ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න සුපිරි ගනයේ පන්දු යවන්නෙක් තමා ලසිත් මාලිංග එහෙමත් නැත්නම් සිලින්ගා ඔය මොන නම කිවුවත් මුළු ලේකෙම දන්නේ යෝකර් කිං කිවුවම මොකද අපේ මාලි එච්චරට දක්ෂයි සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ‍්‍රඩ්’ ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා තෝරා ගෙන තිබේ. එහිදී මාලිංගට හිමි වී තිබෙනා වටිනාකම වන්නේ ස්ටර්ලිං පවුම් 125000 කි. එනම් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 කට ආසන්න මුදලකි. මාලිංගට අමතරව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත් සහ මිෂෙල් ස්ටාර්ක්, ක‍්‍රිස් ගේල් හා දකුණු අප‍්‍රිකාවේ කාගිසෝ රබාඩාද වැඩිම වටිනාකමක් සහිත සෙසු ක‍්‍රීඩකයෝ වේ මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ එක් කණ්ඩායමකට පන්දු සියයක් පමණක් හිමිවීමය. පළමු වටර පැවැත්වෙන එක් පිලකට පන්දු 100 ක් වන ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එංගලන්ත ක‍්‍රිකට් ආයතනයේද අනුමැතිය හිමිව තිබේ. පන්දුවාර 15 ක් පන්දු හය බැගින්ද අවසන් පන්දුවාරය පමණක් පන්දු 10 කින්ද සමන්විත වන ලෙස පන්දුවාර 100 තරග ආකෘතිය සකස් කර තිබේ. ලසිත් මාලිංගට අමතරව මෙම තරගාවලියේ සවුත්හැම්ටන් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් මහේල ජයවර්ධනව තෝරාගෙන තිබේ.

සම්පූර්ණ නම සෙපරමාදු ලසිත් මාලිංග උපත 28 August 1983 (වයස 36) Galle, Sri Lanka අපනාමය Malinga the Slinga,Slinga Malinga උස 1.70 මීටර පන්දුවට පහර දීමේ ශෛලිය Right-handed පක්දු යැවීමේ ශෛලිය Right-arm fast භූමිකාව Bowler ජාත්‍යන්තර තොරතුරු ජාතික කණ්ඩායම Sri Lanka ටෙස්ට් මංගලාවතරණය (වරම 99) 1 July 2004 සඳහා Australiaට එරෙහිව අවසාන ටෙස්ට් තරගය 3 August 2010 සඳහා Indiaට එරෙහිව එදිජා මංගලවාතරණය (cap 123) 17 July 2004 v United Arab Emirates අවසාන එදිජා තරගය 2 April 2011 v India එදිජා කමිස අංකය. 99 ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක සෙපරමාදු ලසිත් මාලිංග (ශ්‍රී ලංකාවේ ගාලු නගරයේ දී 1983 අගෝස්තු 28 වන දින උපත ලැබීය.) විශේෂිත ඝනයේ වේග පන්දු යවන්නෙකි. ඔහුට ඇත්තේ දුර්ලභ අත කරකවා පන්දු යැවීමේ විලාසයකි. සමහරක් විට මෙය එල්ලා පන්දු යැවීමක් ලෙස අර්ථ කථනය කරනු ලබයි. එය ඔහුගේ සුරතල් නාමයට එක්ව ඇත. එනම් ස්ලින්ගර් (එල්ලා යවන) මාලිංග යන නමයි. ඔහු ඉතා තියුණු ලෙස යොමු කරන පන්දුව බොහෝ විට හඳුනා ගත නොහැකි වන්නේ ඔහුගේ අත කරකැවීමේ විලාසය නිසාය. එලෙසම ඔහුට ඉතා භයානක ලෙස දෝලනය වන යෝකර් පන්දු විලාසයක් ඇත. එය පන්දුවට පහර දෙන්නා නොගත හොත් ඔහුගේ කකුල් පොඩි කර දමන අන්දමේ තියුණු බව ඇති පන්දුවක් ලෙස හඳුනා ගෙන ඇත. මාලිංග හට පන්දුව යැවීමේ ඇති සුවිශේෂීත්වය වාසි සහගත බවක් ඔහුට ලබා දී ඇත.