහැකි බවය. හදිසි ආපදා තත්ත්වයක් නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු කියා සිටියේය. මහවැලි අධිකාරිය මඟින් පමණක් මෙම ඉදිකිරීම් කටයුතු සිදුකරන බවත් කිසිදු පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකුට මෙය ලබාදී නැති බවද හෙතෙම සඳහන් කළේය. ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා හමුවී අපි මේ පිළිබඳව විමසීමක් කළෙමු. මට අපේ ගමේ පිරිස් ඇවිල්ලා කිව්වා මේ වැව කපලා දානවා කියලා. හැබැයි මේක මහා අපරාධයක් කියලා තේරෙනවා. මහවැලි නිලධාරීන් මීට පෙර හොඳ වැඩ කළා. ඒවා අගය කරන්න ඕන. හැබැයි මේ සැරේ සිද්ධ වෙලා තියෙන දේ මොකද්ද කියල හරියටම තේරෙන්නෙ නෑ. පාලමක් හදන්න දීලා තියෙන කොන්ත්‍රාත්කාරයා එයාගෙ නිසි කාලසීමාව තුළ ඉදිකිරීම් කටයුතු කරල නෑ. පාලම හදන තැන සම්පූර්යෙන්ම පාරවලුත් එක්ක කපලා දාලා. එයා සිද්ධ කරපු හානියට තමයි අද මේ ආකාරයෙන් වැව් බැම්ම කපල ජනතා මුදල් විනාශ වුණේ. දැන් එකතුවෙච්ච වැහි වතුරෙන් ජනතා මුදල් ටිකෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණේ. ඒ නිසා මේක මහා අපරාධයක් හැටියටයි මම දකින්නේ. මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීමේදීද විශාල වශයෙන් අක්‍රමිකතා රැසක් සිදුවූ බවත් එහෙත් මේවා හෙළි කරන්නට කියන්නට ජනතාව ඉදිරිපත් වුණද අවශ්‍ය බලධාරීන්ගේ අවධානයෙන් ඒවා සාමාන්‍ය සරල සිද්ධීන් බවට පත්කොට මෙවැනි හානි සිදු කළේ යැයි ජනතාව පෙන්වා දුන්හ.

මහවැලි අධිකාරිය මඟින් සිදුකරන ලද මෙම විශාල වැව ඉදිකිරීමට කොපමණ මුදලක් වැය කළේද වැව්බැම්ම කපා සිදුකළ අනර්ථයට කොපමණ මුදලක් වැය කළේද නැවත මෙම වැව් බැම්ම සකස් කිරීම සඳහා කොපමණ මුදලක් වියදම් වන්නේද යන්න මහවැලි අධිකාරිය මඟින් මහජනතාවට දැනුම් දියයුතු බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති. දඹුල්ල – කේ. කේ. ආරියදාස ඉතා රහසිගතව මෙම වැව් බැම්ම දින ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එම යන්ත්‍ර සූත්‍ර යොදා කැපීම සිදුකරන බවත් අපට ලැබුණු තොරතුරක සඳහන් වී තිබිණි. මෙම තොරතුරුවල සත්‍ය අසත්‍ය සොයා මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය ආසන්නයේ මෙම ජලාශය ඉදිකොට ඇති ගුරුවෙල ප්‍රදේශයට ඉතා රහසිගතව අපිද පසුගියදා ඇතුළු වුණෙමු. අප එම ප්‍රදේශයට ගමන් කරන විටද දැක ගැනීමට හැකි වූයේ ජනතා මුදල් අතිවිශාල ප්‍රමාණයක් වියදම් කොට අංග සම්පූර්ණයෙන්ම ඉදිකොට තිබුණු ජලාශයේ විශාල බැම්ම සම්පූර්ණයෙන්ම යන්ත්‍ර සූත්‍ර යොදා කපා එම ජලාශයේ ජලය ඉවත් කරන ආකාරයයි. කළු ගඟ ජලාශය ඉදිකිරීම සඳහා සිය ගම්බිම් පූජා කළ ජනතාවට නැවත පදිංචි කරවූ ජනතාවට ගොවිතැන් බත් කිරීමට කළු ගඟ ජලාශයෙන් පෝෂණය වීම සඳහා මෙම වැව ඉදිකොට තිබේ. මෙම ප්‍රදේශවාසීන් අප සමඟ කියා සිටියේ අලුතෙන් ඉදිකරන මෙම වැව වසර හතරක පමණ කාලයක් තිස්සේ විශාල ජනතා මුදලක් වියදම් කරමින් ඉන්ජිනේරු තාක්ෂණය යොදා ගනිමින් ඉදිකළ බවය. ලැබුණු පළමු වර්ෂාපතනයෙන්ම මෙම වැවේ ජලය පිරෙනවාත් සමඟ අවට ප්‍රදේශ ජලයෙන් පිරී ලග්ගල පල්ලේගම ප්‍රධාන මාර්ගය කැඩී යෑමේ අවදානමකට ලක්වූ බවත් වැවෙන් වැඩි වතුර පිට කිරීම සඳහා පිටවාන ඉදිකර ඇතත් එම ජලය පිට නොවීම වැව කැපීමට තවත් සාධකයක් වී ඇති බවය.

ජනතාව ලබාදුන් තොරතුරු සත්‍ය ලෙසම දැන ගැනීම සඳහා එහි ගිය අපටද පසක් වූයේ විශාල මුදලක් වියදම් කරමින් ඉදිකොට ඇති වැව් බැම්ම කපා දමන ආකාරයයි. මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්. ජිනදාස මහතා, මහවැලි අධිකාරිය අදක ඊයේ ඉඳලා නෙමෙයි මේ වගේ අපරාධ කරන්නේ. මේවා හොයලා බලන්න කෙනෙක් නෑ. කවුරුත් කිව්වට මේවා ගණන් ගන්නෙත් නෑ. මොකද ඒ අය ජනාධිපතිතුමාගේ නම විකුණලා තමයි මේ හැමදේම කරන්නේ. ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩක් කිව්වම කවුරුත් අතගහන්නේ නෑ. හොයන්නේ බලන්නේ නෑ. මේ ගුරුවෙල වැව අවුරුදු හතරක් තිස්සෙ විශාල මුදලක් වියදම් කරලා තමයි ඉදිකළේ. මේවට පස් පවා ගෙන ආවේ දුරින් විශාල මුදල් වියදම් කරලා. අලුතින් මේ විශාල වැව් බැම්ම ඉදිකළේ. වැඩ අවසන් කරලා කළු ගල් ගෙනැල්ල රළපනාව පවා අල්ලලා අවසන් වුණා. වර්ෂාවක් වැස්සා පැය දෙක තුනක. මේ අලුත් වැවට වතුර එකතු වුණා. එකතු වෙනවත් එක්කම මේ වැව් වානෙන් වතුර යන්න කලින් වැව පිරෙන්න කලින් එක පැත්තකට වතුර බර වෙලා, පාරක් කඩාගෙන යන්න අවදානම් තත්ත්වයකට පත්වුණා. මේ අය කළේ පාර බේරගන්න විශාල මුදලක් වියදම් කරමින් ඉදිකරපු බන්ට් එක සම්පූර්ණයෙන්ම කපලා අයින් කරලා වැවේ වතුර ටික ඉවත් කිරීම. මේක ආපදාවක් හැටියට ගණන් අරගෙන තමයි ඉහළට දැනුම් දීලා තියෙන්නේ. හැබැයි අපේ ගමේ අයට තේරෙන විධියට මේක ආපදාවක් නෙවෙයි. මොකද මේ වගේ වැහි නෙවෙයි අපි දැකල තියෙන්නේ. හැබැයි වැවක් හදනකොට සැලසුම් කරනකොට ක්‍රමවේදයන් තියෙනවා. වතුර රඳවා ගන්නේ කොහොමද කොච්චර වතුර ප්‍රමාණයක් එනවද කියලා. පල්ලේගම ප්‍රධාන මාර්ගයේ හරහා පාලමක් ඉදිකරන්න අරගෙන දැන් අවුරුදු ගාණක් වෙනවා.

කොන්ත්‍රාත්කාරයෝ ඒක අතරමඟ දාලා නිසි ලෙස වැඩ කරල නෑ. කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමාදයන් නිසා තමයි මේ ආකාරයෙන් වතුර ඇවිල්ල පාර යට වෙන්න ගත්තේ. හැබැයි ඒක කොන්ත්‍රාත්කාරයගෙන් වෙච්ච අතපසුවීමට අපේ මුදල් වියදම් කරලා මහවැලියේ හදපු මේ විශාල වැව් බැම්ම කපලා දැම්මා. මේ අපරාධ කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. මේවා කිව්වහම මහවැලියෙන් අපට ලැබෙන්න තියෙන දේවල් තමයි අහිමි වෙන්නේ. ජනාධිපතිතුමා මේවා දන්නෙ නෑ. එයාලගේ හිතේ ආපදාවක් නිසා මේක කරනවා කියලා. හැබැයි වැව හදන්න මිනිස්සුන්ගෙ සල්ලි, වැව කපන්න මිනිසුන්ගේ සල්ලි, ආපහු මේ වැව හදන්නත් මිනිසුන්ගේ සල්ලි කියලා අමතක වෙලා තියෙනවා.” ජනතාව නඟන මෙම චෝදනා පිළිබඳව එම වැඩ බිමේ සේවය කරමින් සිටි කීප දෙනකුගෙන් අප ඉතා රහසිගතව විමසීමක් කළෙමු. ඔවුන්ගේ ප්‍රකාශය බවට පත්වූයේ මෙම වැව් බැම්ම කපාදැමීම කුමන හේතුවක් නිසා සිදුකරනවාද යන්න නොදන්නා බවය. මෙම ස්ථානයට ගියවිට එහි පසෙකට වී සිටි මහවැලි අධිකාරියේ තාක්ෂණික නිලධාරි රජිත රත්නවීර මහතා අප හමුවුණෙමු. ඒ මහතාගෙන් අපි මෙසේ ප්‍රශ්න කිහිපයක් විමසුවෙමු. “අපට ජනතාව දැනුම් දුන්නා වැවක් හදලා ආපහු වැව් බැම්ම කපල වැවේ ජලය ඉවත් කරනවා කියලා. මොකක්ද මේකෙ ඇත්ත කතාව? රජිත රත්නවීර මහතා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි මෙතන වැවේ බැම්ම කපන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ.

ආපදා ප්‍රශ්නයක් තියෙන්නේ. මේක හදිසි තීරණයක් විධියට වතුර ඉවත් කරන්න තමයි තීරණය කළේ. එතැන පාලමක් හදල තිබුණා. ඒ අයට අදාළ උසට එන්ඩ බැරි වුණා. තව අඩියක් විතර එයාල පහළින් ඉන්නේ. ඒක යටවෙච්ච එකත් එක්ක පාර කඩන් යන්න ගත්තා. ඒ ආපදාවට විසදුමක් හැටියට තමයි මේ වැව් බැම්ම කපලා වතුර ඉවත් කළේ. හැබැයි මේ වැවේ රළපනාව දාලා බැම්මේ වැඩ අවසන් කරලා නේද තිබුණේ? හිස වනා පිළිගැනීම සිදු කළේය. වැවක් හැදුණාම පිට වානක් තියෙනවනෙ. මේ වානෙන් වතුර පිට වෙන්නෙ නැද්ද? වාන ටිකක් දුරින් තියෙන්නේ. වානේ ප්‍රශ්නයක් නෙවෙයි පාරේ ප්‍රශ්නයක් තියෙන්නේ. පාර කඩාගෙන යන්න ගියා. මෙහෙට ලොකු වැස්සක් ආවේ නැති වුණාට උඩ පළාත්වලට ටිකක් සැරට වැස්සේ. වැස්සට පියවරක් හැටියට අපි වැඩ කළා. දැන් මේ වැව් බැම්ම නැවත හදනවද? ඔව්. හදන්න වෙනවා. මේක ආපදා තත්ත්වයක් විධියට තියෙන නිසා අපි බලනවා දිගටම මේ ස්ථානය තියාගන්න පුළුවන්ද කියලා. මේක සැලසුම් කරද්දී මේ තත්ත්වය දැක්කෙ නැද්ද? විශේෂයෙන් විශාල මූල්‍ය අපරාධයක් සිද්ධ වෙනවා නේද මේ ක්‍රියාවලියත් එක්ක. අපි මේක බැලුවා. මූල්‍ය අපරාධයක් කියන්නේ මුලදී බලපු විධියට පාර යටවුණේ නැහැ. හානියක් වෙන්න තිබුණෙත් නෑ. වැස්සත් එක්ක පාර අයිනේ කඩන් ගියා. එම ආපදා තත්ත්වෙට හදිසි පියවරක් හැටියට තමයි කළේ. පාර කඩන් ගියොත් ඊට වඩා හානි වෙනවා. ඊට වඩා වෙන දෙයක් කරන්න නෑ.

මේ වගේ දෙයක් තමයි කරන්න තියෙන්නේ. ගමේ ජනතාව දැඩි ලෙස විවේචනය කරනවා විශාල මුදලක් වියදම් කරලා බන්ට් එක නැත්තම් වැව් බැම්ම කපලා දානවා කියලා, වැව විවෘත කරන්න කලින් මේ වැව් බැම්ම කපන්න යෑම? මිනිස්සු දකින්නේ බැම්ම කපන එක විතරයි. ඒත් අපි දැක්කෙ, ඇත්තටම කිව්වොත් වතුර පිරෙන තැන්. මේ වතුර පිරෙනවාත් එක්ක කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. එතැන කඩන් යන එක තමයි ප්‍රශ්නේ. අපි වැලිකොට්ට ගහලා එතැන හැදුවා. එත් අපිට කියන්න බෑ. අපිට අහස ගැන කියන්න බෑ. මේ පැත්තට අවුරුදු පහකින් වැහැලා නෑ. වැස්සට ලොකු වතුර පාරක් යනවා. අපි හැම එකකටම සූදානම් වෙන්න ඕනෑ. බැරි වෙලාවත් ඒ පාර කඩාගෙන ගියොත් ප්‍රශ්න ගොඩයි. මේ අමතර වැඩේට කොපමණ මුදලක් වියදම් කරනවද මහවැලිය? මේක අපට දවස් 2යි. දැන් මැෂින් හතරයි. පුරවන්නත් තව සතියක් විතර යයි. තාම මුදලක් වෙන් කරලා නෑ. ප්‍රොජෙක්ට් එක ඇතුළේ සල්ලිවලින් තමයි යන්නේ. ඒවා අපි බලන්නෑ. ඉහළින් තමයි කියන්නේ මෙය කරන්න කියලා. මට ඉහළින් ඉන්න ඉන්ජිනේරුවරු සහ අනෙක් නිලධාරීන් මට දෙන උපදෙස් අනුව තමයි වැඩ කරන්නේ. තාක්ෂණ නිලධාරිවරයා එම ස්ථානයේ සිටම අප ප්‍රශ්න කිරීම්වලදී එසේ පිළිතුරු ලබාදුන් අතර තවදුරටත් මෙහි කොපමණ මුදලක් වියදම් කළේද වැව සඳහා කොපමණ මුදලක් ඇස්තමේන්තු කර ඇත්දැයි යන්න තොරතුරු දැනගැනීම සඳහා මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය ව්‍යාපෘති නිලධාරි මහින්ද අමරසූරිය මහතාගෙන් විමසීමක් කළෙමු.

ඒ මහතා කියා සිටියේ තමන් වෙනත් රාජකාරි ගමනක් යන අතරතුර නිසා වැව ඉදිකිරීම සඳහා කොපමණ මුදලක් ඇස්තමේන්තු කෙරේද කියන්න එකවරම ප්‍රකාශ කිරීමට නොහැකි බවය. හදිසි ආපදා තත්ත්වයක් නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු කියා සිටියේය. මහවැලි අධිකාරිය මඟින් පමණක් මෙම ඉදිකිරීම් කටයුතු සිදුකරන බවත් කිසිදු පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකුට මෙය ලබාදී නැති බවද හෙතෙම සඳහන් කළේය. ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා හමුවී අපි මේ පිළිබඳව විමසීමක් කළෙමු. මට අපේ ගමේ පිරිස් ඇවිල්ලා කිව්වා මේ වැව කපලා දානවා කියලා. හැබැයි මේක මහා අපරාධයක් කියලා තේරෙනවා. මහවැලි නිලධාරීන් මීට පෙර හොඳ වැඩ කළා. ඒවා අගය කරන්න ඕන. හැබැයි මේ සැරේ සිද්ධ වෙලා තියෙන දේ මොකද්ද කියල හරියටම තේරෙන්නෙ නෑ. පාලමක් හදන්න දීලා තියෙන කොන්ත්‍රාත්කාරයා එයාගෙ නිසි කාලසීමාව තුළ ඉදිකිරීම් කටයුතු කරල නෑ. පාලම හදන තැන සම්පූර්යෙන්ම පාරවලුත් එක්ක කපලා දාලා. එයා සිද්ධ කරපු හානියට තමයි අද මේ ආකාරයෙන් වැව් බැම්ම කපල ජනතා මුදල් විනාශ වුණේ. දැන් එකතුවෙච්ච වැහි වතුරෙන් ජනතා මුදල් ටිකෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණේ. ඒ නිසා මේක මහා අපරාධයක් හැටියටයි මම දකින්නේ. මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීමේදීද විශාල වශයෙන් අක්‍රමිකතා රැසක් සිදුවූ බවත් එහෙත් මේවා හෙළි කරන්නට කියන්නට ජනතාව ඉදිරිපත් වුණද අවශ්‍ය බලධාරීන්ගේ අවධානයෙන් ඒවා සාමාන්‍ය සරල සිද්ධීන් බවට පත්කොට මෙවැනි හානි සිදු කළේ යැයි ජනතාව පෙන්වා දුන්හ. මහවැලි අධිකාරිය මඟින් සිදුකරන ලද මෙම විශාල වැව ඉදිකිරීමට කොපමණ මුදලක් වැය කළේද වැව්බැම්ම කපා සිදුකළ අනර්ථයට කොපමණ මුදලක් වැය කළේද නැවත මෙම වැව් බැම්ම සකස් කිරීම සඳහා කොපමණ මුදලක් වියදම් වන්නේද යන්න මහවැලි අධිකාරිය මඟින් මහජනතාවට දැනුම් දියයුතු බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කර සිටිති. දඹුල්ල – කේ. කේ. ආරියදාස