අකලට හිසකෙස් සුදු වීමට හේතුව


0
67 shares

ඔබගේ හිස කෙස් වල ස්වභාවික පැහැය ලබා දෙන්නේ මෙලනින් වර්ණකයයි. මෙහි ක්‍රියාකාරිත්වය ඔබ වයසට යනවාත් සමඟම මන්දගාමි වන අතර එවිට කෙස් සුදු පැහැයට හැරේ.අකලට හිස කෙස් පැසීම හෙවත් සුදුවීම බොහෝ තරුණ තරුණයින් අත් විඳින ප්‍රශ්නයකි. මෙය ස්වභාවික සංසිද්ධියක් වූවත්, විවිධ හේතූන් නිසා, ළමා හෝ තරුණ වියේ හිස කෙස් සුදු වීමට ඉඩ ඇත. ජානමය හේතුන්, හෝමෝන තත්ත්වයන්, මන්දපෝෂණය, දුම් පානය, මානසික ආතතිය සහ අහිතකර කෙස් විලාසිතා නිෂ්පාදන භාවිතා කිරීම නිසා අකලට හිස කෙස් සුදු වීමට ඉඩ තිබේ.අකලට හිස කෙස් පැසීම වළක්වා ගන්නේ මෙහෙමයි.1) B12 විටමින් අඩංගු ආහාර ලබා ගන්න.ඔබේ කෙස් කලඹේ වර්ණය තීරණය කරන මෙලනින් සඳහා B12 විටමින් අත්‍යවශ්‍ය වේ. මෙම විටමින් වල ඌණතාවය, හිස කෙස් සුදු වීමේ ක්‍රියාවලිය සීඝ්‍ර කළ හැක. හැකි පමණින් මස්, මාළු, බිත්තර සහ කිරි සහ ධාන්‍ය වර්ග ඔබගේ ආහාර වේලට එකතු කර ගන්න.2) මානසික ආතතියෙන් මිදෙන්නමානසික ආතතිය ඔබේ හිස් කෙස් සුදු වීමේ ක්‍රියාවලිය වේගවත් කරන බව විශේෂඥයින් සොයා ගෙන තිබේ. ඔබගේ කාර්යාල ජීවිතයේ පීඩනය මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන්නේ නම් සිත කය මනසට සැනසීමක් ලබා දෙන ක්‍රියාකාරකම් වල නිරත වෙමින් ආතතියෙන් මිදෙන්නට තැත් කරන්න. මෙයින් අකලට හිස කෙස් පැසීම පමණක් නොවෙයි, වෙනත් රෝග ඇති වීමේ ඉඩකඩද අවම වේ.

2) දුම්පානයෙන් තොරවන්නඔබ දිගු කාලයක් තිස්සේ දුම් පානයට හුරු වූ කෙනෙක් නම්, අකලට හිස් කෙස් පැසීමේ අමිහිරි අත්දැකීමට මුහුණ තිබෙනවා වෙන්නට පුළුවන්. දුම්පානය ඔබගේ ශරීරයේ මෙලනින් නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපායි. දිනකට පානය කරන සිගරට් ගණන ක්‍රමක් ක්‍රමයෙන් අවම කරන්න. ඔබගේ හිස කෙස් වල තිබූ මලානික ගතිය දුරුවී, නීරෝගි පෙනුමක් ලැබෙනවා නිසැකයි. හිස කෙස් පමණක් නොවෙයි, සමටත් පැහැපත් පෙනුමක් එක් වනවා.3) හිතකර නිෂ්පාදන භාවිතා කරන්න සැර රසායනික දෑ අඩංගු ෂැම්පූ භාවිතා කිරීමේන් වළකින්න. එම නිෂ්පාදන වල අඩංගු සංඝටක ඔබේ ශරීරයේ මෙලනින් ක්‍රියාවලියට බලපෑ හැක. උණු වතුරෙන් නිතරම හිස කෙස් සේදීම, Hair Dryer භාවිතා කිරීම, හිස කෙස් වලට කෘතිම රූපලාවන්‍ය සත්කාර ලබා දීම වැනි හේතුන් නිසා ඔබගේ හිස් කබල ඉක්මණින් වියළි බවට පත්වේ. මෙම තත්ත්වය හිස කෙස් සුදු වීමට ඇති හැකියාව වැඩි කරයි. හිස් කබල නීරෝගීව පවත්වා ගැනීම සඳහා සතියකට එක්වරක් හෝ දෙවරක් Nourishing Hair Oil ස්වල්පයක් ගෙන හොඳින් හිස සම්බාහනය කරන්න.5) ආහාර රටාව වෙනස් කරන්න.අකලට කෙස් සුදුවීමේ ක්‍රියාවලිය වළක්වා ගැනීමට කළ හැකි සරල දේවල් බොහෝ ඇත. මෙලනින් නිෂ්පාදනය සඳහා ඔබ ලබා ගන්නා ආහාර වර්ගද යම් තාක් දුරකට බලපායි. හැකි පමණින් විටමින් සී බහුල බෙහෙත් නෙල්ලි, යකඩ වලින් අණූන නිවිති සහ ඛනිජ ලවණ අඩංගු පලා වර්ග ඔබගේ දෛනික ආහාර වේලට එකතු කරගන්න.


Like it? Share with your friends!

0
67 shares
admin

Choose A Format
Personality quiz
Series of questions that intends to reveal something about the personality
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Countdown
The Classic Internet Countdowns
Open List
Submit your own item and vote up for the best submission
Ranked List
Upvote or downvote to decide the best list item
Meme
Upload your own images to make custom memes
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format