මීටසුළුමොහොතකට පෙර සීගිරිය සිට කැකිරාව ප්‍රදේශයේ පාසල්වලට දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (11දා) උදේ දඹුල්ල රන්දෙනි වැව ඇල මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් එහි ගමන් ගත් සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. මෙම බස් රථය ධාවනය වන විට බස් රථය තුල දරුවන් හැත්තෑවක් පමණ සිටි බවත් බස් රථයේ පෙරලෙනවාත් සමඟ අසල තිබූ කොහොඹ ගහක හේතුවීම නිසා මේ ආකාරයෙන් අනතුර අවම වී තිබෙන බව පොලීසිය කියයි. රන්දෙනිය දැව සිට ඇලමාර්ගයක පාරක් ඔස්සේ බස් රථය ධාවනය වෙමින් තිබියදී ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අගලකට පෙරළී ඇතැයි පොලිසිය කියයි. බස් රථයේ සිටි පාසල් සිසු සිසුවියන් කියාසිටියේ එක වරම බස්රථය පෙරළී ගිය බවත් එම ස්ථානයේ සිටී ජනතාව බස් රථයේ වීදුරු කඩා දරුවන් එළියට ගත් බවය. බස් රථය ධාවනය කරන අවස්ථාවේදී එහි රියදුරු පමණක් සිටි බවත් පාසල් බස් රථය ප්රවාහනයේදී රියසහයක හෝ කාන්තාවක් අනිවාර්ය කර තිබුණද මෙම බස් රථයේ නොසිටි බව පාසල් සිසු සිසුවියෝ පවසති. සිසුසැරිය පාසල් බස් රථය මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඉදිරිපස සහ පසුපස අළවා තිබෙනු දැක ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.බස් රථයේ රියදුරුද සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේය

අනතුරින් තුවාල ලැබූවන අතර සිසුවියන් තිදෙනෙක් සහ පිරිමි ළමුන් දෙදෙනෙකු වශයෙන් දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සෙසු සුළු තුවාල ලැබූ බොහෝ සිසු සිසුවියන් නිවෙස් වලට සහ පාසලට ප්රතිකාර නොලබා පිටව ගිය බව එහි සිටි පිරිස සඳහන් කළහ. පාසල් සිසු සැරි බස් රථගමන් කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු රැසක් පවතින බවත් දේශපාලන අපේක්ෂකයන්ගේ රුව ප්රදර්ශනය කිරීම මෙන්ම දරුවන්ගේ ආරක්ෂාවට කාන්තාවක බස්රථයේ නොමැති වීම ද මෙහිදී කැපී සිද්ධියක් බව ප්රදේශවාසීහු පෙන්වා දෙති. මෙම අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති. දඹුල්ල කේ .කේ .ආරියදාස