Mon. Feb 17th, 2020

Lanka Online

Sri Lanka Online News

උළුහාල් ආහාරයට එකතු කරගන්න

සුවබර දිවියක් ගතකරන එක අපි හැමෝගෙම සිහිනයක් ලස්සන වෙන්න නිරෝගී වෙන්න එක එක ප්‍රතිකාර  කරන්න ඕන නෑ අපි ගන්න අපේ ආහාර වෙල් වලට මේ දේවල් එකතු කරගන්න උළුහාල් කියූ සැණින් අප මතකයට නැගෙන්නේ ව්‍යාංජනයක් රස ගැන්වීමට යොදා ගන්නා කුළු බඩුවක් ය. ඉඳහිට ඇතිවන වාත අමාරුවකදී උළු හාල් ඇට ටිකක් සුදු ලූනු ගෙඩි කිහිපයක් සමග තම්බා පානය කිරීමට ගැනීමට හුරු වී ඇති විනා උළුහාල් යනු ඖෂධීය ගුණයෙන් අනූන කුළු බඩුවක් ඖෂධීය අමුද්‍රව්‍යයක් බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැක. අඩු මුදලක් දී මිලදී ගන්නා උළුහාල් මෙතරම් වටිනාකමකින්ද යුතුද? මේ ලිපිය කියවා බලන්න. ආයුර්වේදයට අනුව උළුහාල් තිත්ත හා කටුක රසයෙන් ද ලඝු (සැහැල්ලු) ගුණයෙන්ද යුකතය. උෂ්ණ වීර්යයෙන් ද යුතු උළු හාල් සෙම හා වාතය සමනය කිරීමේ හැකියාවකින් යුක්ත වේ. කුළු බඩුවක් ලෙස ආහාර රස ගැන්වීමට යොදා ගන්නා උළුහාල් වල ඖෂධීය ගුණය ගැන සලකා බැලීමේදී මෙය ප්‍රෝටීන, විටමින් බී හා සී, පොටෑසියම්, යකඩ වැනි අත්‍යවශ්‍යම ඛනිජ ලවන රාශියක් අඩංගු වටිනා ඔෟෂධයකි. ඉහළ ආහාරමය තන්තු සංයුතියකින්ද යුක්තය. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද ඉහළය. ස්වභාවයෙන්ම ආහාර රස හා සුවඳ ගන්වන උළුහාල් අග්නි දීපනය හෙවත් බඩගින්න වඩවාලීමට උපකාරී වේ. අාහාර මාර්ගය ආශ්‍රිත සියළු ග්‍රන්ථීන් උත්තේජනය කර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමටද උපකාරී වේ.

අජීරණ තත්ත්ව, පණු රෝග, බඩ පිපුම, ආහාර අරුචිය ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ආසාදන හා තුවාල වැනි රෝග තත්ත්ව රාශියක් සුවකිරීමට ද උළුහාල් උපකාරී වේ. ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයක් ඇති හෙයින් මල බද්ධය බඩ පිපුම වැනි රෝග සුව කිරීමටද උළුහාල් වලින් සුවිශේෂි හැකියාවක් ලැබේ. නූතන පර්​ෙ‌ය්ෂණයන්ට අනුව ආහාරයේ ඇති ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය මදක් ප්‍රමාද කරවන උළුහාල් ඉන්සියුලින් හෝ​මෝනය නිපදවීම ක්‍රමවත් කරනා බවද සොයගෙන ඇත. එහෙයින් දියවැඩියා රෝගීන්ටද උළුහාල් හොඳම ඔසුවකි. මුඛයේ තුවාල ඇති විට උළුහාල් තැම්බූ වතුරින් කට සෝදා දැමීම හෝ මී පැණි සමග අඹරාගත් උළුහාල් ආලේප කිරීමෙන් තුවාල සුවවේ. තවද බඩ පිපුමට හා අමිල පිත්ත රෝගයට උළුහාල් තැම්බූ වතුර පානයෙන් යම් සහනයක් ලැබෙන බවද ආයුර්වේදයේදී පෙන්වා දේ. තවද උළුහාල් ස්වභාවයෙන්ම රක්ත ශෝධන ගුණයකින් වීමද විශේෂත්වයකි. එහෙයින් සම ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා, කැසීම්, රතුවීම, පළු දැමීම, උෂ්ණ බිබිළි, දද හා විවිධ කුෂ්ට ඇති වීම පාලනයට ගුණදායක අතර උණ පාලනය කිරීමටද උළුහාල් උපකාරී වේ. තවද සමේ ඇතිවන සම ආශ්‍රිතව ඇති වන කළු ලප, අවපැහැගැන්වීම, සම රැළි වැටීම වැළැක්වීමට මෙන්ම සමෙහි රූපලාවණ්‍ය හා ඇතිවන ගැටලු රාශියකට උළුහාල් හොඳ විසඳුමකි. ඒ සඳහා ස්ක්‍රබ් හා ​ෆේස් පැක් සඳහා සිහින්ව කුඩුකරගත් උළුහාල් පිටි භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන ඔබටත් අත්විඳිය හැක.

හිසකෙස් අකලට වැටීම හිස කෙස්වල ඇති තුනී බව නැති කිරීමටත් හිස් හොරි රෝග පාලනයටද උළුහාල් හොඳම විසඳුමක් වේ. හිස්හොරි රෝගය ඇති විට දෙහි ගැට හා උළුහාල් තම්බා හොඳින් අඹරා ගත් තලපය හිස් කබලේ ආලේප කර සම්බාහනයෙන් හිස්හොරි සුවපත් වේ.  හොඳින් අඹරාගත් උළුහාල් තලපය පිරිසිදු පොල්තෙල් හා මිශ්‍රකර මදක් රත්කර හිසේ ආලේප කිරීමෙන් අකලට හිසකෙස් වැටීම, හිසකෙස් තුනී වීම, රෝග මැඩ නිරෝගී කළු වන් කෙස් කලබක් ලබා දේ. උළුහාල් ඇට වලින් නිස්සාරණය කරනා උළුහාල් තෙල්  රෝම කූප උත්තේජනය කර කෙස් වැවීම බලගන්වන හෙයින් තට්ටය පෑදීම රැවුල වැවීමේ මද බව වැනි ගැටලු සඳහාද විසඳුම් ලබාදේ. වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත උළුහාල් දේහයේ ඇතිවන විවිධ වේදනාවන් සමනය කර දේ. ප්‍රධාන වශ​ෙයන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාව මදක් තුනී කර ගැනීම සඳහා උළුහාල් තැම්බූ වතුර භාවිතයෙන් සහනය ලැබේ ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත වෙන උළුහාල් සිරුරේ සියලු අවරෝධ වූ නාළ හා මාර්ග (ස්‍රෝතස්) පිරිසිදු කිරීමට උපකාරී වේ. එහෙයින් කොලෙස්ටරෝල් අධිරුධිර පීඩනය වැනි රෝගවලට ද උළුහාල් ඉතා හොඳ ඔසුවකි. තවද කිරිදෙන මව්වරුන්ගේ කිරි හිරවීම ඇති විට එම තත්ත්වය මැඩලීමටද මව්කිරි නිපදවීම උත්තේජනය කිරීමේ හැකියාවක්ද උළුහාල් සතු වේ. විදුරු මස් නිරෝගී කරවන උළුහාල් මුඛ දුර්ගන්ධයටද කදිම ඔසුවක් වේ. සෙම් රෝග වලටද විසඳුම් දෙන කඵ නාශක ගුණ සහිතව උළුහාල් උගුරේ ඇතිවන ආසාදන තත්ත්වයන් ද සුවකර දේ.

ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිපදවී මෙහිලා උළුහාල්වල වැදගත්කම නූතන පරීක්ෂණ වලින් සනාථ කර ඇති අතර, එමගින් ලිංගික බෙලහීනතාව මැඩලා වාජීකරණ ඔසුවක් ලෙස ක්‍රියාකිරීමේ අපූර්ව හැකියාවක්ද උළුහාල් සතුය. අප පැරැන්නන් එදා වාත රෝගයක් ඇති වූ විට උළුහාල් සුදු ලූනු හා එක්කර තම්බා බීමට පුරුදු වී සිටි අතර සන්ධිවල වේදනාවක් ඇති වූ විට උළුහාල් ඇල්දියෙන් අඹරා ගෑමට පුරුදු වී සිටියහ. එමගින් ඔවුන් ප්‍රත්‍යක්ෂ සහනයක් ලැබීය. තවද පිළිකා නැසීමටත් මුත්‍රාගල් සෑදීම වැළැක්වීමටත් අක්මා හා මොළයේ සෛල අනිසි ලෙස බිඳවැටීම පාලනයටත් උළුහාල් ඉතාම උපකාරී වන බව මේ වන විට සොයාගෙන තිබේ. උළුහාල් කුඩු තේ හැන්දක් කඩල පිටි තේ හැන්දක් සමඟ මිශ්‍රකර ඇල් දියෙන් හෝ එළකිරෙන් අනා මුහුණේ ආලේප කර පැයක් පමණ තබා සෝදා හැරීමෙන් මුහුණට දීප්තිමත් පෙනුමක් ලැබේ. ඊට අමතරව මෙම අමුද්‍රව්‍ය සම පිරිසිදු කරනා ස්ක්‍රබ් එකක් ලෙසටද භාවිත කළ හැකිය. එමගින් මැරුණු සෛල ඉවත්කර නිරෝගී සමක් ලබාගැනීමටත් එය කදිම විසඳුමකි සටහන – අසුන්තා එදිරිසූරිය