දෙවිනුවර හෝරාස්ථම්භය අසලින් වම්පසට වන මාර්ගයේ මද දුරක් ගමන් කොට පටු මාවතකින් හැරී තවත් මද දුරක් ගිය කල උස්බිමක් මත පිහිටා තිබෙන ගුප්තමය සුන්දරත්වයකින් යුතු ශෛලමය ගෘහයක් හමුවේ.ඒ අවටම හාත්පසින් ඇති මද අඳුරු වනපෙත මගින් මෙම ස්ථානයේ ගුප්ත අද්භූත බව තවතවත් තීව්‍රකරයි.මේ අන් කිසි තැනක් නොව දෙවිනුවර වඩාත් සුරැකුනු පුරාවස්තුවක් වන ගල්ගෙය හෙවත් ගල්ගනේය.2016 වසරේ ජනවාරි මාසයේ ගල්ගෙයශුද්ධපවිත්‍ර කරන අවස්ථාවක එය ඇතුලටම ගොස් පරික්ශා කිරීමට හැකිවිය.මෙය දිගින් අඩි 26ක්ද පුළුලින් අඩි 16ක් හා උසින් අඩි 12ක් පමන වන කාමර හෙවත් ගබඩා ද්විත්වයකින් යුතු ගෘහයකි. වත්මනේ ගල්ගෙයහි ප්‍රතිසංස්කරණ හේතුවෙන් එහි ගෘහ නිර්මාණ ලක්ෂණ තුලින් සෘජුව හින්දු හෝ බෞද්ධ බවක් විද්‍යමාන නොවූවවද 1947 පරණවිතාන මහතාගේ ප්‍රතිසංස්කරණ වලට පෙර 1905 බෙල් මහතාද කල නිරීක්ශන අනුව මෙහි ඇතැම් විට මුළු වහලයම ආවරනය කල ස්ථූපයක් වැනි ව්‍යූහයක් එනම් පෞරාණික දකුණු ඉන්දීය හින්දු කෝවිල්වල ඇති පරිදි අර්ධ ගෝලාකාර විමානයක් පැවතුනු බවට සාධක ශේෂව තිබී ඇත.එසේම මෙහි ඇති කුළුණු හිස් චෝළ සමයේ ද්‍රවිඩ ගොඩනැගිලිවල ඇති කුළුණුහිස්වලටද සමානය.ගල්ගෙය දෙස එක්වර බලන කලද එය දිස්වන්නේ පොළොන්නරුවේ චෝළ සමයේ ඉදිකල ශිව දේවාලයක් ලෙසය.එබැවින් මේ ගොඩනැගිල්ල එහි අතීතයේ තිබූ විමානයත් සම්ග නිසැකයෙන්ම පෞරාණික හින්දු දෙවොලක් ලෙස පවතින්නට ඇත.ජයතිස්ස තෙන්නකෝන් මහතා දක්වන පරිදි ගල්ගෙයේ එක් එක් කොටස් පිළිබඳ සම කඩවසම් බව සළකන විට එය සිංහල-ද්‍රවිඪ ගෘහනිර්මාණ සංකළණය්ක් ඇති අපූර්ව නිර්මාණයකි.බිත්ති මට්ටම බැඳ තිබෙන්නේ නොගැඹුරු සතරැස් කුළුනුවලින් පමනය.ගල්ගෙයේ ඇතුලු ගර්භය හා පිටත මණ්ඩපය යන දෙකම සම උසින් ඇති බැවින් ඇතුලත පඩි පෙල් නැත.එහෙත් මණ්ඩපයට පිවිසීමට ගොඩනැගිල්ලට පිටතින් කොරවක්ගල් සහිත ගල්පඩි කීපයක් තනා ඇත.ගල්ගෙයි ඉතිරි වී ඇති වහලය අඩි16ක් බැගින් වූ ගල් ලෑලි වලින් තනා ඇත.මෙම වහලය වටා බහිරව රූප යැයි සැක කළ හැකි කැටයම් ඇති අතර ඒවාට එතරම් ඉන්දීය ආභාශයක් ලැබී නැත.පියස්සේ සිට සිවුදිගට විහිදුනු සරල සමානතර ගල් රූ ලෙස ඒවා පිහිටා තිබේ.

ගල්ගෙයට ඇතුලුවන උළුවස්ස හා ඇතුලු ගබඩාවට ඇතුල්වන උළුවස්ස ලෙස එක සමාන කැටයම් ඇති උළුවහු දෙකකි.ගල්ගෙයට ඇතුල්වන උළුවස්සේ වම් උළුවහු කඳේ හා දකුණු උළුවහු කඳේ එකදිගට නයි පෙන 19ක් බැගින් පිහිටා ඇත.උඩලිපතේ නයි පෙන 12කි.එයට ඉහලින් වූ බෝරදය උඩලිපතට වඩා දිගු වන අතර එහි කෙළවර දෙකේ නෙළුම් මල් 2කි.ඊටත් ඉහාලින් වූ බෝරදය උඩලිපතේ ප්‍රමාණයට සාදා ඇති අතර එහි දෙකෙළවර සිවුපෙති පුශපයකින් යුතුවන අතර එම බෝරදය තුල නයිපෙන සතකි.ගල්ගෙය අභ්‍යන්තරෙයි ඇති උළුවස්ස මීට වෙනස් වන්නේ එහි නෙළුම් මල් ඇති බෝරදයක් වෙනුවට වෙනත් මලකින් යුතු කැටයම් උඩලිපතට ඉහලින් ඇති බෝරදයට දමා ඇතිවීම මගින් පමනය.මෙම ඇතුලු උළුවස්ස ඉතා ඈත අතීතයේ මෙම ගල්ගෙය දෙවොලේ ගර්භගෘහයට යන දොරටුව වන්නට ඇත.ගලගනේ විහාරයේ නායක හිමියන් වරක් කියා ඇති පරිදි අතීතයේ ගල්ගෙයට ඇතුල්වෙන්න ගල් දොරක්ද තිබීමුත් වත්මනේ එය සොයාගන්නටද නොහැක. ගල්ගෙය මුදුනේ වූ විමානය දෙවිනුවර වැසියන් අතර රාවණ මහරජුගේ ශෛලමය ආසනයක් ලෙසටත් ඒ මගින් ගල්ගෙය රාවණ රාජ සමයේ නැරඹුම් මැදිරියක් ලෙස තිබූ බවටත් ජනප්‍රවාද ගතවී ඇත.

මෙම ජනප්‍රවාදයට හේතුව අදටත් අයස්කාන්ත ලෙස ගල් ගෙය පිහිටා ඇති උස්බිමේ සිට දෙවිනුවර නගරය,දේවාලය හා මහා සමුද්‍රයේ සැළකිය යුතු පෙදෙසක් දර්ශනය වීම බව නිසැකය. ගල්ගෙය මුදුනේ පියස්සේ වූ සිදුරකින් අතීතයේ සූර්ය කිරණ වැටෙන ලෙස සකසා තිබුනි.එය හා සිංහල අලුත් අවුරුද්ද අතර අපූර්ව සම්බන්ධයක් පවතී.ඒ පිළිබඳව ඉදිරියේදි කියන්නෙමු.අවාසනාවකට මේ පිළිබඳව නිසි ලෙස අවධනය යොමු නොකල නිළදාරීන් ගල්ගෙයෙ විමානය අතුරුදන් කලා සේම මෙම අපූර්ව විවරයද තාරදමා වැසූහ.ඔවුන් ඊට නිදහසට කීවේ වැසි දිය කාන්දුවී ගොඩනැගිල්ලට හානි කරන බවයි! පරණවිතාන මහතාට මා කොතෙක් ගරු කලද මේ කරන ලද කටයුතු ගැන නම් කිසිසේත් ප්‍රසාදයට පැමිනිය නොහැක.ගල්ගෙය තුලින් හමුවී තවත් වැදගත්ම පුරාවස්තුවක් නම් ඉතා පෞරාණික රිදී කාසි මඤ්ජුසාවයි.තඹ ලෝහයෙන් කල මෙම රිදී කාසි මඤ්ජුසාව 1947දී පරණවිතාන මහතා යටතේ පුරාවිද්‍යා මණ්ඩලය විසින් කැනීම් කරද්දී සම්බ වූ අතර එහි තිබී බිලීකොක්කක් ලෙස නැවූ ලාරින් හෙවත් කොකුරිදී කාසි 402ක් හා රන් කාසි 10ක් හමුවිය.අනර්ඝ රිදියෙන් කල රිදී කාසි තොගය රාත්තල්4 1/4ක් බරය.රන් කාසි ග්‍රෙන්ස්(සාම්ප්‍රදායික ඉංග්‍රීසි බර මිනුම් වලට අයත් ඉතා කුඩා ඒකකයක්.) 37-41අතර විවිධ ප්‍රමාණවලින් යුතුය.මෙම කාසි පිළිබඳ නිවැරදි ලෙසම කාල නිර්ණයක් කර නොමැත.දෙවිනුවර විහාරය හා මහා දේවාලය ක්‍රි.ව 1587දී ක්රෘර පෘතුගීසීන් විසින් විනාශ කරද්දී ඒ විනාශයෙන් බේරීම පිනිස කවරෙකු විසින් හෝ(බ්‍රාහ්මණයෙක්?) මේ මඤ්ජුසාව ආරශිතව ගල්ගෙය අසල වැළලූ බව “දෙවුන්දර ඉතිහාසය” ලියූ පී.ඩී.ඇස්.වීරසූරිය සූරීන් උපකල්පනය කරයි.එය වඩාත් නිවැරදි වීමට ලොකු ඉඩක් ඇත.මෙම කොකුරිදී වලට ලාරීන් යැයි කියන්නේ ඒවා පළමුවරට පර්සියාවේ “ලාර්” නම් ස්ථානානයේ සාධන නිසාය.මීට අමතරව ජනප්‍රවාදය අනුව ගල්ගෙය අසල පැරණි පුස්කොළ පොත්,බලගතු මන්ත්‍ර හා තෙල් වර්ගද නිධන් කොට ඇති හාස්කම් සහිත ස්ථ්නායකි.ගල්ගෙයෙහි ගෘහ නිර්මාණ ලක්ශන පිළිබඳ අප ඉහතදී කතාකලෙමු.ඒවා අනුව මෙය අනිවාර්යෙන්ම දෙවොලක්/කෝවිලක් බව නිසැකය.එහෙත් මෙය කා වෙනුවෙනු හෝ කුමක් වෙනුවෙන් කැප වූ දෙවොලක්ද?ඒ පිළිබඳව තවමත් නිශ්චයක් නැත.ඒ මතවාද පිළිබඳවද ගල්ගෙය පිළිබඳව.