ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ වේදිකාවලදී විවිද පොරොන්දු දෙනවා මේ ඔහු  දිනක කල ආන්දෝලනාත්මක කතාවක් සමෘද්ධිය සහ ජනසවිය යන වැඩ සටහන් දෙකම එකට ක්‍රියාත්මක කරමින් මේ රටේ දුප්පත්ම ජනතාව වෙනුවෙන් නව වැඩ සටහනක් ඉදිරි රජයක් තුළ තමන් විසින් සකස් කර ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඊයේ (23) සවස වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ දංකොටුව නගරයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී ඒ මහතා මේ බව කියා සිටියා. වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස: වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ ජනතාව ගැටළු කීපයකට මුහුණ දී තිබෙන බව මම දන්නවා. මෙම ප්‍රදේශයේ ජීවත් වන බොහෝ දෙනෙකු පාරම්පරිකව උළු සහ ගඩොල් කර්මාන්තයේ නිරත වනවා. ඔවුන්ගේ කර්මාන්ත කරගෙන යාමේදී අමුද්‍රව්‍ය සපයා ගැනීම ගැටළුක් බවට වර්තමානයේ පවත්ව තිබෙනවා. පරිසරයට හානියක් නොකර මෙම කර්මාන්ත පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය කරන ක්‍රමවේදයක් ඉදිරි රජයක් තුළ නිර්මාණය කිරීමට මා අදහස් කර තිබෙනවා. ඒ තුළින් උළු කර්මාන්ත කරුවන් සශ්‍රීක කිරීමයි මගේ අරමුණ වී තිබෙන්නේ. පසුගිය කාලය තුළ එක්තරා වැරදි මතයක් උළු කර්මාන්තකරුවන් අතර පැතිර ගියා. ඉන් කියවුනේ උළු කර්මාන්තකරුවන්ට නිවාස අමාත්‍යාංශයෙන් කිසිදු සහායක් ලබා නොදෙන බවයි. නමුත් එය වැරදි මතයක්. නිවසක්ඉදිකිරීම සදහා නිවාස අමාත්‍යාංශයෙන් ණය මුදලක් හෝ ආධාරයක් ලබා දුන් විට එය හිමිවන්නේ ප්‍රතිලාභියෙකුට. නිවස ඉදිකරන්නේ කොන්ත්‍රාත්කරුවන් නොවෙයි.

ඒ සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය මිළදී ගන්නේ කොන්ත්‍රාත්කරුවන් නොවෙයි. ඒ සියල්ල කළ යුතු වන්නේ ණය ආධාර ලබා ගන්නා ප්‍රතිලාභියා විසින් මිස නිවාස අමාත්‍යාංශයෙන් නොවෙයි. ඒ නිසා එම වැරදි මතය නිවැරදි කර ගන්නා ලෙසත් මා කියන්න කැමතියි. ඒ වාගේම වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ බහුතරයක් පානීය ජල ගැටළුවකට මුහුණ දී තිබෙන බව දැන ගන්නට තිබෙනවා. මේ වන විට ක්‍රියාත්මක වන බොහෝ ජල යෝජනා ක්‍රම වැඩි දියුණු කිරීමට නිරෝෂන් පෙරේරා ඇමතිවරයා කටයුතු කර තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නැහැ. ඒනිසා වෙන්නප්පුව ජනතාව මුහුණ දී සිටින පානීය ජල ගැටළුවට ස්ථීර විසදුමක් ලබා දීමට මම කටයුතු කරන බව දිවංගත පෙස්ටස් පෙරේරා මහතාගේ නාමයෙන් කියන්න කැමතියි. මේ වන විට අපේ රටේ උද්දමනය වැඩි වී තිබෙනවා. බඩු මිළ ඉහළ ගොස් තිබෙනවා. ඒ තුළින් රටේ ජනතාව දැඩි පීඩනයකට පත්වී සිටින බව මම දන්නා කරුණක්. ඔබලා විසින් ලබන 16 වැනිදා බිහි කරන නව රජයක් තුළින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ පහත හෙලීමට මා අදහස් කර තිබෙනවා. එක වර විශාල මුල්‍ය ශක්තියක් රටේ ආර්ථිකයට යොදවා ඒ තුළින් නව ආර්ථික රටාවක් බිහි කිරීමයි මගේ අරමුණ වී තිබෙන්නේ.එවිට අපිට හැකියාව ලැබෙනවා පොදු ජනතාවගේ පීඩනය අවම කිරීමට.ජාතික නිෂ්පාදනය වැඩි දියුණු වූ විට රටේ උද්දමනය පහත බැසීමක් අනිවාර්යෙන්ම සිදු වනවා. එයයි අපි කළ යුතු වන්නේ. අපේ රටේ ජීවත් වන දුප්පත්ම ජනතාව වෙනුවෙන් සමෘද්ධිය සහ ජනසවිය එකම වර ක්‍රියාත්මක කිරීමටත් මා අදහස් කර තිබෙනවා.ඒ සියල්ල සිදු වන්නේ ලබන 16 වැනිදා ඔබ විසින් බිහි කරන නව රජයක් තුළින් බවත් කියන්න කැමතියි. රාජ්‍ය අමාත්‍යවරුන් වන නිරෝෂන් පෙරේරා, බුද්ධික පතිරණ, රංජන් රාමනායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූවා. නාත්තන්ඩිය – සමන්ප්‍රිය ජයශාන්ත.