සුදු ළුණු කිරි පානය ලෙඩ රෝග රැසකට ගුණ දෙනවා

ඔන්න අද කියන පානය නම් එසේ මෙසේ පානයක් නෙවෙයි. මේ අපුරු පානය මගින් මොන තරම් ලෙඩ රෝග ගණනාවක් වලක්වා ගන්න පුලූවන්ද කියලා දැන ගත්තාම ඔයාල පුදුම වෙනවා නොඅනුමානයි. සුදුළුනු අපගේ ආහාරවලට එකතුකරන නැතිවම බැරි කුළුබඩුවක් බව ඔයාලා දන්නවනේ. බොහෝ ගුණ අඩංගු සුදුළුනු එකතු කරලා ලෙඩ රෝග ගණනාවක් සදහා සුවයක් සලසා ගත හැකි ඖශධිය කිරි පානයක් සකසා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද දැන් මේක හදා ගන්නේ කියලා

අවශ්‍ය දේවල් –  පොතු සුද්ද කල තලාගත් සුදුළුනු බික් 10ක් / කිරි මිලි 500 ක් / වතුර මිලි 250ක් / සිනි තේ හැදී 2-3ක්

සාදා ගන්නා ආකාරය – කිරි සහ වතුර භාජනයකට දමා එයට සුදුළුනු බිකි එකතු කරන්න. මෙය මධ්‍යම උෂ්ණත්වයේ උතුරවන්න. මිශ්‍රණය භාගයක් හිදෙන තුරු මෙසේ රත් කරන්න. ඉන්පසු පෙරාගෙන කිරිවලට සිනි එකතු කර ගන්න. රස්නයෙන් පානය කරන්න.

-සුදුළුනු කිරි වල ගුණ –

  1.  කැස්ස – සුදුළුනු කහ සමග එකතුකළ විට එය කැස්ස සදහා මහගු ප්‍රතිකර්මයකි. කහ ස්වල්පයක් සමග මීපැණි බිදක් එකතු කිරීමෙන් ඔබට කැස්ස සදහා මෙය පාවිචිචි කරන්න පුළුවන්. කහ වල ඇති බැක්ටීරියා විරෝධී ගුණ මගින් සහ මීපැණි සහ සුදුළුනු එකතුවෙන් සෙම පිටකර කැස්සට සහනයක් ලබා දෙයි.
  2. ඇදුම – ඇදුම රෝගයෙන් පෙලෙනවානම් සැම රාත්‍රියකම මෙයට කරාබුනැටි 3ක් එකතුකර බිමෙන් ගුණ ලැබේ.
  3. ක්ෂය රෝගය – සුදුළුනු පපුව ආශ්‍රිත රෝග සදහා වැඩි ක්‍රියාකාරී නිසා සහ ඇති සල්ෆර් මගින් ඇදුම රෝගයට සහනයක් ලබා දෙනවා. සුදුළුනු සමග උතුරුවා ගත කිරි පානය ඇදුම සදහා ඉතා ගුණ පානයකි. සුදුළුනු ග්රෑම් 1ක් කිරි මිලි 240 සහ වතුර ලීටර 1ක් උතුරුවා එය ¼ දක්වා හිද දවසට 3න් වරක් පානය කරන්න.
  4. නිවුමොනියව – දිනකට 3න් වරක් පානය කිරීම නිවුමොනියාවට ගුණ දෙන බව ආයුර්වේද පොත පතෙහි සදහන්.
  5. කොලෙස්ටරෝල් – සතියක් නොකඩවා මෙම පානය පානය කරනම් කොලෙස්ටරෝල් තත්වය අඩු මට්ටමකට පත්වේ. අහිතකට කොලෙස්ටරෝල් ( LDL ) මට්ටම අඩු කර හොද කොලෙස්ටරෝල් ( HDL ) මට්ටම ඉහල දමයි
  6. ජීරණ පද්ධතියේ රෝග – සුදුළුනු සාර්ථක විෂබීජ මර්ධක සහ ප්‍රතිශක්තිකරණය ඉහල දමන ද්‍රව්‍යයකි. වසා ග්‍රන්ථි, ශරිරටේ විෂ ඉවත් කිරීම සදහා ප්‍රනිපල සාර්ථකව ලබා දේ. එසේම ජීරණ ක්‍රියාවට අවශ්‍ය ශ්‍රාවයන් නිපදවීම වැඩි දියුණු කරයි.
  7. කහ උණ – සුදුළුනු අක්මාවේ තන්පත්වන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උදවු වෙනවා. අක්මාවට අවශ්‍ය සල්ෆර් සුදුළුනු මගින් ලැඛෙන නිසා අක්මාවේ තෙල් තත්වයට ඉතා යෝග්‍ය වේ. දින 4-5 මෙම සුදුළුනු කිරි පානය කිරීමෙන් කහ උණ නැති කිරීමට උදවු වේ.
  8. ඛෙලහිනතාවය – සුදුළුනු කිරි පානය සමග උතුරුවාගත් සුදුළුනු කැබලි පරිබෝජනය කිරීම කාන්තා සහ පිරිමි ඛෙලහිනතාවය නැති කිරීමට උදවු වේ.
  9. ආතරයිටිස් – ආතරයිටිස් තත්වයේ විදනවා සහ ප්‍රදාහය දිනපතා මෙම සුදුළුනු කිරි පානය කිරීමෙන් අඩු කරයි.
  10. නින්ද නොයාම – නින්ද නොයාම කියන්නේ වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක්. ඔබත් එවැනි ගැටලුවකින් පිඩා විදින කෙනෙක් නම් නින්දට යාමට පෙර සුදුළුනු කිරි පානය පානය කරන්න. ඔබට සුවදායි නින්දක් ලැබේවි.

මේ වටිනා තොරතුර තවත් කෙනෙකුට බලන්න පහලින් ශෙයා කරන්න. ඔබට සුබ දවසක් !!!

රාත්‍රි 11ට අනිවාරයෙන් නිදාගන්න ඕන හේතුව මෙන්න

ඔබ නිදාගතයුත්තේ කීයටද?… නිදාගැනීම සඳහා විශේෂ වෙලාවක් තිබෙනවාද? කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? පරක්කුවී නිදාගෙන පරක්කුවී අවදි වීම සෞඛ්‍යාරක්ෂිතද? අපගේ ශරීරය තුල ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරනලද පුදුමාකාර ඔර්ලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි. එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා. එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලය වෙන්කොට තිබෙනවා.

රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා. සංසරණය වෙනවා. රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා. මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා. ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නා ලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි. ඒ කොහොම උනත්, ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්, බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා. ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා.

12ට නිදාගත්තොත් පැය 3ක් ද, 1ට නිදාගත්තොත් පැය 2 ක් ද, 2ට නිදාගත්තොත් පැය 1ක් ද ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා කාලය වෙන්කරගන්නවා. ඔබ පාන්දර 3ට නිදාගත්තොත්… ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ. එසේ වුවහොත් කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා. ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ. එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාද වී අවදි වුවහොත්, ඔබට එවැනි අත්දැකීම් ඇත්නම් සිතා බලන්න.

ඔබ කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාදවී අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි. එමෙන්ම උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවා. මේ කාලය තුල ඔබට කලහැක්කේ කුමක්ද? ව්‍යායාම කිරීම, නැවුම් වාතය ආශ්වාසය කිරීම, එමෙන්ම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා ශරීරයට හිතකර. ඒ වගේම උදෑසන 5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි. මේ කාලය තුල දී වැසිකිලි යෑම, එමෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීම වැනි දෑ සිදුකල හැකියි.

ඒ වගේම උදෑසන 7සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි. දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම සඳහා මේ කාලය වඩාත් වැදගත් වෙනවා. එමනිසා උදෑසනට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාගැනීමත් වැදගත්. උදෑසන ආහාරය මගහැරීම අනාගතයේ බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතුවක් වෙනවා. ගම්මානවල ජීවත්වන මිනිසුන් වඩා සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි. ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි.bමන්ද ඔවුන් අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔර්ලෝසුවයි. ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහ ශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේවි.

(“What time should you sleep” by Dr Hiralal pawar D M Cardiology අන්තර්ජාලයේ පලවූ ලිපියේ පරිවර්තනයකි

දත් කැක්කුම් විනාඩි කිහිපයකින් නැති කරන ස්වාභාවික ක්‍රම මෙන්න

දත් කැක්කුම කියන්නේ මේ ලෝකේ තියෙන ඉවසන්න අමාරුම දරුණුම වේදනාවක්. මේ ගැන ඉතින් ඔයාලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැමෝම පුරුදු වෙලා තියෙන්නේ මේ වෙලාවට පාමසියට දුවලා මොනවහරි කෘතීම බෙහෙත් පෙත්තක් ගිලලා දාන එක. හැබැයි දත් කැක්කුම් විනාඩි කිහිපයකින් අතුරුදහන් කල හැකි ස්වාභාවික බෙහෙත් අපිට නිවසේදීම කර ගන්න පුළුවන් කියල ඔයාලා දන්නවද ?

කරාබුනැටි තෙල් – දත් කැක්කුම් ඇති වෙන දරුණු වේදනාව ඉතාමත්ම වේගයෙන් සනීප කරන අති සාර්ථකම ප‍්‍රතිකාරය ලෙස මෙය හදුන්වන්න පුළුවන්. එම නිසා දත් කැක්කුම් හැදුනු වෙලාවක ඔබ මුලින්ම කල යුතු වෙන ප‍්‍රතිකාරය මෙය බව මතක තියා ගන්න. කරාබු නැටි වල අඩංගු ප‍්‍රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප‍්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි තෙල් හා පොල් තෙල් මිශ‍්‍ර සමානව මිශ‍්‍ර කරලා කපු පුළුන් කැල්ලකට පොගවා ගෙන වේදනාව දෙන දත අසල රදවා තැබීම පමණයි විනාඩි කිහිපයක් තුල දත් කැක්කුම අතුරුදහන් වෙලා යාවි. කරාබු නැටි තෙල් හොයා ගන්න අමාරු නම් කරාබු නැටි කිහිපයක් වේදනාව දැනෙන දතෙන් හප හප හිටියත් දත් කැක්කුමට ඔබට ඉක් මනින් සහනයක් ලැබේවි.

අයිස් කැට – අයිස් කැට කියන්නේ දත් කැක්කුම සදහා භාවිතා කල හැකි ඉක්මන් සහ පහසුම ප‍්‍රතිකාරයක්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුල රදවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප‍්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිලිබදව ඔබ පුදුමයට පත්වේවි.

දෙහි – දෙහි වල බහුලව අඩංගු වෙන දේවල් තමයි සිට‍්‍රික් අම්ලය සහ විටමින් සී කියන පෝෂණ සන්ගටකය. දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප‍්‍රතිඔක්සිකාරක ලෙස ක‍්‍රියා කරන්න මේ දෙකටම ගොඩක් ලොකු හැකියාවක් තියෙනවා . වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම් මිරිකාගත් දෙහි යුෂ පුලූන් කූරක තවරා වේදනාව දැනෙන ප‍්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිබෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප‍්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොදින් මතක තබා ගන්න.

ඉගුරු – මිලාධික නොවෙන ඒවගේම පහසුවෙන්ම සෝයා ගැනීමට හැකියාව තිබෙන නිසා ඉගුරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉගුරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුල රුවා ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉගුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැබෙනවා ඇති. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉගුරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න.

ළුණු – ළුණු කියන්නේ හොද විෂබීජ නාශක ගුණයක් සහ ප‍්‍රතිජීවක ගුණයක් තියෙන ආහාරයක්. මේ නිසා දත් කැක්කුම මගින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා ළුණු භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ළුණු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ ළුණු පෙත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු ළුණු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා. .

දියවැඩියාව දින 5කින් සුව කරන පානයක් හදාගන්න විදිය

දියවැඩියාව යනු මෑත කාලයේ පටන් ලෝකය පුරා සුලබව දැකිය හැකි රෝගයක් වේ. ජීවිත කාලය පුරාම පවතින දියවැඩියාව දරුණු වුවහොත් මරණයට පත්විය හැකි භයානක රෝගයකි. සිරුරේ ඇති ඉන්සියුලින් ප්‍රතිශතය අඩුවීමෙන් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කරගත නොහැකි තත්වයකට පත්වීම නිසා රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යාම මෙම රෝගය ඇති වීමට හේතුව වේ. දියවැඩියාව රෝගය වර්ග දෙකකි. පළමු වර්ගය සිරුරේ ඉන්සියුලින් නිපදවීම සම්පූර්ණයෙන්ම අක්‍රීය වීමයි.

දෙවන වර්ගය සිරුරේ ඉන්සියුලින් නිපදවීම අඩු මට්ටමක පැවතීමයි. මේවාගෙන් වඩාත් සුලබව දැකිය හැක්කේ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ය. ඖෂධ භාවිතයෙන් තොරව ඔබගේ රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කරගැනීමට ස්වභාවික පානයක් සකස් කරගත හැකි ආකාරය පහත දැක්වේ. දින 5ක් නොකඩවා මෙය පානය කිරීමෙන් ඔබගේ රුධිරයේ ඇති සීනි මට්ටම අඩු වනු ඇති.  සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය පහතින් …

  • සැල්දිරි (හොදිකොළ) දඬු දෙකක්
  • කොළ පැහැති ඇපල් ගෙඩියක්
  • නිවිති කොළ ස්වල්පයක්
  • කැරට් ගෙඩි දෙකක්

ඉහත සඳහන් කළ දේවල් හොඳින් සෝදා පිරිසිදු කරගන්න කුඩා කොටස් වලට කඩාගන්න. ඇපල් ගෙඩිය කුඩා කොටස් වලට කපාගන්න. ඉන්පසු බ්ලෙන්ඩරයක් තුලට දමා හොඳින් මිශ්‍රවනතුරු කලවම් කරගන්න. පානය කළ හැකි තරම් මිශ්‍ර වූ පසු සෑම දිනකම උදෑසන හිස්බඩ පානය කරන්න. දින 5ක් එක දිගට පානය කළ පසු ඔබේ රුධිරය පරීක්ෂා කර මෙම පානයෙහි සාර්තකත්වය නිරීක්ෂණය කරන්න. ඔබේ රුධිරයේ සීනි සාමාන්‍ය මට්ටමක පවතිනවා ඔබ දකීවි.

සැලකිය යුතුයි ඔබේ සිරුරේ බර සහ ඔබ ගන්නා ආහාර පාන අනුව මෙම පානයේ ක්‍රියාකාරිත්වය වෙනස් වන බැවින් වෛද්‍ය උපදෙස් අනිවාර්්‍යෙයන් පිළිපදින්න. මෙම වටිනා ලිපිය තවත් කෙනෙකුගේ හිතසුව පිණිස ශෙයා කරන්න

පුරුෂයන් 20 වඩා වසගයට ගත් අනුලා දේවීයගේ කතාව

තමන්ට මොන තරම් සැප සම්පත් උරුම හිමිකම් තිබුණත් සසර පුරුද්දට හොරකම් කළ, මං පැහැරූ දාමරිකයන්ගේ කතා අපේ අතීත රාජාවලියේ ද හමු වෙයි. ක්‍රි. පූර්ව 77 සිට 63 දක්වා වසර 14ක් රාජ්‍ය පාලනයේ යෙදුණු මහා චූලික තිස්ස රජුගෙන් පසු මේ රටේ රාජ්‍ය බලය ගන්නේ වළගම්බා රජුගේ පුත්‍රයකු වූ මහානාග කුමාරයාය. මොහු හොරුන්ගෙත් හොරෙකි. මහා චෞරයෙකි. නම ඇසූ පමණකින්ම ගැමියන් බියපත්ව දුවන මහානාග කුමාරයා මං පහරන දාමරිකයෙකු මෙන්ම අග්‍රගණ්‍ය සොරෙකු ලෙස ප්‍රකට ව සිටියේය. මහානාග නමින් මුලින් ආමන්ත්‍රණය කළත් සොර දෙටුවකු බව හඳුනාගනු ලැබීමෙන් පසු ගැමියෝ ඔහුට ‘චෝරනාග’ යැයි කීහ.ඔහුගේ හිතුවක්කාර ක්‍රියා හා දේහ විලාසය කෙනෙකු භීතියට පත්කරවන තරම් බියමුසු එකක්ම විය. මහානාග සොර කැල සමඟ කඳු, හෙල්, මුකලාන්, පර්වතවලට සැඟැවී සිට ඇතැම් අවස්ථාවල බෞද්ධ සිද්ධස්ථානවල රැකවරණ පැතීය. තම ආරක්ෂාව පතා ඔවුහු එවන් අවස්ථාවල භික්ෂුන් හමුවට ගියහ. එහෙත් භික්ෂුහු ඔවුනට උදවු කිරීම ප්‍රතික්ෂේප කළහ.

එහෙත් මහානාග හෙවත් චෝරනාග ක්‍රිස්තු පූර්ව 63 සිට 51 දක්වා රාජ්‍යත්වයට පත්වූයේ කිසිවකු නොසිතූ පරිද්දෙනි. මේ රජතුමා රටේ පාලකයා වීමත් සමඟම තමා සොරකු ලෙස සිටි කාලයේ තමන් හා පිරිසට නවාතැන් නුදුන් සියලුම භික්ෂුන් වහන්සේලාගෙන් පලිගැනීමට ආරම්භ කළේය. ඔහු මේ භික්ෂුනට නොයෙක් වදහිංසා පමුණුවා නොනැවතී ඒ ඒ විහාරවල නිධාන ද කොල්ල කෑවේය. එහෙත් දෛවය කරකැවී එන්නේ පුදුමාකාර ලෙසිනි. ඔහු රජවීමෙන් පසු රාජ දේවිය ප්‍රධාන අගබිසව ලෙස පත්කැරගත්තේ අනුලා දේවියයි. අනුලා රූමත්ය. කාමාශක්තය. තමා සිතූ දෙයක් ලබා ගැනීමට ඕනෑම කුදු මහත් කැපවීමක් කරන්නීය. කාම කලාවේ ඉසියුම් තැන් දන්නීය.චෝරනාග ද සියලු කම් සැපතට ලොල් කළ සොර දෙටුවකු නිසාම අනුලා දේවියට බෙහෙවින් ඇලුම් කළේය.

චෝරනාග සිත් සේ මධු බී අඳුර තුනී සළු එළන්ට අනුලාවන් ද සමඟ සිරි යහන් ගැබට යන්නේය. දින සති මාස ගත වී යන බවක්වත් නොදැනෙයි. එහෙත් චෝරනාගගේ පහසින් ප්‍රබෝධ වීමට අනුලාට බැරිය. එය තවත් විවිධ පැතිකඩ ඔස්සේ රාගාධි කලාවන් උගැනුමට ඈ සිත් පෙලැඹැවිණ. ඇය රහසින් රජ වාසලේ නොයෙක් ඇත්තන් දෙස බලා සිටින වග චෝරනාගට පෙනිණ.මේ අතර රජ වාසලේ කසළ ශෝධකයකු තම රාජකාරිය නිමවා සැඳෑ යාමයේ රජ මිදුල හරහා ගමන් කරමින් සිටියේය. අනුලා බිසව හිටියේ රජ මාලිගයේ උඩු මහලේය. කසළ ශෝධකයාගේ මනාව වැඩුණු ආරෝහ පරිණාහ දේහය, ජවසම්පන්න මස්පිඬු යදඬු වන් බාහු හා තෙදවත් ගමන් විලාසය ඇගේ සිත ඔහු කෙරෙහි වසඟ කරවන්නට සමත් විය.

…ෂහ්… මේ කසළ ශෝධකයා සමඟ රතිසුව විඳිය හැකිනම් එය මොන තරම් අගනේදැයි අනුලා කල්පනා කළාය. ඇය අතින් සන් කරමින් පහළින් ගමන් කරන තම සේවකයා කැඳවූවාය. එහෙත් මොහොතකින් සියල්ල වැරැදී ගියේය. රජුගේ උකුසු ඇස් ඒ වන විටත් මේ සිදුවීම කෙරෙහි යොමු වී පැවැති බව අනුලා නොදත්තාය. රජු දුටු සේවකයා වහ වහා වාසල් දොරකඩින් නික්ම ගියේය. එහෙනම්. මට ලැබුණ තොරතුරු හරි… තීට… කසළ ශෝධකයකුගේ පහස පවා අවශ්‍යයි.. කී රජු තී කුමන විදිහේ කාමධේනුවක්දැයි ඇගෙන් ප්‍රශ්න කළාය.

නුඹ තක්කඩි හොරෙක්… නුඹ මේ රාජ්‍යයේ අද රජු වුවත් මා වැනි රූප ශෝභාපන්න යෞවනියකගේ සිත කියවීමට නොදනී.එසේ හෙයින් මා බලවත් තැවුලට පත්ව සිටිමි… අනුලා ද කීවාය. එහෙත් මේ රජු අනුලාගේ පහසට බෙහෙවින් ලොල් බැඳ සිටි බැවින් ඇය නොමරා බිසව් තනතුරේම තබාගත්තාය.රජ වාසලේ ගින්න බුර බුරා නැංගේය. ඒ අනුලාගේ කාමාග්නිය සමඟ එක්වෙමිනි. මුලින් කී සේවකයා කෙසේ හෝ කැඳවා රහසේ කම් සැප විඳීමට අනුලා වග බලා ගත්‍තාය. නුඹ මා සමඟ සැමදා මෙසේ සිටීමට කැමැතිදැයි… එවන් අවස්ථාවක අනුලා බිසව ඒ තරුණ සේවකයාගෙන් ඇසුවාය. සේවකයා ද ඇගේ පහසට ලොල් විය. ඇය කියන්නක් ඔහු නොපමාව කැර දෙයි. ඒ අනුව සේවකයා ලවා භයානක වස වර්ගයක් ගෙන්වා ගත් අනුලා බිසව චෝරනාග රජුගේ මධු පානය මොහොතේ ඒ බඳුනට ඒවා ද මුසු කළාය.

චෝරනාග සිහි විසඥව මියගිය බව සඳහන් වුවද ඔහු මිය ගියේ වස ශරීරගත වීමෙන් බව දැන සිටියේ අනුලාවන් පමණකි. නැවතත් රටේ රාජ්‍ය සඳහා මහ කලිකලහයක් ඇතිවිය. කලින් රජකම් කළ මහා චූලික තිස්ස රජුගේ පුත්‍රයකු වන මකලන් තිස්ස මේ වන විට සිටියේ සිවුරු පොරවා භික්ෂුන් වහන්සේ නමක් ලෙස සැඟැවීගෙනය. ඒ චෝරනාගට හා සටකපට අනුලා දේවියට බියෙනි. එහෙත් මහා චූලික තිස්ස රජුගේ තවත් පුත්‍රයකු වන කුඩා චූලික තිස්ස රාජ්‍ය ලබා ගැනීමට අනුලාගේ උදවු පතා කිට්ටු විය. කුඩා තිස්ස මේ ආකාරයට අනුලාගේ උපකාර ලැබ ක්‍රි. පූර්ව (51 – 48) වසර 3ක් පමණ රජකම් කළේ තම අගබිසව ලෙස අනුලාවන් ද තබාගෙනය.

අනුලාවන් ඒ අවසාන අවුරුද්ද වන විට තවත් අලුත් පෙම් හබයක පටලැවුණාය. ඒ ‘ශිව’ නමැත්තකු සමඟිනි. ඇය ශිව සමඟ රතිසුව විඳින අතරතුර කුඩාතිස්ස මරන්නේ කෙලෙසදැයි කල්පනා කළාය. ඇය කුඩාතිස්ස රජු මරණයට පත් කළේ ඔහුගේ රාජකීය භෝජනවලට වස මුසු කරමිනි.
‘ශිව’ ඒ සඳහා ඇයට උදවු කළේය. අනුලාට රාජ්‍ය ලෝබය නැත. ඒ නිසා ඊළඟ රජු වශයෙන් කිරීටය මාරු වී ගියේ ශිවටය. ශිව වසරක් පමණ නාමික රජු වශයෙන් රාජ්‍ය කළත් ක්‍රියාත්මක වූයේ අනුලාගේ නියෝගය. ශිවගේ පහසින් ද ඇයට සෑහීමකට පත්වන්නට බැරි තැන ඇය ශිවට ද මල පුඩුව ගැස්සුවේ පෙර පුරුදු ආකාරයටමය.

ශිව මිය ගොස් දවස් ගණනක් ගතවෙද්දී අනුලා බිසව වඩු කාර්මිකයකු වූ ‘වටුක’ නම් තැනැත්තකුගේ පහසට ළංවූවාය. ඔහු ද රජකමට පත් කළ අනුලා ඒ රජකමට ආයුෂ දුන්නේ ද මාස 14ක් පමණි. වටුක රජුගේ කාම පහස ද ඇයට රුචි වූයේ නැත. ඔහුට ද වස කැවීමෙන් මරණය ළඟා කැරිණ.
මේ රැජන සිංහල රාජාවලියේ එන පළමුවැනි රැජනය. ඇයගේ කාම ලොල් ජීවිතය නිසාම ඇයට කුල, නිල, මල, කිසිත් නොපෙනිණ. ඇය ඊළඟට තම ග්‍රහණයට ගන්නේ මාලිගාවට දර සපයමින් සිටි දරකැටියාය. දරකැටියාතිස්ස නමින් ඔහු ද මේ රටේ රජ විය.දර පැළීමට වඩා රජකම් කිරීම කෙතරම් වටීදැයි ඔහුට සිතුණත් ඔහුගේ රාජ්‍ය කාලය ද මාස 13ක් විය. වස මිශ්‍ර ආහාරය ගැනීමෙන් ඔහු ද මරුමුව වැටිණ.

දරකැටියාතිස්ස රජුගේ ආභාවයෙන් පසු අනුලා වසඟයට ගන්නේ ‘නිලිය’ නම් වූ බ්‍රාහ්මණයෙකි. ඔහුට ද රජකම ලැබිණ. ඔහු රති කෙළියේ ද දක්ෂයෙකි. එහෙත් නිලියටත් ලැබුණේ සුළු කාලයකි. ඊළඟට රටේ තත්ත්වය බොහෝ අරාජික විය. වසර 06ක් පමණ (ක්‍රි. පූ. 48 – 42) රටේ පාලනය අවිධිමත් විය. රට කැරවීම පසෙක තබා ඉබාගාතේ යන රටක් නිර්මාණය විය. ‘නිලිය’ නමැති බමුණා මරා දැමීමෙන් පසු අනුලා තවත් පුරුෂයන් ඇසුරු කළද, ඒ කිසිවකු රජ බවට පත්කළේ නැත. කාම සම්භෝගයට, වශි වූ අනුලා නිසා රටේ රාජ්‍ය භාණ්ඩාගාරය පවා හිස් විය. මේ වසර 06 ඇතුළත ද ඇයගේ කාම පහසට ගොදුරුව මියගිය සමස්ත පුරුෂයන් ගණන 20 කි. ඒ චෝරනාගගේ සිටය.

මහා චූලිකතිස්ස රජුගේ පුත්‍ර සිවුරු පොරවා සැඟැවී සිටි මකලන්තිස්ස සිවුරු හැර බළසේනා කැටුව අනුලා රැජනගේ මාලිගය වට කළේ මේ අතරය. ඇය වසර 6ක් පමණ ඉබාගාතේ රට මෙහෙයවමින් සිට කිරීටය පලදා ගතවූයේ මාස හතරක් පමණකි. නිසි කල එලැඹ සටනට පිවිසි මකලන්තිස්සගේ සේනාව විසින් වාසල හතරවටින් වටලනු ලැබීය. ඔවුන් විසින් වාසලට ගිනි තබනු ලැබිණ. මේ මහා ගින්න වාසල මුළුමනින්ම ගිනිබත් කළේය. සිංහලයේ පළමුවැනි රැජන අනුලා ඒ ගිනි අතරම දැවුණාය. රාග ගින්නෙන් එතෙක් දැවී ගිය අනුලා තවත් මහා ගින්නකින් ජීවිතයට සමු දුන්නාය. මකලන්තිස්ස ක්‍රි. පූ. (42 – 20) දක්වා වසර 22ක් මේ රටේ රජකම් කළේය. මේ කතාවේදී තේරුම් ගත යුතු කාරණා කිහිපයක් ඇත්තේය. අනුලා රැජන කාම ගින්නෙන් දැවුණ රැජනක ලෙස රජකතාවේ නිරූපිතව අැතත් අපේ ජනකතාවල ඇය ගැන සඳහන් වන්නේ වෙනත් ආකාරයට බවය.

ඇය ස්ත්‍රීවාදින­ියකි. දැඩි පුරුෂාධිපත්‍යයට එරෙහිව සූක්ෂ්ම ලෙස රජුන් මැරූ බව ඔවුහු කියති.
අපේ ගැමියන් කෙතරම් නීති තහංචි තිබුණත් රජවරුන් අමතා තිබුණේ ඔවුනගේ ඇවතුම් පැවතුම් ගති සොබා අනුවය. කාවන්තිස්ස යනු “කාකවණ්ණ තිස්ස” යන්නය. “කාක වර්ණ තිස්ස” යන්න එහි තේරුමකි. ගෝඨාභය කීවේ “මිටි අභය” යන්නය. “වංක නාසික තිස්ස” කීවේ වක් නැහැයක් ඇති තිස්ස යන්නය. සොර දෙටුවකු වූ මහානාගට “චෝර නාග” යැයි ඔවුහු බය නැතිව කීහ. එහෙත් ඔවුහුම “අනුලා රැජන” පමණක්ම ඇයට කීහ.එසේනම් මෙබඳු කාමාගින්නෙන් දැවී අළු වී ගිය රැජනක් ගැන එවන් පටබැඳීමක් ජනකතාවල නොඑන්නේ ඇයි? එය තවත් වරක් හොඳින් සිතා බැලිය යුත්තක් බව සඳහන් කරමි.

දත් මැලියම් විදුරු මස් වල රෝග ඇති කරනවා

බොහෝ දෙනකු මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවක් තමයි විදුරුමස් ආශි‍්‍රත රෝගී තත්වයන් ය. වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගි තත්වය හඳුන්වනු ලබන්නේ Pyorrhoea ලෙසට ය. මෙම දන්තිමය රෝගය සඳහා මුල් වරට මෙම නාමය භාවිත කරනු ලැබුයේ වියනාවේ දත්ත පර්යේෂකයකුවන Gottlieb නැමත්තා විසිනි.

මෙම රෝගී තත්වයට මූලිකම හේතුව ලෙසට විග‍්‍රහ කෙරෙන්නේ දත්මුල් වටා දන්තපථ (TATAR) තැන්පත් වීමයි. දත්වල බැඳෙන කහපැහැ ගත් මැලියම් විශේෂය මේ නමින් හැඳින් වේ. මෙම දන්තපථ තැන්පත් වීම හේතු කොට ගෙනු දත්මුල් අග ඇති විදුරුමය ඉදිමි වේදනා ගෙන ඒම (gingivitis) සිදුවිය හැකිය.

දත්මුල් දියවීමට බලපාන අනෙක් ප‍්‍රධානතම හේතුව ලෙසට නම් කළ හැක්කේ බැක්ටීරියා ආසාදනයන් ය. මේ සඳහා මූලිකම හේතු සාධකය වන්නේ සෞඛ්‍ය පිළිවෙත් නිසි ආකාරයෙන් පිළි නොපැදීමයි. විදූරුමස්වල ආසාදනවලට තවත් හේතු ගණනාවක්ම බලපෑ හැකිය. අවිධිමත් ක‍්‍රම අනුව දත් පිරිසුදු කිරීම, දත් අතර රැදි තිබෙන ආහාර කැබැලි, මෙන් ම නිසිලෙස නොපිරවු දත්කුහර ද ඒ අතර වෙයි. විටමින් C ඌණතාව ද තවත් එක් හේතුවක් වෙයි.

පාලනය නොකරගත් දියවැඩියා තත්ත්ව හේතුකොටගෙන විදුරුමය ආශි‍්‍රත ආසාදනයන් ඉස්මතු වේ. විදුරුමස ආශි‍්‍රත ව හටගන්නා රෝගි තත්වයන් හේතු කොටගෙන නොයෙකුත් අතුරු ආබාධිත තත්වයන් ද ඉස්මතු විය හැකි අතර ඒවා අතර දත් අහිමිවීම, මුඛ දුර්ගන්ධය ඒ අතරින් ප‍්‍රධාන වේ. විදුරුමස ආශි‍්‍රත ගැටලුකාරි තත්වයන්ගෙන් අත්මිදීමට විකල්ප ක‍්‍රම කිහිපයක් ද වෙයි.

නිතර දත් පිරිසුදුව තබා ගැනීම, දත්බුරුසුව නිසි ආකාරයෙන් හා ක‍්‍රමවත් ව දත් පිරිසුදු කිරීම සඳහා උපයෝගි කර ගැනීම, අවම තරමින් වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු ගෙන් උපදෙස් ලබා ගැනීම ඒ අතරින් වඩාත් වැදගත් වෙයි. – ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර

සීතා දේවීගේ පතිවත පරික්ෂා කර දිවුරුම් දුන් දිවුරුම්පොළ.

කාන්තාවක පතිව්‍රතා ධර්මය දිවිහිමියෙන්ම ආරක්ෂා කිරීම හෙවත් පතිවත සුරැකීම මොනතරම් බලගතු බලවේගයක් දැයි රාම – සීතා ප්‍රබන්ධය ආශ්‍රයෙන් අපට දැනගත හැකිය. පතිවත යනු තුට්ටුවක් වත් වටිනා දෙයක් නොවන තරමට නොසලකා හැර ඇති මෙවන් යුගයක සීතා දේවිය කාන්තා ජීවිතයට උගන්වන්නේ අමරණීය වූ පාඩමකි. පතිව්‍රතා දහමට අසීමිත, අනම්‍ය හා අද්විතීය වූ බලයක් තිබේ. එබැවින් සෑම අම්මා කෙනෙකුම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම අම්මා කෙනෙක් නොවන්නේ ය. සිය දිවි පරදුවට තබා පතිවත සුරැකි සීතා දේවිය වරෙක හනුමාන්ට අනඟි වරයක් දුන්නාය. එනම් රාම- රාවණා යුද්ධය පවතින අතරතුර ගින්නෙන්, ජලයෙන් හෝ වෙනත් කිසිදු උපද්‍රවයකින් හනුමාන්ගේ ජීවිතයට අනතුරක් නොවේවා යන්නයි. එය එලෙසින්ම ඉෂ්ට විය. රාම – රාවණා යුද්ධය ජය ගැනීමෙහි ලා රාමට පුරෝගාමී සහාය ලැබුණේ හනුමාන්ගෙනි. සීතා දේවිය ඔහුට එවන් වරයක් දුන්නේ ද ඒ නිසාමය.

රාම – රාවණා යුද්ධය අතිශයින්ම දරුණු විය. දෙපැත්තෙහිම මියගියවුන්ගේ ගණන ගණන් ගත හැක්කේ කෝටි ගණනිනි. රාම මෙන්ම ප්‍රතිමල්ලවයා වූ රාවණා ද කරට කර සිටීම යුද්ධය මෙතරම් දරුණු වීමට හේතු විය. විශාල විනාශයකින් පසු රාවණා මරා දැමූ රාම යුද්ධයෙන් ජය ගත්තේය. අනතුරුව රාම සහ සොහොයුරු ලක්ෂමණ දෙදෙනා රාවණා මියයාමෙන් හිස් වූ ලංකා රාජ්‍යයේ සිංහාසනයට විභීෂණ නමැති රාවණාගේ සහෝදරයා ඔටුනු පලඳවා පත් කළේය. සීතා දේවිය ඒ වනතුරු ද කාලය ගත කළේ අශෝක වනයෙහි රාවණාගේ ආරක්ෂක හමුදා මැද්දේය. දැඩි ශෝකයට පත්ව කඳුළු වගුරුවමින් ඇය කාලය ගතකළාය. ඇය ඇඳ සිටියේ කිළිටි වූ වැරහැලි වස්ත්‍රය. අලංකාරව තිබූ කේශකලාපය හැඩපලු ගෙතී තිබුණි. ආහාර වර්ජනය කළ නිසා කෙසඟව රූපය අවලක්ෂණව ඇය කාලය ගත කළාය.

රාම-රාවණා යුද්ධයේ එක් අවස්ථාවකදී රාවණාගේ බලගතු ප්‍රහාරයන්ගෙන් යුද බිම මැරී වැටුණ රාම ලක්ෂමණ දෙදෙනාට නැවත ජීවත්වීමට වරම් දුන් මහා වීරයාණන් වූ හනුමාන් අශෝක වනයට ගියේය. ගොස් රාම විසින් රාවණා මරණයට පත් කරනු ලැබූ බව සීතා දේවියට සැළ කළාය. සීතාගේ සතුට නිම් හිම් නැති විය. ඇය එවේලෙහි සිටි ස්වරූපයෙන්ම රාම හමුවීමට යාමට සූදානම් වූවාය. එවිට ලක් රජයේ අලුතින් රාජ පදප්‍රාප්ත වූ විභීෂණ (විභීෂණ යනු රාවණාගේ බාල සොහොයුරාය. ඔහු රාවණාගේ දුෂ්ට ක්‍රියා අනුමත නොකළා පමණක් නොව රාවණාට විරුද්ධව රාමට සහයෝගය ද දැක්වූයේ ය) රජුගේ දේවිය වූ සුරමා රැජන සීතා හමුවට පැමිණියාය. ඇය සීතා දේවිය ස්නානය කරවා සුන්දර වූ වස්ත්‍රාභරණයෙන් සරසවා, මනමෝහනීය රූසපුවෙන් යුක්තව සිය වල්ලභයා වූ රාම වෙත යැව්වාය. සීතාගේ සතුට නිම්-හිම් නැත.

එහෙත් එලෙසින් සැරසී ආ පමණින් ඇය පිළිගැනීමට රාම සූදානම් නැත. සීතාදේවිය දිගුකලක්ම ගත කළේ රාක්ෂසයන්ගේ පුරවරයේ ඔවුන්ගේ තාඩන – පීඩන මැදය. ඇයගේ පතිවතට රකුසන්ගෙන් කැළලක් සිදුවී ඇත්නම් ඇය යළි භාරගන්නට රාම සූදානම් නැත. ඔහු ලෝකාපවාදයෙන් ද මිදිය යුතුය. එබැවින් ඔහු කළේ අග්නි පරීක්ෂණයෙන් පතිව්‍රතා දහම සුරැකි බව සහතික කරන්නැයි සීතාට අණ කිරීමයි. ගින්නට පනින කවුරුන් වුවද එම ගින්නෙන් දැවී පිළිස්සී මිය යන බව පුදුමයක් නොවේ. එහෙත් පතිව්‍රතා බලමහිමය අසාමාන්‍ය -අද්විතීය බලවේගයකි. සීතා අග්නි පරීක්ෂණයට එකඟ වන්නේ එක හිතින්ය. ලක්ෂමණ කුමරු අති විශාල පිරිසක් මැද්දේ බිහිසුණු ගිනි ජාලාවක් සූදානම් කරයි. ගිනිදැල් බුර බුරා පැනනඟී. සීතා දේවිය ඉතින් මා දිවිහිමියෙන්ම පතිව්‍රතා දහම සුරැකි භාර්යාවක වී නම් මේ ගින්නෙන් නොදැවේවා! පතිදහම සිඳලූ දුරාචාරිණියක වී නම් මේ ගින්නෙන් පිළිස්සී මා අළුගොඩක් බවට පත්වේවා යයි යන අධිෂ්ඨානයෙන් යුතුව ගිනිගොඩ මැදට පැන සත් වතාවක් එහි ඒ මේ අත ඇවිද්දාය. ඇගේ සිරුරේ එක රෝමයකුදු ගින්නෙන් නොපිළිස්සුණේය.

රාම මෙන්ම ඔහුගේ පාර්ශ්වයේ පිරිස් ද සීතා සුපිරිසුදු පතිනියකයි පිළිගත්තේ අනතුරුවය. මේ ආකාරයෙන් සීතා දේවිය දිවුරුම් දුන් ස්ථානය පිළිබඳව මත කීපයක්ම අනාවරණය වේ. එකකින් කියන්නේ ඇය දිවුරුම් දුන්නේ මුහුදු වෙරළෙහි ගැසූ ගිනි ගොඩකදී බවයි. අනිත් මතය නම් සීතාඑළියට කිලෝ මීටර් කීපයක් නුදුරින් නුවරඑළිය – වැලිමඩ මාර්ගයේ පිහිටි දිවුරුම්පොළ දී ඇය දිවුරුම් දුන් බවයි – එහි ඇය දිවුරුම් දුන් තැන දිවුරුම්වෙල පුරාණ රජ මහා විහාරය ඉදිවී ඇත. කලක් දිවුරුම්පොළ පුරාණ රජ මහා විහාරය නමින් හැඳින්වුණ මෙම සිද්ධස්ථානය දැන් දිවුරුම්වෙල නමින් හැඳින්වෙයි. දිවුරුම්පොළ පුරාණ රජ මහා විහාරය අසළ ඇති කඳු වැටියට කියන්නෙ ස්ත්‍රීපුර කන්ද කියල. ස්ත්‍රීපුර කන්දෙ සුප්‍රසිද්ධ ගල් ගුහාවක් තියෙනව. රාවණා රජ්ජුරුවො දඹදිව සිට පැහැරගෙන ආපු සීතා දේවිය හංගලා තිබ්බෙ ඔය ගල්ගුහාවෙ ඇතුළේ. ගල් ගුහාවෙ ඉඳල උමං මාර්ග තුනක් තියෙනව.

එකක් නුවරඑළියෙ සීතාඑළියට. එකක් බණ්ඩාරවෙල දෝවෙ පන්සලට. අනික ඇල්ල- වැල්ලවාය පාරෙ රාවණා දිය ඇල්ලට” මේ දිවුරුම්පොළ පන්සලේ ඉඳලා බැලූතෙක් මානෙ පෙනෙන ගම්මානයක් තියෙනව. ‘රාම ලංකාගම’ කියල තමයි කියන්නෙ. මෙතන ඉඳන් කිලෝ මීටර් භාගයක් ඇති නැති තරම්. සීතා සොයාගෙන දඹදිව හිටන් ආපු රාම රජ්ජුරුවො ගොඩබැස්සයි කියන්නෙ ඔය ගමට. ඒකලු ඒ ගම රාම ලංකාගම වුණේ” සීතා දේවිය විශාල ගිනි ජාලාවකට පැන පතිව්‍රතා බලමහිමය විදහා පෑ තැන අද ඇත්තේ බෝධියකි. ”මේ බෝධිය බොහොම පැරණි එකක්. බෝධිය මුල මේ පුංචි චෛත්‍යය ඉදිකරල තියෙන්නෙ සීතා දේවිය ගින්නට පැනල දිවුරපු තැන මෙම බෝධිය පිහිටා ඇත  ”ඒ කාලෙ මෙතන නඩුත් විසඳපු තැනක්. විත්ති – පැමිණිලි දෙපැත්තම මෙතෙන්ට ගෙන්නනව. ගෙන්නලා නඩු විභාග කරල වරද කරපු කෙනාට කියනව මේ කළ වැරැද්ද මින්මනත මං ආයෙමත් කරන්නෙ නෑ කියල දිව්රන්ඩ කියල”

නාරිලතා මල් වලට ගොඩක් දෙනක් රැවටිලා ඇත්තම නරිලා මෙන්න මේ වගේ

දැනට අවුරුදු දහයකට වැඩි කලක සිට අන්තර්ජාලයේ සැරිසරන විශේෂ ඡායාරූප තුනක් ගසක හටගත් නග්න කාන්තාවකගේ රුවකට අතිශයින් සමාන මල් හෝ ගෙඩි කිහිපයකින් යුතු එම ඡායාරූප සිංහල අන්තර්ජාල නරඹන්නන් අතරට පැමිණ ඇත්තේ ‘‘නාරිලතා’’ හෝ ලියතඹරා යන හැඳින් වූ සමගිනි. බැලූ බැල්මටම සොබා දහමේ විස්මිත නිමැවුමක් සේ පෙනෙන එම මල් හෝ ගෙඩි වර්ගය සම්බන්ධයෙන් අප රටේ බොහෝ දෙනකු අතිශය සංවේදීවීමට ප්‍රධාන හේතුවක් තිබිණ. එනම් නාරිලතා සහ ලියතඹරා යන වදන් අප ජන සංස්කෘතිය හා සෘජුව බැඳී තිබීමය. දහතුන් වන සියවසේ ලියැවුණු පූජාවලියෙහිද මෙම ‘නාරිලතා’ යන නම සඳහන්ව තිබේ. ඒ ස්ත්‍රී ස්වරූපයකින් යුතු මල් විශේෂයක් හඳුන්වා දීම පිණිසය.

දාහත් වන සියවසේ ලියැවුණු සුභාෂිතයෙහිද ලියතඹරා යන වදන සඳහන් වන අතර ඉන් පැවසෙනුයේ කාන්තාවන් වැනි මල් සහිත උත්පල නම් වැල් වර්ගයක් පිළිබඳවය. ඊට අමතරව මහනුවර යුගයට අයත් උඩරට සේම පහත රට විහාර චිත්‍රවල ද මකරා, ගුරුලා, ගජසිංහ, භේරුණ්ඩ පක්ෂියා යන රූප අතරට කාන්තා උඩුකයක් නිරූපණය කෙරෙන නාරිලතා සිත්තම් ද දක්නට ලැබේ. නමුදු නූතන ජන සමාජය අතර මෙම නාරිලතා සහ ලියතඹරා යන වදන් අතිශයම ප්‍රචලිත වීමට ප්‍රධාන හේතුව එම වදන් සහිත ගීත කිහිපයක්ම අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබීම බවද අප පිළිගත යුතුය.

ඉන්දියාවේ හිමාල වනයේ බවුන් වඩන තවුසන්ගේ ධ්‍යාන බලය සිඳලන එක්තරා පුෂ්පයක් පිළිබඳ පුරාවෘත්ත රැසක් තිබේ. සංස්කෘත පුරාණෝක්තිවල සඳහන් එවන් පුෂ්පයක් පිළිබඳව බෞද්ධ ජාතක කතා සාහිත්‍යයේ ද සඳහන්ව ඇත. කාලාන්තරයක් තිස්සේ මිනිස් වාසයෙන් අත්මිදී හිමාල වනයේ බවුන් වඩා ධ්‍යාන බල උපදවාගෙන සිටින තවුසෝ ස්ත්‍රී ස්වරූපයෙන් යුතු මෙම මල දැකීමෙන් රාගය උපදවා ගනිති. එයට ඔවුන්ගේ දැහැන් බිඳී යයි. නාරිලතා හෝ ලියතඹරා මල තවුසන්ගේ දැහැන් බිඳිනුයේ එලෙසිනි.

ඉහත පුරාවෘත්ත සහ පසුගිය කාලයේ අන්තර්ජාලයේ සැරිසැරූ එම නග්න කාන්තා රුව සහ මල් හෝ ගෙඩි සහිත ඡායාරූප ගලපා බලනවිට හැඟී යනුයේ තවුසන්ගේ දැහැන් බිඳීමට සමත් වූ ‘නාරිලතා’ හෝ ‘ලියතඹරා’ මල එය නම් එහි පුදුම වීමට කිසිදු හේතුවක් නොමැති බවය. මන්ද යත් එහි ස්වරූපය මුළුමනින්ම නග්න ගැහැනියකට සමාන නිසාය.

2008 වසරටත් පෙර සිට අන්තර්ජාලයේ සැරිසරන මෙම ඡායාරූප තුන කුමන ස්ථානයක කවරකු විසින් කැමරාවට හසු කර ගන්නා ලද්දක්ද යන්න නිශ්චිතව සඳහන්ව නැත. එය තායිලන්තයේ පෙඩාබුන් ප්‍රදේශයේ (Phetohbun Province) හිදී ඡායාරූපයට නංවන ලද බවක් පවසා ඇති අතර එම මල් හෝ ගෙඩි වර්ගය හිමාලයේ සහ ශ්‍රී ලංකාවේද දක්නට ඇති බවද එහි සඳහන්ව තිබේ. නමුදු ඊට වඩා ඒ සම්බන්ධයෙන් විමසුම් කරන්නකු හට ඒ සම්බන්ධයෙන් මතු දැක්වෙන තොරතුරු සොයා ගැනීමද අසීරු නොවේ.

අන්තර්ජාල තොරතුරුවලට අනුව නාරිපෝන් (Nariphon) මක්කලිපෝන් (Makkaliphon) ආදී නම්වලින් හැඳින්වෙන එය වසර විස්සකට වරක් පමණක් හටගන්නා දුර්ලභ පලයකි. ඉහත සඳහන් වදන්වල සිංහල අරුත නාරි පල වශයෙන් ගත හැකි වීමෙන් සනාථ වනුයේ එය ගෙඩියක් මිස මලක් නොවන බවකි.

කෙසේ නමුදු තායිලන්තයේ එන මෙම ‘නාරිපල’ වෘත්තාන්තය බෞද්ධ පුරාවෘත්තයක් හා බැඳී පවතී. එහෙත් එය ඔවුන්ගේ ජන ආගමින් ප්‍රබන්ධය වූ කතාවක් නමින් ත්‍රිපිටක සාහිත්‍යයට අයත් වූවක් නොවේ.

මතු බුදු බව පතා තම බිසව හා දරු දෙදෙනා ද කැටුව බවුන් වැඩීම පිණිස හිමාලයට ගිය වෙස්සන්තර රජුගේ කතාව අප ජන සමාජයේද අතිශයින් ජනප්‍රියය. එම තායිලන්ත පුරාවෘත්තයට අනුව එසේ වනගතව වෙස්සන්තර රජතුමාගේ බිසව (මන්ද්‍ර දේවිය) පලවැල නෙළීම පිණිස හිමාල වනයට යාම එහි බවුන් වඩමින් සිටි ධ්‍යාන බල සහිත තවුසන්ට මහත් ප්‍රශ්නයක් වී තිබේ. ඒ එම රජ බිසව අතිශය රූමත් තරුණ කාන්තාවක වූ බැවිනි. එහිදී එලෙස ධ්‍යාන බලය බිඳගත් තවුසන්ගෙන් රජ බිසවට කිසියම් අන්තරායක් සිදුවිය හැකි බව ඉන්ද්‍ර දෙවියාට (අපගේ සංස්කෘතියට අනුව ශක්‍රයාට) වැටහිණි.

එබැවින් ඔහු තම බිසවගේ නග්න රූපකාය සහිත ගෙඩි හට ගන්නා ගස් දොළහක් එම තවුසන් වැඩ සිටින හිමාල වනපෙත තුළ මැවීය. ඉන්පසු ඒ ගෙඩි වර්ගය දැක ඒවාට ලොබ බඳින තවුසෝ මාස හතරක කාලයක් දක්වා දිගු නින්දකට පිවිසුණහ. කාන්තාවක නොමැති විට ඇය සම්බන්ධ සංකේත හෙවත් අර්ඛනකයන් (Fetish) මුල් කොට වුව පිරිමියකු තුළ කාමරාගය පිබිදීම මනෝ විද්‍යාත්මකවද ඉතා සරල සාමාන්‍ය සංසිද්ධියකි. ඒ අනුව ඉන්ද්‍ර දෙවියා හෝ ශක්‍රයා එම ‘උප්පරවැට්ටිය’ යොදා ඇත්තේ නවීන මනෝ විද්‍යා සිද්ධාන්ත අනුව යමින් බව පෙනෙයි.

දැනටද හිමාල වනයේ ඉතා කලාතුරකින් දක්නට ලැබෙන එම ගස් වැනසෙනුයේ බුදු සසුනේ පරිහානියත් සමග බවද එම තායිලන්ත පුරාවෘත්තයේ සඳහන් වෙයි. මෙම පුරාවෘත්තයට අනුව එම වෘක්ෂයේ ගෙඩි වශයෙන් සැලකෙන යම් යම් වියළි ද්‍රව්‍ය දැනුදු තායිලන්තයේ පැරණි බෞද්ධ විහාරස්ථානවල ඇතැයි කියනු ලැබේ. එහෙත් මෙම ගෙඩි අප රටේ අදටත් ඇතැයි සැලකෙන රාම කුමරුගේ හීතල පත්තිනි දෙවඟනගේ සළඹ වැනි පසුව එම වෘත්තාන්ත මුල් කොට කෘත්‍රිමව තනාගත් සංකේත බව මගේ වැටහීමය.

ඉහත සඳහන් පුරාණෝක්ති කෙසේ වෙතත් මෙවන් මල් හෝ ගෙඩි සහිත ශාකයක් මෙලොව ඇති බවට ඉහත සඳහන් ඡායාරූප තුන අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ වන තුරුම කිසිවෙක් දැන සිට නැත. එමෙන්ම එම ශාකය සහ මල් හෝ ගෙඩි වර්ගය අන්තර්ජාලය මගින් ලොව පුරා පැතිර ගියද එ් පිළිබඳ උද්භිද විද්‍යාත්මක විස්තරයක් දීමට කිසිදු උද්භිද විද්‍යාඥයකු සමත්ව නැත. මේ සම්බන්ධයෙන් පේරාදෙණියේ ජාතික ශාකාගාරයෙන් කළ විමසීමකදී අපට දැනගත හැකිවූයේ එම ඡායාරූපය හුදෙක් ව්‍යාජ මවා පෑමක් බව පැවසීමට වැඩි යමක් කිව නොහැකි බවය. එමෙන්ම ගත වූ දස වසරකටත් වැඩි කාලයක් අන්තර්ජාලයේ සැරිසැරූ මෙම ඡායාරූප තුනට අමතරව එම ශාකය මල් හෝ ගෙඩි සහිත තවත් එකම ඡායාරූපයක්වත් ඉන්පසුව අන්තර්ජාලයට එක් නොවීම ද බලවත් සැකයකට තුඩු දෙන්නකි.

එමෙන්ම එවන් අරුම පුදුම මල් හෝ ගෙඩි සහිත ශාක විශේෂයක් තායිලන්තයේ තිබේ නම් කවරකු හෝ පිළිබඳ තොරතුරු සඟවා තැබීමට හේතුව කුමක්ද? ඒ සම්බන්ධයෙන් අන්තර්ජාල බ්ලොග් අඩවියක් මගින් අදහස් පළ කළ තායිලන්ත ජාතිකයකුට පවසා ඇත්තේ මෙය හුදෙක් පැරණි පුරාවෘත්ත මත පදනම් නොවූ කල්පිතයක් නොවී නම් තායිලන්තයේ ඇතැයි පැවසෙන මෙම ශාකය ජපානයේ සකුරා ශාකයටත් වඩා සංචාරක කර්මාන්තයට ඉවහල් කරගත හැකි බවකි. බැලූ බැල්මටම තරමක් පළල් පත්‍ර සහිත නිවර්තන කලාපීය ශාකයක් වන මෙය හිමාල අඩවියේ ඇතැයි කියනු ලැබේ. එසේ නම් එය මුහුදු මට්ටමේ සිට මීටර් 350-1500 දක්වා උසින් යුතු හිමාලයේ පහළම කොටස වන ශිවල්ක් කඳු ප්‍ර‍දේශයේ විය යුතුය.

ඒ මීටර් 8850ක් උසින් එවරස්ට් කඳු ශිඛරය දක්වා වන හිමාලයේ ඉහළ කොටස් නිවර්තන දේශගුණයට අයත් නොවන බැවිනි. අන්තර්ජාලය පුරා සැරිසැරූ මෙම ඡායාරූප තුන පැරණි තායිලන්ත පුරාවෘත්තයක් මුල් කොට ගත් ව්‍යාජ මවා පෑමක් බව මුල්වරට ලෝකයා හමුවේ ප්‍රකාශ කරන ලද්දේ නාගරික පුරාවෘත්ත සහ සමාජයේ පවත්නා සාවද්‍ය මත පිළිබඳ විශ්ලේෂණය කරන හෝක්ස් ස්ලේයරි (Hoax Slawer) වෙබ් අඩවිය සඳහා එහි හිමිකරු බ්‍රීට් එම් ක්‍රිස්ටන්සන් (Brett M Christensen) විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයක් මගිනි.

ඒ මීට වසර එකොළහකට පෙර 2008 වසරේ අප්‍රේල් පළමු වනදා මෝඩයාගේ දිනයේදීය. එහෙත් ඔහු මෝඩයාගේ දිනයේ අන්තර්ජාලයට මුදා හළ එම විස්තරයට පසුව එදා මෙදා තුර ශ්‍රී ලාංකීය අන්තර්ජාල නරඹන්නවුන් තවදුරටත් එය සත්‍ය ඡායාරූප වශයෙන් පිළිගැනීම ශ්‍රී ලාංකීය ජන විඥානයේ විචාරශීලී බව කදිමට හුවා දක්වන්නකි.

යම් යම් හැඩතලවලින් යුතු භෞතික සහ ස්වාභාවික වස්තූන්ට ඒ හැඩතලවල මුල් ස්වරූපයේ නම් ආරූඪ කිරීම ලොවපුරා කවදත් සිදුවන්නකි. ගෝනුසුමල්, උඩරට නැට්ටුවා යන උඩවැඩියා විශේෂ ඒ සඳහා අප රටින් ගත හැකි සරල හා පහසු නිදසුන්ය. එමෙන්ම කාන්තා රූපයකට යම් සමාන බවක් ඇති නිසා ‘නාරිලතා’ යනුවෙන් හැඳින්විය හැකි උඩවැඩියා විශේෂයක් ද අප රටේ තිබේ. එය විද්‍යාත්මකව හැඳින්වෙනුයේ habenaria Crinifera යනුවෙනි. බෝනිකි උඩවැඩියා (doll orchid) යන්න ඒ සඳහා ලැබී ඇති ඉංග්‍රීසි නමය.

ඒ කෙසේ හෝ අන්තර්ජාලයේ සැරිසරන ඉහත සඳහන් මල් හෝ ගෙඩි සහිත ඡායාරූප තුන තායිලන්ත බෞද්ධ පුරාණෝක්තියක් මුල් කොට ගත් කල්පිත වෘක්ෂයක් සත්‍යයක් ලෙස ගෙන හැර පෑමට කිසිවකු විසින් දරා ඇති සට කපට උත්සාහයක් බව නිසැකය. එහෙත් මෙය ‘ෆොටෝෂොප්’ වැනි අන්තර්ජාල මෘදුකාංගයක් මගින් සිදු කරන ලද ඇස් බැන්දුමක්ද නොවේ. මෙහිදී සිදු කොට ඇත්තේ ඉහත සඳහන් පුරාණෝක්තියේ එන කාන්තා රූපවලට ගැළපෙන සේ කෘත්‍රිමව නගන ලද ‘බෝනික්කන්’ කිහිප දෙනකු කිසියම් ගසක අතු පතර එල්ලා ඡායාරූපයට නැංවීමය.

එළවළු සහ පලතුරු කැටයම් කලාව සම්බන්ධයෙන් පාරම්පරික හිමිකමක් තායිලන්ත වැසියන්ට තිබේ. ඔවුන් මුලදී මෙම කලාවට පිවිසෙනුයේ තායිලන්ත රජ පවුලේ කෑම මේස සැරසීම පිණිස එළවළු, පලතුරු කැටයම් කැපීමෙනි. අද වන විට එම තායිලන්ත එළවළු, පලතුරු කැටයම් කලාව එක් පැත්තකින් එරට ග්‍රාමීය මට්ටම දක්වාද ව්‍යාප්ත වී තිබේ. මගේ පෞද්ගලික විශ්වාසය අනුව එම කැටයම් කලාව දන්නා අයකුට යම් එළවළුකින් හෝ පලතුරකින් මෙබඳු බෝනින්කන් කිහිප දෙනකු කැපීම ‘සිල්ලර’ වැඩකි. ගත වූ දස වසරකටත් වැඩි කාලයක් තුළ අප රටේ අන්තර්ජාලය පරිහරණය කරන ලක්ෂ ගණන් පිරිස් ‘අර කාවදෝ’ ඇන්ද වූ මෙම නාරිලතා ඡායාරූප තුනේ සැබෑ පසුබිම් කතාවට මීට වඩා දිග පළලක් හෝ ගැඹුරක් ඇත්තේම නැත.

තිලක් සේනාසිංහ

ආනන්ද මෛත‍්‍රිය මහ නාහිමියන් දියවැඩියාව පාලනය කරන ක්‍රමයක් හෙළිකරයි

වන දින මම සුපුරුදු පරිදි අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නා හිමියන් විසින් වසර ගණනාවකට පෙර මා වෙත දෙන ලද උපදෙස් පරිදි නිදි යහනේදී මෛත‍්‍රී භාවනා මෙනෙහි කොට නිදි යහනට වැදුනෙමි. (මෙම පුරුද්ද පසුගිය වසර ගණනාව පුරාම සිදු කරන ලද හෙයින් නිදි යහනට වැදුණු වහාම නිරායාසයෙන්ම මට මෛත‍්‍රී භාවනාව සිහිපත් වෙයි.) මහ නා හිමියන් විසින් කරණීය මෙත්ත සූත‍්‍රය ඇසුරෙන් දෙසන ලද කරුණු සත්‍ය බව මට නම් ප‍්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වී තිබේ.සුවසේ නින්ද යෑම, සුවසේ අවදිවීම, දෙවියන්ට ප‍්‍රියවීම, මුහුණ ප‍්‍රසන්න වීම ආදී කරුණු මට මැනවින් ප‍්‍රත්‍යක්ෂ වී ඇත. නිදි යහනේදී මම සිහිනයක් දුටුවෙමි. සිහිනයෙන් මා දුටුවේ බලංගොඩ මහ නා හිමියන් අප නිවසේ ඉදිරි සාලයේ වැඩ සිටිනු අයුරුයි. උන්වහන්සේ අතින් සංඥා කොට තමන් වහන්සේ වෙත පැමිණෙන ලෙස මට කළ සංඥාවට අනුව මම ගෞරව පූර්වකව උන්වහන්සේ වෙත ළගා වීමි. උන්වහන්සේ මගේ දකුණු අත ගෙන පරීක්ෂා කරමින්ම මගේ වම් අත ද පරීක්ෂා කරමින් සිටින අතර මා බිරිද නන්දා ඒ අසලට පැමිණියාය.

ඒ සමගම නා හිමියෝ අතුරුදන් වූ සේක. තවත් මොහොතකින් නා හිමියෝ ප‍්‍රාදූර්භූත වී මගේ අත් දෙකම පෙර පරිදි පරීක්ෂා කිරීමට පටන් ගත්විට නන්දා නැවතත් මා අසලට පැමිණියාය. පෙර පරිදිම නාහිමියෝ අතුරුදන් වූ සේක. පසු ව මම නා හිමියන් සොයා මාර්ගයට ගිය සද නා හිමියෝ දුඹුරුවන් සිවුරු පොරවා ගත් මහ සග පෙරටු කොට උන් වහන්සේ වඩින අයුරු මම දුටුවෙමි. ක්ෂණයකින් මගේ සිහින ලොවෙන් උන් වහන්සේ අතුරුදන් වූ සේක. මෙම සිහිනය පිළිබද විස්තරය මා අවදි වූ සැනින් මා පුත් සපුමල් බණ්ඩාරට කීවෙමි. ඔහු කීවේ මා මේ දිනවල ආනන්ද මෛත‍්‍රය නා හිමියන් ගැන ලිපි ලිවීම හා උන්වහන්සේ සම්බන්ධව සිත යොමු කරන නිසා මෙසේ සිහිනයෙන් දකින්නට ඇති බවයි. එක් අතකින් ඔහුගේ කතාව නිවැරැදි වන්නට පුළුවන. එහෙත් ඔහු නොදත් තවත් කරුණු කීපයක් ඇත. එනම් නා හිමියන් කිසි දිනෙක මා සිහිනයෙන් දැක නොමැති බවයි. උන් වහන්සේ පළමු වරට මා දුටුවේ උන් වහන්සේ අනූ වන වියේ පසුවන සමයේදීය.

එහෙත් සිහිනයෙන් මා දුටු නායක හිමියන් පසු වූයේ වයස 60 හෝ 70 ඇති රූපකායෙනි. දුටු පමණින්ම මේ නා හිමියන් බව මට පසක් විය. එසේ වූයේ කෙසේ ද? නා හිමියන් කිසියම් පණිවුඩයක් දීමට උත්සාහ ගත්තේද? එය මට ගැටලූවකි.එහෙත් පෙර දිනයකදී මට කිසියම් උපදෙසක් දෙමින් උන්වහන්සේ කියා සිටියේ උන්වහන්සේ දෙන ලද කිසියම් කරුණක් පිළිබඳව උන් වහන්සේ ගෙන් මතු දිනයකදී සංඥාවක් ලැබෙන බවයි.උන් වහන්සේ මෙසේ පැමිණියේ එම සංඥාව දීම සදහාද?මෙම සිහිනය තහවුරු කිරීමට මට සාධක නැත. ඇත්තේ මගේ වචනය පමණකි.මේ අවස්ථාවේ පෙර භවය පිළිබඳව නා හිමියන් සමග මා කරුණු විමසමින් සිටින අවස්ථාවකදී පෙර භවය පිළිබඳව විවිධ ක‍්‍රම මගින් පෙර භවය තහවුරු කළ හැකි බවද පැවසූ උන්වහන්සේ බටහිර රටවල ඇතැම් උගතුන් පෙර භවය තහවුරු කරන ලෙසයි.

එවන් අවස්ථාවලදී උන් වහන්සේ ප‍්‍රකාශ කළේ ඇතැම් අය කොතෙක් සරලව මෙම කරුණ පැහැදිලි කළත් ඔවුන් එය පිළි නොගන්නා බවයි.”එහෙම අවස්ථාවකදී ඒ ඇත්තන්ගෙන් ම මම ප‍්‍රශ්න අහනවා.දවසක් මම එක්තරා විශ්වවිද්‍යාලයක දේශනයකට ගියා. එම ශාලාවේ හිටපු එක්තරා උගත් මහත්මයෙක් හැම කරුණක්ම මට ඔප්පු කරන ලෙස කියනවා.මම කීවා විශ්වයේ සමහර කරුණු තියෙනවා ඒ දේවල් සත්‍ය නමුත් භෞතික වශයෙන් ඔප්පු කරන්න බැරි බව. ඒ මහත්තයා මා කියන දේ පිළිගන්නේම නෑ.ඒ මහත්තයට මං කීවා මහත්මයා ඔබතුමා කරුණාකරල මොකක් හරි ගැන හිතන්න කියලා. ඒ මහත්තයට හිතන්න කියලා මම විනාඩියක් දෙකක් කල් දීලා මම ඇහුව්වා හිතුව ද කියලා.ඒ මහත්තයා කීවා ඔව් කියලා.එහෙනං කරුණා කරල තමන් හිතපු දේ මේ සභාවට කියන්න කියලා.ඒ් මහත්තයා තමන් හිතපු දේ සභාවට කීවා.

හොඳයි දැන් මහත්තයා හිතුව දේ ඔප්පු කරන්න කියලා ඒ මහත්තයාට මං කීවා. ඒ මහත්තයා නිරුත්තර වුණා.. මං කීවා විශ්වයේ තියෙන බොහෝ දේවල් සත්‍යය උනත් අපට භෞතික මිනුම් දඬුවලින් ඔප්පු කරන්න බැහැ කියලා’ ඒ වගේ මා දුටු මේ සිහිනයත් ඔප්පු කරන්න මට බැහැ. ඒත් මා දුටු සිහිනයේ කිසියම් වැදගත් පණිවුඩයක් දීමට උන්වහන්සේ පැමිණි බවයි මට නං සිතෙන්නේ.

අප බොහෝ වේලාවට ජීවිතයේ සිදුවන ඇතැම් සිද්ධීන් අහඹු සිද්ධීන් ලෙස සලකා අමතක කර දැමීමට පුරුදුව සිටින්නෙමු.එහෙත් එය එසේ නොවේ. අප දැන් ගෙවන දිවි ගමන භව ගණනාවකටම පෙරම සිටම සැලසුම් වී ඇති බව අප බොහෝ දෙනකු නොදන්නා කරුණකි. අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නා හිමියන් වහන්සේගේ ජීවිතය සේම අපගේ ජීවිත ගමන ද පෙර සැලසුමක ප‍්‍රතිඵලයක්. මෙම සිදුවීම් සමුදාය ඔබට කීමට පෙර මහ නා හිමියන් බලංගොඩදී හමු වූ අවස්ථාවක් පිළිබඳව කියනු කැමැත්තෙමි.

දිනක් මා බම්බලපිටියේ පිහිටි නාඩි කියවන කාර්යාලයේ රැදී සිටින විට එක්තරා ජපන් ජාතික කාන්තාවක් ද තම නාඩි පත කියවා ගැනීම සදහා පැමිණ සිටියාය. නාඩි කියවන කාර්යාලයේ අධිපති ආචාර්ය ජයසංකර් මහතා මා ඇයට හඳුන්වා දෙමින් කියා සිටියේ මා මේ විෂය පිළිබදව විමර්ශනය කරන කෙනෙක් නිසා ඇයගේ නාඩි කියවීම පිළිබඳ තොරතුරු ඇය කැමති නම් පමණක් කියන ලෙසටය.
ඊට තම අභිමතය දැක්වූ ඇය තමා නවාතැන් ගෙන සිටි කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටලයට පැමිණෙන ලෙස මට ඇරයුම් කළාය. පසුදින මම ඇය සිටි හෝටලයට ගියෙමි.

ඈ පිළිබදව තොරතුරු විමසූ විට ඇය කියා සිටියේ තමා මෙම හෝටලයේ කාමරය මුළු වසර සඳහා මුදල් ගෙවා වෙන් කරවා ගෙන ඇති බවය. ඊට හේතුව ද කීමට තරම් ඇය කාරුණික වූවාය.

ඇය කියා සිටියේ එම හෝටලයේ ඇය සිටින කාමරයේ පිහිටි බැල්කනිය තමාට භාවනාව කිරීමට ඉතාම යෝග්‍යතම ස්ථානය බවයි. භාවනාවට හිඳගත් සැනින්ම තමා සමාධි ගත වන බවද පැවසු ඇය මෙවන් තැනක් තමන්ට ලෝකයේ කිසිම තැනක මෙතෙක් හමුවී නැති බව ද කීවාය.

(මේ මොහෙතේ විසුද්ධි මාර්ගයේ ඇති අප්පායවාස සප්පායවාස පිළිබඳව දක්වා ඇති අවස්ථාව සිහිපත් වෙයි. එහි සඳහන් වන්නේ කිසියම් යෝගියෙක් භාවනා අසපුවකට ගිය විට එම අසපුවේ අධිපති ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතිව දින කීපයක් කුටි මාරු කර ගැනීමෙන් තමන්ට සප්පාය වන කුටිය තෝරාගෙන භාවනාවේ යෙදීම ප‍්‍රතිඵලදායක බවයි.)

ඒ අතරතුර ඇය මගෙන් තවත් කාරුණික ඉල්ලීමක් ද කළාය. එනම් ඇය එම දිනවල බුදුදහම පිළිබඳව ජපන් බසින් ග‍්‍රන්ථයක් රචනා කරන හෙයින් ලංකාවේ වැඩ සිටින උගත් ධර්මධර ස්වාමින් වහන්සේලා වෙත ඇය කැඳවාගෙන යන ලෙසයි.

ඒ අනුව මම ඇය පළමුවෙන් නුගේගොඩ රත්තනපිටියේ පිහිටි සාසන අසපුවේ නා හිමියන් වෙත කැඳවා ගෙන ගියෙමි. ඉන් අනතුරුව ඇය තමන්ට බලංගොඩ නායක හාමුදුරුවන් වහන්සේ හමුවීමේ අවශ්‍යතාව ද හෙළි කළාය. අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රය මහ නා හිමියන් වහන්සේ ගෙන් දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන නියමිත දිනයේ දී අපි බලංගෙංඩ ගියෙමු. මෙම ගමන සඳහා මා මිත‍්‍ර රාජගිරියේ මාදින්නාගොඩ ආරිය බණ්ඩාර සමරකෝන් මහතා සමග ජපන් කාන්තාවගේ යහළුවකුද සහභාගී වූ අයුරු මතකයට එයි. නා හිමියන් අප වෙනුවෙන් වෙන් කළ වේලාවටම අපි බලංගෙඩ ශ‍්‍රී නන්දාරාම විහාරස්ථානයට ගියෙමු. ඒ වන විට උන් වහන්සේ වැඩ සිටියේ ජපන් ජාතික භාවනා යෝගියකු වන සෝකෝ අසහාර නමැති අය විසින් අලූතින් තනවා පූජා කරන ලද ආරාමයේය.

ආරාමය ඉදිරිපිට සෝකෝ අසහාර විසින් තනවන ලද බවට නාම පුවරුවක් ද සවි කර තිබිණ. (මෙම ඉදිකිරීම පසු කාලීනව නා හිමියන්ගේ ජීවිතය පිළිබඳව මහත් බලපෑමක් කළ සිදුවීමක් බවට ද පත්විය.) ඒ වන විටත් දහවල් දානය රැගෙන ආ හතලිහකට වැඩි දායක පිරිස උන් වහන්සේගේ දෙපා අසල මහත් ගෞරවයෙන් ආදරයෙන් හා සෙනෙහසින් යුතුව මහ නා හිමියන් හා කතාබහේ යෙදෙන අපූරු දසුන අපි දුටුවෙමු. අපට නම් එම අපූරු දසුන ජීවිතයේ නොමැකෙන සිහිවටනයක් විය. ජපන් ජාතික කාන්තාව අසපුවේ සුන්දරත්වය නැරඹීම සඳහා ගියාය. ඒ සුන්දර අපූරු දසුන දුටු විට අපට සිතුනේ අප මේ සිටින්නේ ලෝක පූජිත මහා යතිවරයාණන් වහන්සේ නමක් ඉදිරියේද යනුවෙනි.

හේතුව බුද්ධ ධර්මය වැනි ගැඹුරු ධර්මයක් මුළු ලොවටම දේශනා කරන මුළු ලෝකයේ ම වියතුනගේ ගෞරව බුහුමන් ලබන ලෝක පූජිත මහා බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමකගේ චාම් නිහතමානී ගුණ කදම්බය උන් වහන්සේ ගත කරන ජීවිතය තුළින් මොනවට විද්‍යමාන වූ අවස්ථාව අප දෑසින්ම දුටු හෙයිනි. අපි උන් වහන්සේට වැඳ නමස්කාර කොට පසෙකින් වාඩිවීමූ. කුඩා සාමනේර හිමි නමක් අපට තේ කෝප්ප දෙකක් පිරිනැමූහ. ”අනේ හාමුදුරුවනේ මම සීනි දාල තේ බොන්නෙ නෑ’ මම ඉතා සෙමින් පොඩි හාමුදුරුවන්ට කීවෙමි. ඒ දෙස බලා සිටි නා හිමියෝ ”ඇයි මුන්නැහේ සීනිවලට බයද? බය වෙන්න එපා මහත්තයෝ අපේ රටේ ඕවට හොඳ බෙහෙත් තියෙනවා. ඒත් අපේ රටේ මිනිස්සු හුග දෙනෙක් මේ ගැන දන්නෙ නෑ.

දැන ගත්තත් පිළි ගන්නේ නෑ. බටහිර වෙදකම එන්න කලින් පුරාණයේ ඉදලම අපේ රටේ තිබුණේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය. මේ වෛද්‍ය ක‍්‍රමය ලෝකෙට ප‍්‍රකාශ කළේ මීට අවුරුදු පන් දහසකට හය දහසකට ඉස්සර හිටිය සෘෂීන් වහන්සේලා. පොඩි නම අර ගම්මාළු කිරි බෝතලෙන් පොඩි කුප්පියකට ටිකක් දාල ගේමුකෝ’ නා හිමියෝ පොඩි හාමුදුරුවන්ට කීහ.

මහත්තයෝ භික්ෂූන් වහන්සේලාට ගිහියන්ට වෙද හෙදකම් කිරීම විනය විරෝධියි. ඒත් මනුෂ්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් බෙහෙත් ගැන කියා දෙන ක‍්‍රමයක් අපේ විනය පොත පතේ තියෙනවා. ඒ ගැන විස්තර කියා දෙන්න කාලය මදි. පොඩි හාමුදුරුවන් ගම්මාළු කිරි සහිත කුප්පිය දෑතින්ම නා හිමියන්ට පිළි ගැන්වීය.

මහත්තයෝ මේ කුප්පියේ තියෙන ගම්මාළු කිරි කිසියම් රෝගියෙක් පාවිච්චි කරනවා නං පාවිච්චි කරන්න ඕනෑ මෙහෙමයි. ඉරටු කෑල්ලක් අරගෙන හොඳට හෝදල කුප්පියේ තියෙන ගම්මාඵ කිරිවල තවරල හත් අට වතාවක් ගසා දමන්න ඕනෑ. ඉන් පස්සේ ඉරටු කෑල්ලේ තියෙන ප‍්‍රමාණය තමයි මාත‍්‍රාව. මේක මහා බලසම්පන්න බෙහෙතක්. කිසිම ලෙසකින් වත් මාත‍්‍රාව ඉක්මවලා ගන්න එපා කියලයි තියෙන්නේ. මේ බෙහෙත ගන්න කෙනා හිස් බඩට බෙහෙත බොන්න ඕනෑ. බෙහෙත බීලා පැය දෙකක් යනකල් කිරි බීම හෝ වෙනත් ආහාර ආදිය නොගත යුතුයි.

බෙහෙත නොකඩවා දින විසි එකක් ගත්තම රෝගියාට තමන්ටම ගුණ අගුණ දැන ගන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ. නා හිමියන් දෙන ලද ගම්මාඵ කුප්පිය මම ගෞරවයෙන් යුතු ව දෑතින්ම පිළි ගතිමි. ඔය වගේ අත් බෙහෙත් හුගාක් අපේ ගම්වල ඉන්න සිංහල වෙද මහත්තුරු දන්නවා.’ නා හිමියෝ පැවසූහ.

මේ විස්තරය අසා සිටි නා හිමියන් ඉදිරියේ වාඩි වී හුන් එක්තරා වයසක උපාසක මහත්තයකු නා හිමියන් වෙත තම රෝගී තත්ත්වය කියා සිටිමින් ඊට ප‍්‍රතිකර්මයක් නැතිදැයි විමසීය.

‘අනේ නායක හාමුදුරුවනේ මගේ වයස දැන් අවුරුදු හැත්තෑවයි. ගමනක් බිමනක් යන කොට හන්දිපත් ඔක්කෝම රිදෙනවා. කකියනවා. මේකට මොකුත් අත් බෙහෙතක් නැද්ද අපේ හාමුදුරුවනේ?”

උපාසක මහතා මහත් බය පක්ෂපාතීව නා හිමියන් වෙතින් විමසීය. නා හිමියන් සිනහමුසු මුහුණින් යුතුව දුන් පිළිතුර මට අද මෙන් සිහිපත් වෙයි. ” මේ ඇත්තගේ වයස දැන් අවුරුදු හැත්තෑවයි කීවනේ. මේකට හොඳම අවුසදය වේදනානුස්මෘති භාවනාවයි.

‘ඒත් අචුසදයක් අහන නිසයි මම මේ බෙහෙත කියන්නේ. මම කලක් ඉන්දියවේ සෘෂිකේෂි ආශ‍්‍රමයේ ඉන්දියානු භාවනා ක‍්‍රමය ඉගෙන ගන්න ගියා. ඔහොම ඉන්න අතරේ මම දැක්කා බටහිර රටවල සංචාරකයෝ විශාල පිරිසක් හිමාල කන්ද නගින්න යනවා එනවා.

ඒත් මේ ඇත්තන්ගේ බඩු පොදි ඔක්කොම උස්සගෙන යන්නේ ටිබෙට් ජාතික මිනිස්සු. සංචාරක ඇත්තෝ බඩු පොදි ටිකක් විතරයි ගෙන යන්නේ. දවසක් මට හිතුනා මේ කම්කරු ඇත්තන් හමුවෙලා මේ ගැන විස්තරය දැන ගන්න. ඒ ඇත්තෝ බොහෝම කැමැත්තෙන් මට තොරතුරු කීවා. මේ ඇත්තො හිමාල කන්ද නගින්න සතියකට ඉස්සෙල්ලා පොඩි අවුසදක් හදාගෙන බොනවා. ඒක ඉතාම සරල බෙහෙතක්. අවුසදය අපි කවුරුත් දන්නා කෝමාරිකා ගස්.

බදුල්ලේ මෛතී‍්‍ර රත්නායක

ආයුර්වේද රහස් වට්ටෝරුවකින් මහත අඩු කරගමු

අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි.

මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා.

ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා.

අවශ්‍ය පමණට වඩා තරබාරු බව ආයුර්වේදයේ හඳුන්වන්නේ “ස්ථොල්‍යය” වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි.

එමෙන්ම මෙම තත්ත්වය “මේදෝ රෝග” වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම “ආරය” නිසාත් ස්ථුලතාව ඇතිවන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා.

මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා.

අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්

අප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්‍රට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්.

මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා.

තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.

මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා.

වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා. මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා.

තරබාරුවට හඳුනාගන්නේ කොහොමද?

තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම “මැදි වයස” තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා

ජීවිතයට තර්ජනයක්

තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.

තරබාරුකමෙන් මිදීම

ආහාර – ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.

කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.

ව්‍යායාම – ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.

ප්‍රතිකාර – ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත.

තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් ආයුර්වේදය දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි.

මීට අමතරව ආයුර්වේදයේ “ලේඛනීය” ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි. මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.

සරල ඔෟෂධ
උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ. මද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)

වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.

උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.

රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.

දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.

ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්‍රට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.

කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.

මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.