කොළඹ ඇතුළු දිවින පුරා ප්‍රදේශවල දැන් තත්ත්වය

කොළඹ දේවස්ථානයක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුවූ පිපිරීමකින් 80කට අදික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා,
මීට අමතරව තවත් දේවස්ථානයක සහ සුපිරි හෝටල් කිහිපයක විශාල පිපිරීම් දෙකක් සිදුවී තිබෙනවා
ශ්‍රන්ගිලා, සිනමන්ග්රෑන්ඩ්, සහ මඩකලපුවේ දේවස්ථාන කිහිපයකද මෙම පිපිරීම් වාර්තා වී තිබෙනවා

ක්‍රිස්තියානි ආගමික ජේසුස් වහන්සේ ඔටුන්න තිබු දේවස්ථානයේද ඇතිවූ ගින්නක් බිලිබදව ද පසු ගිය දිනක අපට අසන්නට ලැබුනා

කෙසේ වෙතත් අද උදැසන සිදු වුනු මෙම පිපිරිම සම්බන්දයෙන් ජිවිත හානි 35ක් වාර්තා වෙනවා අතර දේවස්ථානයට බරපතල හානි සිදු වී ඇති ආකාරය අපට දක්නට ලැබුනා

මේ පිබිබදව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා,

කොළඹ ඇතුළු දිවින පුරා ප්‍රදේශ කිහිපයකම විශාල පිපිරීම් කිහිපයක් මෙන්න එම ස්ථානවල දැන් තත්වය.

ජපන් ප්‍රහාරයට බියෙන් දකුණේ ඈයෝ අවුරුද්දට කැලේ පැනපු හැටි

මා උපන්, හැඳුණ වැඩුණ පිටිවැල්ල ඉතා කුඩා ගමකි දකුණු දෙසට ගිං ගඟද උතුරු දෙසට බූස්ස ගම ද, පිහිටා ඇත එහි මායිම් දෙකෙන් අපේ ගමට පැහැදිලි මායිම් දෙකක් සැපයේ කරුණු එසේ වුවද අනිත් භෞතික මායිම් දෙක ජපන් ආක්‍රමණික යුධ සමයේ අපේ ගමට අතිශය භයානක මායිම් දෙකක් විය බස්නාහිර මායිම් වන්නේ ඉන්දියන් සාගරයයි ඉන්දියන් සාගරයේ ආධිත්‍යය ලබා ගැනීම පිණිස ජපන් අධිරාජ්‍යය විශාල ආක්‍රමණික යුද්ධයක් ආරම්භ කොට ඇති බව කවුරුත් දන්නා පැහැදිලි කරුණකි

නැගෙනහිර දෙසින් පිහිටා ඇත්තේ එවකට මිත්‍ර හමුදා භටයින් සහ යුධ සිරකරුවන් රඳවා තිබූ බූස්සේ යුධ කඳවුරයි එකී බූස්ස යුධ කඳවුර අපේ ගමට යාව පිහිටා ඇති අතර, වෙන්වීමට මායිම වශයෙන් ඇත්තේ විශාල උසකින් පිහිටි කම්බි වැටය මායිම වශයෙන් පිහිටා ඇති ඉන්දියන් සාගරය ස්වකීය ග්‍රහණයට නතු කර ගැනීමට බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවන් සමඟ යුධ වැදී ඇත ඒ සඳහා වූ මිත්‍ර හමුදා භටයෝ මෙන්ම සිරකරුවෝද කඳවුරේ ලැඟුම් ගෙන සිටියෝය එසේ වීම අපේ මේ ගමට මහත් යුධ තත්ත්වයක් ඇති කෙරුණි මෙම ගමට මායිම්වන ඉන්දියන් සාගරයේ වෙරලාසන්න කොටස අපේ ගමේ ජීවත්වන ගම්වැසියන්ගේ බොහෝ පිරිසක් මසුන් මැරීමේ කටයුතු සඳහා උපයෝගී කර ගනිති

1942 වසරේ සිංහල අවුරුදු සමය ළඟා වනවාත් සමඟ ඉන්දියන් සාගරය ස්වකීය ග්‍රහණයට ලබා ගැනීම පිණිස එවකට ජපන් ආක්‍රමණික හමුදාවෝ ඉන්දියන් සාගරයට අවතීර්ණව ස්ථානගතව සිටියහ කොග්ගල ගුවන් තොටුපළින් ගුවන් ගතව ඔත්තු බැලීමේ නියැලෙන මිත්‍ර හමුදාවේ කැනේඩියානු නාවික භටයකුට දෙවුන්දර සිට සැතපුම් 300 ක් පමණ ඈත මුහුදේ ලංකාව දෙසට ඇදෙන ජපන් නාවික හා ගුවන් හමුදාවන් දැක ගැනීමට හැකිවිය ඒ පිළිබඳ පණිවුඩය ඔහු වහා ගොඩබිමට සැලකිරීමෙන් පසු ජපන් ආක්‍රමණිකයන්ට මුහුණ දීමට මිත්‍ර හමුදාවෝ යුහුසුලු වූහ පණිවුඩය හේතුවෙන් අපේ ගම මෙන්ම මුහුදට සම්බන්ධ වෙනත් පෙදෙස් ද කඩි ගුලකට බඳුව ක්‍රියාශීලී විය

අපේ ගම පිහිටා ඇත්තේ ඉහත සඳහන් කළ යුධමය අතින් ඉතා වැදගත් ස්ථානයකය එය ඉහත දැක්වූ පරිදි ජපන් ආක්‍රමණිකයා ගොඩ බැසීම සඳහා ඉතා වැදගත් ස්ථානයකි එසේම එවකටත් ඉහත දක්වන ලද පරිදි ජපන් ආක්‍රමණික හමුදාවෝ ඉන්දියන් සාගරයේ දෙවුන්දර වෙරළේ සිට සැතපුම් 300ක් පමණ ඈත මුහුදේ ඔවුන්ට කෙළින්ම ගොඩබිමට ගොඩ බැසිය හැකිය ඒ බූස්සේ පිහිටා ඇති යුධ කඳවුර නිසාය

අපේ ගමේ මුහුදු වෙරළට ජපන් හමුදාවන් ගොඩ බැස්සොත් අපේ ගම මතින් ගමන් කළ යුතු වන්නේය එය සැතපුම් කාලක දුර ප්‍රමාණයකි මේ කරුණු හේතුවෙන් අපේ ගමට ආශ්‍රිත මුහුදු පෙදෙස තදින්ම ආරක්ෂා කළයුතු බව මිත්‍ර හමුදාවෝ කලින්ම සනිටුහන් කරගත්හ ඒ සඳහා මුහුදු වෙරළ ආසන්නයේ පදිංචි සියලු දෙනාම ඉවත් වන ලෙස හමුදා නිලධාරීහු නියෝග කළහ

හමුදා ආක්‍රමණිකයට ගොදුරුවන අපේ ගමේ වෙරළාසන්නව ජීවත්ව සිටි සියලු දෙනා ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත්ව පිටිසර පෙදෙස්වලට යාම ආරම්භ කළහ වැසියන්ට ඉවත්ව යාමට දෙන ලද කාල සීමාව ඉතා කිට්ටු බැවින් ගම්වැසියෝ නිවෙස්වල තිබූ ගෙන යා හැකි වටිනා බඩු රැගෙන දරුවන් සමඟ පිටිසර බද පෙදෙස් කරා ගියහ ඉන් අනතුරුව හමුදා භටයින් රාශි ගතව වෙරළ දිගේ ආරක්ෂක කානු කැපීම ආරම්භ කළහ එසේ කරන ලද්දේ සතුරු ජපන් ආක්‍රමණිකයාට මුහුණ දීම පිණිස භටයින්ගේ ආරක්ෂාව සඳහාය

මේ කටයුතු සියල්ල සිදුවූයේ 1942 වර්ෂයේ සිංහල අලුත් අවුරුදු කාලය ළඟා වෙනවාත් සමගය සෑම නිවසක්ම අලුත් අවුරුදු උත්සවය සඳහා සූදානම් වෙමින් සිටියහ නිවෙස්වල කාන්තාවන් කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම් සෑදීම පිණිස රැස් කරන ලද කජු ආදිය හැලිවල දමා දුම අසල ඔවුන් රැස්කොට තිබුණි අවුරුදු දින වාදනය කිරීම පිණිස රබන් ආදිය රත් කොට තිබුණි නිවස තුළ ආරක්ෂා කොට තිබූ රන් බඩු සහ රං ආභරණ ආරක්ෂිත පෙට්ටිවල බහා තිබුණි ඒ ආකාරයෙන්ම වූ බඩු රැගෙන ඔවුහු පිටිසර ගත වූහ

ජපන් ආක්‍රමණිකයින් විසින් සිංගප්පූරුවේ පර්ල් වරායට දැවැන්ත ප්‍රහාරයක් සිදුකොට එහි නවතා තිබූ නැවු රාශියක් සහ හමුදා භටයින් විශාල සංඛ්‍යාවක් විනාශ කර දැමූ ආරංචියද අපේ ප්‍රදේශවල බහුලව ප්‍රචාරය විය එය අපේ ගමේ සියලු දෙනා දැන සිටිය බැවින්, ඔවුහු අසීමිත ලෙස බියපත්ව සිටියහ එසේ කිසිවකුට මුහුදු වෙරළට පැමිණීම තහනම් කොට තිබුණ අතර, එය යම් කෙනෙක් කඩ කරනු ලැබුවහොත් ඔහු වෙඩි තබා මරා දමන ලෙසටද හමුදා නිලධාරීන්ට අණ ලැබී තිබුණි එසේම සෑම නිවසකම රාත්‍රී කාලයේ පහන් දැල්වීම ද සපුරා තහනම්ව තිබුණි එබැවින් රාත්‍රි කාලයේ නිවෙස්වල සියලු කටයුතු කරන ලද්දේ තද කළුවරයේය මේ තහනම අදාළ වූයේ වෙරළබඩ ජීවත්වූ ජනයාටය එය අපට ද තදින්ම බලපෑවේය

මේ ආශ්‍රිතව තවත් දරුණු තත්ත්වයක් උදා විය අපේ පිටිවැල්ල ගමේ නැගෙනහිර මායිම් යාවූයේ බූස්සේ යුධ කඳවුරටය එහි නිවහන කොට සිටියේ මිත්‍ර හමුදා භටයින් සහ සිරකරුවන්ය මිත්‍ර හමුදා භටයන් වශයෙන් යටත් විජිත වශයෙන් පැවැති අප්‍රිකානු රටවල වැසියන්ද වූහ ඔවුන් වර්ණයෙන් අතිශයින්ම කාලවර්ණ විය රාත්‍රි කාලයේ වෙරළ ආසන්නයේ ඔවුහු මුර සංචාරයේ යෙදුණහ ඔවුන් ජාතියක් වශයෙන් අපේ ගමේ අය හඳුන්වන්නේ කාබේරි වශයෙනි එසේ වුවත් ජාතියක් වශයෙන් ඔවුහු කාපිරි නම් වේ

වෙරළාසන්නයේ ඔවුන් මුර සංචාරයේ යෙදෙන මේ අප්‍රිකානු භටයන් රාත්‍රි කාලයේ කෙසේවත් හඳුනා ගත නොහැකිය වාරකන් කාලය උදාවී ඇති බැවින්ද මා දැල් වට කිරීමක් නොවන බැවින්ද පාසල් යෑම නතර වී ඇති බැවින්ද පවුලේ සියලු දෙනා කලුවරේ නිවසට වී සිටිති සංචාරයේ යන කාබේරි යුධ භටයෝ රාත්‍රි කාලයේ නිවෙස්වලට රිංගීමට උත්සාහ කරති ඒ ඔවුන්ගේ කාම ආශාවන් සපුරා ගැනීම පිණිසය ඔවුහු නිවස ඉදිරියට පැමිණ දොරට තට්ටු කර නිවසට ඇතුළුවීමට උත්සාහ දරති දොරට තට්ටු කිරීම හේතුවෙන් දොර පළු විවෘත වීමක් නොවූවහොත් දොර කෙසේ හෝ කඩා ඇතුළුවීමට තැත් කරති මේ අන්තරාදායක තත්ත්වය බලාපොරොත්තුවෙන් නිවස ඇතුළේ සිටින නිවැසියන් සන්නද්ධව සිටින අතර ඔවුන් ආක්‍රමණිකයාට පහරදී එළවාගත් බොහෝ අවස්ථා විය

අපේ ගමේ නිවැසියන් මුහුදුබඩ නිවෙස් අතහැර පිටිසර පෙදෙස්වලට යාම හේතුවෙන්ද ජපන් ආක්‍රමණික භයානක තත්ත්වය වැඩිවීම හේතුවෙන් මෙසේ කටයුතු ක්‍රමයෙන් පහවිය

හමුදා අණට කීකරුවද ස්වකීය ආරක්ෂාව දැඩි ලෙස අවබෝධ කොට ගෙන අපේ ගමේ වැසියෝ ඉහත කී අයුරු වටිනා බඩු බාහිරාදිය රැගෙන අපේ ගමට ආසන්න ගමක් වූ බද්දේගමට ගියහ අපේ පවුලේ අය සමඟ තවත් පවුල් තුනක අය ගමන් ගත්හ ඔවුහු අපේ අම්මාගේ පවුලේ අය වූහ මෙසේ යන ගමන් පිළිබඳ අපට ද අවබෝධයක් තිබුණි අපේ පියා ඒ ප්‍රදේශය හොඳින් දැන සිටියා පමණක් නොව බොහෝ අය පියාගේ මිතුරෝ වූහ වෙරළාසන්නයේ පදිංචිව සිටි අපට එල්ලවී ගෙන එන අවදානම් තත්ත්වය කලින්ම අවබෝධ කොටගත් මගේ පියා ඉවත්වීමට අණ ලැබීමට ප්‍රථම බද්දේගම නගරය පෙදෙසට පැමිණ හිස්ව තිබූ නිවාස තුනක් පදිංචිය සඳහා කුලියට ගෙන තිබුණි එය බද්දේගම නගරයට යන පෙදෙසිනි

අපි එක් නිවසක පදිංචි වූ අතර අනික් පවුල් තුන නිවාස තුනක පදිංචිය සඳහා තෝරා ගත්හ කරුණු මෙසේ සිදුවෙමින් පවතිද්දී සිංහල අලුත් අවුරුදු කාලය ළඟා වෙමින් පැවැතුණි සිංහල අවුරුද්ද උත්සවාකාරයෙන් පැවැත්වීම පිණිස අම්මා අවශ්‍ය කළමනා සූදානම් කොට තිබුණි කජු මද මුංගෙඩි අග්ගලා සෑදීමට අවශ්‍ය වූ අමුද්‍රව්‍යයන් වන බැවින් කජු ගස් යට වැටී තිබුණ කජු ගෙඩි අහුලා මුට්ටියක දමා රැස් කොට තිබුණි එසේම කැවුම් කොකිස් මුං කැරලි ආදිය ද කොකිස් ආදියද සකස් කිරීම පිණිස අවශ්‍ය හාල් වේලා පිටි සකස් කොට තිබුණි

හරාය කාලයේ පිංගඟ පලේ වැඩ කෙරුණ මාදැල්වලින් ලබාගත් හුරුල්ලන් ලුණු දමා කෑමට සකස් කොට ගෙන තිබුණි අපේ නිවාස තුනම පිහිටා තිබුණේ එකම ඉඩමේය එකී ඉඩමේ කොස් දෙල් ආදිය බහුලව හටගෙන තිබුණි ඉඩම් හිමි ඒබ්‍රහම් සෙනෙවිරත්න මගේ පියාගේ කුලුපග මිතුරකු වූ බැවින් එකී ගස්වල පලදාව අපට කෑමට අතහැර තිබුණි එසේම එකී ඉඩමේ සිටුවා තිබූ බතල, මංඤ්ඤොක්කා ආදිය ද අපේ කෑමට අතහැර තිබුණි සහල් ප්‍රවාහනය සම්බන්ධයෙන් තහනම් කොට තිබුණි

රජෙස් කන්ද පහළ කුඹුරු කොටසක් අපේ පියාට හිමිව තිබුණි එකී කුඹුර කොටස අඳ අයිතියට කරනේලිස් නමැත්තෙක් අස්වැද්දීය මේ හව්අස්සේ කෑම බෑම හීන වෙමින් පවතින වකවානුව කරනේලිස් රාත්‍රි කාලයේ වී හාල් ආදිය අපට ලබා දුන්නේය එකී හාල් ප්‍රමාණය අපේ පවුල් තුනටම ප්‍රමාණවත් විය මේ අතර වාරයේ මගේ පියා ද දිනපතා වෙරළාසන්නව පිහිටි අපේ නිවස මෙන්ම ගමේ පදිංචි එහෙත් පිටිසර පෙදෙසකට නොගොස් නැවතී සිටි ඥාතීන්ගේ සුවදුක් සොයා බැලීමට යාමට පුරුද්දක් කොට ගෙන තිබුණි ඒ බොහෝ සෙයින්ම හිස් ගෙවල්වලට සංචාරක භටයන් මෙන්ම සොරුන්ද කඩා වැදී ගේ තුළ වටිනා බඩු ආදිය සොරාගෙන යන බවට දූෂමාන ආරංචි පැතිරෙමින් තිබුණි යුද තත්ත්වය පිළිබඳව ද පියා දිනපතා ආරංචි රැගෙන ඒමට ද අමතක නොකළේය අප ගම අතහැර පැමිණීම ආසන්න කාලයේ ජපන් ආක්‍රමණික හමුදාව විසින් විසින් පර්ල් වරායට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කොට ඇමරිකන් නවුකාවලට කරන ලද ප්‍රහාරය පිළිබඳ ආරංචිය ද අප වෙත ගෙන ආවේය

අපි පදිංචි වූ නිවස හැර අනික් නිවෙස් දෙකේ පදිංචිව සිටියේ අපේ අම්මාගේ සොහොයුරියන් දෙදෙනාගේ පවුල්ය නිවෙස් ආසන්නයේ පිහිටා ඇති බැවින් අපි සියලු දෙනා එක්ව සතුටින් සහ සමගියෙන් ජීවත් වූහ අපේ පියා අපේ නිවසට ගෙන එනු ලැබූ කෑම ආදිය මෙන්ම ඉහත කී පරිදි ඉඩමේ හටගන්නා කොස් දෙල් අල බතල ආදිය එක හැළියේ එක කුස්සියේ එකට තම්බා සතුටින් බුක්ති වින්දෙමු ගමේ ජීවත්ව සිටියදී මේ පවුල් මෙතරම් එක්ව කුලුපගව සාමයෙන් සතුටින් ජීවත්වූ බව මට එතරම් මතක නැත මේ ක්‍රියා කාලපය එවකට පුංචි අපට මෙන්ම පවුල්වල සෙසු අයට ද විශාල සතුටක් ගෙන දුන් කරුණක් විය

සිංහල අවුරුදු දිනය උදා විය එය 1942 අප්‍රේල් මස උදා වූ සිංහල අවුරුදු දිනයයි පෙර වසරවල සිංහල අවුරුදු දිනය උදාවීමත් සමඟ මුළු ගමට ප්‍රාණවත් ලෙස ක්‍රියාශීලීව බෙහෙවින් නොයෙක් වැඩ කටයුතුවල යෙදිණ අපි සියලු දෙන එදින අවදි වූ මුත් පෙර වසරවල මෙන් ප්‍රාණවත් ගතියක් නොදැනුණි අම්මා සහ බාලම්මා ගිනි උදුන වටකර ගනිමින් කැවිලි සාදනවා නින්දට ගිය අපට නින්දෙන් මෙන් ඇසුණි

නින්දෙන් නැගිට ගත් අපට දැන ගැනීමට හැකිවූ දෙය අපටම අදහා ගත නොහැකිය අම්මා බාලම්මලා මෙන්ම අක්කලාද එක්වී එකතුව අපි පදිංචි නිවසේ කිරිබත් කැවුම්, කොකිස්, කෙසෙල් ගෙඩි සමඟ විශාල කෑම මේසයක් සකස් කොට තිබුණි තාත්තා උදෑසනින් නැගිට අපටද කෑ ගසනු ඇසුණි අපි සියලු දෙනා අවදිවී නෑම පිණිස ගිං ගඟට යනවා මට මතකය ගඟ අද්දරට වී ප්‍රවේශමෙන් අප සියලු දෙන ඉවුරට ගෙන ඇඳුම් ඇඳ ගන්නා ලෙස විධානය කෙරුණි

පසුගිය වසර මෙන් නොව අපට අවුරුද්දට ඇඳ ගැනීමට අලුත් ඇඳුම් කිසිවක් නොවීය අපි ඇඳ ගත්තේ අම්මා සහ බාලම්මලා ගෙදරින් ගෙන සෝදා වේලා සකස් කොට තිබූ පාසලට අඳින ඇඳුම්ය අනික් නිවෙස් දෙකේ පදිංචිව සිටි බාලම්මලාගේ දරුවන්ද ඇඳීමට සිදුවූයේ පියාගේ අලුත් ඇඳුම් නොව අපේ අම්මා, අක්කා, බාලම්මලා සහ ඔවුන්ගේ දරුවන් සොයා සකස් කරගත් ඇඳුම්ය

තාත්තා, බාප්පලා සමඟ කලින් දින දොඩන්දූවට ගොස් විශාල පරවෙක් සහ පැරැව් කූඩයක් ගෙන තිබුණි එකී මාළු අම්මා, අක්කා බාලම්මලා සමඟ එක්ව ගොරක තුන පහේ මිශ්‍රිතව විශාල මාළු තොගයක් සකස් කොට, කොටසක් උදෑසන කිරිබත් සහ කැවිලි මේසයට තබා තිබුණි අනික් කොටස දිවා ආහාරයට වෙන් කොට තැබුවායයි අම්මා කියනු ඇසුණි නිවාස තුනේම නිවැසියන් අපි සියලු දෙනා අවුරුදු දා උදෑසන කිරිබත් කැවිලි කෙසෙල් ගෙඩිවලින් රසවත් කොට තිබූ මේසයෙන් නොයෙක් දේ කාබී අවුරුදු දා උදෑසන කෑමවලින් සන්තර්පනය විය

මෙහි පදිංචි අපට අසල්වැසියකු අපට සලකන ලද්දේ යුද්ධයෙන් අවතැන් වූ පිරිසක් ලෙසිනි අසල්වැසියන් බොහෝ දෙනෙක් උදෑසන කැවිලි මේසයට විවිධ කැවිලි කිරිබත් ආදිය එවා තිබුණි එබැවින් කෑම ආදිය අතින් අපට කිසිඳු අඩුවක් නොවීය දිවා ආහාරය ද එලෙසින්ම අපට සකසා ගැනීමට හැකිවීම කෑම අතින් අප සියල්ලටම මෙසේ අඩුවක් නොදැනුණත්, අවුරුදු සැණකෙළි ස්වභාවය අපට විඳ ගැනීමට නොහැකි විය

යුධ බිය අප සියලු දෙනා කෙරෙන් තුරන්ව නැත වෙහෙසී හදා තනාගත් නිවෙස් අතහැර දමා යාමට සිදුවූ අපට මහත් පාළු ගතියක් දැනෙන්නට විය අවුරුද්ද කොලු ගැටව් වූ අපට පංචි දැමීම, ඔට්ටෙ තැබීම, ඔන්චිලි ආදිය පැදීම කල්ලි ගැසීම ආදි ක්‍රියා කිසිවක් නොවීය අප සියලු දෙනාට විශාල පාළු ගතියක් දැනෙන්නට විය අපේ ගමේ සමහර අය ඈත ගම්මානවල ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් තිබුණි

අපේ වැඩිමහල්ලන් සියලු දෙනාගේ අතේ මිටේ මුදල් බෙහෙවින් ගැවසී තිබුණි ඒවායින් එතරම් ප්‍රයෝජනයක් නොවීය ගමේ බූරුව පිටි බෙහෙවින් විය මෙදා ඒ කිසිවක් නොවීය සාමාන්‍යයෙන් වෙනත් අවුරුදුවලදී ගමේ තරුණියන් කබා කුරුක්කු හැඳ ගමේ එහා මෙහා නිවෙස්වල යති රබාන වටා වාඩිගෙන නොයෙක් රබන් පද වයමින් ඔංචිලි පදිමින් ඔවුහු අවුරුදු දා බෙහෙවින් සතුටු වෙති බොහෝ තැන්වල ගැහැනු පංච කෙලිති පිරිමි බූරුවා ගසති මෙදා ඒ කිසිවක් නොවීය ඒ සියල්ල කපාගෙන මහත් කම්මැලි ගතියෙන් ගත සිතත වෙලා ගනිමින් නිදිබර ගතියක් ඇති කෙරුණි අවුරුදු දිවා භෝජනයෙන් පසු බොහෝ දෙනා නින්දට වැටුණහ

එසේ විනෝද කෙළි සෙල්ලම් කිසිවක් නොමැතිව අවුරුදු කාලය කෙළවර විය හාරය කාලය අවසාන වනවාත් සමඟ ගමේ ජනයාගේ අතේ මිටේ බෙහෙවින් මුදල් ගැවසුණි ඒ මුදල් මුහුදු කර්මාන්තයෙන්ද, ලණු කර්මාන්තයෙන් ගමේ කාන්තාවන්ද උපයා ගත් මුදල් වේ ඔවුන් ඒ මුදල් රැස්කරගෙන සිටියේ අවුරුදු කාලයේ දරුවන් සමඟ විනෝදයෙන් ගත කිරීමටය

එහෙත් ඒ කිසිවක් අප සිතූ ආකාරයට සිදු නොවීය ජපන් ආක්‍රමිකයෝ ලංකාවට එල්ල කළ ප්‍රහාරය පළමු ව කොළඹ සීමා කෙරුණි එහි ප්‍රහාරය දින එකකට පමණක් සීමා විය එකී ආක්‍රමණික ප්‍රහාරය මුහුදට හා ගුවනට පමණක් සීමා විය එයට මිශ්‍ර හමුදාවෝ සාර්ථක අන්දමින් මුහුණ දුන්හ ජපන් පාබළ හමුදාවේ කිසිවෙක් ලංකා පොළෝ තලයට ගොඩබැස්සේ නැත කොළඹට දුන් ප්‍රහාරය මිත්‍ර හමුදා ගුවන් යානා මගින් සාර්ථකව ව්‍යර්ථ කරන ලදී

එදින අවසානයේ ජපන් ආක්‍රමණිකයෝ ආපසු ගොස් ඉන්දියන් සාගරයේ අස්ථාන ගත වූහ කොළඹ ප්‍රහාරය අවුරුද්දකට ප්‍රථම අප්‍රේල් 05 වන දින සිදුවිය ඉන්පසු ජපන් ආක්‍රමණිකයෝ නැවත තිරිකුණාමල වරායට ප්‍රහාරයක් එල්ල කළහ එයද තිරිකුණාමලයේ වරායට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් විය එහිදීද පාබළ හමුදා කිසිවෙක් ගොඩබිම් ආක්‍රමණය කිරීමක් නොකළේය ඉන්පසුව ආක්‍රමණික හමුදාවෝ අපේ රටින් කිසිඳු කොටසක් අල්ලා ගන්නේ නැත එකී ප්‍රහාරයට ගුවන් යානා සියයක් පමණ සහභාගී විය එකී ගුවන් යානා ඉන්දියන් සාගරයේ සිට තිරිකුණාමලට යාත්‍රා කළේ අප නැවතී සිටි නිවෙස මතිනි ඒවා සියල්ල අපට දැන ගැනීමට හැකි විය

ජපන් ආක්‍රමණිකයන්ගේ මේ ප්‍රහාර කිසිවක් අපේ ගමට හෝ බූස්සේ හමුදා කඳවුරට එල්ල නොකරන ලදී එයින් අපට කිසි හානියක් සිදු නොවීය මේ ප්‍රහාරයන් පිළිබඳ ආරංචි සියල්ල අපට දැන ගැනීමට හැකි විය ඉන්පසු ආක්‍රමණික හමුදා ඉන්දියන් සාගරයෙන් ඉවත්ව පැසිපික් සාගරය වෙත අවතීර්ණ වූ බව පසුව ඔවුහු නියැළුණ සටන්වලින් එළිදරව් විය මේ අනුව අපේ නිවෙස් පිහිටි මුහුදුකර පෙදෙසට නැවත සාමය උදාවිය පිටිසරට වැදුනු සියලු පිටිවැල්ල වාසීන් සතුටින් ස්වකීය නිවෙස්වල පදිංචියට පැමිණියෝය

පෙර භවය පිලිබඳ හෙලිකල කතාව

පෙර භවය හෙළි කළ දරුවන් මගින් අනාවරණය වු අතිශය පුදුම උපදවන සිදුවීම් රැසක් පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතරට එක් වී මව්වරුන් මුහුණ දුන් සිදුවීම් නිවැරදිව අනාවරණය කළ දරුවෝ සිටිති මව ගැබිනි අවස්ථාවේ සිටියදී මවට ඇති වන හැඟීම් සහ දැනීම් කුස තුළ සිටින දරුවාට සම්බන්ධව ඇති වන බැව් ඇතැම් සිදුවීම් මගින් හෙළි වේ

තම කුස තුළ සිටින දරුවා​ගේ කළලය විනාශ කිරීමට මවක් කර ගත් උත්සාහයක් හෙළි කළ අතිශය පුදුම සිදුවීමක් මීට වසර කිහිපයකට උඩ දී පින්ලන්තයෙන් අනාවරණය විය එම දරුවාගේ උපත සිදු වුයේ 1976 වසරේදීය ඒ පිළිබඳව සිදු කළ මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණය මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ චාරිකාවකට ද ඇතුළත් කර තිබේ

මව් කුස තුළ දරුවෙකු පිළිසිඳ ගෙන සිටිය දී මවගේ හැසිරීම් රටා සහ ඇගේ සිතුම් පැතුම් එම දරුවා මගින් හෙළි වූ අවස්ථා පිළිබඳව ද පර්​ෙ‌ය්ෂණවල දී අනාවරණය වී ඇත ඒ සමගම මවට ඇති වන හැඟීම් සහ දැනීම් දරුවාට බලපෑ අවස්ථාවන් යනුවෙන් ද මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ අතර දක්නට තිබේ කුස තුළ සිටි දරුවාත් මවත් අතර පවතින මානසික සබඳතාව ප්‍රබල සාක්කි ලෙස හෙළි පුනර්භව සාධක රැසක් ඇත

පෙර භවය හෙළි කළ දරුවා මව් කුස තුළ සිටියදී මාපියන් සහ ඇතැම් පුද්ගලයන් අතර ඇති වු අඬ දබර නිවැරදිව හෙළි කළ දරුවෝ ද පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතර සිටිති බුරුමයේ සිදු කළ පුනර්භව පර්​ෙ‌ය්ෂණයක දී ප්‍රබල සාක්කි ලෙස පිළි ගැනීමට සිදු වූයේ දරුවා මව් කුස තුළ සිටිය දී මාපියන් සිදු කළ අඬ දබර වීමක් ඔහු විසින් අනාවරණය කිරීමය
ඉඩම් ආරවුලක් පිළිබඳව අසල් වැසියන් සමග මාපියෝ ඇති කර ගත් ආරවුලක් පෙර භවය හෙළි කළ දරුවා විසින් අනාවරණය කරනු ලැබුවේ මාපියන් මවිතයට පත් කරවමිනි ඒ වන විට කුස තුළ සිටි දරුවාගේ කළලයට මාස හතරක් පමණ වී තිබිණී

පින්ලන්තයෙන් හෙළි වූ මව ගබ්සාවක් සිදු කිරීමට උත්සාහ ගත් සිදුවීම හෙළි කළ දරුවා මව් කුස තුළ සිටිය දී මව දුටු සිහිනයක් ප්‍රබල සාක්කි යක් බවට ද පත් විය එම දරුවා මව් කුස පිළිසිඳ ගැනීම ගැන මව එතරම් කැමැත්තක් නොදැක්වුවාය මව් කුස කළලයට දෙමසක් ගත වී තිබිණි ඇගේ දරු කළලය ඉවත් කර වීමේ ගබ්සාවක් සිදු කර ගැනීමට ඇය සිතමින් සිටියාය

මනසින් ඒ ඇය ඒ පිළිබඳව නිතර කල්පනා කරමින් සිටියදී දිනක් ඇය නින්දේදී සිහිනයක් දුටුවාය එම සිහිනය වූයේ මිය ගිය ඇගේ සොහොයුරෙකු පැමිණ ඇය අමතන අයුරුයි
‘ඒ දරුවා තියා ගන්න’ යනු එම බැන සිහිනෙන් ඇයට ශ්‍රවණය විය තමා දුටු සිහිනය කුමක්ද? ඇගේ සිත තුළ රැව් දෙන්නට විය දරු කළලය ඉවත් කිරීමේ අදහස ඇය තුළ නැවතත් මතු වී දින කීපයක් ගත විය නැවතත් සොහොයුරා සිහිනෙන් දර්ශනය වී ඒ දරුවා තියා ගන්න යනුවෙන් ප්‍රකාශ කරනු ඇය සිහිනෙන් දුටුවාය අවසානයේ ඇය තීරණක් ගත්තාය තම කුස තුළ සිටින දරුවා බිහි කිරීමටත් ගබ්සාව නතර කිරීමටත් ඇය තිරණය කළාය

දරු ගැබට මාස නමයක් සම්පූර්ණ විය ඇය පිරිමි දරුවෙකු මෙලොවට බිහි කළාය නිරෝගී දරුවෙකු වු එම දරුවා වසර එක හමාරක් පමණ වන විට ඔහු තුළින් විශේෂත්වයක් දක්නට ලැබිණි නිවසේ තිබු ඡායාරූප අතරත් එක් ඡායාරූපයක් දෙස දරුවා ඉතා ඕනෑකමින් බලනු මවට දක්නට ලැබිණි ඡෘයාරූප රැසක් අතර තිබු එම ඡායාරූපය දෙසට නිතර අතර දිගු කරමින් යමක් ප්‍රකාශ කිරීමට ඔහු උත්සාහ ගන්නා බැව් ඔබට දක්නට ලැබිණි

එම ඡායාරූපය කෙරෙහි අවධානය යොමු කළ බවට දක්නට ලැබුණි එය තම මිය ගිය සොහොයුරාගේ ඡායාරූපය බැව්ය තවත් මාස කීපයක් ගත විය දරුවාට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබිණි

දිනක් තම දරුවාට ඔබ ඔහුගේ නම කියා ඇමතුවාය එයට ඔහුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබිණි තවත් සති කීපයක් ගත විය සොහොයුරාගේ ඡායාරූපය දෙස බැලූ දරුවා මිය ගිය එම සොහයුරාගේ නම පැවසීය දරුවාගේ මෙම ප්‍රකාශය ඇදහිය නොහැකි විය

මිය ගිය සොහොයුරාගේ නම ඔහුට ශ්‍රවණය වීමක් කිසි විටෙකත් ඒ වන විට සිදු වී නොතිබිණී මිය ගිය සොහොයුරාගේ නම ඔහු දැන ගත්තේ කෙසේද මවට බලවත් ප්‍රශ්නයක් විය

තවත් දින කීපයක් ගත විය එම ඡායාරූපය වෙත හිස දරුවා එදෙස ටික වේලාවක් බලා සිටිනු මව දුටුවාය මව ඒ අසලට ගිය විට දී ඔහු මව ඇමතුවේය ඔහුගේ කකුල සුනඛයෙකු සපා කෑ බැව් දරුවා ප්‍රකාශ කළේය තම පුත්‍රයාගේ එම ප්‍රකාශය සොහොයුරා නැවත ඉපදීමක් සිදු වී ඇති බැව් බවට අවබෝධ විය

මිය ගිය සොහොයුරාගේ කකුල වරක් සුනඛයෙකු සපා කෑ බැව් ඇයට සිහිපත් වූවාය මේ අයුරින් තම සොහොයුරාගේ ජීවිත තොරතුරු දරුවා විසින් අනාවරණය කරන බැව් මවට පැහැදිලි විය ඒ වන විට එම සිදුවීම ඇගේ මතකයෙන් ද ඉවත් ව තිබු අතර පුත්‍රයා එය හෙළි කරන්නේ කෙසේද යන්න විමසීමට ද මම උන්නදු වූවාය සුනඛයා සපා කෑ ස්ථානය පිළිබඳව ද මව ඇගෙන් විමසීමක් කළාය එම පාදය ද ඔහු විසින් නිවැරදිව පෙන්වා දුන්නේය

තම දරුවා හෙළි කරන තොරතුරු තවදුරටත් නිරීක්ෂණය කිරීමට මවට අවශ්‍ය වීය නිවසේ තිබු ඡායාරූප අැල්බමයක් මව විසින් පුත්‍රයාට ඉදිරි පත් කළේය එය ඉතා උන්නදුවෙන් පරීක්ෂා කළ දරුවා එහි තිබු තවත් ඡායාරූප ඉතා නිවැරදි පෙන්වා දුන්නේය

ඔහු සංගීත භාණ්ඩ කීපයක නම් ප්‍රකාශ කරමින් එම භාණ්ඩ වාදනය කිරීමට හැකි බැව් ද පැවසුවේය එතැන් සිට තම දරුවා පිළබඳව දැඩි අවධානයක් යොමු කළ මව ඔහුගේ ප්‍රකාශ සහ හඳුනා ගැනීම් නිරීක්ෂණයට ලක් කළාය ඒ පිළිබඳව පර්​ෙ‌ය්ෂණයන් පැවැත්වීමට මනෝ විද්‍යාඥයන්ට අවස්ථාව ලැබිණි ඒ අනුව මහාචාර්ය ස්ටීවන්සන් විසින් එම දරුවා පිළිබඳව සියුම් පර්​ෙ‌ය්ෂණයක් සිදු කළේය

​ෙමම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කි බවට පත් වූයේ එම දරුවා විසින් පෙර භවයේ භාවිත කළ භාණ්ඩ කීපයක්ම නිවැරදිව හඳුනා ගැනීමටත් මිය ගිය පුද්ගලයාගේ නම හෙළි කිරීම සහ හැසිරීම රටා ඔහු තුළත් දක්නට ලැබීමය

එම දරුවා හෙළි කළ පෙර භවයේ මවගේ සො​හොයුරා මරණයට පත් වූයේ වයස අවුරුදු 18 ක තරුණ වියේ සිටියදීය දියවැඩියා රෝගියෙකු වු ඔහු අධික ලෙස ජලය පානය කිරීමෙන් ෂැරඩි රෝගී තත්ත්වයෙන් ඉතා ඉක්මනින් අසාධ්‍ය තත්ත්වය ට පත් විය ඉතා සුළු කාලයක් තුළ ඔහුගේ මරණය සිදු විය

මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී මහාචාර්ය ස්ටීවන්සන් දැඩි අවධානයක් යොමු කළ ප්‍රධානතම කරුණ වූයේ ගබ්සාව පිළිබඳව අනාවරණය වීම පිළිබඳවය ඇය දුටු සිහිනය පිළිබඳ පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ද ඇතුළත් කර ඇත

මව විසින් ගබ්සාව සිදු කිරීමට අවධානයට යොමු කර සිටිය දී දුටු සිහිනය එහි සඳහන් කර ඇත්තේ මෙසේය

AT the Time She Had Been Considering Having An Abortion but in the Dream She Heard Keep That Child යනුවෙනි පෙර භවයේ පුද්ගලයාගේ නම එම දරුවා විසින් හෙළි කරනු ලැබුවේ ඉතා අඩු වයසේ සිටිය දී වීම ද මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් බවට පත් විය

තිස්ස ජයවර්ධන

පෙම්වතිය සොයා රටවල් අටක් ඔස්සේ ස්වීඩනයට පා පැදියෙන් ගිය පෙම්වතා

තම පෙම්වතිය සොයා රටවල් අටක් ඔස්සේ ස්වීඩනයට පා පැදියෙන් ගිය කුලහීන පෙම්වතා

1949 උපත ලද ප්‍රදියුම්නා කුමාර් ඉන්දියාවේ දෙන්කනාල්හි ඔඩිෂා ප්‍රදේශයේ පහත් යැයි සම්මත කුලයක දිළිඳු තරුණයකු විය ඔහුගේ පියාගේ වෘත්තිය වූයේ රෙදි විවීමය චිත්‍ර ඇඳීමට දක්ෂයකු වූ ඔහුට උසස් අධ්‍යාපනය ලැබීමට දිළිඳුකම බාධාවක් විය ඔරියා නම් කුලයේ උපත ලද හෙයින් උසස් අධ්‍යාපනය ලැබීම පිළිබඳ කතා කළ සැම විටකම පාහේ කුලවතුන්ගේ සමච්චලයට ඔහු බඳුන් විය එහෙත් අධ්‍යාපනය ලැබීමේ ආසාවෙන් පෙළුණු කුමාර් 1971දී නවදිල්ලියට පැමිණියේ කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබන්නෙමැයි යන ප්‍රාර්ථනය සිත් දරාගෙනය තම හැකියාවන් මත නවදිල්ලි සෞන්දර්ය ආයතනයට ඇතුළත් වන්නට ඔහු සමත් වූයේය නවදිල්ලි සෞන්දර්ය ආයතනයේ චිත්‍ර කලාව හැදෑරූ ඔහු අති දක්ෂ ආලේඛ්‍ය චිත්‍ර ශිල්පියකු ලෙසින් දස්කම් දැක්වූ අතර අධ්‍යාපන ආයතනයේ සියල්ලන්ගේම අවධානය දිනා ගැනීමට සමත් විය

19 හැවිරිදි ස්වීඩන් ජාතික ධනවත් තරුණියක වූ චාලට් වොන් ස්ලෙඞ්වින් අධ්‍යාපනය ලැබුවේ ලන්ඩනයේය ඇයට තමාගේ උඩුකය සිතුවමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විය ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවූ ඇයට මිතුරියක මාර්ගයෙන් ඉන්දියානු ජාතික තරුණයා පිළිබඳව දැන ගැනීමට ලැබිණි එම තරුණයා ලවා තම සිතුවම නිර්මාණය කර ගැනීමේ අරමුණින් චාලට් 1975 වසරේ ඉන්දියාවට පැමිණියාය

ආලේඛ්‍ය චිත්‍රය නිර්මාණය සඳහා මාස කිහිපයක් ගත විය චිත්‍රය අඳිනු පිණිස දිනපතා තමා ඉදිරියේ අසුන් ගන්නා චාලට්ගේ රූ සිරියෙන් මත් වූ කුමාර් ඇයට සිතින් පෙම්කරන්නට විය ඔහුගේ දක්ෂතාව හා අහිංසකත්වය දුටු චාලට්ගේ සිත ද චිත්‍රශිල්පියා කෙරෙහි බැඳී ගියේය

ඔවුන්ගේ ප්‍රේමය දිනෙන් දින මෝරා වැඩෙන්නට විය කුමාර් නොදැක සිටින්නට නොහැකි වූ චාලට් දිනක් ඔහු විස්මයට පත් කරමින් ඔහුගෙන් ඉල්ලා සිටියේ තමා හා විවාහ වන ලෙසටය කුලහීනයකු වන තමාට ඇයගේ අතගැනීම සිහිනයක් වූයෙන් කුමාර් තම පවුල් පසුබිම ඇයට පැවසුවාය එහෙත් ඇය ඒ කිසිවක් පිළිබඳ නොතැකුවාය අවසානයේ දෙදෙනා සාම්ප්‍රදායික ඉන්දියානු පිළිවෙත් අනුව විවාහ වූ අතර තරුණිය තම නම වූ චාලට් වෙනුවට චාරුලතා යන ඉන්දියානු නම තෝරා ගත්තාය ඔවුහු නව දිල්ලියේ මහල් නිවෙසක නව ජීවිතයක් ආරම්භ කළහ

මාස කිහිපයකට පසු තම අධ්‍යාපන කටයුතු සඳහා චාලට් යළි ලන්ඩනය බලා යා යුතු වූවාය තමා සමඟ යෑමට එන්නැයි ඇය තම සැමියා වන කුමාර්ගෙන් ඉල්ලා සිටියාය එහෙත් කුමාර් ඒ වන විටත් සෞන්දර්ය ආයතනයේ සිසුවකු වූ බැවින් අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමන්නට ඔහුට හැකියාවක් නොවීය තවත් වසරක කාලයකින් අධ්‍යාපන කටයුතු නිමවා ඇය හමුවන්නට ලන්ඩනයට එන්නෙ මැයි ඔහු ඇයට ප්‍රතිඥාවක් දුන්නේය එයට එකඟ වූ චාලට් අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස ලන්ඩනයට පැමිණෙන්නට ගුවන් ප්‍රවේශ පත්‍රයක් එවන බව පැවසුවද කුමාර් එයට කැමති නොවීය ඔහුට අවශ්‍ය වූයේ තමා උපයා ගත් මුදලකින් ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන ඇය හමුවන්නට යාමය අවසානයේ චාලට් ඔහුගේ ඉල්ලීමට එකඟ වූ අතර වසරකින් හමුවීමේ අපේක්ෂාවෙන් දෙදෙනා වෙන් වූහ

වසරක් පුරා දෙදෙනා ලිපි මගින් හමු වූහ හදවත ප්‍රේමයෙන් පිරී ගියද කුමාර්ගේ පසුම්බිය හිස්ය ඇයට ප්‍රතිඥා දුන් පරිදි ලන්ඩනයට යෑමට ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලට ගැනීමට තරම් මුදලක් ඉතිරි කර ගැනීමට ඔහුට නොහැකි විය තමා මුදල් සොයා ගන්නා බව පැවසූ හෙයින් ඇයගෙන් මුදල් ඉල්ලීමටද ඔහු අකමැති විය එහෙත් ඔහු ලෙහෙසියෙන් පසුබසින්නකු නොවීය
5
චිත්‍ර අඳින උපකරණ හැර තමා සතු සියල්ල විකුණා දැමීමට කුමාර් තීරණය කළේය අවසානයේ යම් මුදලක් රැස් කරගත් ඔහු භාවිත කරන ලද හොඳ තත්ත්වයේ පාපැදියක් මිලට ගත්තේය ඔහු කරන්නට යන දේ ඇසූ මිතුරෝ “උඹට ඔල්මාදදැ” යි ඔහුගෙන් ඇසූහ නැත, ඔහු ඔල්මාදයෙන් පෙළෙන්නකු නොවීය කෙසේ හෝ තම ප්‍රතිඥාව ඉටු කිරීමත්, තම ආත්ම අභිමානය රැක ගැනීමත් ඔහුගේ එකම අරමුණ විය තම බිරිය හමුවීම සඳහා පාපැදියෙන් ඉන්දියාවේ සිට ස්වීඩනය බලා යෑමට කුමාර් සැලසුම් කොට තිබිණි ඒ වන වන විට චාලට් සිය අධ්‍යාපන කටයුතු අවසන් කොට තම මව් රට වන ස්වීඩනය බලා ගොස් තිබුණාය

දින ගණනකට අවශ්‍ය ආහාර පාන සහ චිත්‍ර ඇඳීමට අවශ්‍ය තීන්ත, පැන්සල්, පින්සල් ආදී සියලු දෑ ඔහු තම පාපැදියේ අසුරා ගත්තේය සීත කාලයට අවශ්‍ය ඇඳුම් කිහිපයක්ද ඒ අතර විය තම බිරිය හමුවීමේ අරමුණින් ඔහු 1978 එක්තරා දිනෙක නවදිල්ලියෙන් ගමන් ඇරඹීය හුදෙකලාව යන හෙයින් පරිස්සම් විය යුතු බවත්, කිසියම් ආපදාවක් පැමිණියහොත් යළි ඉන්දියාවට පැමිණිය යුතු බවටත් ඔහුට සමුදීම සඳහා පැමිණ සිටි මිතුරෝ ඔහුගෙන් ඉල්ලා සිටියහ

නවදිල්ලියෙන් ගමන් ඇරඹූ කුමාර් අම්රිත්සාර් නුවරට ළඟා විය දිනක් විවේක ගෙන යළි ගමන් ඇරඹූ ඔහුගේ ඊළඟ නැවතුම වූයේ ඇෆ්ඝනිස්ථානයයි එහි සිට ඉරානයටත් එතැනින් තුර්කියටත් ගිය ඔහු අවසානයේ යුරෝපයට ඇතු`ඵ විය ඔහුගේ ඊළඟ ගමනාන්තය වූයේ බල්ගේරියාවය එතැනින් ජර්මනියට ළඟා වූ ඔහු ඔස්ටි්‍රයාව ඔස්සේ ඩෙන්මාර්කයට පැමිණියේය එකල බොහෝ රටවලට වීසා බලපත් අවශ්‍ය නොවූයෙන් රටකින් රටකට යෑමට ඔහුට එතරම් බාධා ඇති නොවිණි ගමන අතරවාරයේ අවස්ථා කිහිපයකදීම ඔහුගේ පාපැදිය අබලන් විය වරින්වර එය සකස් කර ගනිමින් අධික වෙහෙස කර ගමනක නිරත වන්නට කුමාර්ට සිදු විය අත ඇති මුදල ප්‍රමාණවත් නොවූයෙන් ඔහු දින ගණන් කුසගින්නේ තම බයිසිකලය පැද්දේය වරෙක දැඩි හිරු රශ්මියෙන්ද, වරෙක තද සුළඟින් හා වැස්සෙන්ද ඔහු පිඩා වින්දේය අධික වෙහෙස හා රිදෙන දෙපා පිළිබඳ ඔහු තැකුවේ නැත ඇතැම් අවස්ථාවල ගස් යට රැය පහන් කළ අවස්ථාද විය එහෙත් කුමාර් තම අධිෂ්ඨානය අත් හැරියේ නැත

මාස හතරකුත් සති තුනකට අධික වෙහෙසකර ගමනකින් පසු ඔහු ස්විඩනයේ ගොතන්බර්ග් නුවරට ළඟා වූයේය එහිදී ස්වීඩන ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට ඔහුට සිදු විය මේ මිනිසා පාපැදියක නැගී ඉන්දියාවේ සිට ස්වීඩනයට පැමිණියා යන්න ඇදහීමට ඔවුහු නොකැමති වූහ අවසානයේ ඔහු පැමිණි කරුණ ඇසූ ඔවුහු විමතියට පත් වූහ තමා ස්වීඩන තරුණියක හා විවාහ වූ බවත් ඇය හමුවන්නට පා පැදියකින් ස්වීඩනයට පැමිණි බවත් කුමාර් පැවසීය විවාහ වූ දිනයේ ලබාගත් ඡායාරූප ඔවුනට පෙන්වූ විට ඔවුහු නැවතත් විමතියට පත් වූහ චාලට් ස්වීඩනයේ රාජකීය පෙළපතකට අයත් තරුණියක වූවාය ආගමන විගමන නිලධාරීන් වඩාත් විමතියට පත්වූයේ රාජකීය රුධිරය සහිත තරුණියක දිළිඳු ඉන්දියානු තරුණයකු හා විවාහ වූ බැව් අසන්නට ලැබුණු හෙයිනි

කුමාර් හට දින කිහිපයක් ආගමන විගමන නිලධාරීන් භාරයේ පසුවන්නට සිදුවූයේ චාලට් හමුවී මේ මිනිසා පවසන්නේ සත්‍යයක්දැයි විචාරීමට ඔවුනට අවශ්‍ය වූ හෙයිනි තම සැමියා පාපැදියකින් තමා සොයා පැමිණ ඇතැයි දැනගත් චාලට් ඔහු හමුවනු පිණිස ගොතන්බර්ග් නගරයට පැමිණියාය අති මහත් සතුටකින් යුතුව තම සැමියා වැළඳගත් චාලට් ආගමන විගමන නිලධාරීන්ට අවශ්‍ය සියලු තොරතුරු සපයා ඔහු නිදහස් කර ගත්තාය

ස්වීඩන රාජවංශිකයන් හට රාජකීයයකු හා සුදු ජාතිකයකු නොවන පුද්ගලයකු හා විවාහ වීම තහනම් විය එහෙත් චාලට්ගේ මව්පියෝ එම සම්ප්‍රදාය බිඳ දමමින් තම දියණියගේ රාජකීයයකු නොවන සැමියා තම පවුලට එක් කර ගැනීමට කැමැත්ත පළ කළහ

මේ වන විට ආචාර්ය උපාධිධරයකු වන කුමාර් මහනන්දියා ස්විඩනයේ සම්භාවනාවට පත් චිත්‍ර ශිල්පියෙකි පීකේ නමින් ලොවම හඳුනන ඔහු ස්වීඩන් රජයේ චිත්‍ර සහ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශකයකු වන අතර ඉන්දියාවේ තමා උපන් ඔඩිෂා ප්‍රදේශයේ ස්වීඩන සංස්කෘතික තානාපතිවරයා ලෙසින් කටයුතු කරයි කලකට ඉහත කුල හීනයකු ලෙසින් ඔහු පීඩාවට පත් කළ එම ගමේ කුලවත්හු පීකේ ගමට පැමිණෙන විට මහත් හරසරින් පිළිගැනීමට සැදී පැහැදී සිටිති

වසර 40ක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන කුමාර් හා චාලට් යුවළට දරුවන් දෙදෙනෙකි කාල් සිද්ධාර්ත් සහ එමලි ඔවුන් දෙදෙනාය කුමාර්ගේ චිත්‍ර ලොව පුරා ප්‍රධාන නගරයන්හි ප්‍රදර්ශනය කෙරේ යුනිසෙෆ් සංවිධානයේ සුබපැතුම් පත් රැසක් සැරසී ඇත්තේ ඔහුගේ චිත්‍රවලිනි 2012 ජනවාරි මාසයේ ඉන්දියාවේ උට්කල් විශ්වවිද්‍යාලය මගින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබීය ස්වීඩන රජය කුමාර්ගේ හා චාලට්ගේ ප්‍රේම වෘත්තාන්තය සියවසේ අමරණීය පෙම්පුවත සේ සලකනු ලබන අතර එම පුවත අළලා ස්වීඩන් බසින් චිත්‍රපට හා වාර්තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණයවී තිබේ ප්‍රකට ඉන්දියානු සිනමාකරුවකු වන සංජේ ලීලා බන්සාලි, කුමාර් හා චාලට්ගේ පෙම්පුවත ඇසුරින් බොලිවුඞ් චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා මේ දිනවල සූදානම් වෙයි කුමාර් මහනන්දියාගේ ප්‍රවෘත්තිය අධිෂ්ඨානශීලී දිළිඳු තරුණයකුගේ සැබෑවූ සිහිනය පිළිබඳ කතාවයි

ID එක ඇපේට් තියලා තැඹිලි ගෙඩියක් ගත්තා දැන් පයින්ම ජා ඇල යනවා

අද උදේ 11 20 ට විතර මම මහරගම පිලිකා රෝහල අසල බස් නැවතුම් පොල ගාව තිබෙන තැඹිලි වෙලෙන්දෙකුගෙන් තැඹිලි ගෙඩියක් අරන් බිව්වා ගාන රු 80යි
අවුරුදු 25 ක 26 ක තරුනයෙක් ඇවිත් තැබිලි ගෙඩියක් ඉල්ලුවා එයා ගාව තිබුබෙ විස්සෙ කොල දෙකක් විතරයි
මුදලාලි කිව්වා 40ට දෙන්න බැ අපි ගන්නෙම 50,60 කියලා ඒ කොල්ලා කිව්වා එක ගෙඩියක් දෙන්න පස්සේ ආවම දෙන්නම් කියලා

මුදලාලිගේ නෝනා වෙන්න ඕනා එයා බැන්නා ඔයාලාට අරක්කු බොන්න සල්ලි තියෙනවා වෙරි බහින්න තැඹිලි බොන්න සල්ලි නෑ හදපු අම්මලා තාත්තලාටත් පව් ඕවා කියලා ඒ කොල්ලා කමක් නෑ එහෙනම් කියලා ගියා

ආයෙත් හවස 150ට ට විතර එයාව මම දැක්කා බස් හෝල්ට් එකේ වාඩි වෙලා ඉන්නවා එන එක බස් එක්කටවත් නැග්ගේ නෑ ගොඩක් වෙලා බලන් ඉදලා මම ගිහින් ඇහුවා තැඹිලි ගෙඩියක් අරන් දෙන්නද කියලාඑයා කිව්වේ ජා ඇල ට යන්න රු 42 ක් ඕනා මන් ගාව තිබ්බ සල්ලි වලින් අම්මට තැඹිලි ගෙඩියක් අරන් දුන්නා ඩොක්ට කිව්වා පිලිකාව මර්දනය කරන්න දෙන බෙහෙත සැර නිසා ඇඟ නිමෙන්න දවසට තැඹිලි ගෙඩියක්වත් අම්මට දෙන්න කියලා මට කිරි පෙව්ව අම්මට තැඹිලි ගෙඩියක් අරන් දෙන්න මා ගාව සල්ලි නෑ මල්ලී රු 40 ක් මදි නිසා ID එක තියලයි තැඹිලි ගෙඩියක් අරන් අම්මට පෙව්වේ
එකෙත් බිව්වෙ එක උගුරයි මම පයින්ම ජා ඇලට යනවා කියලා කතාවේ ඉතුරු ටික දිග වැඩි

අනේ ඔයාලට වෙලාවක් තියෙනවා නම් තැඹිලි වතුර, කොමඩු, ගස් ලබු ටිකක් අරන් යන්න නාඳුනන අම්මා තාත්තා සහෝදරයියක් වෙනුවෙන් මහරගම පිලිකා රෝහලට ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙයි

තාත්තා කියූ කතාව අසු පසු සියලුම දෙනාගේ ඇස් කඳුලින් තෙත්වුනා

අළුත බැඳපු ජෝඩුවක් විවාහයට පත්වුණු දවසේ රෑ එකඟතාවකට එනවා, “හෙට දවසේ අපේ, කවුරු අපේ ගෙදර ආවත් අපි දොර අරින්නේ නැතුව ඉමු හෙට දවසේ තිස්සේම අපි අපේ ඉදිරි ජීවිතේ ගැන කතා කරමු“ කියලා දෙන්නාම මේ අදහසට බොහොම කැමති වෙනවා පහුවදා උදේ මේ දෙන්නා ඇහැරෙන්නේ කවුදෝ දොරට ගහන සද්දෙකින් දෙන්නා හෙමීට දොර ළඟට ගිහින් දොරේ තියෙන චූටි හිලෙන් කවුද ඇවිත් තියෙන්නේ කියලා බලනවා එතකොට දකිනවා තරුණයාගේ ගෙදරින් අළුත බැඳපු ජෝඩුව බලන්න ඇවිත් කියලා තරුණයා තමන්ගේ බිරිඳගේ මුහුණ බලනවා බිරිඳ ඊයේ වුණු එකඟතාව මතක් කරන්න වගේ ඔලුව වනනවා තරුණයාගේ ඇස් දෙකේ කඳුළු පිරෙනවා ඒත් තමන්ගේ බිරිඳට ඊයේ රෑ වුණු පොරොන්දුව කඩ කරන්න බැරි හින්දා බොහොම අමාරුවෙන් දොර අරින්නේ නැතුව බලාන ඉන්නවා විනාඩි දහයක් විතර දොරට ගහලා බැරිම තැන,දෙමව්පියන් පිරිස ආපහු යන්න යනවා

ඊට ටික වේලාවකට පස්සේ ආයේ කවුදෝ දොරට ගහනවා මේ දෙන්නට ඇහෙනවා දෙන්නා ආයෙමත් දොර හිලෙන් බලනවා කවුද ඇවිත් තියෙන්නේ කියලා මේ පාර තරුණියගේ පැත්තෙන් ඇවිත් තියෙන්නේ තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මුණ දිහා බලනවා ඔහු කිසිවක් කියන්නේ නෑ තමන්ගේ අම්මා තාත්තා දොරට එහා පැත්තේ ඉඳන් බලාගෙන ඉන්නවා ගේ ඇතුළට වෙලා තවදුරටත් බලගෙන ඉන්න තරුණියට බැරි වෙනවා කඳුළු ඇස්වලින් කඩා වැටෙද්දි තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් සමාව අරන් දොර අරිනවා තරුණයා ඒ දිහා පුදුමයෙන් බලා සිටියා මිසක් කිසිවක් කීවේ නැහැ

මේ දෙන්නාට දාව මුලින්ම ඉපදෙන්නේ හුරතල් පුතෙක් දෙවනුවත් පුතෙක් තුන්වැනියාත් පුතෙක් හතරවෙනියාත් පුතෙක් පස්වෙනියා විදිහට බොහොම ලස්සන චූටිම චූටි දූ පැටියෙක් හම්බෙනවා තාත්තාට හරි සතුටුයි දුවගේ පළවෙනි උපන්දිනය දවසේ තාත්තා නෑදෑ හිත මිත්රාදීන් ඔක්කෝටම කියලා ලොකුම ලොකු පාටියක් ගන්නවා තාත්තාගේ මේ පාටිය ගැන අම්මාට හරි පුදුමයි මොකද එයාලගේ කළින් කිසිම පුතෙකුට කිසිම දවසක මේ විදිහේ ලොකු පාටියක් අරගෙන තිබුණේ නෑ පාටිය ඉවරවෙලා අම්මා තාත්තාගෙන් අහනවා, “කිසිම පුතෙක්ට කළින් නොගත්ත විදිහේ පාටියක් ඇයි දූට විතරක් ගත්තේ?“ කියලා
එතකොට තාත්තා කියනවා,

“කවදහරි දවසක මට දොර අරින්නේ මගේ මෙන්න මේ දුව“ කියලා

චුටි දුවේ නුඹයි අපේ ප්‍රාර්ථනය තාත්තා

ලෝකයටම අභියෝගයක් වන බුද්ධිමතුන් සිටින ජාතිය

මෙයට අවුරුදු හතළිහකට පමණ පෙර ජෝර්දාන ගංගාව මැදි කර යුදෙව්වෝ අවුලක් හදා ගත්හ අවුරුදු තිහකට පමණ පෙර ඊජිප්තු ජාතිකයන් සමඟ අරගලයක යෙදුණි අවුරුදු තුන හතරකට පෙර ඉරානය සමඟ උග්‍ර වාග් සංග්‍රාමයක යෙදී, කුමන මොහොතක සටනක් ඇති වේද යන තරමට ඒ තත්වය උග්‍ර විය මේ සිදුවීම් දහස් ගණනක සිදුවීම් අතරින් කීපයක් පමණි

මේ තරම් අරගල මත ‘කූල් එකේ’ ජීවත් වන යුදෙව්වන් යනු ඇත්තටම කව්ද ?

කෙටියෙන් කිවහොත් යුදෙව්වන් යනු ලෝකයේ අදටත් වාසය කරන ඉතාම පැරණි මිනිස් වර්ගයක් කියා කිව හැක ක්‍රිස්තු වර්ෂයට පෙර අවුරුදු දෙදහසක් පමණ ඈත අතීතයට යන යුදෙව් ජාතියට, ජාතියක් කීමද එතරම් ම සාධාරණ නැත මක්නිසාද යත් යුදෙව්වන් ලෝකයේ වෙනත් ජාතීන්ට මිශ්‍ර වී පවතින බැවිනි බ්‍රිතාන්‍යයේ සුද්දන් යයි කියන අයගෙන් සෑහෙන ප්‍රමාණයක් යුදෙව්වන් වේ ඇමරිකාවේම යුදෙව්වන් ගේ ජනගහනය මිලියන වලින් මැනිය යුතුය

වෙන එකක් තබා ලංකාවේ සිට යුරෝපයේ ඇති එංගලන්තය වැනි රටවලට ගිය අයද යුදෙව් ගැහැණුන් විවාහ කර ලංකාවටද පැමිණි අවස්ථාවන් ඇත එහෙත් ඔවුන්, ‘එංගලන්තයේ සුද්දියන්’ යයි කියනවා හැර, තමා යුදෙව්වන්ගෙන් පැවතෙනවා කියන්නේද නැත

‘යුදෙව්’ යන වචනය භාවිතා කිරීමට කෙනෙක්, යුදෙව් පරම්පරාවකින් පැමිණීම පමණක් නොව, එසේ පැවතීමට අතිරේකව යුදෙව් ධර්මය පිළිපැදීමද අදාළ වේ යුදෙව් ධර්මය අනුව බයිබලයේ ප්‍රථම භාගය හෙවත් ‘පැරණි තෙස්තමේන්තුව’ ඇදහීම කෙරේ ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කාරයෙක් යයි ඔවුන් පිළි නොගනිති ක්‍රිස්තුස් වහන්සේට ඇන ගසන ලද්දේද, යුදෙව් ධර්මය අදහන පූජකයන්ගේ කුමන්ත්‍රණ නිසා විය

යුදෙව්වන්ගෙන් සැම කෙනෙක්ම යුදෙව් ආගම පිළි නොගනිති එසේ ආගම වෙනස් කළා කියා ඉස්ලාමයේ මෙන් ඝාතනය කිරීමක් වන්නේ නැත හොඳ උදාහරණයක් වන්නේ බ්‍රිතාන්‍යයේ සිටි අගමැතිවරයෙක් වූ ‘බෙන්ජමින් ඩිස්රේලි’ විය ඔහු ක්‍රිස්තියානි ධර්මය අනුගමනය කල කෙනෙක් විය

එසේම ඔවුන්ට යාබද ජාතිය වන ඉස්ලාමිකයන්ට වඩා ඉඳුරා වෙනස් පිළිවෙතකින් ඔවුන් යුදෙව් ධර්මය අනුගමනය කරති උදාහරණයක් සේ, ‘සබත් දිනයේ වැඩ කරන්නාව ඝාතනය කර යුතුය’ වැනි ප්‍රාථමික නීති කිසිම යුදෙව්වෙක් අනුගමනය නොකරති එසේම අන් ආගම් ගැන තුලනාත්මක සේ සිතන යුදෙව්වන් වැනි මිනිසුන් කොටසක් මේ ලෝකයේ කොහේවත් නැත ඔබට උදාහරණයක් දෙමි ඊශ්‍රායලයේ ඇති හින්දු යෝග ක්‍රම මධ්‍යස්ථාන පමණක් නොව, බෞද්ධ විපස්සනා භාවනා මධ්‍යස්ථාන ගූගල් කර බලන්න

ටොන් ගණනට විස්තර ඔබට ලැබෙනු ඇත

මෙන්න මේ නිසාම ඔවුන් ගේ චින්තන ශක්තිය පුළුල් වී ඇත ඔවුනට ලොව පුරා අයත් අන්තර් ජාතික නිෂ්පාදන සමාගම් ප්‍රමාණය අති විශාලය මුහුණු පොත අයිතිකරුද යුදෙව්වෙකි එසේම ලොව සිටි මෙන්ම සිටින අග්‍ර ගණයේ උගතුන් යුදෙව්වන් වූහ

කීප දෙනෙක් ගැන කියනවා නම්, අයින්ස්ටයින්, කාල් මාක්ස්, යෙහුඩි මෙනුයින්, වොන් බ්‍රෝන්, සියල්කොවුස්කි, මෙන්ම ක්‍රිස්තුස් වහන්සේ සහ උන් වහන්සේගේ සියලුම ගෝලයන් යුදෙව්වන් විය අදද යුදෙව් ප්‍රසිද්ධ චරිත ඇත මේ තරම් මේ මිනිසුන් උගතුන් වූයේ කෙසේද යන්න ප්‍රශ්ණයකි සාපේක්‍ෂ උදාහරණයක් සේ, එක යුදෙව්වේකුට මුස්ලිම්වරු 14,000 ක් ලොව සිටී එහෙත් නොබෙල් ත්‍යාගය ලැබූ යුදෙව්වන් දෙසිය පණහට වඩා වැඩි අතර, මුස්ලිම් ලෝකයේ එය දහයට අඩුය

මෙතෙක් නොබෙල් ත්‍යාගය ලැබූ 900ක් පමණ සිටිති එයින් 20% ක් තෑගී දිනා ඇත්තේ ලෝක ජනගහනයෙන් 02% ක් වන යුදෙව්වන්ටය ! List of Jewish Nobel laureates සේ ඔබ ගූගල් කළහොත්, විකිපීඩියාවේ ලැබෙන ලැයිස්තුව දුටුවොත් පුදුම වෙනු ඇත ඇත්තටම, ජාතියක් වශයෙන් මේ තරම් මේ යුදෙව්වන් උගතුන් වූයේ කෙසේද යන්න ප්‍රශ්ණයකි

පැහැදිළි එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ පැරණි ආගමික නීති පොත් ඉවත් කර වර්තමානය අනුව හැඩ ගැසීමය නැතිනම් ඔවුන්ද පස් වතාවක් ඔලුව පොලවේ ගසමින්, දිනකට පැයක කාලයක් නාස්ති කරන්නට ඉඩ තිබිණ

මෝසෙස් යුදෙව්වන්ට යුදෙව් ආගම සහ නීති ඉදිරිපත් කල අනාගත වක්තෘ විය ඔවුන්ගේ මුල් භුමිය වන ඊශ්‍රායලය ලෙස, වෙනම රාජ්‍යයක් සේ පිහිටුවන ලදී එය ලංකාවට නිදහස ලැබූ 1948 වර්ෂයේම පිහිටුවන ලදී අද ලංකාව කොතනද, ඔවුන් කොතනද යන්න ගැන මොහොතක් සිතා බලමු

යුදෙව්වන් ලෝකයේ සිටින පීඩිතම ජාතීන්ගෙන්, ජාතියක් වෙති දෙවන මහා ලෝක සංග්‍රාමයේ දී නොයෙක් ආකාරයේ වධ බන්ධන වලට මුහුණ පා මිය ගිය යුදෙව් ජාතිකයන් ගේ ප්‍රමාණය මිලියන 6කට වැඩි විය

එසේ වූ හේතුව නම්, තමන් යුදෙව්වන් වී ඉපදීම නිසාය

අවුරුදු දෙදදහකට පමණ පෙර යුදෙව්වන්ට ‘පලස්තීනය’ යයි නමෙන් රටක් තිබුනේය ක්‍රිස්තු වර්ෂ 70 සහ 135 දී රෝම අධිරාජ්‍ය වාදීන් පැමිණ, ජෙරුසලම ගිණි තියා, එකම යුදෙව්වෙකුට වත් එහි ඇතුළු වීම තහනම් යයි ආඥා පනවන ලදී ලෝකයේ නා නා රටවල් වලට යුදෙව්වන් ගොස් ජීවත් වීම ආරම්භ කලේ ඉන් පසුවය එහෙත් ම රටවල් වලින් යුදෙව්වන් පිටුවහල් කලහ මෙය මුලින්ම කලේ එංගලන්තය විසින් ක්‍රිස්තු වර්ෂ 1290 දීය ප්‍රංශය සහ ජර්මනිය පසුව එංගලන්තය අනුව යමින් යුදෙව්වන් පිටමං කරන ලදී

1348 වසරේ යුරෝපයේ හටගත් මහා වසංගතයට හේතුව යුදෙව්වන් විසින් ළිං වලට වස යෙදීම යන බොරු චෝදනාව අනුව, යුදෙව්වන් ලක්ෂ ගණනක් ඝාතනය කිරීම සිදු විය නමුත් පසුකලෙක යුරෝපයේ බොහෝ රටවල් පාර්ලිමේන්තු පනත් සම්මත කර, යුදෙව්වන්ට පුරවැසිකම දුන්හ මේ රටවල් කීපයක් නම් බෙල්ජියම, ඩෙන්මාර්කය, ස්වීඩනය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව සහ නෝර්වේ වේ

දෙවන මහා ලෝක සංග්‍රාමයේ බොහෝ යුදෙව්වන් ඝාතනය කරන අතර වාරයේ තවත් යුදෙව්වෝ බොහෝ දෙනෙක් වෙනත් රටවල් වලට පැන ගත්හ 1947 වසරේ එක්සත් ජාතීන්ගේ යෝජනාවක් පරිදි පලස්තීනය දෙකට කඩා එක කොටසක් යුදෙව්වන්ටත්, අනෙක් කොටස අරාබි ජාතිකයන්ටත් බෙදා දෙන ලදී එහෙත් මේ තීරණයට එදා සිට අද වනතුරුත් අරාබි ජාතීන් බොහොමයක් හිස නොනමති

වෙන එකක් තියා මූල ධර්ම ඉස්ලාමික සංවිධාන වලින්, ‘ස්වර්ගයට යාමට කල හැකි විශ්වාසම ක්‍රමය හෙවත් කුසළ කර්මය වන්නේ, ‘යුදෙව්වෙක් ඝාතනය’ යයි කියා කියති මැද පෙරදිග බල අරගලයේ එක දැවැන්තයෙක් වන ඉරානයද යුදෙව්වන්ට විපක්ෂ වෙති

මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේ ජනාධිපතිවූ කල, ලංකාවටද පැමිණි ඉරාන ජනාධිපති ‘අහමඩ් නෙජාඩ්’ කියා සිටියේ, …”ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දමන බවය” එහෙත් ඉන් පෙර ඔහු ජනාධිපති කමෙන් අතුගා දැමිණි ජර්මනියේ සිදු වූ ඊශ්‍රායෙල් වරුන්ගේ ඝාතන බොරු යයි කියන්නට ගොස්, ඔහුට අන්තර් ජාතිකව පමණක් නොව, ඉරානයේ සාමාන්‍ය ජනතාවගේ සමච්චලයද හිමි විය

ඉහත එක්සත් ජාතික සංවිධානයෙන් ගන්නා ලද පලස්තීනය බෙදා ඊශ්‍රායෙල් වරුන්ට එක් කොටසක් දීමට අරාබි රටවල් හයක්ම සම්පූර්ණ විරුද්ධත්වය පළ කලද, එය යුදෙව්වන්ගේ ආගමනය නැවැත්වීමට හේතුවක් නොවිණි ඇත්ත වශයෙන් යුදෙව්වන්ට අද ඔවුන් සිටින භූමියට වඩා වැඩි ප්‍රමාණයක් අතීතයේ තිබුණහ එහෙත් අද ඔවුන් ජීවත් වන කුඩා බිම් කොටස අරාබි රාජ්‍යයන් ගෙන් වටව ඇත්තේ, “දත් තිස් දෙකක් අතර ඇති දිව” අයුරෙනි

ලොව පවතිනා තුරු හෝ මූල ධර්මික ඉස්ලාමය පවතින තුරු, මේ නයි පොළොන් වෛරය පවතිනු ඇත

එහෙත් යුදෙව්වන් නම් අද වනතුරුද නිරුපද්‍රිත සේ ඊශ්‍රායලයේ ජීවත් වෙති මුළු ඊශ්‍රායලයේම අහස රේඩාර් තාක්ෂණයෙන් ආවරණය වන පරිදි ආරක්ෂා කර ඇත එසේ හෙයින් හිතන තරම් ලෙහෙසියෙන් ඊශ්‍රායලය ආක්‍රමණය කල නොහැක පොළව යට බංකර වල ඇති සිය ගණන් කෆීර් යානා නවතා ඇත්තේ, ඕනෑම මොහොතක ඒවා ක්‍රියාවට නැගීමට හැකි හෙයිණි මුළු රටේම මිනිසුන් පාහේ යුද්ධයකට සූදානම් කර ඇත යුද්ධයකට සුදුසු නැතැයි සිතෙන සුරූපී යුවතියන් පවා දක්ෂ සොල්දාදුවියන් වී ඇත

එහි ගිය කෙනෙක්ට, මහා කතරක් ස්වර්ගයක් කල අයුරු පෙනේ මා කියන්නේ මොනවාද යයි එහි සිටින ලංකාවේ අය දනිති

ස්වර්ගයක් කරන්නට අපහසු තැන් වල සූර්ය තාප ක්‍රම සකසා රටට විදුළි බල ශක්තිය ගනිති ඔබ දකින පින්තූරය ඒ ආකාරයේ ක්‍රමයකි උදාහරණ:- Ashalim Power Station එය අද දින ලෝකයේ විශාලතම තාප කුළුණ වේ

මේ අතර අප, අදත් අළුත් ගල් අඟුරු බලාගාර රටට ගෙන එන්නට උත්සාහ කරමු නව අවුරුද්ද බේබදු කමෙන් සමරමු අහසෙන් වැටෙන දිය බිඳ මෙන්ම හිරු කිරණද, හිර තාපයද අපතේ යවන්නෙමු රතු කොළ නිල වලට බෙදී බැන ගන්නෙමු සෑහෙන ප්‍රමාණයක හරක් සහ, නරි රැළක් පාර්ලිමේන්තුවේ තබන්නෙමු

සමස්ථයක් සේ ගත්කල යුදෙව්වන් විසින් ලොවට දුන් දායාද බොහෝ වේ ඒවායින් ලංකාවටද ප්‍රයෝජනවත් වන කෘෂිකර්මය සඳහා වන එකක් පමණක් කිවහොත්, ‘ජළ බිඳුව බැගින් ගස් වලට සැපයීම’ [Drop irrigation] ගත හැක මේ ජලය අපතේ නොයවා ගොවිතැන් කරන ක්‍රමය ඉන්දියාව, චීනය ඇතුළු මුළු ලෝකයේම ගොවියන් මිලියන ගණනාවක් භාවිතා කරන ක්‍රමයකි

යුදෙව්වන් විසින් ලොවට දෙන ලද දායාද ගැන ලියන්නට, මෙවැනි ලිපියක් නොව විශාල පොතක් අවශ්‍ය වනු ඇත

පුංචි දරුවෙක් එක්ක අසරණවුණ තාත්තා කෙනෙක්

ජීවිතේ කවදාක හරි කාත් කවුරුත් නැතුව පුංචි දරුවෙක් එක්ක අසරණවුණ තාත්තා කෙනෙක් හමුවෙලා තියෙනව ද?

ස්ථානය: ගල්ගමුව දුම්රිය ස්ථානය

හරියටම සිංහල හින්දු අලුත් අවුරුදු දා
පහුවදාට ගමනක් යෙදිලා තිබුණ නිසා මං හිටියේ දුම්රියක් බලාපොරොත්තුවෙන් අනුරාධපුර ට ටිකක් එහායින් දුම්රිය පීලී පැනලා පැය දෙක තුනක් ප්‍රමාද වෙනවා දැන දැනත් මට බලාගෙන ඉන්න සිද්ධ වුණා මොකද ඒ වෙලාවේ පොදු ප්‍රවාහන සේවාවකට කියලා තිබුනේ දුම්රිය විතරයි

“නෝනා ළඟ වතුර බෝතලයක් තියෙනව ද? පුතා වතුර ඉල්ලනවා මං හදිසියට දාගෙන නෑ”

මගේ ඉස්සරහ හිටියේ කැඩිච්ච සිංහලෙන් කතා කරන, හරිම වේදනාබර විදියේ හිනාවකින් මුව සරසගත්ත, තරමක් තරුණ පිරිමියෙක් මගේ එහා පැත්තේ වාඩිවෙලා හිටිය කාන්තාව මට කලින් ඔහුට වතුර බෝතලයක් දිගුකලා පුංචි දරුවෙක්ට වතුර පොවලා ඔහු ආයෙම අපි ළඟ ට ඇවිත්;

“පුතා කට තියලා බීවේ නෝනා අද ටවුමෙ මුස්ලිම් කඩ ඇරලා ඇති මං නෝනට වතුර එකක් ගෙනත් දෙන්නම්” කියලා කිව්වා

ඊටපස්සේ අර කාන්තාව,

“පිස්සුද අනේ පුංචි දරුවෙක් නේ, ඒකට කමක් නෑ ඔයා ඕනේ නම් වතුර එකක් අරන් එන්න එයා ආයෙම මගදි ඉල්ලයිද දන්නෑනේ මට ඕක කමක් නෑ” කියලා කිව්වා

දරුවා ව අපි ගාව දාලා ඔහු තරමක් දුරින් විවෘත ව පේන්න තියෙන කඩේකට ගියේ;

“පොඩ්ඩකට මෙයාව බලගන්න නෝනා” කියලා

ඔහු සැරින් සැරේ පුංචි එකා දිහාට හැරිලා අත වනනවා ඒ අතර මාත්, මං ළඟ හිටපු කාන්තාවත් පුංචි දරුවා එක්ක කතා කරන්න උත්සාහ කළා ඔහුගේ නම සහීල් වගේ නමක් මට මතක විදියට හරි ලස්ස්නට සිංහල, ඉංග්‍රීසි, දෙමළ (හෝ ඊට සමාන භාෂාවක්) ඔහුට හසුරුවන්න පුලුවන් කියලා මට තේරුම්ගන්න එයාගේ තාත්තා ආපහු එන්න ගියපු විනාඩි පහ දහය ප්‍රමාණවත් වුණා

ඔහු ආපහු ආවම මගේ ළඟ හිටපු කාන්තාව

“කෝ බබාගේ අම්මා? ”

කියලා ඔහුගෙන් ඇහුවම, තරමක් නිශ්ශබ්ද වුණු ඔහු පසුව,

“මං බංග්ලාදේශ් නෝනා බබාගේ අම්මා සිංහල බබාත් එක්ක ආයේම බංග්ලාදේශ් යන ගමන්”

කැඩිච්ච ඔහුගේ සිංහල ඉංග්‍රීසි උච්චාරණය අස්සෙන් මට ඔය ටික තේරුම් ගන්න පුලුවන් වුණා ඔය ටික කියලා ඉවරවෙද් දී රතු පැහැවුණු ඔහුගේ මූණ සහ කඳුළු ගලන ඇස් මගේ හිතට ගොඩක් දේවල් ඒත්තු ගන්වලා ඉවරයි තවත් මුකුත් අහන්න එපා කියලා අර කාන්තාවට මං ඉඟි කරද් දී, හැඩි දැඩි පුතෙක් සහ ස්වාමියා එක්ක කළුතර ට නෑගම් යන්න ඇවිත් හිටපු ඇගෙත්, මගෙත් ඇස් තෙත් වෙලා ඉවරයි කිසි දෙයක තේරුමක් නැති පුංචි එකා ඔහු ගෙනැත් දුන්න ටිපි ටිප් පැකට් එක කන ගමන් ඇඟිලි සූප්පු කරනවා

පස්සේ ඔහු මා සමඟ පැවසූ ආකාරයට, ඔහුට දරුවාගේ මව මුණගැසෙන්නේ ඇය බංග්ලාදේශයේ රැකියාවේ නිරත වෙලා ඉද්දී දරුවා ලැබුණාට පසු ඔවුන් මෑතක දී ලංකාවට එනවා ඒ එද්දී ඔහු හරිහම්බ කරපු සෑහෙන මුදලක් ඇගේ අතේ තියලා ඉවරයි දැන් දැන් ඇය ඔහු ගැනවත් දරුවා ගැනවත් එතරම් තැකීමක් නෑ ඔහු ඒ ගැන ඇයගෙන් විමසූ කළ ඇගේ පිළිතුර වී ඇත්තේ,

“මං තමුසෙව එක්කන් ආවේ නෑනේ, තමුසෙනේ මාත් එක්ක ආවේ! වැන්නක්

“මට කියලා මේ රටේ කිසිකෙනෙක් නෑනේ නෝනා මේවා පල්ලියට කියලා විසඳගන්න පුලුවන් දේවල් නෙමේ හොඳම දේ මං දරුවා අරන් ආයෙම මගේ රට ට යන එක අනික එයාට ප්‍රශ්න ඇතිකරන්න මට වුවමනාවක් නැහැ එයා කාත් එක්ක හරි කමක් නෑ, සතුටින් ඉන්නවා නම් එච්චරයි මං එම්බසි එකට ගිහින් උදව් ඉල්ලනවා එයාලා මාවයි දරුවවායි ආයෙම මගෙ රටට යවයි”

ඔහුට අමුතුවෙන් තේරුම් කරන්න අපිට දේවල් තිබුණෙ නැහැ

“දරුවා පුතෙක්නේ එයාට අම්මා නෑ කියලා ඒක ලොකු අඩුවක් වෙන එකක් නැහැ ඔයාට පුලුවන් දරුවා හොඳට හදාගන්න”
වෙලාවේ හැටියට මට කියන්න ඉතිරිවෙලා තිබුණේ එච්චරයි

ටිකකින් ඔවුන්ගේ අසල්වැසි හෝ නැදෑ යුවලක් නැවත නිවසට කැඳවාගෙන යන්න පැමිණියත් අර දරුවා වේදිකාව දිගේ දුවමින් හඬමින් ඔහුගේ විරෝධය පෑවා

“මම්මා ඔයාට ආදරෙයි, එයා ඔයා එනකන් බලන් ඉන්නවා”

මුළු දුම්රිය ස්ථානයේම සිටියේ හරිම අතලොස්සක් බැවින් හැමෝගේම අවධානය ගන්න මේ සිදුවීම ට හැකිවුණා ඒ නිසා ඔවුන් කියන දේ තේරුම් ගන්නත්, යටිසිතින් මේ දෙන්නාට හොඳ දෙයක් වෙන්න දෙවියනේ කියලා යැද යැද හිටපු මට තේරුම් ගන්න අමාරු වුණේ නෑ

දරුවෝ මත්තේ නැහෙන අම්මලා තාත්තලා මං දැකලා නැතුව නෙමේ හැබැයි තමන්ගේ කියලා කාත් කවුරුත් නැතුව තනි වුණු දරුවෙක් මත්තේ නැහෙන තාත්තෙක් ව මං දැකපු පළවෙනි අවස්ථාව මේක ඒ හුරතල් මූණ දකිද්දී අම්මෙක් කොහොම යන්න දීලා බලන් ඉන්නව ද කියන එක තේරුම ගන්න තරම් මං දියිණු නැතුව ඇති

අවසානේ දී ඔහු මෙහෙම කිව්වා

“නෝනා, මං මුස්ලිම් තමයි හැබැයි කිසිම ආගමක කියලා නෑ, කාටවත් නරක දෙවල් කරන්න කියලා හිතේ ආදරයක්, මනුස්සකමක් නැත්නම් ආගම් මොනවටද නෝනා? හැම ශාස්තෘවරයම කියලා තියෙන්නේ එකම දේ, එක එක විදියට මිනිස්සු තමා දැන් බෙදිලා මරාගන්නේ දරු සෙනෙහසක් නැති අම්මෙක් ගාව දරුවාව දාලා ගිහින් හිත හදන් ඉන්න තරම් මං අමානුෂික වෙන්නේ කොහොමද නෝනා?”

ඔහුගේ හඬ ඉදිරියේ මං ගොලුයි ස්ටේෂම පහුවෙන හැමවෙලාවකම ඒ තාත්තයි පුතයි මට හැමදාම මැවි මැවී පෙනේවි

ඕනෑම දෙයක් ඉක්මණින මතකේ තියාගන්න පුළුවන් ක්‍රම 12ක්

අමතක වෙන එක හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ. ඉගෙන ගන්න ළමයින්ට මේ ප්‍රශ්නේ හොදටම තියෙනවා.ඉතිං අද අපි හිතුවා හැමෝටම ප්‍රශ්නයක් වුණ මේ මතකය ගැන කතා කරන්න.ඔන්න පහතින් තියෙනවා හොදින් මතක හිටින්න කරන්න ඕනි දේවල් 12ක්. මේ අපි කියන කතාවක් විතර නම් නෙවේ , ජර්මන් ජාතික මනෝ විද්‍යාඥයකු වන Hermann Ebbinghaus ගේ සොයා ගැනීම් කිහිපයක්.

අපිට අමතක වෙන්නේ ඇයි ?

අපේ මොළය සාමාන්‍යයෙන් අනවශ්‍ය තොරතුරු වලින් මොළය පිරියාම වළක්වන්න නිතරම උත්සහ ගන්නවා. ඒ නිසාම අලුත් තොරතුරු නිතරම ගබඩා වෙන්නේ අපේ කෙටි කාලීන මතකය තුළයි. ඒව එක පාරම දිගුකාලීන මතකයට යන්නේ නෑ. ඒ නිසා ස්මරණය කිරීම අත්‍යවශ්‍යයි. නැත්තම් ඉක්මනනින්ම අමතක වෙනවා

මේ තියෙන්නේ Hermann Ebbinghaus ගේ අමතක වක්‍රය.මේකට අනුව අපිට ඉගෙන ගෙන පැයක් යද්දිම භාගයකට වඩා අමතක වෙලා ඉවරයි. සතියක් යද්දි මතක ඉගෙන ගත්ත දෙයින් 20% යි.

හැමදේම මතක තියා ගන්නේ කොහොමද?

ඔබට දෙයක් දිගුකාලිනව මතක තියාගන්න ඕනි නම් අනිවාරියෙන්ම ඒක ඔබේ දිගුකාලීන මතකයට ඇතුලත් කරන්න ඕනි.ඒක බලෙන් කරන්න පුළුවන් නෙවේ. පමනට වඩා මොළයට වද දිලා කරන්න පුළුවන් දේකුත් නෙවේ. ඒක කරන්න ඕනි ක්‍රමෝපායන් කිහිපයක්ම තියෙනවා. අන්න ඒ විදියට කරොත්.මතකය ඉතා අසීරු දෙයක් නෙවේ.

මෙන්න තවත් මතකය වැඩි කරන ක්‍රමෝපායන් 12ක්

ඉගෙන ගන්න වෙලාවට තේරුම් ගන්න උත්සහ කරන්න. මෙහෙම තේරුම් ගත්තාම මතකය තබා ගැනීමේ වේගය 9ගුණයකින් වැඩි වෙනවා.අවශ්‍යම කරුනු පමනක් මතකයේ තබාගන්න. මේ කියන්නේ ප්‍රමුඛතාවන් සදාගන්නා ලෙසටයි.මේ දේ හොදින්ම මතක තබා ගන්න. මුලින්ම තියෙන දේවලුයි , අන්තිමට තියෙන දෙවලුයි මතක තබාගන්න එක තමයි හොදම දේ
එක් මතෘකාවකින් තව එකකට මාරු වෙන්න. මොකද එකම දේ හිරවෙලා හිටියොත් ඒක අවුල් ජාලයක් වේවි.ප්‍රතිවිරුද්ද දේවල් ඉගෙන ගන්න. ඔබ විදේශීය භාශාවක් ඉගෙන ගන්නවා නම් දවල් හා රාත්‍රියේ ඒවා සිහිකරන්න. එතොට මතකයේ රඳවා ගැනීම හුඟාක් පහසු වේවි.ඔබේ මනසේ ඔබේම “මතක මාළිඟාවක් ” සදා ගන්න.

මේක ඉතාමත් හොඳ උපක්‍රමයක්. මේ සංකල්පයේදි කියන්නේ ඔඅබ හදා ගන්නා මේ මතක මාලිගාවේ තැනින් තැන මතක ගබඩා කරන්න. ඒ ගබඩා කරපු ස්ථානයත් එක්කම නැවත නැවත ඒවා ස්මරණය කරන්න.” බැදි ඇති වචන භාවිතා කරන්න.” ඔබ පාඩම් කරපු දේට ළගින් යන, බැදීමක් තියෙන වෙන වචනයක් මතක තියාගන්න. ඔබට එතකොට අර වචනය තුළින් පාඩම් කරපු දේ මතක් වේවි.

අලුත් වචන හා කළින් දන්න දේවල් අතර සම්බන්ධතාවයක් හදාගන්න, භාශා ඉගෙන ගන්න හොදම ක්‍රමයක් තමයි මේ.කතාවක් හදාගන්න. මේක අමාරු පාඩමක් කියලා හිතෙනවාට වඩා මේ කතාන්දරයක් කියලා හිතුවොත්,පාඩම් මතක තියාගන්න එක හරිම ලේසි දෙයක්.
රෙකෝඩරයක් භාවිතා කරන්න.ඔබ ඉගෙන ගන්න දේවල් මතක තබා ගන්න රෙකෝඩරයක් භාවිතා කරන්න. මේක පසුවට බොහොමත්ව ප්‍රයෝජනවත් වේවි.දෘශ්‍ය රූප මවා ගන්න. පාඩම් කරන විට ශරිර/අංග චලන භාවිතා කරන්න. මේ දේවල් හරහා හැම විටම මතකය පහසු වේවි.
හොඳම මාධ්‍යක් තෝරාගන්න. පාඩම් කරන්න පොත්ම අවශ්‍ය නෑ. ඔබට ගැලපෙන පහසුම විදිය තෝරාගන්න.

භාවනාව කිරීම මගින් ඔබේ මොළයට සිදුවෙන දේවල් 7ක් මෙන්න

බුදු දහමට අනුව සතිපට්ඨාන භාවනා ක්‍රම මගින් අපේ මනසට අත්වන ප්‍රතිලාභ ගැන අප අසා තිබෙනවා. මේ භාවනා ක්‍රම පිළිබඳ විවිධ විද්‍යාත්මක අධ්‍යයනයන් කිහිපයක්ම සිදුකර භාවනා ක්‍රම මගින් අපේ මනසට අත්වන ප්‍රතිලාභ පිළිබඳව ගවේෂණය කර තිබෙනවා. නමුත් මේ අධ්‍යයන කෙතරම් සිදුකළත් මේ කිසිම අධ්‍යයනයක් තවමත් සමත්වී නෑ යම්කිසි රෝගී තත්වයක් සුවපත් කරන්නට කෙතරම් භාවනා කිරීමට අවශ්‍යද යන්න පැවසීමට.කෙසේවුවත් භාවනා ක්‍රම අපට උපකාර වන ආකාර කිහිපයක් ගැන මෙම ලිපිය මගින් දැන් අපි අවධානය යොමු කරමු.

අවධානයෙන් සිටීම

ඔබ දවසේ සිදුකරන වැඩ රාජකාරී අතරේ දවසේ පළමු කාර්යය නිසිලෙස මනා සිහියක් ඇතිව සිදුකළ විට දවසේ සියළුම දෑ එක හා සමානව නිසි අවධානයකින් යුතුව නිමකිරීමේ හැකියාවක් ඔබ සතුවනවා.2012 වර්ෂයේදී “Frontiers in Human Neuroscience” සඟරාව විසින් පෙර කිසිදු භාවනා ක්‍රියාකාරකමක් සිදු නොකළ මිනිසුන් පිරිසක් රැස්කර අපූරු පර්යේෂණයක් සිදුකරතිබෙනවා.මේ පර්යේෂණයට සහභාගී වූ මිනිසුන් කිහිපයකට සති 16 ක කාලයක් දිනකට විනාඩි 10 බැගින් සතිපට්ඨාන භාවනා කිරීමට උපදෙස් දී තිබෙනවා. මේ කාලය අතර තුල භාවනාවේ නිරත වූ මිනිසුන්ගේ විවිධ කාර්යයන් භාවනා නොකරන මිනිසුන්ට වඩා වැඩි පිළිවලින් යුතුව නිසි අවධානයෙන් සිදු කෙරුණු බව අධ්‍යයනය කරනු ලබුවා.මේ පර්යේෂණයේ ප්‍රතිඵලත් සමග සසඳන විට දී ඔප්පු වූ දෙයක් තමයි දිනකට සුළු වේලාවක් වුවත් භාවනා කිරීමට හැකි නම් එදිනෙදා ජීවිතයේ දී සිදු කරනු ලබන කාර්යයන් නිසි අවධානයකින් යුතුව සිදුකළ හැකි බව.

කාංසාව “Anxiety” සහ විෂාදය “Depression”කළමනාකරණය

2014 වසරේදී “ Social Cognitive and Affective Neuroscience ” විසින් එක්තරා පර්යේෂණයක් සිදු කරනු ලැබුවා. මේ පර්යේෂණය සඳහා භාවනා ක්‍රම පිළිබඳව කිසිම පළපුරුද්දක් නොමැති පුද්ගලයින් 15 දෙකෙකු යොදාගත්තා. දින හතරක කාලයක් ඇතුලත සතිපට්ඨාන භාවනා සිදුකළ මේ පුද්ගලයින්ගේ සිතෙන් කාංසාව දුරු වූ බව සොයාගත්තා.
භාවනා ක්‍රම වල නිරත වීම මගින් කාංසාව දුරු වීමත් මනෝභාවය වර්ධනය වීමත් සිදු වී ඥානයත් වර්ධනය වනවා.

මානසික ආතතිය දුරලීම

භාවනා ක්‍රම පිළිබඳව සිදුකළ විවිධ අධ්‍යයනයන්ට අනුව තහවුරු කර තිබෙනවා මානසික ආතතිය ඇති අවස්ථාවන්හි දී ඒ හා සටන් වැදීමට මෙවන් සතිපට්ඨාන භාවනා ක්‍රම විශාල ලෙස උපකාර වන බව. වර්ෂ 2013 දී ඇමරිකා එක්සත් ජනපදයේ “Richmond” වල පිහිටි “Virginia Commonwealth” සරසවියේ PhD උපාධිදාරියෙක් සහ මනෝවිද්‍යාඥයෙක් වන“Kirk Warren Brown” සහ සගයන් පිරිසක් විසින් භාවනා ක්‍රම නිසා මොළයේ මානසික ආතතිය හා සම්බන්ධ වන මනෝභාවාත්මක මධ්‍යස්ථාන සක්‍රිය වන ආකාරය අධ්‍යයනය කරනු ලැබුවා.
භාවනා වල නිරතවීම මගින්ම මෙවන් පීඩාකාරී සිතුවිලි යටපත් කරගැනීමටත් මේ සිතුවිලි පාලනය කිරීමටත් අපට හැකියාව ඇතිබව “Brown” මහතා පවසනවා.

ශාරීරික වේදනා සමනය

විවිධ වේදනාකාරී තත්වයන්ගෙන් පසුවන පුද්ගලයින් කිහිප දෙනෙක් එක්කර ගෙන 2011 වර්ෂයේදී “Wake Forest” සරසවියේ “Zeidan” සහ සගයින් පිරිසක් විසින් එක්තරා පර්යේෂණක් දියත් කළා.මෙහිදී වේදනාවලින් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට දින හතරක සතිපට්ඨාන භාවනා කිරීමට උපදෙස් දුන්නා. මේ දින හතරින් පසුව පර්යේෂණකාණ්ඩයම විසින්මේ පුද්ගලයින්ගේ අප්‍රසන්න බව 57% කින්ද වේදනාවේ තීව‍්‍රතාව 40% කින්ද අඩුවී ඇතිබව සොයාගත්තා.ඒ වගේම මේ පර්යේෂකවරුන් සොයාගත්තා මෙවන් යම්කිසි කෙනෙක් ශාරීරික වේදනාවකින් සිටිනා විට භාවනා ක්‍රම සිදු කිරීම මගින් මේ වේදනා ඉක්මණින් සුව වීම සදහා මොළය විසින් පුහුණුවක් ලබාදෙන බව.

Gray Matter (මධ්‍යම ස්නායු පද්ධතියේ ප්‍රධානතම අංගයක්) නිපැයුම වේගවත් කිරීම

මොළයේ විවිධ කොටස් තුල “Gray Matter” වල වේගවත් වර්ධනය මගින් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට, ධාරණ ශක්තිය වර්ධනය කරගැනීමට සහ මානසික නියාමනයට උපකාර වන බව විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.2011වසරේ “Psychiatry Research” සඟරාවේ මේ පිළිබඳව අධ්‍යයනවාර්තාවක් පලකළා. මෙහි සඳහන් වනවා පර්යේෂකවරුන් විසින් භාවනා ක්‍රම සිදුකරන පුද්ගලයින්ගේ මොළය ස්කෑන් පර්යේෂණ වල‍ට ලක්කළ බව. මේ ආකාරයට සති අටක කාලයක් ගතවීමෙන් පසුව නැවතත් ඔවුන්ගේ මොළය ස්කෑන් පර්යේෂණයකට ලක්කර තිබෙනවා. එහිදී සොයා ගෙන තිබෙනවා භාවනා ක්‍රම නිසා මොළයේ “Gray Matter” සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩිවීමක් සිදුවී ඇති බව.

ඇල්සයිමර්ස් “Alzheimer” රෝගයහා සටන් වැදීම

භාවනා කිරීම මගින් මොළයේ පරිහානිය මන්දගාමී කර ඇල්සයිමර්ස් රෝගීතත්වය ඇති වීමේ අවධානම අඩුකරනු ලබනවා.“ Wake Forest ” සරසවියේ මහාචාර්යවරික් වන “ Rebecca Erwin ” සහ සගයින් පිරිසක් එක්වී 2013 වසරේ දී අධ්‍යයනයක් සිදුකරනු ලැබුවා. මෙම අධ්‍යයනය සදහා සාමාන්‍ය වශයෙන් වයස් ගතවීමේ දී මතක ශක්තිය ගිලිහී ගිය වැඩිහිටි පුද්ගලයින් සහ පූර්ණ වශයෙන් ඩිමෙන්ශියාව රෝගී තත්වය ඇති වූ වැඩිහිටි පුද්ගලයින් යොදාගත්තා.මේ අධ්‍යයනයට එක්වූ පිරිසට භාවනා ක්‍රම වල නිරත වන අතරේ පර්යේෂණයට ලක්කළා.මෙම අධ්‍යයනය මගින් සොයා ගැනුනේ භාවනා ක්‍රම මගින් ඇල්සයිමර්ස් වැනි රෝග ඇති වීම වලක්වාලීමත් ඇල්සයිමර්ස් රෝගය වැනි රෝග වැළදුණු පුද්ගලයින්ව සුවපත් කිරීමත් සිදුවන බවයි.මෙම අධ්‍යයනය මගින් සොයාගැනුන තවත් කරුණක් වන්නේ භාවනා සිදුකිරීම මගින් දිවාකාලයේදී සිහින දැකීම, අතීත සිතුවිලි සහ අනාගතය ගැන අනවශ්‍ය ආකාරයට සිතීම වැනි දෑ භාවනා කරන පුද්ගලයන්ට වඩා භාවනා නොකරන පුද්ගලයන් හට ඇතිවන බවයි.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලින් ආරක්ෂා වීම

භාවනා කිරීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කිරීම සිදුවනවා. 2012වසරේදී “Annals of Family Medicine” විසින් වයස අවුරුදු 50 ට සහ ඊට වැඩි පුද්ගලයින් යොදාගෙන සිදුකරනු ලැබුව අධ්‍යයනයක් විසින් සොයාගෙන තිබෙනවා සතිපට්ඨාන භාවනා ක්‍රම සෘතු උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි උග්‍ර ශ්වසන ආභාද ඇති කරවන රෝග සඳහා ව්‍යායාමයකට හා සමානව ඵලදායීව ක්‍රියා කරන බව. මේ අධ්‍යයනය විසින්ම සඳහන් කරන තවත් කරුණක් තමයි නිතර භාවනා ක්‍රම අනුගමනය කරන අයෙක්ට මානසික ආතතිය දුරුකර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගෙන ලෙඩරෝග හා සටන් කිරීමේ බලයක් හිමිවන බව.
පරිවර්තනය| සසිඳු චතුරංග