අතීතයේ සිට ම අප උදා ආහාරයට ගන්නා බතල, උදාසන ට අවශ්‍ය යයි සැලකෙන කුමාරයකුගේ ආහාර වේලකට සරිලන ශක්තිමත් ආහාරයක්.එහි ග්‍රෑම් 100ක කැලරි 86ක් අඩංගුයි . එසේම ප්‍රෝටීන් යකඩ විටමින් ඛනිජ ලවණ සහිත පෝෂක ගණනාවකින් පොහොසත්. එයට තවත් පෝෂණ ගුණඇති පොල්, රතුලූනු, හා උම්බලකඩ මුසු ලුණු මිරිසක්, එක්කර ගත්කල එය සැබවින්ම වටිනා ආහාරයක්.බතල, මෙරට මෙන් ම අමෙරිකාව කැනඩාව ඩෙන්මාර්කය ආදි රටවල ද දක්නට ඇතී අතර sweet potatos නමින් ඒවායේ හැඳින්වෙනවා.සුදු කහ සහ දම් පැහැවලින් දක්නට ලැබෙන අල තැම්බුමට හා වෑංජනයටත්, දලු වෑංජනයටත් , කොළ මැල්ලුමටත්, යොදා ගන්නවා . දෙවර්ගය ම පෝෂණ හා ඔසු ගුණවලින් යුක්තයි.කාබොහයිඩ්‍රේට් සහිත බතලවල තන්තු හා ජලය වැඩියි. ඒවා සීනි පාලනය කරන කැරටොනයිඩ වලින් යුක්තයි. ඉන් කුස පිරී හෙමින් දිරවන බැවින් බතල කෑමෙන් පසු වැඩි ආහාරයක් ලබාගැන්මට අවශ්‍යතාවක් ඇතිවන්නෙත් නැහැ. මේනිසා ඉන් තරබාරුකමත් බරත් අඩුවී සිහින් සිරුරක් ලැබෙනවා.බතල, විටමින් A C හා B ප්‍රභේද, යකඩ පොටෑසියම් මැග්නීසියම් බහුල, කැරට්වලටත් වඩා බේටා කැරොටීන් අඩංගු, ප්‍රතිඔක්සිකාරක ගුණවලින් යුතු ආහාරයක්.

ඉන් සමේ රළු ගතිය අඩුවී සම පැහැපත් වී වඩා තරුණ පෙනුමකුත් ලැබෙනවා.බතල හදවතට හිතකරයි. මනා රුධිර සංසරණයකට දායකවන එය බහුලව දක්නට ලැබෙන රුධිර නාල ඝනවීමේ athero sclerosis රෝගය පාලනය කර දෙනවා.එමගින් ඒ ආශ්‍රිතව ඇතිවන අධි රුධිර පීඩන , අධි කොලෙස්ටරෝල්, ආඝාත, රෝගද පාලනය වෙනවා.ඊට උපකාරි වන පොටෑසියම් බහුලතාව, ස්නායු ක්‍රියාකාරිත්වය ද වර්ධනය කරනවා.එහි තවත් උපකාරකයකු වන මැග්නීසියම් ආතතියට වැට බඳිනවා.එමගින් මානසික සෞඛ්‍යය රැකීමට ද බතල උපකාරිවනවාබතල වල අඩංගු කැල්සියම් හා විටමින් K අස්ථි ශක්තිමත් කරන අතර දන්ත සෞඛ්‍යයද රැක දෙනවා. විදුරුමස් ආරක්ෂා කරනවා.එහි බහුලව ඇති විටමින් A ඇස්වලටත් සමටත් ඉතා හිතකරයි.විටමින් ඒ ඌණතාව ඇති දරුවන්ට බතල වැඩි වශයෙන් ආහාරයට ගැනීමටත් නිර්දේශ කර තිබෙන්නක්. සම රැකීම සඳහා කුරුළෑ වළකන සින්ක් ද දායකවනවා.බතල මවුකිරිත් වර්ධනය කරන දෙන්නක් . අතීතයේ සිට ම කිරි දෙන මවුවරුන්ට තැම්බූ බතල පොල් සමග උදේ ආහාරයට ලබා දෙන්නේ ඒ දෙකෙහිම ඇති කිරි එරෙන ශක්ති එක්වන නිසයි.බතලවල පිළිකා නාශක ගුණ අඩංගු අතර එමගින් පෙණහළු පිළිකා වැළඳීමේ අවදානම අඩුවෙනවා.එය අතීසාරය සුවවූ අළුත ගැනීමට සුදුසු ආහාරයක් ලෙසත් සඳහන් වෙනවා.

  • බතල හිස්කෙස් වර්ධනයට ද උපකාරි වන්නක්. ඒවා තැම්බූ වතුරෙන් ඉස සේදීමෙන් කෙස් වැටීම අඩුවෙනවා.
  • තැම්බූ බතල පොඩිකොට යෝගට් සමග මිශ්‍රකර හිසේ ගෑමෙන් මනාව කෙස් වැවීමත් සිදුවෙනවා .
  • බතල අල මෙන්ම කොළ ද ගුණදායකයි. …
  • කොළ තම්බා බීමෙන් අක්මාව ආරක්ෂාවන අතර ඉන් වමනය ද පාලනය වන බව සඳහන්වෙනවා.
  • කොළ කුඩුකර තේ මෙන් සකසා පානය කිරීමෙන් සෙම් ප්‍රතිශ්‍යාව මෙන්ම වෙනත් සෙම් රෝග පාලනය වන බව ද සඳහන්.
  •  සමෙහි ඇතිවන පිළිස්සුම් සීරීම් කෘමි දෂ්ට කිරීම් මෙන්ම වෙනත් චර්ම රෝග ඇතිවිට බතල කොළ ඇල්දියෙන් අඹරා ගෑම සුදුසු බවත් දැක්වෙනවා.

දියවැඩ්යා රෝගීන්ට බතල වැඩි වශයෙන් ආහාරයට ගැන්ම හිතකර නැතත්. ඒවායේ ඇති සීනි පාලනයක් සිදුවනවා. පොල් සමගත් බත් සමගත් මිශ්‍රකර බතල ස්වල්පයක් අනුභව කර එහි ප්‍රතිලාභවලින් කොටසක් ඔවුන්ටත් අත්කර ගත හැකියි.සමේ අසාත්මිකතා ඇතීවිටත් වකුගඩු රෝග ඇතිවිටත් බතල අහිතකරයි.ඒ හැරුණුවිට බතල ලොකු කුඩා කාහටත් ගුණදායී ආහාරයක්.නිරෝගිතාව ලබාදී, තරබාරුව අඩුකර, සිරුර හැඩකර පැහැපත් කර, වයස්ගත පෙනුමත් පමා කර දීමට දායක වන රසවත් ආහාරයක්.