මී කිරි යනු ඉතා රසවත් මෙන්ම පෝෂ්‍යදායී ආහාරයකි.මී ගවයන්ගේ කිරි වලින් මෙන්ම එළ ගවයින්ගේ කිරි වලින්ද මුදවපු කිරි නිෂ්පාදනය කරයි. එළ කිරි වලට සාපේක්ෂව මී කිරි මිලෙන් වැඩිය.මුදවපු කිරිවලට රුහුණ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.එහෙත් කිරි කියා රසකර අප ආහාරයට ගන්නේ ශරීරයට ඉතාමත් අහිතකර විෂද්‍රව්‍ය බව අප කල ගවේශණයකින් හෙලිකරගත හැකිවිය.දොවාගන්නා ලද කිරිවල පරිමාව වැඩිකිරීමට එඩේරුන් විසින් එම කිරිවලට ජලය එක්කරයි.බොහෝවිට එක්කරනු ලබන්නේ හරකුන් ලගින ස්ථානවලම ඇති ඉතාමත් අපිරිසිදු ජලයයි.මී කිරි වලට එළකිරි කවලම් කරයි.ජලය වැඩිපුර එක්කරනලද කිරි මුදවීම අපහසු බැවින් එම කිරිවලට ප්ලාස්ටර් පැරිස් හෝ වයිටින් එක්කරයි.බොහෝවිට හරක් ගාල් ඇත්තේ ගම්මානවලින් ඈත වානාන්තර තුලයි.එබැවින් දොවාගන්නා ලද කිරි මිදවීම සදහා ගම්මාන වලට රැගෙන ඒමට වැඩි කාලයක් ගතවේ.මේම කාලය තුල කිරි කැටි ගැසීම වලක්වා ගැනීම සදහා දිවුල් කොල,බුලත් විට කෑමට ගන්නා හුණු.රබර් ඇසිඩ් ආදිය යොදාගනී.ඇතැම්විට කිරි අහාරයට ගත්විට බඩ කොරවිම, ඕක්කාරය, වමනය, බඩ පුරවාදැමීම වැනි අපහසුතා ඇතිවන්නේ මෙම රබර් ඇසිඩ් හේතුවෙනි.මුදවපු නැවුම් කිරිහට්ටියක් සුදු පැහැතිය මෙය පරණ වනවිට කහ පැහැයට හැරේ.කිරි හට්ටියක් සාමාන්‍ය තත්වයක් යටතේ තබාගත හැක්කේ දින 02ක් පමනි. කූට වෙළදුන් කිරි හට්ටි වැඩි කාලයක් තබා ගැනීමට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම කිරීම සදහා තුවාල පිරිසිදු කිරීමට යොදාගන්නා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බින්දු කීපයක් එකතුකරයි. එබවින් මුදවපු කිරි ආහාරයට ගැනීමේදී විමසිලිමත්විය යුතුය.රසවත් ගුණවත් කෑම අතර මී කිරි විශේෂ තැනක් ගනී. මී කිරිවල ඇති පෝෂණීය ගුණ හා අගුණ ගැනයි මේ.මී කිරි ගුණයෙන් වැඩි වුවත් එය පමණට වඩා ගැනීම හොඳ නැත. සමාන්‍යයෙන් ඔබ ගන්නා ආහාර වේලට සරිලන ලෙස මේ අතුරුපස පමණ දැන ගැනීමෙන් සිරුරේ නිරෝගීතාවය හා පැවැත්ම පවත්වා ගත හැකියි.

බඩගින්න ඇතිවීම සහ බඩපුරවා දැමීම නැතිවේ. ශරීර ශක්තිය වැඩි කෑම අරුචිය නැති වී යයි. ශරීරය කෙට්ටුවීම වළක්වයි. සිරුරේ ඇතිවන වාත වේදනා හා පිත නැති කෙරේ.ක්ලාන්ත බව නැති කෙරේ. සිතට පී‍්‍රති ජනක බවක් ඇති කිරීම හා මල බද්ධය නැති කරන කදිම ඔසුවකි.මී කිරි ආහාරයට ගන්නේ සීනි හෝ කිතුල් පැණි සමඟ නිසා ප්‍රනීත බවින් වැඩිය. බොහෝදෙනා මෙය තනිකර පාවිච්චියට ගන්නේ නැත. මින් බඩ දැවිල්ල නැති කරනු ලබයි. ගැස්ට්‍රයිටීස් වැනි රෝගයට සුදුසුයි. කකුල් පැලීම නැති වී යයි. බොහෝවිට කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු සඳහා මී කිරි ආලේප කිරිමට ගනියි. මී කිරි මතක ශක්තිය වැඩි කරන බවද සඳහන් වේ.මී කිරි ඕනෑවට වඩා ගැනීමෙන් නොයෙක් අතුරු ආබාධ ඇතිවේ. රාත්‍රී කාලයේදී මී කිරි ගැනීම සුදුසු නොවේ. රාත්‍රියේදී ගැනීමෙන් සෙම වඩයි. වැඩියෙන් මී කිරි ගැනීම නිසා උදරයේ බර ගතිය වැඩිවේ. මෙය (ප්‍රමාණය ඉක්මවා) ගැනීමෙන් උණ ගතිය, රක්ත පිත්ත හා සිරුරේ තැන් තැන්වල සැරව ගෙඩි පවා ඇතිවිය හැකියි. එපමණක් නොව කුෂ්ඨ රෝග, කරකැවිල්ල වැනි ආබාධ ඇති කරයි.මී කිරිවල වැඩිපුර මේදය, ප්‍රොටීන් සහ විටමින් බී බහුලව ඇත. ඊට අමතරව කැල්සියම්, පොස්පරස් වැනි ඛනිජ වර්ග අඩංගුව ඇත.