ශ්රී ලංකාව තුළ දැනට ක‍්‍රියාත්මක 2009 ආහාර ප්රතිඔක්ෂිකාරක නියෝගවල සදහන් ප‍්රතිපාදනවලට අනුව ළමයින් සදහා සහ ළදරුවන්ගේ ආහාරවල පහත සදහන් කෘත්රිම ප්රතිඔක්ෂිකාරක රසායනික ද්‍රව්‍ය නොතිබිය යුතු වේ. එම රසායනික ද්‍රව්‍යයන් කුඩා දරුවන් තුළ හැසිරීමේ අසාමාන්‍යතා, අසාත්මිකතා, මොළයේ වර්ධනය බාල වීම්, සහ පිළිකා සදහා ද හේතු විය හැකිය. (ඔබ මිළ දී ගන්නා සකස් කළ ආහාර ඇසුරුමේ පහත නම් හෝ ඒවායේ ඊ අංක තිබේ දැයි විමසිලිමත් වන්න.) 01. ප්‍රොපයිල් ගැලේට් – (E- 310 )/02. ඔක්ටයිල් ගැලේට් – (E- 311)/03. ඩොඩෙසයිල් ගැලේට් – (E- 312)/04. බියුට්ලේටඞ් හයිඩ්‍රොක්සි ඇනිසෝල් – (E- 320)/05. ටර්ට්-බියුටයිල් හයිඩ්‍රොක්විනෝන් – (E- 319)(ආහාර ඔක්සිකරණයෙන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිඔක්සිකාරක ආහාර ආකලන රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි. මේවායින් ආහාර මුඩු වීම, වර්ණ වෙනස් වීම, රසය වෙනස් වීම, නරක් වීම වළක්වයි. සකස් කළ ආහාර කල් තබා ගැනීම සදහා බොහෝ විට භාවිත කරයි.)ලංකාව තුළ ආහාර සදහා භාවිත කරන්නට අවසර ලබා දී තිබෙන ඇතැම් ප්රතිඔක්ෂිකාරක රසායනික ද්‍රව්‍ය ඇතැම් රටවල්වල සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන බව ද සැලකිල්ලට ගත යුතුය.

උදාහරණ ඊ අංක 320 සහ 321 යන අංක වලින් හදුන්වනු ලබන බී.එච්.ඒ. සහ බී.එච්.ටී. යන ප්රතිඔක්ෂිකාරක දෙකම පිළිකාකාරක ඇති කළ හැකි බැවින් යුරෝපා සංගමයේ සියලූම රටවල්වල සහ ජපානයේ තහනම් කර ඇති නමුත් ලංකාව තුළ ඊ- 320 තහනම් කර නොමැත. (ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය පවසන්නේ බී.එච්.ඒ. සහ බී.එච්.ටී. මිනිසුන්ට පිළිකාකාරක විය හැකි බවයි. මේවා ප්රෝටීනවල තිබෙන ඇමැයිනෝ අම්ල සමග ප්රතික්රියා කොට නයිට්රසෝඇමැයින් නැමති පිළිකාකාරක ද්‍රව්‍ය අපගේ ශරීරය තුළ දී සාදන බව සොයා ගෙන තිබෙනවා.)කෘත‍්‍රිම ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය, ආහාරයට ගන්නා එළවලූ තෙල්, මාගරින් ආහාරයට ගත හැකි මේද සහ තෙල් වර්ග, මේද ඇතිරුම්, සලාද සඳහා යොදන තෙල්, මයොනයිස්, බිස්කට්, චොකලට් වැනි ආහාරවල තිබිය හැකිය.විදේශ රටවල්වලින් සකස් කළ ආහාර නීති විරෝධීව මෙරටට ගෙන්වා නැවත ලේබල් කර හෝ නොකර අළෙවි කිරීමේ ජාවාරමක් ද ක‍්‍රියාත්මක වන බැවින්, එවැනි ආහාර ද්‍රව්‍යවල ද මෙරට තුළ තහනම් ආහාර ආකලන ද්‍රව්‍ය තිබිය හැකි බව අවධාරණය කරමු.(- ගැමුණු සාලිය)