මම විවාහ වෙලා ටික කලත් යද්දි අවුරුද්දක් වගේ වෙද්දි මම මගේ මාසික ඔසප්වීම නිසි පරිදි නොවෙන නිසා ඩොක්ටර් ලගට ගියා බෙහෙත් ගන්න. මම දරැවෙක් හදන්න හිටියේ තවත් අවුරැද්දක් පහුවෙලා. ඉතින් එ් බෙහාත් ගන්න අතරේ අම්මලගෙ සමූහ වලට එකතු වෙලා අම්මල දාන පොස්ට් කමෙන්ට්ස් බැලුවා. ගොඩාක් අය දාලා තිබුනා කිරි සිහිනය සැබැ වුනේ නැ. පිරියඩ්ස් හැදෙන්නෙ නැහැ. අවුරුදු ගානක ඉදල බලාපොරොත්තු වෙන් ඉන්නේ කියල. මම එ්ව දකිද්දි හිතුව මටත් බබාල නැතිවෙයි කියල. මට එ් වෙද්දි අවුරැද්දක දෙකක ඉදල මාසික ඔසප් විම වෙන්නේ නැ. එ් වෙද්දි බර කිලෝ 93 උස අඩි 5 1″. BMI අගය ගනුව ගත්තම මම කිලෝ 40 ත් අඩු කරලන්න ඔ්න. ඩොක්ටර් බර අඩු කරගන්න කියල කිව්වත් මම එච්චර උනන්දු වුනේ නැ. ඩොක්ටර් ස්කෑන් කරල බලල කිව්ව ගර්භය හොදයි. හැබැයි හෝර්මොන වල පොඩි අසමතුලිත බවත් තියෙනව එ්ක හදාගමු කියලා. මගෙන් අැහුවා බබෙක් හදන්න ලෑස්ති ද කියල. මට ඔව් කියවුණා. මම ගියේ අැත්තටම පිරියඩ්ස් හැදෙන් නැති එකට බෙහෙත් ගන්න. පස්සෙ ඩොක්ටර් මට ඩිම්බ මෝරන්න බෙහෙත් දුන්න. එකතු වෙන්න දවස් ගැන කිව්වා. මමයි මහත්තයයි ගෙදර ගිහින් කතා වුනා. කල් දාන්න ඔ්න නැ හරියට පිරියඩ්ස් හැදෙන් නැති නිසා අප් බබෙක්ට උත්සහ කරමු දැන් ඉදලම. මගෙ ප්‍රශ්නත් එක්ක නැත්තම් බබාල නැතිවෙයි කියල.ඉතින් අපි මාස 3ක් වගේ ඩිම්බ මොරන්න බෙහෙත් බොනව, ඩිම්බ පිටවෙන්න ඉන්ජක්ෂන් එක දෙනවා. අපි හරි දවස් වල එකතු වෙනව නමුත් ස්ට්‍රිප්ස් නෙගටිව්. ඩොක්ටර් බෙහෙත් වැඩි කරලත් දුන්න. තුන් වෙනි සැරේ ගියාම ඩොක්ටර් කිව්ව දරැවෝ බර අඩු කරගත්තා නම් අපිට මේ වැඩේට මීට වඩා ලේසි. එ්ක අපිට උදව්වක් වෙනව. අැය් බර අඩු කරගන්නෙ නැත්තෙ කියල. මම කිව්ව ඩොක්ටර් මම එ්ක එච්චර හිතුවෙ නැ. මම බර අඩු කරන් එන්නම් කියලා . මම එ් වෙද්දි මානසිකව වැටිල එපා වෙලා හ්ටියෙ. මම හිතුව මට බබාල නැ කියල. හම්බෙන එකක් නැ කියල. නෙගටිව් ස්ට්‍රිප්ස් දකින හැමවෙලේම මාර දුකයි.පස්සෙ මම හිතුව බොරැවට බෙහාත් වලට වියදම් කරල තේරැමක් නැ. බබා එන වෙලාවක එයි. මට බබෙක් ලැබෙන්න ඉන්නවනම් එයා හරි වෙලාවෙදි අනිවාර්යයෙන්ම එයි කියල මම එ් ගැන හිතන් නැතුව බර අඩු කරගත්තා. ජිම් යන්න එක්සර්සයිස් කරන්න මම ගොඩාක් කම්මැලි.කන්න තමයි අාසම. මම බෙහෙත් සියල්ල නවත්වල සැහෙන්න වෙනස් වුණා. මම කියන්නම් මම බර අඩු කරගන්න කරපු දේවල්මුලින්ම බඩ හුරැවෙනකම් බත් අඩු කරල එලවල් මාලු වැඩි කරලා බත් කෑව දවසට වේල් දෙකක්. මස් මාලු කෑලි 3ක් වගේ කෑව වේලකට. බත් 100g. රෑට සුප් හෝ කිරි වීදුරුවක් විතරයිඅමතර කෑම සියල්ල අතහැරියා. කේක් බිස්කට්, shoreats, මුරැක්කු, පුඩිං, අයිස්ක්‍රීම්, සීනි කොට්න්ම සීන් දාලා බොන තේ එක පවා නරවැත්තුව. නවත්තලම දැම්ම.අතරමැදි බඩිගිනි වෙන හැමවෙලේම ලොකු වතුර එකක් බිව්වා. නිතරම ටොය්ලට් යනක් වෙනව තමය් එ්ත් මම වතුර බිව්ව ගොඩාක්.ටිකක් බඩ හුරැවුනාම මම වේල් දෙකය් කෑවෙ.

බත් සම්පූර්ණයෙන් නැවැත්තුවා. කාබෝහඩ්රේට් ගැනීම ඉතාම අඩු කලා. එ් වෙනුවට ප්‍රෝටීන් සහිත අාහාර මස් මාලු බ්ත්තර චීස් එලවලු කොල වර්ග අාහාරයට ගත්තා. ලංකාවේ අපි බත් කෑවට වෙන රටවල එහෙම නැනේ. මමත් එ් විදියට කෑවා. මස් කෑල්ලක් බැදල සැලඩ් එකක් හදල කැවා. සුප් බිව්ව. වේල් දෙකය් රෑට වතුර එකක් බිලා නිදාගත්තා. මගෙ පෝෂණය අඩුවුනේ නැ. මොකද මම පිටි සහ සීන් තමයි අඩු කලේ. අනෙක් අවශ්‍ය පෝෂණය මම කෑම වලින්ම ගත්තා. දවසකට බිත්තර 3ක් 4ක් කෑව.එලවලු තෙල් අයින් කලා. පොල්තෙල්, හා බටර් පමනක් පාවිච්චි කලා. Internet එකෙන් low carbohydrate කෑම ජාති හදන ව්ද්ය බලල හදලා කෑවා.මේ අතර මට බබෙක් ඔ්න කියන එකත් අමතක වුනා.මම මාස 4ක් යද්දි කිලෝ 22ක් අඩු කරගත්තා. මේ අතරේ මට බෙහෙත් නැතිව මාසික ඔසප්වීම සිදුවුනා. අවුරුදු ගානකින් එහෙම වෙද්දි මට දැනුන සතුට. මම හිතුව දැන් මම මගෙ නියමිත BMI එකට එනකම් බර අඩු කරගන්න ටාර්ගට් එකට එනවමයි කියලා. දැන් හොර්මෝන ත් බැලන්ස් වෙලා කියල හිතුවා. නමුත් ඊලග මාසෙ ඔසප් විම සිදුවුනේ නැ. මම අාපහු ඩොක්ටර් ගේ බෙහෙත් බෙින්න හිතුව. කෝකටත් බොන්න කලින් කියල ස්ට්‍රිප්ස් චෙක් කලාම පොස්ටිව්. මට හ්තාගන්න බැරිවුනා .මම හිතුවා වැරදිල කියල. 10 ව්තර චෙක් කලාම ඔක්කොම පොස්ටිව්. දවස් දෙකක් ඉවසන් ඉදල බ්ලඩ් චෙක් කලා එතකොටත් පොස්ටිව්. අපිට මාරම සතුටුයි. තාම ටික ටික බබා බන්ඩියේ ලොකු වෙනවා.මම මේ කතාව ඔයාලට ගෙනාවෙ අැය් දන්නවද? මම වගේම මහත අය බර වැඩි අය ඔ්ක තරම් අැති මෙතන දුක් වෙමින්. බෙහෙත් බොමින් ප්‍රතිඵල නැතිව. ඉතින් මට ඔයාලට කියන්න ඔ්න වුනේ ක්ෂන්ක අාහාර කෙටි කෑම සීනි අධික කාබෝහඩ්රේට් කෑම නවත්වන්න. වැඩියෙන් වතුර බොන්න. බර අඩු තරගන්න එ් වගේම නිරෝගි වෙයි ඔයාලව. ඔයාලගෙ කිරි සිහ්නය සැබෑවෙයි. අපි හිතන් නැනේ එ් පැත්ත ගැන. අපි න්තරම බෙහෙත් බොන්න බලන්නෙ. මානසිකව වැටෙනව මට දරැවාක් ලබන්න වෙසනාව නැ ක්යල. නමුත් අප් කන කෑම රටාව අපේ අැගට බලපාන ව්දිය ගැන අපි හ්තන්නෙ නැ. දිනපතා ගන්න අාහාර වේලට අපේ අැගේ ලොකු වෙනසක් කරන්න පුලුවන්. ඉතින් කෙට්ටු වුනත් ඔයාල ගන්න ක්ෂනික කෑම සිනි පිට් අධික අාහාර වලින් අෑත් වෙලා සෞඛ්‍යාරක්ෂික කෑම වලට එන්න. මහත හැමෝම බර අඩු කරගෙන බලන්න. ඔයාල හැමෝගෙම කිරි සිහිනය සැබැවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. මගේ කතාව දැකල එක්කෙනාක් හරි මේ දේවල් අනුගමනය කරලා ප්‍රතිඵල ලබනවනම් එ්කය් මේක ලිව්ව එකේ බලාපොරොත්තුව හැමෝටම බුදු සරණයි, ජේසු පිහිටයි