සමහර සිදුවීම් තියෙනවා ඒවා පුංචිම පුංචි සිදුවීමක් උනත් අපේ හදවත් ඒවාට ගොඩක් සංවේදී වෙනවා අපි දන්නෙම නැතුව අපේ ඇස් කඳුලින් තෙත්වෙනවා මේකත් ඒ වගේ ඇස්වලට කඳුළු උනන පුංචි සිදුවීමක් ළඟ දී දවසක් අපේ වාට්ටුවේ අවුරුදු 5ක වගේ පොඩි හාමුදුරුනමක් ඇඩ්මිට් වෙලා හිටියා. දිනෙක හැන්දෑ යාමයේ හිමියන් මා වෙත පැමිණෙන්නේ තමන් ඇඳපු චිත්‍රයක් ද රැගෙන. මෙයා ඇඳලා තිබ්බෙ පාරෙ දුවන ටාටා බස් එකක පින්තූරයක්. බස් එකේ ගමනාන්තය ලියන කොටසේ මොකද්දෝ අමුතු දෙයක් ලියලා. ඩොක්ටර්, මේ බස් එක යන්නෙ අනුරාධපුරේ ට. මං ආවෙ එහෙ ඉඳන්. ඕකෙ උඩ ලියලා තියන්නේ සංස්කෘත වලින් අම්මා කියලා… පොඩි නම එසේ කියමින් සිය උරපත කසා වතින් වසාගනිද්දී මගේ නෙතඟ කඳුලින් තෙමී ගියේ මටත් හොරෙන් ය. ඉතින් මේ කසාවතින් සැරසුණු පොඩි හාමුදුරුවන් ගෙන්දගම් පොළොවට පය ගැසූ ඒ කතාව අකුරු කරන්නට මා සිතුවෙමි. ඈ ට අපි නිරාශා කියා කියමු. නිරාශා ගමේ සිටි අහිංසක එකියක වූවා ය. කිහිප පොලකින් මැසූ සුදු ගවුම් දෙකක් පමණක් තිබුණත් ඈ සැමදා පාසල් ගියා ය. සාමාන්‍ය පෙළ දක්වා අකුරු කරන්නට ඈ හට වාසනාව තිබුණි. ඈ පන්තියේ දක්ෂම එකිය නොවුණත් ගුරු සිත නොරිදවා අකුරු කළ එකියක වූවා ය. ඇගේ පියා ගසකින් වැටී ඔත්පල වන්නේ ඈ සාමාන්‍යපෙල ලියන්න ට ඔන්න මෙන්න කියා තිබිය දී ය. පවුල් කොඳු නාරටිය එසේ දිරාපත් වද්දී දිනෙන් දින පවුලේ අග හිඟකම් දරුණු වන්න ට විය.

අම්මා ද බත් තම්බන්නට මිසක් වෙනත් යමක් නොදත්තාය. දුවේ උඹවත් මොකක් හරි රස්සාවක් හොයාගන්න බලපන් .දිනක් ඇගේ අම්මා නිරාශාට එසේ කීවේ කරන්නට වෙනත් දෙයක් ඇත්තේ ම නැති නිසා ය. නිරාශා කොළඹ එන්නේ ඒ අනුව ය. උඹත් සුමනක්කාගේ කෙල්ල වාගේ හොඳ කන්තෝරුවක රස්සාවක් හොයාගනින්. අම්මා එසේ කඳුලු සලද්දී දුක් කම් කටොලු වලින් කෙදිනක හෝ එතෙර වී සැපවත් ජීවිතයක් ගත කිරීමේ අහික්සක බලාපොරොත්තුව ඇගේ සිතේ කොතැනක හෝ තැන්පත් ව තිබෙන්නට ඇත. සුමනක්කාගේ කෙල්ල රේවතී ය. ඈ සමඟ කොළඹ එන නිරාශා නවතින්නේ මැඩම් කෙනෙක් ළඟ ය. එහෙත් නිරාශා ට නතරවන්නට සිදුවන්නේ මසාජ් සෙන්ටර් එකක කෙල්ලක් ලෙසින් ය. සැමදා විවිධ වූ පුරුෂයන්ගේ විවිධ වූ දෑ සම්බාහනය කරනා ඈ හට ඉන් නොනැවතී ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා සන්තර්පනය කිරීමට ද සිදු ව තිබිණි. මාසයක් දෙකක් මෙසේ ගතකරනා අතර ඈටත් නොදැනී ම ඇගේ ගතේ කුමක් දෝ නමුදු වෙනසක් සිදුවෙමින් පවතින බව ඈ හට ඉවෙන් මෙන් දැනුණි. වෙනදා හරියට ම දිනේ ට සිදුවන මාස් ශුද්ධ වීම දිනෙන් දින පහුවෙද්දී ඈ තීරණය කරන්නේ වෛද්‍යවරයෙකු හමුවීම ට ය. නිරාශා ගැබ්ගෙන ඇතිබව හෙළිවන්නේ එහිදී ය. ට්ක කලක් කුලියට ගත් ඇනෙක්සියක දිවි ගෙවනා ඈ එකතු කරගත් මුදලින් දිවි සරි කරගන්නට වූවාය. තම නිවසේ වියදමටත් නිතිපතා වියපැහැදම් කරනා ඈ සතු මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් අහවර වන්නට විය.

දරුවා ක්‍රමයෙන් උස් මහත් වත් ම day care center එකක තබා නැවතත් තම සුපුරුදු ජීවිකාව කරගැනීමට ඈ තීරනය කලේ ජීවත් වීමට ඈ වෙනත් කිසිදු ශාස්ත්‍රයක් හරි හැටි නොදත් හෙයිනි. කාලය සියල්ලන්ට ම හොරා ඉගිල ගියේය. මේ කොලුවා සිය තෙවන උපන් දිනය වෙතටත් පිය නඟන්නට ඇත්තේ තවත් හෝරා කිහිපයකි. ඔබත් මමත් නොදන්නා කුමක් දෝ හෝතුවක් නිසා ඈ තීරණය කරන්නේ තම දරුවා පන්සල වෙත භාර කිරීමට ය. එසේ මහණ දම් පුරනා අතරතුර දී තමයි මෙසේ ඩෙංගු උණ සෑදීම නිසාවෙන් ඒ පොඩිනම රෝහල් ගත කරන්න ට වූයේ. එහෙම ඉන්නකොට තමයි මේ සාමණේර හිමි නම තමන්ගේ මව්ගේ නම උඩින් ම ලියපු බස් එකක චිත්‍රයක් අඳින්නේ… පව්… මහණ දම් පිරුවා ට එයා තාම මවු තුරුළේ උණුහුම සොයනවා ඇති… පොඩි සාමණේර නමකට පහරදෙන වීඩියෝවක් සමහර විටෙක පසුගිය දිනෙක දී ඔබත් සමාජ මාධ්‍යය ඔස්සේ දකින්න ට ඇති. එයාල මොනවදෝ හොරකම් කරලා. දරුවෙක් ට ළමා කාලයක් තියෙන්න ඕනි. එහෙම නැති උණාම තමයි හොරකම් කරලා හරි එයාල ඒ දේවල් හොයන්නේ… අන්තිමට දෙයක් කියන්නම්. ඔයාගෙ බබාලව අමාරුවෙන් හරි හදාගන්න. බලු පැටවු පූස් පැටවු ගෙනැත් දානවා වගේ පන්සලට ගෙනත් දාන්න නම් එපා… මහණ වෙන්න ඕනි නම් එයාල කැමති දවසක මහණ වේවි… ඒ වගේ ම පොඩි හාමුදුරුවරු ඉන්න පන්සලකට දානෙ අරං යනවා නම් එයාල කැමති මොනවහරි දේකුත් අරගෙන යන්න අමතක කරන්න එපා… මම වෛද්‍ය ජයසංඛ නවෝද් – ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල… ඔයාගේ අදහස් comment කරන්න වගේ ම තව කෙනෙක් ට කියවන්න පොස්ට් එක share කරන්න අමතක කරන්නත් එපා…