ලෝකප්‍රකට ‘මොනාලිසා’ ඓතිහාසික භාවය අතින් මෙන්ම නිර්මාණාත්මක භාවය අතින් ද සර්වකාලීන අගයකින් යුතුය. ‘මොනාලිසා’ ඈ දුටු පමණින් අප තුළ ඇති වන සජීවී බව 15 වැනි සියවස තරම් තාක්‍ෂණය නොදියුණු යුගයක සැලකිය යුතු වැදගත්කමක්‌ පෙන්වයි. ත්‍රිමාණකරන තාක්‍ෂණය පිළිබඳ සියුම් ඉඟියක්‌ පවා නොවූ යුගයක ඩාවිංචි ‘මොනාලිසා’ ත්‍රිමාණව කළ ඇති බව පසුගියදා හෙළිවූහ. ඒ කෙසේද, කුමන තාක්‍ෂණයක්‌ ඇසුරින්ද, යන්න වත්මන් කලා පර්යේෂකයන් පවා මවිත කරන්නකි. එය එසේ නම් “මොනාලිසා” යනු ලොව ප්‍රථම ත්‍රිමාණ කලා කෘතිය නොවන්නේද යන්න සොයා බැලීම වැදගත්.ස්‌පාඤ්ඤයේ මැඩ්රිඩ් (Madrid) නගරයේ කෞතුකාගාරයේ තබා ඇති Prado මොනාලිසා සිතුවම සහ ප්‍රංශයේ ලූවර් (Louvre) කෞතුකාගාරයේ තබා ඇති සිතුවම වශයෙන් ‘මොනාලිසා’ සිතුවම් දෙකක්‌ දැකගත හැකියි. මෑතක්‌ වන තුරුම පිළිගත් මතය වූයේ මින් එක සිතුවමක්‌ ඩාවිංචි අතින් නිර්මාණය වූවද අනෙක ඔහුට පසුකාලීනයකු අතින් නිර්මාණය වන්නට ඇති බවයි. නමුත් මේ වන විට මේ නිර්මාණ දෙකම ඩාවිංචිගේ සිතුවම් බව ජර්මන් පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.ද්විමාන සිතුවම් ඇඳි යුගයක ඩාවිංචි මොනාලිසා සිතුවම ත්‍රිමානව පිළිබිඹු කළේ කුමන තාක්‍ෂණික පදනමක සිටද සහ ඔහු එම තාක්‍ෂණය දැන සිටියේද පිළිබඳ මෙහිදී සැලකිය යුතුයි.අවසන් භෝජන සංග්‍රහය, Vitruvian Man වැනි අනිකුත් නිර්මාණ තුළින් ලියනාඩෝ ඩා විංචිගේ විශිෂ්ට කුසලතාව පිළිබිඹු වේ. විද්‍යාඥයකු, ගණිතඥයකු, කාය විච්ඡේදකයකු, ගෘහ නිර්මාණ ශිල්පියකු, සංගීතඥයකු, ලේඛකයකු පමණක්‌ නොව මූර්ති ශිල්පියෙකු වශයෙන් ප්‍රකට වූ මේ ඉතාලි ජාතිකයා උසස්‌ දැනුම් සම්භාරයක්‌ ඇත්තෙක්‌. ඔහු හැඳින්වෙන්නේ ‘පුනරුද මිනිසාගේ මූලාකෘතිය’ ලෙසයි. ඩාවිංචි ඉංජිනේරුවකු ලෙස ඉදිරිපත් කළ හෙලිකොප්ටරය, සූර්යබල ශක්‌තිය, කැල්ක්‍යිලේටරය පිළිබඳ සංකල්පය, භූ තලයන්ගේ චලන පිළිබඳ ඉදිරිපත් කළ න්‍යායන් බොහොමයක්‌ ඔහුගේ කාලයට වඩා (15c) බෙහෙවින් ඉදිරියෙන් වූ ඒවායි. ඔහු ජීවත් වූ කාලයේ ඔහු ඉදිරිපත් කළ සංකල්ප නිර්මාණය කිරීමේ ශක්‍යතාව පැවැතියේ ඔහුගේ සැලසුම්වලින් ඉතා සුළු ප්‍රමාණයකට පමණි. එසේ නම් ත්‍රිමාන සිතුවම්කරණය පිළිබඳ යම් තාක්‍ෂණයක්‌ ඔහු දැන සිටි බව “මොනාලිසා” හරහා කිව නොහැකිද?

Prado මොනාලිසා සිතුවම සහ ලූවර් කෞතුකාගාරයේ තබා ඇති මොනාලිසා සිතුවම අතර යම් යම් සියුම් වෙනස්‌කම් ඇති බව මේ පිළිබඳ පර්යේෂණවල යෙදුණු “Claus – Christian Carbon සහ Vera Hessilinger යන විද්වතුන් දෙදෙනා පෙන්වා දෙනවා. ඩාවිංචිගේ මේ ත්‍රිමාණකරණය අහම්බෙන් වූවක්‌ද නොවන බව පැහැදිලිය.එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ඕනෑම කලා කෘතියක්‌ නිර්මාණය කරන විට ඒ දෙස බලන කෝණය අනුව යම් වෙනසක්‌ ඇතිවන බවයි. ඉහත සඳහන් කළ මොනාලිසා කෘති දෙක නිරීක්‍ෂණය කරන විට කලාකරුවාගේ ස්‌ථානීය වෙනස තිරස්‌ව අඟල් 2.7 ක්‌ බව ඔවුන් පෙන්වා දෙනවා.කෙනෙකු යමක්‌ දෙස බැලීම සහ එය ඇස හරහා මොලයට සන්නිවේදනය කිරීම මෙහිදී සැලකිල්ලට ගන්නා බවත් ඇස සහ කෘතිය අතර දුර කෘතියෙහි ගැඹුරු බව පෙන්නුම් කිරීමට උපකාරි වන බවත් ඔවුන්ගේ මතයයි.”පුටුවක වාඩිවී අත්වාරුව මත වමත විවේකීව තබා දකුණත ඒ මත තබාගෙන නිදහස්‌ ආකාරයකින් කවුළුවෙන් පිටත බලා සිටින මොනාලිසා සිතුවම ඉතා සියුම්ව නිරීක්‌ෂණය කර, මේ පිළිබඳ ඛසඩැ sජසැබජැ සඟරාවට අදහස්‌ දැක්‌වූ ජර්මනියේ හැම්බර්ග් (Hamberg) විශ්වවිද්‍යාලයේ පර්යේෂක Carbon ස්‌පාඤ්ඤයේ Prado මොනාලිසා සිතුවම ලුවර්හි මොනාලිසා දක්‌නට ලැබෙන පුටුවක කොටස ලූවර්හි සිතුවමෙහි සිතුවමට වඩා වම්පසට බරව ඇති බවත් Prado සිතුවමෙහි දක්‌නට නොවන බවත් ප්‍රකාශ කර ඇත. එසේම පිරමීඩාකාර පසුබිමක මොනාලිසා තැන්පත් කර තිබීමෙන් සිතුවමෙහි අවකාශය සහ ගැඹුර ඉස්‌මතු කර ඇතැයි ද ඔවුන් කියනවා.ගූඪ සිනහවකින් මුව සරසාගෙන ලොව කිසිදු ගැහැණියක්‌ නොලබන ආරක්‍ෂාවක්‌, ආකර්ෂණයක්‌ ලබන මොනාලිසා නම් වූ ඇගේ සැබෑ තතු හෙළි කරන්නට මේ වන විට පර්යේෂකයෝ සමත් වී සිටිනවා. මෙහි සිටින්නේ ඉතාලියේ ධනවත් ව්‍යාපාරිකයකු වූ ෆැන්සිස්‌කෝ ඩෙල් ගිඕකොන්ඩෝගේ බිරිය වන ලීසා ඩෙල් ගිඕකොන්ඩෝගේ ප්‍රතිරූපය බව සොයාගෙන ඇත්තේ මේ වසරේ පෙබරවාරි මසදී ඉතාලියේ ෆ්ලෝරන්ස්‌ හි කළ කැණීමෙදී හමු වූ අස්‌ථි කැබලි සමූහයක්‌ DNA පරීක්‍ෂණයකට ලක්‌ කළ පර්යේෂකයන් එම හමුවූ අස්‌ථි කැබලි “මොනාලිසා” සිතුවමෙහි සිටින ‘ලීසා’ ගේ ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමට උත්සහ දරනවා.