ලෝකයේ බිලි­යන දෙක­කට වැඩි පිරි­සක් තේ පානය කරති. බොහෝ දෙනෙකු තේ කෝප්ප­යට කිරි සහ සීනි ටිකක් එකතු කිරීමේ පුරු­ද්දක් ඇති කර­ගෙන ඇත. තේව­ලට කිරි හෝ කිරි­ව­ලට තේ, කෝපි, කොකෝවා සහ සීනි මිශ්‍ර කර පානය කිරීමේ පුරුද්ද යුරෝපා ජාතීන් හඳුන්වා දුන් පුරු­ද්දක් වෙයි.ප්ලේන්ටි ද… ?, ටී ද….? තේ එකක් බොන්න කඩේ­කට ගොඩ වූ විට, එහෙ­මත් නැති නම් ගෙද­ර­කට පැමිණි අමු­ත්තෙ­කුට සල­ක­න්නට පෙර එසේ ඇසීම සාමාන්‍ය දෙයකි. අපේ රටේ “ප්ලේන්ටී” කියන්නේ නිකම්ම තේව­ලට ය. “ටී” කියන්නේ කිරි තේව­ලට ය. බොහෝ දෙනෙකු කිරි­ව­ලට පද­මට තේ කහට දමා­ගෙන පානය කිරී­මට වැඩි රුචි­යක් දක්වන අතර කිරි තේ සහ ප්ලේන් ටී, මේ කවර ආකා­ර­යට පානය කළ ද බොහෝ දෙනෙක් සීනි පද­මට දමා­ගෙන පානය කර­න්නට ද පුරු­දුව සිටිති.ලංකාවේ ජන­තාව ජලය ළඟට පානය කරන ඊළඟ පානය වන්නේ තේය. තේ කොළ මෙරට ජන­තා­වගේ අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ­යක් ද වී ඇත. නමුත් බොහෝ දෙනෙකු තේ පානය කරන්නේ පුරු­ද්දට සහ ප්‍රමෝ­දය සඳහා මිස එහි සෞඛ්‍ය ප්‍රති­ලාභ පිළි­බඳ සැල­කි­ලි­මත්ව නොවේ. කිරි­ව­ලට තේ, කෝපි, කොකෝවා සහ සීනි එක් කර පානය කිරීමේ පුරුද්ද රසය පිළි­බඳ කාර­ණ­යක් වන නමුත්, විද්‍යා­ඥ­යන් පව­සන්නේ තේ, කෝපි, කොකෝ­වා­ව­ලට එක් කරන කිරි සහ සීනි මඟින්, එකී ස්වාභා­වික පාන වර්ග­ව­ලින් අපගේ සෞඛ්‍ය­යට ලැබෙන සියලු ප්‍රති­ලාභ සම්පූ­ර්ණ­යෙන්ම නිෂේ­ධ­නය කළ හැකි බවයි.

තේ පානය කිරී­මෙන්, පුළුල් පරා­ස­යක රෝග නිවා­රණ ගුණ­යක් බොහෝ අය තේ පානය කරන්නේ තේවල තිබෙන උත්තේ­ජන ගුණය සහ එය ප්‍රසන්න, ප්‍රබෝ­ධ­වත් පාන­යක් වන නිසාය. එහෙත් තේවල ඉතාම වාසි සහ­ගත සෞඛ්‍ය ප්‍රති­ලාභ රාශි­යක් ඇත. ඒවා පුරාණ චීන්නු සහ ඉන්දි­යා­නුවෝ මැන­වින් දැන සිටි­යහ. තේ, ජලය ළඟට මිනි­සුන් පරි­භෝ­ජ­නය කරන ලාභ­දා­ය­කම සහ සුල­භම පානය වෙයි. ඈත අතී­තයේ සිටම තේ පානය කිරීම සෞඛ්‍ය­යට හිත­කර පුරු­ද්දක් ලෙස සැලකේ. නූතන වෛද්‍ය විද්‍යා­ත්මක පර්යේ­ෂණ එම විශ්වා­සය සඳහා විද්‍යා­ත්මක පද­න­මක් සප­යයි. විද්‍යා­ත්මක සාහි­ත්‍යයේ ප්‍රකා­ශ­යට පත් කෙරෙන සෑම නව අධ්‍ය­ය­න­යක් සම­ඟම තේ පාන­යෙන් සෞඛ්‍ය­මය වාසි ලබා දෙන බවට වන සාක්ෂි ශක්ති­මත් කෙරෙයි.තේ පැළෑ­ටිය (Camellia sinensis) වසර දහස් ගණ­නක් තිස්සේ වගා කර ඇති අතර, එහි කොළ ඖෂ­ධීය අර­මුණු සඳහා භාවිතා කර තිබේ. තේවල ඖෂ­ධීය ප්‍රති­ලාභ බොහෝ ප්‍රමා­ණ­යක් සොයා­ගෙන තිබේ. සත්ත්ව හා මානව අධ්‍ය­ය­න­ය­න්ගෙන් හරිත තේවල මෙන්ම කළු තේ වල ද පිළිකා වැළැ­ක්වීමේ හැකි­යාව සොයා­ගෙන ඇත. හෘදයවාහිනී හා පරි­වෘ­ත්තීය සෞඛ්‍යය නඩත්තු කිරීම ඇතුළු සෞඛ්‍ය තත්ත්වය දුර්වල කරන බොහෝ මානව රෝග වැළැ­ක්වීම සඳහා තේ පරි­භෝ­ජ­නය ප්‍රයෝ­ජ­න­වත් බව පෙන්වා දී තිබේ. විවිධ අධ්‍ය­ය­න­ව­ලින් පෙනී යන්නේ හරිත හා කළු තේවල අඩංගු ප්‍රති­ඔ­ක්සි­කා­රක, පොලි­ෆී­නෝ­ලික සංයෝග හෘදය වාහිනී රෝග වැළැ­ක්වී­මේදී, විශේ­ෂ­යෙන් ධමනි සිහින් වීම සහ කිරී­ටක හෘද රෝග වැළැ­ක්වීම සඳහා හිත­කර ලෙස සම්බන්ධ වී ඇති බවය. ඊට අම­ත­රව, වය­ස්ගත වීම පාල­නය කිරීම, පිළිකා රෝග, දිය­වැ­ඩි­යාව වැළැ­ක්වීම සහ සෞඛ්‍ය­යට හිත­කර වෙනත් බොහෝ ප්‍රති­ලාභ තේ පරි­භෝ­ජ­නය සමඟ සම්බන්ධ වෙයි. හරිත හා කළු තේවල ප්‍රධාන පොලි­පී­නෝ­ලික් සංයෝග (Polyphenolic compounds) වන කැටෙ­චින්ස් සහ තෙය­ෆ්ලැ­වින්ස් (Catechins and Theaflavins) තේවල භෞතික සහ රසා­ය­නික විද්‍යා­ත්මක බල­පෑම් බොහො­ම­ය­කට වග­කිව යුතු බවට සාක්ෂි රැස්වෙමින් තිබේ.තේවල එකී සියලු ඖෂ­ධීය ගුණ ඔබට ලැබෙන්නේ නිය­මා­කා­ර­යෙන් තේ පානය කිරී­මෙනි. ඔබ ඔබේ තේව­ලට කිරි හෝ සීනි එකතු කළ­හොත්, එම­ඟින් තේවල තිබෙන හිත­කර ගුණ මුළු­ම­නින්ම පාහේ පහව යා හැකි බව විද්‍යා­ඥයෝ අව­ධා­ර­ණය කරති.

කිරි, තේව­ලට බල­පාන්නේ කෙසේද?අන්ත­ර්ජා­ලය ඔස්සේ ප්‍රකා­ශ­යට පත් කෙරෙන “යුරෝ­පි­යන් සොස­යිටි ඔෆ් කාර්ඩි­යෝ­ලොජි” නමති සඟ­රාවේ පළ කර තිබෙන පර්යේ­ෂණ වාර්තා­ව­කින් හෙළි වී ඇත්තේ, කිරි එකතු කිරී­මෙන් තේ වලින් සිදු කෙරෙන ඉතා වැද­ගත් මෙහෙ­යක් වන, හෘදය වාහිනී පද්ධ­ති­යට ඇති කරන ආර­ක්ෂිත බල­පෑම මුළු­ම­නින්ම අතුගා දැමෙන බවයි. පරී­ක්ෂ­ණ­ව­ලින් පෙනී ගොස් තිබෙන්නේ, ධමනි ලිහිල් කිරී­මට හා පුළුල් කිරී­මට තේවල ඇති හැකි­යාව සැල­කිය යුතු ලෙස වැඩි දියුණු කිරීමේ ගුණය, කිරි එකතු කිරී­මෙන් මුළු­ම­නින්ම අවුල් වන බවය.තේ මඟින් රුධිරවාහිනී අභ්‍ය­න්තර බිත්ති මත නයි­ට්‍රික් ඔක්ස­යිඩ් නිප­ද­වීම මඟින් රුධිර නාල ඉහිල් කරන බව සොයා­ගෙන තිබේ. කිරි එකතු කිරී­මෙන් එම හැකි­යාව දුර්වල කරන බව සොයා­ගෙන ඇත. විශේ­ෂ­ඥ­යන් කියන්නේ කිරි­වල අඩංගු ඇලෙ­න­සුලු කේසීන් ප්‍රෝටී­නය නිසා තේවල තිබෙන වැද­ගත්ම පොලිෆීනෝ­ලික කැට­චීන සංඝ­ට­ක­වල ක්‍රියා­කා­රි­ත්වය අව­හිර කරන බවයි. තේ පානය කිරී­මෙන් සිරු­රට ලැබෙන සිය­ලුම ප්‍රති­ලාභ රඳා පව­තින්නේ එම පොලි­ෆී­නෝ­ලික සංග­ටකවල ය.

කිරි – තේ, සීනිත් එක්ක තවත් නර­කයි“චියැන්ග් මායි ජර්නල් ඔෆ් සයන්ස් ” පර්යේ­ෂණ සඟ­රාවේ පළ කර තිබෙන අධ්‍ය­ය­න­ය­කට අනුව, තේවල තිබෙන ප්‍රති­ඔ­ක්සි­කා­රක පොලි­ෆී­නෝ­ලික සංඝ­ට­ක­වල හැකියා තවත් දුර්වල කර­න්නට කිරි- තේ සීනි දමා පානය කිරී­මෙන් සිදු වන බව අව­ධා­ර­ණය කර තිබේ. සාමා­න්‍ය­යෙන් ලාංකි­ක­යන් කිරි තේ බොන්නට පුරුදු වී සිටින්නේ කටේ ඇලෙන පද­මට සීනි දමා­ගෙන ය. දව­ස­කට වැඩි­හි­ටි­යෙකු සඳහා එකතු කළ සීනි තේ හැදි 6කට වඩා වැඩි­යෙන් ගැනීම දිය­වැ­ඩි­යාව සහ හෘදය රෝග ආදී බෝ නොවන රෝග හට­ගැ­නීමේ අව­දා­නම ඉහළ නැංවීම සඳහා බල­පාන බව වෛද්‍ය මතය වුව ද, එක් දිනක දී සීනි තේ හැඳි දෙකක් දැමූ කිරි තේ කෝප්ප දෙකක් සහ තේ කෝප්ප එකක් පානය කරන ලාංකි­ක­යෙකු තේ සහ කිරි තේ පානය කිරී­මෙන් පම­ණක් සීනි මේස හැදි 6ක් අනු­භව කරයි. ඊට අම­ත­රව දිනක දී ගනු ලබන සීනි දමා සකස් කළ රස­කැ­විලි සහ පාන වර්ග­ව­ලින් ශරී­ර­ගත වන සීනි ප්‍රමා­ණය ද එකතු වීමෙන්, එක් අත­කට පෙර කී බෝ නොවන රෝග අව­දා­නම බර­ප­තළ ලෙස ඉහළ නංවා ගනු ලබන අතර, අනෙක් අතට තේ කෝප්ප­යට සීනි එකතු කර­ගැ­නීම නිසා තේ කොළ­වල තිබෙන බෝ නොවන රෝග අව­දා­නම පහත හෙළන ඖෂ­ධීය ගුණය ද අහිමි කර­ගනී. ශ්‍රී ලාංකි­ක­යන් ලෙස අපි දින­පතා තේ පානය කරමු. එහෙත් තේවලින් ලැබෙ­නවා යැයි කියන පෙර කී මාහැඟි සෞඛ්‍ය ප්‍රති­ලාභ කිසි­වක් අපට ලැබෙන බවක් නම් නොපෙ­නෙයි. එක් අත­කට මේ වන විට තේ කොළ වෙළෙ­ඳාම බොහෝ සෙයින් දූෂිත තත්ත්ව­ය­කට පත්ව ඇති බවට වාර්තා වෙයි. ලෝකයේ හොඳම තේ කොළ නිෂ්පා­ද­නය කර­නවා යැයි පාර­ම්බෑ­වට මෙරට ජන­තාව බොහෝ දෙනෙ­කුට පානය කර­න්නට සිදු වී ඇත්තේ විවිධ රසා­ය­නික ද්‍රව්‍ය දැමූ බාල කළ කසළ තේ විය හැකිය. එකී කාර­ණාව නිසා තේ කොළ­ව­ලින් අපේ­ක්ෂිත ගුණය වෙනු­වට සෞඛ්‍ය­යට අහි­ත­කර ප්‍රති­වි­පාක අත් වෙයි. අනෙක් අතට තත්ත්ව­යෙන් ඉස්ත­රම්ම තේ කොළ වුව ද, තේ පානය කිරී­මට පුරු­දුව සිටින පෙර කී වැරදි පිළි­වෙත් නිසා , බර­ප­තළ රෝගා­බා­ධ­ව­ලින් ගැල­වෙ­න්නට තිබෙන පහසු මඟක් අපි අහිමි කර ගන්නෙමු.

මෙහිලා අපගේ අව­ධා­න­යට යොමු විය යුතු තවත් වැද­ගත් කාර­ණා­වක් ද වෙයි. අප තේවල ගුණය විනාශ කර දම­න්නට එකතු කරනු ලබන කිරි හෝ කිරි පිටි සම්බ­න්ධ­යෙන් ද පැව­සී­මට තිබෙන්නේ යහ­පත් කාරණා නොවේ. වෙළෙඳ දැන්වී­ම්ව­ලින් මෝහ­න­යට පත් කර ඇති අපගේ මොළ­ගෙ­ඩි­ව­ලින් තෝරා­ගෙන, පාන­යට ගනු ලබන කිරි­ව­ලින් ද ලැබෙන්නේ යහ­පත් ප්‍රති­ලා­භ­ නොවේ; සෞඛ්‍ය තත්ත්වය අන­තුරේ හෙළන අය­හ­පත් ප්‍රති­වි­පාකයි.ඉදින්, තේවල මාහැඟි ප්‍රති­ලාභ දූෂ්‍ය කිරී­මට ඔබට අවශ්‍ය නැති නම්, රුසි­යා­නු­වන් තේ පානය කරන ක්‍රමය එනම්, මී පැණි හෝ දෙහි යුෂ සමඟ පානය කිරී­මට උත්සාහ කරන්න. නොඑසේ නම්, ස්ලාවික් ජනයා හෝ චීන්නු හා ජප­නුන් මෙන්, අඩුම තර­මින් සීනි­වත් එකතු නොකර තේ බොන්න පුරුදු වෙන්න. ඔබගේ තේරීම හරිත තේ නම් වඩාත් අගනේ ය. එහෙත් ආහාර හා සෞඛ්‍යය සම්බ­න්ධ­යෙන් සියලු විද්‍යා­ත්මක උප­දෙස් පිළි­පැ­දීම බොහෝ දෙනෙ­කුට වඩ වඩාත් දුෂ්කර වෙමින් තිබේ.පුරුදු, ඇබ්බැ­හි­වීම් සහ වාණිජ බල­පෑම් නිසා අද වන විට බොහෝ සෞඛ්‍ය උප­දේ­ශන බර­ප­තළ ලෙස නොස­ලකා සිටි­න්නට මෙරට බොහෝ දෙනෙක් පුරු­දුව සිටිති. එහි ප්‍රති­වි­පාක විඳින්නේ ඔවුන්ගේ සිරුරු ය. ඔවුන්ගේ රැක­ව­ර­ණය පතා සිටින දරුවෝ ය. එබැ­වින් තමන් ඇබ්බැහි වී සිටින වැරදි පුරුදු වෙනස් කර­ග­න්නට මනා සිහිය සහ වීර්ය ඇත්ත­න්හට පම­ණක් මෙකී විද්‍යා­ත්මක කරුණු කාරණා බෙහෙ­වින්ම වැද­ගත් වනු ඇති.