මී මැසි ජනපදයක සාමාන්‍යයෙන් උත්පාදන ශක්තියක් තිබෙන එකම ගැහැණු සතාය.ගැහැණු කම්කරු මී මැස්සියන් විශාල ප්‍රමාණයක් – සාමාන්‍යයෙන් මෙම ප්‍රමාණය 30,000 – සිට 50,000 දක්වා ප්‍රමාණයකි.පිරිමි මී මැස්සන් සංඛ්‍යාවක් – වදයක සිටින පිරිමි මී මැස්සන් ප්‍රමාණය වෙනස් විය හැකිය. ඉතා හොඳ වදයක පිරිමි මී මැස්සන් දාහක් පමණ සිටිය හැකි අතර ශීත ඍතුවේදි හා හිඟ කාලවලදි මෙම ප්‍රමාණය අඩුවේ.මී මැසි රැජින මී මැසි ජනපදයක සිටින ලිංගික වශයෙන් පරිණත භාවයට පත් වූ එකම මී මැස්සියයි. මී වදය තුල සිටින සියලුම ගැහැණු වැඩකාර මැස්සියන්ගේ සහ පිරිමි මී මැස්සන්ගේ මව වන්නේ ඇයයි. මී මැසි රැජිණක් අවුරුදු තුනක් පමණ ජීවත් වන අතර එම කාලය තුල ඇය මිලියන භාගයක තරම් බිජු ප්‍රමාණයක් දමන්නීය. හොඳින් බිත්තර දමන කාලයේ මී මැසි රැජිණක් දිනකට බිත්තර 3000 ක් පමණ දමන්නීය. එය ඇගේ ශරීරයේ බර ප්‍රමාණයටත් වැඩිය. මෙය විශේෂිත අවස්ථාවකි. සරු භාවයෙන් යුත් රැජිණක් ඇගේ බිත්තර දෑමේ උපරිම කාලයේදි දිනකට 2000 ක් පමණ ද, සාමාන්‍ය වශයෙන් 1500 ක් පමණද බිත්තර දමන්නීය. මී මැසි රැජිනද සාමාන්‍ය බිත්තරයකින් බිහි වන නමුදු ඇය සාමාන්‍ය මී මැස්සකුට වඩා වැඩි ප්‍රමාණයක් “රෝයල් ජෙලි” ආහාරයට ගනී. මෙය ඇගේ සීඝ්‍ර ශරීර වර්ධනයට මෙන්ම ශරීර ස්වරූප පරිනාමයටද බෙහෙවින් බල පානු ලැබේ. රජ මැස්සිය තම අණසක මී මැසි ජනපදය පුරා පතුරුවා හරින්නේ විවිධාකාර ෆෙරමෝන වර්ග නිපදවා ඒවා පතුරුවා හැරීමෙනි. මෙම රසායනයන්ගෙන් එකක් අනෙකුත් සියලු මී මැස්සියන්ගේ බීජ කෝෂ වර්ධනයට බාධා පමුණුවන අතර එම නිසා උන්ගේ බිජු ලෑම නතර වේ.දින 15 ක සංවර්ධන කාල සීමාවකින් පසු මී මැසි රැජින ඇගේ කුටියෙන් පිටතට අවුත් සංසේචනය වීම සඳහා පිටත්ව යාමට පෙර දින 3 සිට 7 දක්වා අතර කාලයක් ජනපදයේම රැඳී සිටී. සංසේචනය වීම සඳහා ඇයගේ පළමු පියාසර කිරීම මී මැසි ජනපදය තිබෙන ඉසව්ව සළකුණු කර ගැනීමට තරම් සෑහෙන තත්පර කිහිපයකට පමණක් සීමා දුරකට වේ. ඉන් අනතුරුව එළඹෙන සංසේචන පියා සැරීම මිනිත්තු 5 සිට 30 දක්වා කාලයක් පවතී. මේ සෑම පියාසැරියකදීම ඇය පිරිමි මැස්සන් කීප දෙනෙකු සමග සංවාසයේ යෙදෙන්නීය.

මෙසේ කීප වරක් (සමහර විට වාර 12 ක් හෝ ඊට වඩා ප්‍රමාණයක්) සංසර්ගයේ යෙදීමෙන් පසු මිලියන ගණනක් බිජු නිපදවීමට අවශ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය රජ මැස්සිය විසින් ගබඩා කර ගනු ලැබේ. මෙසේ සංසේචනය වීම සඳහා කුමන කාරණයක් (ඇතැම් විට කාල ගුණය හෝ ජනපදය තුල හිර විමක් වැනි අවස්ථා) නිසා හෝ රජ මැස්සියට ජනපදයෙන් ඉවත් වීමට නොලැබුනහොත් ඇයට සරු නොවුනු මැස්සියක් ලෙස තවදුරටත් සිටීමට සිදු වන අතර කම්කරු මී මැස්සියන් නිෂ්පාදනය කළ නොහැකි වෙයි. මී මැසි ජනපදය අභාවයට යාම සිදු වේ.සංසේචනය සිදු වන්නේ මී මැසි ජනපදයට මදක් ඈතිනි. බොහෝ විට ජනපදයට අඩි සිය ගණනක් ඉහළිනි. මෙසේ සිදු වන්නේ ශක්තිමත් පිරිමි මැස්සන් දුර්වල මැස්සන්ගෙන් වෙන් කිරීම් සඳහා යැයි විශ්වාස කරනු ලැබේ. මෙයින් ශක්තිමත් මැස්සන්ගේ ජාන පමණක් ඉදිරියට ගෙන යාම සිදු වේ.සරු බීජ හා නොසරු බීජ සාර්ථකව සංසේචනය වීමෙන් දින කිහිපයකට පසු රජ මැස්සිය බිජු ලෑම ආරම්භ කරයි. සාර්ථකව සංසේචනය වූ බිජු වලින් ගැහැණු වැඩ කාර මැස්සියන් බිහි වන අතර බිජු වලින් විශාල ප්‍රමාණයක් එම වර්ගයේ ඒවාය. හොඳින් සංසේචන නොවූ බිජු වලින් පිරිමි මැස්සන් බිහි වේ. කොපමන ප්‍රමාණයක් වැඩ කාර මැස්සියන් සිටිය යුතුද, කොපමණ ප්‍රමාණයක් පිරිමි මැස්සන් ප්‍රමාණයක් සිටිය යුතුද යන්න පිළිබඳව මී මැසි ජනපදයක් තීරණය කරන්නේ කෙසේද යන්න වටහා ගත නොහැක.ගැහැණු වැඩකාර මැස්සන් මී මැසි ජනපදයක වැඩි පුරම (බොහෝ විට සම්පූර්ණයෙන්ම වාගේ) සිටින්නේ වැඩ කාර මැස්සියන්ය.ගිම්හාන ඍතුවේ උපරිම අවස්ථවේදි මී මැසි ජනාවාසය තුල ක්‍රියාකාරිත්වයද උච්චතම තත්වයට පැමිනෙද්දී වැඩ කාර මැස්සියකගේ ජීවිත කාලය සති 6 ක් වැනි කෙටි කාලයකට සීමා වේ. ශරත් ඍතුවේ අවසානයේ සහ සහ ළදරු මැසි ගහණය ඇති දැඩි කිරීමට අවශ්‍ය නොවන, මී පැණි නිෂ්පාදනය නොවන කාලයකදී නම් වැඩ කාර මැස්සියක් සති 16 ක් තරම් කාලයක් ජීවත් වේ. වැඩ කාර මැස්සියක් ඇගේ ජීව්ත කාලය තුල මීමැසි ජනපදයේ විවිධාකාර වැඩ කටයුතු කරන අතර ඒවා තීරණය වන්නේ ඇයගේ වයස අනුවය.

කාර්ය භාරය

  • දින 1 – 3කුටි පිරිසිදු කිරීම හා බිජු රැකීම
  • දින 3 – 6වයසින් වැඩි පිලවුන් පෝෂණය
  • දින 6 – 10තරුණ පිලවුන් පෝෂණය
  • දින 8 – 16ක්ෂේත්‍ර මී මැස්සන්ගන් මල් රේණු සහ පැණි ලබා ගැනිම
  • දින 12 – 18ඉටි නිපදවිම – කුටි තැනිම
  • දින 14 කින් පසුදොරටු මුර කිරීම – මල් පැණි හා රේණු එකතු කිරීමට යාම.

පිරිමි මී මැස්සන් වැඩකාර මී මැස්සියන්ට සාපේක්ෂව විශාලය.පිරිමි මැස්සා මී වදයක විශාලතම මැස්සාවන අතර, විශාලත්වය වැඩකාර මැස්සියක මෙන් තුන් ගුණයකි. උන් වැඩ නොකරති. එසේම මල් පැණි, රේණු සොයා නොයති. ඔවුන්ගේ එකම රාජකාරිය අලුත් රජ මැස්සියක් සමග සංසර්ග කාර්යයෙහි යෙදීම හා සංසර්ග පියාසැරියේදී ඇය සරු භාවයට පත් කිරීමයි. සාමාන්‍යයෙන් මී මැසි ජනපදයක පිරිමි මැස්සන් ඇති දැඩි කිරීම ආරම්භ කරනු ලබන්නේ රැජිනගේ කුටි සැදීමට සති කීපයකට පෙරදීය. අසමත් රැජිනක් ඉවත් කිරීමට හෝ රංචු වශයෙන් ඉවත් වීමට පෙර මෙය සිදු වේ. රැජින මැස්සිය ඇති දැඩි කිරීමේ කාල සීමාව අවසාන වූ පසු ශිත කාලගුණයේදි පිරිමි මැස්සන් ජනදයෙන් පලවා හරිනු ලැබේ. එයින් පසු පිරිමි මැස්සන් ජනපදයට බරක් වන අතර එලවා දැමීමේදි උන්ගේ පිහාටු, පාද ඉරීම, හපා කෑම අනෙකුත් මැස්සන් විසින් කරනු ලැබේ.