දැන් එයාට වයස අවුරුදු 40 යි වයස 36 දී අවසන් දරුව බිහිකලාට පස්සෙ ඇයට වෛද්‍යවරු දැඩිව උපදෙස් දීල තියෙනව නැවත දරුවන් උත්පාදනය නතරකරන ලෙස. ඒ වගේම ඔවුහු ඇගේ ඉල්ලීමට අනුව ගර්භාෂය ඉවත් කලා.ඇය උගැන්ඩාවෙ මාරියමි නබටැන්සි ( Mariam Nabatanzi )මාරියමි මරියම් නබටැන්සි දුර්ලභ ජානමය රෝගයකින් පෙළෙන අතර වයස අවුරුදු 36 වන විට දරුවන් 44 දෙනෙකු බිහි කර තිබේ.ඇය තම ස්වාමිපුරුෂයා සමඟ විවාහ වන විට ඇගේ වයස යන්තමි අවුරුදු 12 කි.ඇයට වයස අවුරුදු 40 වනවිට වයස 28 ක පුතෙක් සිටින්නේ එබැවිනි. දැන් ඔබ කල්පනා කරනව ඇත්තෙ අවුරුද්දෙන් අවුරුද්ද දරුවෙක් බිහිකලත් මෙචිචර ළමයි ඉන්න විදිහක් නෑනෙ කියල. නෑ ඔබ වැරදියි. ඒක නිසා තමයි ලිපිය පටන් ගැන්මෙදිම කියල තියෙන්නෙ ඇය දුර්ලභ ඡානමය රෝගී තත්වයක ඉන්නවයි කියන එක. මෙි හේතුව නිසා ඇය එකවර දරුවන් 4 දෙනා බැගින් වාර 3 ක්, එකවර දරුවන් තිදෙනා බැගින් වාර 4 ක් සහ එකවර දරුවන් දෙදෙනා බැගින් වාර 6 ක් බිහිකිරීම නිසා තමයි මෙි දරුවන්ගේ සංඛ්‍යාව ඇය ඉදිරියේ සටහන්ව තිබෙන්නෙ.ඛේදජනක ලෙස, මීට වසර හතරකට පමණ පෙර ඇගේ ස්වාමිපුරුෂයා ඇයව අත්හැර පිටව ගිය පසු මරියම්ට ඇගේ දැවැන්ත පවුල තනිවම ඇති දැඩි කරන්න වෙලා තියෙන්නෙසාමාන්‍ය වශයෙන් උගන්ඩාවේ පවුල් බොහෝ විට විශාල වන අතර බෙහෝ කාන්තාවන්ට දරුවන් 5.6 ක් සිටී.

අප්‍රිකාවේ ඉහළම උපත් අනුපාතය උගැන්ඩාව වුනත් මෙම ප්‍රමිතීන්ට අනුව වුවද මාරියම්ගේ පවුල අති විශාලය..වයස අවුරුදු 23 දී, මරියම්ට දරුවන් 25 ක් සිටි අතර, ඇය තවදුරටත් ගැබි ගැනීම වැළැක්වීමට වෛද්‍යවරුන්ගෙන් උපකාර ඉල්ලා සිටියාය එහෙත් වෛද්‍යවරු පවසා තිබුණේ ඇගේ කෝෂගත ඩිමිබ ප්‍රමාණය ඉතා ඉහළ බැවින් ඇය දිගටම ගැබ් ගත යුතු බවයි.මීට වසර තුනකට පෙර මරියම්ගේ අවසන් ගැබ් ගැනීම ඛේදවාචකයෙන් අවසන් වූයේ ඇය හයවැනි නිවුන් දරුවන් බිහි කළ අවස්ථාවේදීය. ඉන් එක් දරුවෙක් ප්‍රසූතියේදී මිය ගිය අතර එම වසරේම ඇගේ සැමියා ඇයව අතහැර දමා ගියේය.බො‍‍හෝ කටුක දිවියක් ගතකරන ඇය ඡන මාධ්‍ය වෙත මෙසේ පවසා තිබිණි
‘‘ඔහුගේ නම ඇහෙනකොටත් මම දැන් ශාප කරනව.මම හැදුනෙ වැඩුණේ කඳුළු සලමින්, මගේ මිනිහා බොහෝ දුක් ගැහැටවලින් මාව කොටුකරල තියල මගඇරල ගියා. “මගේ මුළු ඡිවිත කාලයම ගත කළේ මගේ දරුවන් රැකබලා ගැනීම සහ ඔවුන්ව ඡීවත්කරවීමට යම් මුදලක් උපයා ගැනීම සඳහා වැඩ කරන එකයි “‘මරියම්ගේ උපරිම ඇවිටිල්ල නොතකා, ඇගේ එක් දරුවෙකු වන අයිවන් කිබුකාට පවුල හදා වඩා ගැනීම සඳහා පාසලෙන් ඉවත් වීමට සිදුවිය.එහෙත් ඇගේ දුප්පත් ගෙදර බිත්තියේ ඇය විසින් උස් මහත්කල දරුවෙකුගේ උපාධි සහතිකය එල්ලා තිබෙි. සෑමවිටම වැඩිහිටි දරුවන් තම බාල සහෝදර සහෝදරියන් රැකබලා ගන්නා අතර ආහාර පිසීම සහ පිරිසිදු කිරීම වැනි වැඩවලට උදව් කිරීමට බොහෝ දෙනා එකතු වෙති.සෑම දිනකම මරියම් තම දරුවන්ට කෑමට ප්‍රමාණවත් බව සහතික කිරීම සඳහා බඩ ඉරිඟු බිඡ කිලෝග්‍රෑම් 25 ක් එකතු කර තබයි