කාන්තාවන්ට ඕනෑම තැනකට යන්න එන්න පුළුවන් නිදහසේ ඕනම දෙයක් කරන්න ජීවිතේ විඳින්න රටකදිම බෑ අද අපි කියන්න යන්නේ වසර 40ක් පමණ ඒ නිදහස අහිමිවී තිබුණු ඒ නිදහස නැවත ලනුබු සිදුවීමක් පිලිබඳ කතාවක් දශක 4කට පමණ පසුව ඉරාන කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීම සඳහා එරට ඉස්ලාමීය ජනරජය අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව මෙතෙක් කලක් ඉරානය තුළ සාම්ප්‍රදායික නීතියක් ලෙසින් පැවැති පිරිමින්ට පමණක් එවන් අවස්ථාවන් සඳහා සහභාගි වීමට අවසර හිමි වීමේ මතභේදාත්මක ප්‍රතිපත්තිය අන්තර්ජාතික පාපන්දු සම්මේලනය මඟින් සැලකිල්ලට ගෙන තිබේ. ඉන් අනතුරුව එම ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කළහොත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ඉරාන සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන බව දැන්වීමෙන් අනතුරුව කාන්තාවන් සඳහා එම අවස්ථාව ලබා දීමට එරට රජය තීරණය කර තිබීම විශේෂත්වයකි. තවද යුවතියක් පිරිමියකු ලෙස වෙස් වළාගෙන තරගයක් නැරඹූ බව හෙළි වීමෙන් අනතුරුව සිරගත වීමට සිදුවෙතැයි යන බියෙන් සිය සිරුරට ගිනි තබාගෙන මියයාමද ඉරාන ඉස්ලාමීය රජයේ මෙම දරද¾ඩු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සිදුවූ ආසන්නම සිදුවීම වශයෙන්ද එම මාධ්‍ය වාර්තාවන්වල දක්වා තිබිණි. ඉරානය තුළ වසර 40කට අධික කාලයක් කාන්තාවන්ට පාපන්දු තරග හෝ වෙනත් කිසිදු ක්‍රීඩා තරගයක් නැරඹීම සඳහා ක්‍රීඩාංගණ තුළට ඇතුළුවීමේ අවසරය එරට ඉස්ලාමීය ජනරජය මඟින් හිමි නොවූ අතර,

විශාල වශයෙන් පුරුෂයන් සහභාගි වන එවන් ස්ථානවල ගැවසීම කාන්තාවන්ට තහනම් කළ යුතු බවද එය ඉස්ලාමිකයන්ට නොගැළපෙන බවද ආගමික පූජකයන් අනුශාසනා කර තිබූ බවත් එම වාර්තාවන්වල වැඩිදුරටත් දක්වා තිබිණි. කෙසේ වෙතත් කාම්බෝජය සහ ඉරානය අතර ටෙහෙරානයේදී පැවැත්වෙන 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරගයට පෙර ඉරාන රජයේ ඉහත තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම තරගය නැරඹීම සඳහා කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති බවද වාර්තා වේ. ඒ අනුව කාන්තාවන් 3500කට අධික සංඛ්‍යාවක් මෙසේ එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරගෙන ඇති බවත් මුලදී සූදානම් කර තිබී ඇති ප්‍රවේශ පත්‍ර විකිණී හමාර වීමෙන් පසු අතිරේක ආසන ප්‍රමාණයක් එක්කර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද එම වාර්තාවන්වල වැඩිදුරටත් දක්වා තිබිණි. සටහන _ ගමිත දෙහිපිටිය