දැන් කියන්න යන කතාව ඇහුවම ඔයාලට ටිකක් අප්පිරියා හිතෙයි ඒත් පුදුම හිතෙන දේවල් කියවලාම බලන්න මොකද ඔයාලා කැරපොත්තෝ ගැන හිතාගෙන හිටිපු විදිය සම්පුර්ණයෙන්ම වෙනස් වේවි කැරපොත්තා කියන්නේ කවුද කියලා අහුවොත් හැමෝම කියන්නේ, කැත,අප්පිරියා හිතෙන සතෙක් කියලායි. ඒව ඇත්ත තමයි. ඒත් අපි නොදන්නවා උනාට කැරපොත්තන්ට සුපිරි වීරයෙකුට වගේ සුපිරි බල තියෙනවා. ඒවා සාමාන්‍ය සතෙකුට තියෙයි කියලා හිතන්නත් බැහැ. ඉතින් කියවලාම බලන්නකෝ. මේ පුංචි සතාට කරන්න පුලුවන් දේවල් ගැන. කැරපොත්තන් ඩයිනෝසරයින්ට වඩා වයසින් වැඩිය අහපු ගමන් පුදුම හිතුනා නේද ? ඔව් ඒක ඇත්තක්. කැරපොත්තන් මේ ලෝකයට ආවේ ඩයිනෝසරයින් එන්නත් කලින්. ඒ කියන්නේ ජුරාසික් යුගයට පෙර ඉදලාම එයාලා මෙහෙ ජීවත් වෙලා තියෙනවා. සරලවම කීවෝත් මීට වසර මිලියන 359 ට පෙර සිටයි කැරපොත්තන් මේ ලෝකයේ ජීවත් වෙන්නේ. ඉතින් මෙච්චර කාලයක් වද නොවී හිටියේ කොහොමද කියන එකත් පුදුමයක් සමහර කැරපොත්තන් අගල් 3 ට වවඩා දිගකට වැඩේ ඇමරිකාවේ ජීවත් වන කැරපොතු විශේෂයක් මෙසේ යෝධ කැරපොත්තන් ලෙසින් හැදින්වේ. විශාලත්වය අනුව ගත් විට ඔවුන් ලංකාවේ අපි දකින කැරපොත්තන්ට වඩා තෙතුන් ගුණයක් විශාල වේ. කැරපොත්තන්ට විනාඩි 40 ට වඩා හුස්ම අල්ලන් සිටිය හැක මේකනම් ඇත්තටම සුපිරි බලයක් වගේතමයි. මොකද සාමාන්‍ය සතෙකුටනම් උපරිම විනාඩි 15 ට වඩා හුස්ම අල්ලන් ඉන්න බැහැ.

මේ විදිහට බැලුවාම කැරපොත්තෙක් වතුරට වැටිලා හිටියොත්, ඌ මැරිලා වගේ පේන්න තිබුනද මැරිලා නැහැ. ඌට පැයකට ආසන්න කාලයක් වතුර ඇතුලේ ඉන්න පුලුවන්. ඔවුන් මෙසේ කරන්නේ තම සිරුරේ ඇති සියලුම සිදුරු වසාගෙන, ඔක්සිජන් පිටටට යෑමට නොදී වලක්වාගනිමිනුයි. කැරපොත්තෙකුට හිස නොමැතිව දවස් 7 ක් නොමැරී ජීවත් විය හැකිය මේකනම් හුගක්ම අමුතු හැකියාවක්. හිස නොමැතිව ජීවත් වෙනවා කියන්නේ ?? ඇත්තටම පුදුම උනත් මේක විද්‍යාත්මකයි.මොකද කැරපොත්තන්ට මොළයක් කියලා එකක් නැහැ. ඔවුන්ගේ ශරීරයේ සියලු කටයුතු පාලනය වන්නේ මොලයෙන් නොවේ ඔවුන්ගේ ශරීරය මැද ඇති කොටසකින්. කැරපොත්තන්ට, අති ප්‍රභල න්‍යාෂ්ඨික පිපිරීමකදී පවා නොමැරී බේරිය හැකිය මිනිසුන්ට ජීවත් නොහැකි, අධික විකිරණ මට්ටමක ජීවත් වීමට, විශේෂ හැකියාවක් කැරපොත්තන්ට තිබෙනවා. හිරෝෂිමා/නාගසාකී නගර වලට හෙලන ලද න්‍යාෂ්ඨික බෝම්බ වලින් පසුව, ඒ නගර වලින් හමු වූ එකම ජීවත් වෙන සාධකය වන්නේ කැරපොත්තන්‍ ය. ඔබ wall-e චිත්‍රපටය නරබා ඇත්නම්, මේ කියන කාරනය ඉතා හහොදින් පැහැදිලි වේවී. කැරපොත්තන්ට තමන් කැමති ඕනෑම දෙයක් කා දැමිය හැකිය ඔවුන්ට ඔවුන් ආහාරයට ගන්නා යැයි කියා විශේශ ආහාර නැත. එයින් හදුන්වන්නේ ඔවුන්ට තමන් කැමති ඕනෑම ආහාරයක් කෑමට ගත හැක. ලී/යකඩ/ගල් වැනි ඕනෑම දෙයක්